Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගූග්ල් ප්ලස්, පස් වන ලකුණු!

Facebook වෙබ් අඩවිය සමාජය තුළ සිදු කළ පෙරළිය සුළුපටු එකක් නෙවෙයි. ඒ සමාජ රැල්ල තම පසට හරවා ගැනීමට google සමාගම දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵල ලෙසින් තමයි G+ 2011 වසරේ දී කරළියට එන්නේ. කෙසේ වෙතත් ඒ වෙද්දී facebook සමාජ ජාලය සමගින් රැඳී සිටි පිරිස මේ වෙත අද්දවා ගන්නට google සමාගම අසමත් වුණා. වසර 8ක් පුරාවට ඔවුන් පවත්වාගෙන ආ මෙම සමාජ ජාලය නවතා දමන්නට ඔවුන් සූදානම් වෙමින් ඉන්නවා. එයට හේතුව ලෙසින් ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙය භාවිතා කරන පරිශීලකයින්ගේ අඩු බව යි. නමුත් එයට බලපෑවේ පුද්ගල දත්ත පිටතට නිරාවරණය වන ආකාරයේ bug එකක් සහ පසුගිය වසරේ එල්ල වුණු සයිබර් ප්‍රහාරය හේතුවෙන් පරිශීලකයන් 500,000කට ආසන්න පිරිසකගේ පෞද්ගලික දත්ත නිරාවරණය වීම බව wall street journal, thehackernews.com ඇතුළු වෙබ් අඩවි ගණනාවක ලිපිවල සටහන් වුණා. Google සමාගම පමණක් නෙවෙයි, පසුගිය වසර තුළ සමාගම් ගණනාවකට මෙවැනි ප්‍රහාරයන්ට මුහුණ දෙන්න සිදු වුණා. facebook සමාගමට එල්ල වුණු චෝදනාව ගැන වගේම මෙතෙක් සිදුවුණු විශාලතම දත්ත නිරාවරණය, එහි භයානකත්වය වගේම එවිට ඔබ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් පෙර ලිපි කිහිපයක අපි ඔබ දැනුවත් කළා .

සමහරු චෝදනා කරන්නේ G+ සේවාව මඟින් සමාගම ලැබූ ලාභය ප්‍රමාණවත් නොවුණු නිසා එය වසා දමන්නට ඔවුන් තීරණය කළ බව යි. Google සමාගම නවතා දැමුණු සේවාවන් අතරට ලබන අප්‍රේල් මස 2 වන දා පමණ වන විට මේ සේවාවත් එකතු වේවි. කෙසේ වෙතත් මේ වන විටත් Google+ profile, pages, communities, සහ events නිර්මාණය කිරීමේ හැකියාව නවතා දැමීමට ඔවුන් කටයුතු කර අවසන්.

  • Blogger වෙබ් අඩවි ඇතුළු අනෙක් වෙබ් අඩවි වෙත ලබා දී තිබුණු g+ comment පහසුකම මාර්තු 2 වෙනි දා සිට නවතා දැමෙනු ඇති. ඒ වගේම පෙර පල කරන ලද comments සියල්ල අප්‍රේල් දෙවැනි දා වන විට මකා දැමෙනු ඇත.
  • Google+ Community පරිපාලකයින් වෙත ඔවුන්ගේ දත්ත සහ photos බාගත කරගැනීමේ හැකියාව මාර්තු මස මුල සිට ආරම්භ වේවි.
  • අප්‍රේල් මස දෙවැනි දා වන විට සියලුම Google+ accounts සහ pages සම්පූර්ණයෙන්ම නවතා දැමෙන අතර backup නොකරන ලද සියලු දත්ත මකා දැමෙනු ඇත.
සේවාව නවතා දැමෙන බවට නිවේදනය.

නමුත් G Suit හරහා Google+ සේවාව භාවිතා කළ Google සමාගමේ enterprise customer පිරිසට මෙම සේවාව නවතා දැමීම බලපාන්නේ නැහැ. ඔවුන්ට තවත් වැඩි දියුණු කිරීම් කිහිපයක් සමගින් මෙය භාවිතා කිරීමට අවස්ථාව හිමිවෙනවා. කෙසේ වෙතත් මේ දත්ත මකා දැමීම සඳහා කාලයක් ගතවන බැවින් ඒ අතරතුර සමහර පරිශීලකයන්ට දත්ත පරිහරණයට අවස්ථාව හිමිවිය හැකි බවයි සමාගම සඳහන් කරන්නේ. කෙසේ වෙතත් දැනටමත් මේ සේවාවත් ‘ගූගල් සොහොන’ ලෙසින් හැඳින් වෙන killedbygoogle.com වෙබ් අඩවියේ නවතා දැමීමට ඇති සේවාවක් ලෙසින් හැඳින්වෙනවා.

නවතා දැමුණු goo.gl – blog.systoolsgroup.com

මේ සේවාවට අමතරව පසුගිය වසර කිහිපය පුරාවට google සමාගමෙන් සේවාවන් විශාල ප්‍රමාණයක් නවතා දමන්නට කටයුතු කළා. ඒ අතරට goo.gl නමින් google සමාගම පවත්වාගෙන ගිය URL shortening සේවාව ඇතුළත් වුණේ පසුගිය වසරේ යි. ඒ සේවාව වෙනුවට ඔවුන් තවත් සේවාවක අනු කොටසක් ලෙසින් ක්‍රියාත්මක වෙනවා. ඒ, firebase.google.com සේවාව යි. මේ සේවාව බොහෝ දෙනෙකු ප්‍රිය කළ සේවාවක් වුවත් ඔවුන් නිර්දේශ කරන firebase සේවාව වෙත බොහෝ දෙනෙක් හුරු වී අවසාන යි.

නවතා දැමෙන inboxed – 9to5google.com

වසර 4කත පමණ පෙර google සමාගම ඇරඹි Inbox by Gmail  සේවාවත් නවතා දමන්නට සමාගම කටයුතු කර තිබෙනවා. මේ සේවාව හරහා ඔබට ලැබෙන email පණිවිඩය වෙත යැවිය යුතු reply එක suggestion එකක් ලෙසින් ලබා දීම, ඊමේල් group කිරීම්, පසුව කියැවීමට සිහිකැඳවුම් සැකසීම් ආදිය එහි ඇතුළත් වුණා. අද වන විට මේ පහසුකම් Gmail වෙතම පවරා මේ සේවාව නවතාලන්නට ඔවුන් තීරණය කර තිබෙනවා. මේ සේවාවට අමතරව December 2019 Google Fusion Tables, Fabric, Google Allo, Chromecast Audio සේවාවන් නවතා දමන්නට google සමාගම තීරණය කර තිබෙනවා.

මෙලෙසින් වසා දැමෙන සේවාවන්ට අමතරව පසුගිය වසර කිහිපය තුළම වසා දැමුණු google සේවාවන් ගණන 100කට අධික යි.

Related Articles