Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හෙළකුරු දැන් අලුත් තැනක, අලුත් විදියට

ශ්‍රී ලාංකීය ඩිජිටල් නව්‍යකරණයේ පෙරගමන්කරු හෙළකුරු සමාගම පසුගිය දා ජාත්‍යන්තර ප්‍රමිතියේ අති නවීන කාර්යයාලීය නිවහනකක් වෙත පියනැගුවා. 2011 වර්ෂයේ දී තරුණ ව්‍යාවසායක ඉංජිනේරු ධනික පෙරේරා ආරම්භ කළ හෙළකුරු සමාගම (භාෂා ලංකා පුද්ගලික සමාගම) මෙතෙක් ආ ගමනේ සුවිශේෂීම සංධිස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

හෙළකුරු අති නවීන කාර්යයාලයේ ඇතුලත

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැයින්තයින් රාශියකගේ සහභාගීත්වයෙන් පැවති මෙම නව කාර්යයාල සමාරම්භක උළෙල සඳහා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වූ අතර, මොරටුව විශ්වවිද්‍යාලයයේ පරිගණක විද්‍යා ඉංජිනේරු, හිටපු අධ්‍යයනාංශ ප්‍රධානී විශාඛා නානායක්කාර, LK වසම් ලේඛණාධිකාරියේ ප්‍රධානී ගිහාන් ඩයස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශ ප්‍රධානී ශාමන් උදයංග ඇතුළු විද්වතුන් ද, හෙළකුරු සමාගමේ සේවාලාභී හා හවුල්කාර ආයතනයන් වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු, ටෙල්කො, සහ මාධ්‍ය ආයතන නියෝජිතය කරමින් විශේෂ ආරාධිතයින් රාශියක් ද, ආරම්භක-සමාගම් දිරිගැන්වීමේ ආයතන නියෝජනය කරමින් තවත් ආරාධිතයින් රාශියක් ද එක් වී සිටියා.

ශ්‍රී ලාංකීකයින්ගේ එදිනෙදා ඩිජිටල් ජීවිතයට අත්‍යාවශ්‍ය, සිංහල යතුරුකරණය ඇතුළු දෛනික ඩිජිටල් සේවාවන් රැසක් තම ඩිජිටල් නිපැයුම් හරහා පිරිනමන හෙළකුරු සමාගම, මේ වන විට මිලියන 5කට අධික වැඩිම ඩවුන්ලෝඩ් ගණනක් සහිත ශ්‍රී ලාංකීය ජංගම දුරකථන යෙදුම නිපදවා තිබෙන අතර, ශ්‍රී  ලංකීකයින්ගේ හදවතේ රැඳි අංක 1 ඩිජිටල් සන්නාමය බවටත් පත් වී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ උසස් ගුණාත්මයෙන් යුත් නව්‍ය ඩිජිටල් නිපැයුම් දේශීය වෙළඳපොළට ගැළපෙන ලෙසින් දේශීය හැඩයකින් හඳුන්වාදීම සහ නව්‍ය ව්‍යාපාර ආකෘතීන් යටතේ ප්‍රචලිත කිරීම හෙළකුරු සමාගමේ මේ සාර්ථකත්වයට හේතු වුණා.

මේ වන විට “හෙළකුරු” සන්නාමයෙන් නොනැවතී, ශ්‍රී ලාංකීය ව්‍යාපාර සඳහා නව්‍ය අන්තර්ජාල ගෙවීම් සේවා හඳුන්වා දෙමින් පෙරට ආ නව “PayHere” ඩිජිටල් සන්නාමයත්, රටේ අනාගත පරපුරට නව්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වා දෙමින් පෙරට ආ “හපන්” ඩිජිටල් සන්නාමයත් හෙළකුරේ සහෝදර සන්නාමයන් ලෙස දේශීය වෙළඳපොළට එක් වී ඇති අතර, ඒවා මඟින් ද ශ්‍රී ලාංකීකයින්ට පෙර අත් නොවිඳි නව්‍ය ඩිජිටල් සේවාවන් රැසක් සැපයෙනවා.

කාර්යයාලය ඉදිරිපස දිස්වන අයුරු  

මෙතෙක් කල් නිපැයුම් මූලික කරගනිමින් ආරම්භක සමාගමක් ලෙස කටයුතු කළ හෙළකුරු සමාගමේ මේ නව සමාගම් කාර්යයාලීය සම්ප්‍රාප්තිය, මින් ඉදිරියට “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබල ගැන්වීම” යන සමාගමික දැක්ම පෙරදැරි කරගනිමින් සමාජ අවශ්‍යතාවයන් සපුරාලීමට කැප වූ පරිණත සමාගමක් වීමේ සංකේතාමක ප්‍රවිශ්ටයක් ලෙස දැක්විය හැකි බව, මෙම උත්සවයේ ප්‍රධාන කථාව අතරතුර අදහස් දැක් වූ සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා සඳහන් කළා. එමෙන්ම මෙවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අති නවීන කාර්යයාලයක් තම කාර්යයමණ්ඩලයට තිළිණ කිරීම ව්‍යවසායකත්ව ජීවිතයේ ආරම්භයේ පටන් පැවති සිහිනයක් බවත්, වසර 8කට පසු මෙදින කිසිඳු බාහිර ප්‍රාග්ධන ආයෝජනයකින් තොරව එම සිහිනය සැබෑ කරගත හැකි වූයේ තම කාර්යයමණ්ඩලයේ කැපවීම සහ තම ඩිජිටල් සේවාවන් ගැන දේශීය පාරිභෝගිකයින් තැබූ අඛණ්ඩ විශ්වාසය නිසා පමණක්ම බවත් විශේෂයෙන් සඳහන් කළා. හෙළකුරේ ආයතනයේ නව ලිපිනය  නො.46, ගාලු පාර, කළුතර වන අතර Google Maps ඔස්සේ ද ඔබට එම ස්ථානය සොයාගත හැකිය. ශ්‍රී ලාංකීය ඩිජිටල් නව්‍යකරණයේ පෙරගමන්කරු භාෂා ආයතනයට roar සිංහල අපෙන් සුබපැතුම්.

මීට ටික කලකට පෙර roar සිංහල අපත් ධනික පෙරේරා සමග ලංකාවේ ව්‍යවසායකත්වය සහ තාක්ෂණික භාවිතය පිළිබඳව කතා බහකට යොමුවුණා.

Related Articles