Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Smart glass තාක්ෂණය සදහටම සිහිනයක් පමණක් වේවි ද?

Smart ජංගම දුරකථනය කරළියට ඒමත් සමග මිනිසුන්ගේ එදිනෙදා කටයුතු වගේම තවත් බොහෝ දේවල් සිදු කර ගැනීමට ඔවුන්ට පහසු වුණා. තැන තැන ගෙනයාමට හැකි වීම වගේම බරින් අඩු වීමත්, වැඩකටයුතු රාශියක් කරගැනීමට හැකිවීමත් නිසා අද වෙද්දී smartphone එකක් බොහෝ දෙනෙකුගේ ළඟ අපට දකින්න ලැබෙනවා. මීටත් වඩා දුරට වැඩ පහසු කරගන්න තමයි smart glass සංකල්ප බිහි වෙන්නේ.  

VR, AR වැනි සංකල්ප සහ තාක්ෂණයන් භාවිතා කරමින්, සම්ප්‍රදායික ස්මාට් ජංගම දුරකථනය වෙනුවට, අතට නොගෙන ඇසේ පළඳින කන්නාඩියක් වැනි උපාංගයක් හරහා විවිධ කටයුතු සිදු කර ගැනීම තමයි මේ smart glass සංකල්පයේ සරල අරමුණ. එහිදී ඔබේ ඇසේ චලනයන් හරහා ග්ලාස් එක මඟින් මේ විධානයන් හඳුනාගැනීම සිදු වෙනවා. ඔබ බොහෝ විට මෙවැනි තාක්ෂණයක් විද්‍යා ප්‍රබන්ධයන්වල දැක තිබෙන්නට පුළුවන්. අද වෙද්දී ඒ සංකල්පයන් චිත්‍රපටවලට සීමා නොවී, ඒ හා සමාන තාක්ෂණයන් සැබෑ ලෝකයේත් භාවිතා වෙනවා. 

තාක්ෂණික ලෝකයේ ජිවත්වන, තාක්ෂණය සමග නිතර ගැටෙන බොහෝ දෙනෙක් සිහින මවපු දෙයක් තමයි තමාගේ ජංගම දුරකථනය smart glass එකක් බවට පත්කර ගැනීම. මේ අදහසට පක්ෂ පිරිස වගේම අකමැති පිරිසකුත් අපට දකින්න ලැබුණා. උදාහරණයක් විදිහට Google Glass පිළිබඳව ඇතිවුණු කතාබහ ඔබට මතක ඇති. 

අද වන විට බොහෝ දෙනෙකු සිතන අන්දමට Google Glass අසාර්ථක, සමාගම විසින් අතහැර දමන ලද නිෂ්පාදනයක්. නමුත් Google සමාගම Google Glass පිළිබඳ පර්යේෂණයන් අතහැර දමා නැහැ. Google සමාගමේ මව් සමාගම ලෙසින් හැඳින්වෙන Alphabet සමාගම මේ වසරේ මුල් භාගයේ Google lens ව්‍යාපෘතියට නැවත පණ දුන්නා. දැන් එය හුදෙක් අත්හදා බැලීමේ පවතින උපාංගයක් නම් නොවෙයි.  ඒ වගේම Facebook සමාගම සහ apple සමාගම AR glass නිපදවීම පිළිබඳව සලකා බලමින් සිටින බවත්, මේ වෙද්දී දැනගන්න ලැබනවා. ඒ වගේම මෙවැනි ව්‍යාපෘති සඳහා මිලියන ගණනක මුදල් ආයෝජනයන් පවා යෙදවෙනවා. නමුත් මේවා 2019 වසර වෙද්දීත් මිනිසුන්ගේ එදිනෙදා ජිවිතය වෙත පැමිණ නැත්තේ ඇයි ද යන වග ඔබට ප්‍රශ්නයක් ඇති. 

මෙයට මූලිකම හේතුව වන්නේ තාක්ෂණයේ සීමාවන්. අප හුදෙක් විද්‍යා ප්‍රබන්ධවල දකින මට්ටම වෙත smart glass කියන සංකල්පය ගෙන ඒමට තවත් බොහෝ කාලයක් ගත වේවි. ඒ වගේම මේ උපාංග සාමාන්‍ය පොදු ජනතාවට භාවිත කළ නොහැකි වීමට තවත් එක හේතුවක් වන්නේ එහි අධික මිල යි. බොහොමයක් මෙවැනි glass පැළඳ සිටීමේ ප්‍රයෝගික අපහසුතාවන්, අවහිරතාවන් ද තිබෙනවා. ඒ වගේම මේ smart glass පිළිබඳව කතා බහ කරද්දී, එය මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වෙන බව තමයි බහුතරයක ගේ පිළිගැනීම.

