Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණික ලොව දැවැන්තයින් තිදෙනෙකුගේ පළමු පියවර

අද වන විට නම කී සැණින් කවුරුත් හඳුනන නිෂ්පාදන බිහි කරන තාක්ෂණික සමාගම් බොහොමයක් තිබෙනවා. මේවායින් ඇතැම් සමාගම් ලබන ලාභය සහ ඒවායේ වටිනාකම ලෝකයේ රටවල් ගණනාවක ආර්ථිකයටත් වඩා විශාල යි.

කොහොම නමුත් මේ හැම සමාගමක් ම බිහි වුණේ ඉතා ම කුඩා තැනකින්. අද ලෝකයේ ප්‍රධානතම තාක්ෂණික සමාගම්වල මුල් ම නිෂ්පාදන දිහා බැලුවා ම ඒ ගැන හොඳින් වටහා ගන්න පුළුවන්.

Apple සමාගම – Apple I

successstory.com

ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් 1975 මාර්තු 5 වන දා මිතුරෙකුගේ ගරාජයක තිබුණු පරිගණක සමාජයක රැස්වීමකට සහභාගී වෙලා පිටතට ආවේ තමන්ගේ ම පරිගණකයක් තැනීමේ ලොකු උවමනාවකින්. ස්ටීව් වොස්නියැක් තම HP-65 කැල්කියුලේටරය විකුණා ලබා ගත් ඩොලර් 500ක් යොදවා කොටස් මිල දී ගෙන පරිගණකයක් නිෂ්පාදනය කළා. එය දුටු ස්ටීව් ජොබ්ස් මේ පරිගණකය නිපදවා විකිණීමේ ව්‍යාපාරයක් ඇරඹිය යුතු බව කියා සිටියා. වොස්නියැක් ජොබ්ස් තමන්ගේ ෆොක්ස්වැගන් Microbus එක විකුණා තවත් ඩොලර් 500ක මුදලක් සොයාගෙන ඇපල් සමාගම ආරම්භ කළා. ඔවුන් මේ පරිගණකය Apple I ලෙස වෙළඳපොළට නිකුත් කළේ ඩොලර් 666.66ක මුදලකට යි. මාස 10ක් ඇතුළත Apple I පරිගණක 175ක් අලෙවි කරන්න ඔවුන් සමත් වුණා. අද ලොව විශාලතම තාක්ෂණික සමාගම වන ඇපල් සමාගම බිහි වෙන්න අඩිතාලම සැකසුවේ මේ පරිගණකවලින් ලැබුණු ලාභය යි.

Samsung Electronics සමාගම – P-3202

yallairaq.com

කරවල සහ ධාන්‍ය වර්ග චීනයට අපනයනය කරමින් බිහි වුණු සැම්සන්ග් සමූහයේ අපි වැඩි දෙනෙක් දන්නා ඉලෙක්ට්‍රොනික් අංශය බිහි වුණේ 1960 දශකයේ දී යි. ඒ වන විටත් ඇමෙරිකාව ඇතුළු රටවල වර්ණ රූපවාහිනී පවා ජනප්‍රිය වෙලා තිබුණත් කොරියාවත් ඇතුළු ව ආසියාවේ බොහෝ ප්‍රදේශවල රූපවාහිනිය ගැන දන්නා පිරිස සිටියේත් අඩුවෙන්. කොරියාව තුළ විදේශීය රූපවාහිනී අලෙවි කරන්න නම් ඒ තාක්ෂණය කොරියානු සමාගම්වලට ලබා දිය යුතු බවට නීතියක් තිබුණා. සැම්සන්ග් සමාගම සිය මුල් ම කළු සුදු රූපවාහිනිය නිර්මාණය කළේ ඒ විදිහට ජපානයේ සන්යෝ සමාගමෙන් ලැබුණු ගුරුහරුකම්වලින්. P-3202 නම් වූ මෙය කොරියානු ජාතිකයන් බොහෝ දෙනෙකුට අලුත් ම අත්දැකීමක් වුණා. 1976 වන විට මෙම රූපවාහිනී මිලියනයකට වඩා අලෙවි වී තිබුණා. අද වන විට සැම්සන්සග් ලොව විශාලතම රූපවාහිනී නිෂ්පාදකයා බවටත්, විශාලතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයා බවටත් පත් වී තිබෙනවා.

Huawei Technologies සමාගම – C&C08

tradetuber.com

හුවාවේ සමාගම අපි බොහෝ දෙනෙක් දන්නේ ජංගම දුරකථන අංශයෙන් වුණත් එහි ප්‍රධානතම ව්‍යාපාරය වෙන්නේ සන්නිවේදන සේවා සැපයීම යි. 1980 දශකයේ චීනයේ පැවති නොදියුණු දුරකථන ජාලය නවීකරණය කළ යුතු බවට එරට පාලකයන් තීරණය කිරීමත් එක්ක දුරකථන ජාලවලට අත්‍යවශ්‍ය වන දුරකථන හුවමාරු ස්විච් බිහි කරන්න එරට සමාගම් කිහිපයක් ම උත්සාහ ගත්තා. චීන හමුදාවේ ඉංජිනේරු අංශයේ සහය අධ්‍යක්ෂකවරයෙකු වූ රෙන් සෙන්ග්ෆේ චීනයේ ෂෙන්ග්සෙන් හි දී හුවාවේ සමාගම අරඹන්නේත් ඒ අරමුණෙන්. ඔවුන්ගේ මුල් ම නිෂ්පාදනය වූ C&C08 දුරකථන හුවමාරු ස්විචය 1993 දී වෙළඳපොළට පැමිණීම එරට දුරකථන ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කළා. චීනයේ එතෙක් පැවති ප්‍රබල ම දුරකථන හුවමාරු ස්විචය වන C&C08 යොදාගෙන කුඩා නගර ගණනාවක් පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවන් වුණා. පසුකාලීන ව අන්තර්ජාතිකවත් ව්‍යාප්ත වුණු හුවාවේ සමාගම මේ වන විට ලොව විශාලතම සන්නිවේදන උපාංග නිෂ්පාදකයා බවට පත් වී තිබෙනවා.

කවරයේ රූපය : Roar Media

Related Articles