Google සමාගමේ නව ARCore නවීකරණ

Google සමාගම ඔවුන්ගේ augmented reality platform එක වූ ARCore වැඩසටහන වෙත නව අංගයන් රැසක් එළිදැක්වීමට සුදානම් වෙනවා. පසුගිය වසරේ ඔවුන් නිල වශයෙන් ARCore හඳුන්වාදීමෙන් අනතුරුව  ඒ වෙත අලුතෙන් බොහෝ දේ එකතු කරන්න Google සමාගම කටයුතු කළා. දැන් google සමාගම සඳහන් කරන්නේ ARCore වැඩසටහන වැඩසටහන නවමු මානයකට ගෙන යාමට මේ යාවත්කාලීනයන් සමග හැකි වනු ඇති බව යි. ඒ වගේම නුදුරු අනාගතයේ දී ම AR අත්දැකීම ඉතාම යථාර්ථවාදීව විඳගන්නට පරිශීලකයන් වෙත ඉඩ ලබා දිය යුතු බව යි. Chrome Dev Summit 2019 හි දීත් මේ ගැන යම් තරමක් දුරට අනාවරණය වුණා.   

විශේෂයෙන්ම, ARCore වෙත හඳුන්වාදෙන නව Depth API එක පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමු වුණා. මේ නව Depth API එක නිසාවෙන් AR තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය වෙන අතත්‍ය වස්තු, සැබෑ ලෝකයේ objectsවලින් පිටුපස වුවත් නිර්මාණය කරන්නට හැකි වෙනවා. මේ නව Depth API එක පිළිබඳව උදාහරණ ලෙසින් Google සමාගම පෙන්වූ සැඟවීමට හැකියාව ඇති AR පූසා, දක්වන්න පුළුවන්. ඉතාම තාත්වික ලෙස භෞතිකව පවතින object එකක පිටුපස සිට ඉදිරියට ඒමටත්, සැඟ වී යාමටත් එම පූසාට හැකියාව තියෙනවා. මේ අනුව ඉදිරි වැඩිදියුණු කිරීම් ඔස්සේ ඔබේ ජංගම දුරකතනයට වස්තුන් දෙකක් අතර ඇති ඉඩ පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබාගන්නට හැකියාව ලැබෙනවා. මේ නවීකරණයන් සියල්ලම ලබාගන්න ඔබට නව දෘඩාංග සහිත දුරකතනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පසුගිය වසර කිහිපය තුළ පැමිණි දුරකතන සියල්ලටම පාහේ සියලු නවීකරණයන් සහාය දක්වන බව සමාගම සඳහන් කරනවා. ඔබේ දුරකතනයත් ඒ අතර තිබෙනවා ද දැනගන්න developers.google.com වෙබ් අඩවිය ඔස්සේ පුළුවන්. මේ වෙද්දීත් AR තාක්ෂණය අත්හදා බලලා නැති නම්, අපි ඔබට ඒ අත්දැකීම විඳගන්න apps කිහිපයක් යෝජනා කරන්න කැමතියි. මේ සියල්ල install කරන්න කලින් Google ARCore app එක 

Install කරගෙන ඉන්න කියලා අපි ඔබට මතක් කරනවා.

සැඟවීමට හැකියාව ඇති AR පූසා

බිත්තිවල කුරුටු ගාන්න- WallaMe

මේ දවස්වල ලංකාවේ Wall Art රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා. මෙය කරන්න විශාල මහන්සියක් වගේම විශාල මුදලකුත් වැය වෙනවා. මේ දේ අතථ්‍යව, එහෙම නැතිනම් virtually සිදුකරන්න හැකි වුණොත්  ඒක අපූර්ව අත්දැකීමක් වේවි නේද? මේ ඒ වෙනුවෙන්ම නිර්මාණය වූ WallaMe. බිතිවල නිදහසේ කුරුටු ගාන්න මේ app එකත් එක්ක ඔබට පුළුවන්. Android සහ Apple යන දුරකතන වෙත මෙය සහාය දක්වනවා.

අවකාශයේ චිත්‍ර අඳින්න- Just a Line

AR තාක්ෂණයට භාවිත කරමින් නිර්මාණය වූ තවත් අපුරු app එකක් ලෙස Just a Line හඳුන්වන්න පුළුවන්. තමන් වටේ තියෙන අවකාශයේ සරල චිත්‍ර නිර්මාණය කරන්න මේ app එක පහසුකම් සලසනවා. app එක ධාවනය කළ විට මඳ වෙලාවක් ගෙන, තමා වටේ වන අවකාශය calibrate කරගන්නවා. ඉන් අනතුරුව ඉතාම පහසුවෙන් ඔබට ඔබේ ජංගම දුරකතනය භාවිත කරමින් අවකාශයේ චිත්‍ර අඳින්න හැකියාව ලැබෙනවා. 3D ලෙසින් නිර්මාණය වෙන මේ චිත්‍ර සමග ඔබට විනෝද වන්නට අනිවාර්යෙන්ම හැකි වේවි.

අතත්‍යව බිත්තිවල කුරුටු ගාන්න- Theverge.com

ඉහත අපි සඳහන් කරපු app දෙකට අමතරව පෙර ලිපියක අපි කතා බහ කරපු MarkAR app එකත් මෙවැනිම තාක්ෂණයක් භාවිතා කරන app එකක් ලෙස හඳුන්වන්න පුළුවන්.කොහොම වුණත්, මේ චිත්‍ර ඇඳීම ඇතුළේ යම් අයහපත් පැතිකඩකුත් තිබෙනවා.

ඔබට හෝ වෙන අයෙකුට අපහාස වන අයුරින් ඕනෑම බිත්තියක Virtual Graffiti නිර්මාණය කිරීමේ හැකියාව ඉහත apps install කරගන්නා ඕනෑම අයෙකුට තිබෙනවා. ඒ ගැනත් මේ නිර්මාණකරුවන් සැලකිලිමත් විය යුතු යි. අපි මේ ගැන Virtual බිතුසිතුවම් පෙරළියක් අත ළඟ ලිපියෙන් වැඩිදුරටත් කතාබහ කළා. 

TaToo ගහන්න කලින් අතත්‍යව ඇඳලා බලන්න

සාමාන්‍යයෙන් TaToo එකක් ගහන්න බොහෝ දෙනෙක් කැමැත්තක් පළ කරනවා. නමුත් ටැටූව අපිට ගැළපෙනවද කියල එක බලාගන්න විදිහක් නම් තිබුණේ නැහැ. නමුත්, AR තාක්ෂණය ඔස්සේ එකී හැකියාවත් දැන් ඔබට ලැබෙනවා. 

AR/VR තාක්ෂණය ගැන සහ එහි භාවිතාව ගැන වැඩිදුර සොයා දැනගන්න, අප මීට පෙර ලියූ ලිපි පෙළක්ම මෙන්න.  

Virtual බිතුසිතුවම් පෙරළියක් අත ළඟ 

Smart glass තාක්ෂණය සදහටම සිහිනයක් පමණක් වේවි ද? 

යුධ පුහුණුවට ඇමරිකානුවන් HoloLens භාවිතා කරයි 

මොබයිල් Appsවල මාවත වෙනස් කරන VR 

කවරයේ පින්තූරය: vrscout.com

මූලාශ්‍රයයන්:   

Theverge.com  

Youtube.com   

Mark.app

Developers.google.com 

Related Articles