VR තාක්ෂණය සහ HoloLens 

VR තාක්ෂණය, එහෙම නැති නම් Virtual Reality (අතථ්‍ය-තථ්‍යතාව), කියන්නේ මේ සියවසේ ජිවත් වන අප බොහෝ දෙනෙකුට සුලබව හමුවන, අහන්න ලැබෙන තාක්ෂණයක්. මේ තාක්ෂණික වචනය අපට අහන්න ලැබෙන්නේ 1982 වර්ෂයේ ඩේමියන් බ්‍රොඩරික් විසින් රචිත ජුදාස් මැන්ඩලා නම් විද්‍යා ප්‍රබන්ධය හරහා යි. මේ තාක්ෂණික සංකල්පයේ වඩා වැඩිදියුණු මට්ටමක් ලෙසින් miscrosoft සමාගම නිෂ්පාදනය කරන HoloLens උපාංග හඳුන්වන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් VR තාක්ෂණය හරහා ඔබට තිරයක් ඔස්සේ ත්‍රිමාන රූප හරහා වෙනස්ම පරිසරයක හිඳ කටයුතු කරනවා සේ අත්දැකීමක් ලබාගන්න පුළුවන්. එම තාක්ෂණය අද වන විට බොහොමයක් වෙබ් අඩවි සහ පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන් බහුලව භාවිතා කරන තාක්ෂණයක්. නමුත් HoloLens උපාංග මිට හාත්පසින්ම වෙනස් තාක්ෂණයක් භාවිතා කරන්නේ. ඒ හරහා ඔබට සැබෑ පරිසරය තුළම ත්‍රිමාන රූප මවා ගැනීමේ හැකියාව සහ ඒවා සමග කටයුතු කිරීමේ හැකියාව ලබා දෙනවා. මේ තාක්ෂණයේ නිර්මාතෘ වන බ්‍රසීල ජාතික ඇලෙක්ස් කිප්මන් කියන්නේ, මේ වන තෙක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සහ කතාවල පමණක් දක්නට ලැබුණු තාක්ෂණය මේ හරහා සැබෑ වන බව යි.

අතථ්‍ය ලෝකය සැබෑ ලෝකය සමග මුහු වන HoloLensහි තාක්ෂණයට miscrosoft සමාගම දෙන නාමය වෙන්නේ Mixed Reality යන්න යි. මේ හරහා ඔබට විවිධ objects (වස්තූන්) තමන් සිටිනා පරිසරය තුළ දී ම නිර්මාණය කරමින්, වෙනස් කරමින් කටයුතු කළ හැකි අවකාශයන් ලබා දෙනවා. HoloLens උපකරණය මේ සියල්ල සිදුකිරීමට විශේෂ උපාංග භාවිතා කරනවා. මෙහි භාවිත වන සංවේදක මඟින් මේ උපකරණය භාවිත කරන පුද්ගලයා සිටින පරිසරය, ඔහු සිදුකරන චලනයන් පිළිබඳව ගණනය කිරීම් සහ හඳුනාගැනීම් සිදුකරනවා. Light Source හතරක් සහ විශේෂ ලේසර් තාක්ෂණයක් සහිත  Depth Camera ඇතුළු මෙම කොටස, මෙම උපකරණයේ ඇස ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම, එමඟින් ලබා දෙන ටෙරා බයිට් ගණනක දත්තයන් process කරමින් භාවිත කරන්නාට අවශ්‍ය වස්තුන් නිර්මාණය කිරීම සිදුවෙනවා. ඒ සඳහාම විශේෂිත HPU (Holographic Processing Unit) නම් චිපයක් ඔවුන් එයට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම මේ උපකරණය විශේෂිත speakers පද්ධතියකින් ද සමන්විත යි.

මේ උපකරණය සහිත විශේෂිතම අංගයක් වන්නේ මෙහි දර්ශන තලය ලෙසින් භාවිත වන විදුරු තීරය යි. සාමාන්‍යයෙන් ඇසට ඉතා සමීපයේ ඇති යමක් නිරීක්ෂණය කිරීමේ හැකියාව මිනිස් ඇසට නැහැ. ඒ නිසාවෙන් මේ උපකරණයට, හුදෙක් මේ තිරය වෙත ප්‍රක්ෂේපනයන් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් භාවිත කරන විශේෂ තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය අවස්ථාවන්හි මිනිස් ඇස ක්‍රියාත්මක වන ලෙසින්ම ඇස තුළ ම ආලෝක කිරණ මඟින් මේ රූප මැවීම සිදුකරනවා. මේ තාක්ෂණය නිසාවෙන් භාවිත කරන්නාට සත්‍ය බාහිර ලෝකය තුළ ම තමන්ට අවශ්‍ය දේ නිර්මාණය සහ භාවිතයට අවස්ථාව ලැබෙනවා.

යුධ කටයුතු සඳහා භාවිතය- uploadvr.com

යුධ කටයුතු සඳහා භාවිතය

මේ තාක්ෂණය භාවිත කිරීමට පෙර සිට ම VR/ AR තාක්ෂණයන් භාවිතයෙන් ඇමරිකානු සෙබළුන් පුහුණු කිරීම සඳහා විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක වුණා. නමුත් මේ නව තාක්ෂණය හරහා වඩාත් ඵලදායී ලෙසින් ඒ කටයුත්ත සිදුකිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම, මේ යුධ කටයුතු සඳහා නිර්මාණය වන (military-grade) HoloLens සාමාන්‍ය භාවිතය සඳහා ඇති උපාංගවලට වඩා වෙනස්කම්වලින් යුක්ත යි. බාහිර පෙනුමෙන් මෙන්ම විශේෂිත තාප සංවේදක හා night vision වැනි පහසුකම්වලින් සමන්විත විශේෂිත උපාංග 2500ක් පමණ ඉදිරි වසර කිහිපය තුළ ඇමරිකානු හමුදාවට ලබාදීමට කටයුතු කරන බව යි ඔවුන් සඳහන් කරන්නේ.

සාමාන්‍ය භාවිතය සඳහා ඇති උපාංගයන්ට වඩා වෙනස්කම්වලින් යුක්ත HoloLens- Theverge.com

මූලාශ්‍රයයන්

Medium.com 

Uploadvr.com

bloomberg.com

Theverge.com

Microsoft.com

Businessinsider.com

Youtube.com 

Cover- medium.com

Related Articles