Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Huawei AppGallery එක ශ්‍රී ලංකාවට වුවමනා ඇප් රැසකින් පිරී යයි

Huawei AppGallery යනු Huawei උපාංග සඳහා වන නිල App Gallery එක වන අතර එය නිරන්තරයෙන් යාවත්කාලීන වන Apps දහස් ගණනකින් සමන්විත වේ. එය හඳුන්වා දී වැඩිකල් යන්නටත් ප්‍රථමයෙන්, Huawei AppGallery යනු තමන්ගේ දෛනික අවශ්‍යතාවන්ට ගැළපෙන apps පහසුවෙන් ම සොයා ගන්නටත්, install කරගන්නටත් හැකි අපූරු ස්ථානයක් ලෙස Huawei පරිශීලකයන්ගේ හද බැඳ ගත්තේ ය.

App නිර්මාණය කරන්නන් පවා තමන්ගේ apps Huawei AppGallery වෙත එක් කරන්නට යුහුසුළුව කටයුතු කරන ආකාරය දකින්නට ලැබුණු අතර, මේ වන විට ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත වන Apps විශාල සංඛ්‍යාවක් එයට එක්ව ඇති ආකාරය දකින්නට ලැබේ. Huawei AppGallery මේ වන විට ලොව තෙවන විශාලත ම app store එක බවට පත්ව ඇති අතර, එය වටා මාසික සක්‍රීය පරිශීලකයන් මිලියන 400ක් රොද බැඳී ඇති බව Huawei සමාගම Roar වෙත පැවසී ය.

appgallery.huawei.com වෙත පරිගණකයෙන් ද පිවිසිය හැකියි

AppGallery සතු විවිධ categories 18කින් යුතු පුළුල් app එකතුව Huawei උපාංග භාවිත කරන්නන්ගේ app අවශ්‍යතා සපුරයි. මෑතකදී ලොව හද දීනූ Huawei nova 9SE සහ Huawei nova Y70 භාවිතයෙන් ඔබගේ ප්‍රියතම Facebook, WhatsApp සහ Instagram ඉතා පහසුවෙන් භාවිතා කල හැක. තවද Huawei Quick App Center එක භාවිතයෙන් දැන් ඔබේ Youtube ගිණුම එක් කර, පහසුවෙන් ම වීඩියෝ බැලීමේ හැකියාව ද එක්වී තිබීම විශේෂත්වයකි.

Huawei පරිශීලකයන්ට නිතර භාවිත වන බැංකු Apps ද AppGallery වෙතින් ඍජුව ම ලද හැකි වේ. ඒ අනුව, Huawei පරිශීලක ඔබට ලංකා බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, මහජන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) යනාදියේ මොබයිල් බැංකුකරණ සේවා සියල්ල දැන් භාවිතා කිරීමේ හැකියාව පවතී. දුරකථන සේවා සම්පාදකයෙන්ගේ SelfCare apps වන MyDialog, MySLT, HUTCH Selfcare, Airtel SelfCare යනාදියත්, ටැක්සි සේවා apps වන PickMe Passenger, PickMe Driver ද එහි අන්තර්ගත ය. සිංහල ටයිප් කිරීමට හොඳම කීබෝඩ් එක වන Dream Keyboard, හෙළකුරු සහ Flash board ද AppGallery එකෙන් ලද හැකි වේ.

Facebook/Instagram/WhatsApp download කරන ආකාරය

AppGallery වෙතින් Facebook download කරන ආකාරය

Huawei පරිශීලකයන්ට AppGallery එක හරහා පහසුවෙන් ම Facebook, Instagram, WhatsApp වැනි සමාජ ජාල ඇප්ස්වල APK එක බාගත කරගැනීමේ හැකියාව තිබේ.

මේ සඳහා AppGallery විවෘත කර අදාළ ඇප් එකේ නම ටයිප් කරන්න. උදාහරණයක් ලෙස Facebook ලෙස ටයිප් කළ විට ලැබෙන ප්‍රතිපලවලින් Facebook සහ ලින්ක් අයිකනයක් සහිත අංගය ක්ලික් කරන්න. එවිට APKPure වෙබ් අඩවිය විවෘත වී APK එක බාගත කරගන්නට අවස්ථාව ලැබේ.

YouTube විවෘත කර ගන්නා ආකාරය

AppGallery වෙතින් YouTube විවෘත කර ගන්නා ආකාරය

AppGallery විවෘත කර “Quick App Center” ලෙස search කර, නිල් පැහැති අයිකනය සහිත Quick App Center එක open කරන්න. දැන් එහි YouTube ලෙස නැවත search කිරීමෙන් YouTube විවෘත කරගත හැකි වේ.

ඉදිරි අවස්ථාවලදී මෙම පියවර ප්‍රමාණය අවම කරගැනීම සඳහා Recently Used Apps ලැයිස්තුවෙන් YouTube app එක Home Screen එකට add කර ගන්න.

Huawei ලෝකය කේන්ද්‍රගත කරන Super devices

දුරකථන තිරය Huawei MatePad Pro ටැබ් එකට ගෙන ඇති ආකාරය

Huawei P50 Pro, Huawei MateBook D15, සහ Huawei MatePad Pro වැනි උපාංග සමඟ Huawei සතු multi-screen collaboration හෙවත් උපාංග අතර තිර හුවමාරු කර ගැනීමේ විශේෂාංගය හරහා තිරයේ විශාලත්වය වැඩි කර ගැනීමටත්, Easy file transfer සමඟ පහසුවෙන් ගොනු හුවමාරු කරගැනීමටත්, AI search එක භාවිතයටත් අවස්ථාව තිබේ.

Multi-screen Collaboration විශේෂාංගය Huawei උපාංග භාවිත කරන ඔබට විශේෂයෙන් කාර්යාල කටයුතුවල දී තිර කිහිපයක් එකවර භාවිත කරන්නට අවස්ථාව ලබා දෙයි. ඒ අනුව, Huawei smartphone තිරය ලැප්ටොප් එකට හෝ ටැබ් එකට යැවීමට හැකියාව තිබේ.

Huawei MatePad Pro ටැබ් තිරය Huawei MateView මොනිටරයට ගෙන ඇති ආකාරය

Huawei MatePad Pro යනු විශාල තිරයක් ඇති ටැබ් එකකි. විශාල 4K තිරයක් ඇති Huawei MateView මොනිටරය සමඟ එය මුසු කර ගත් විට ඉහළ වර්ණ සමඟ සිනමා මට්ටමේ අත්දැකීමක් ඔබට ලද හැකි වේ. 

Huawei Watch GT3 Pro ස්මාර්ට් ඔරලෝසුව සහ Huawei P50 Pro දුරකථනයේ එකමුතුව ද ඊට නොදෙවෙනි ය. Health සහ fitness tracking සමඟ workouts 100ක්, Running coach විශේෂාංගය, රුධිර ඔක්සිජන් සාන්ද්‍රණය (SpO2), හෘද ස්පන්දනය, නිදා ගත් පැය ගණන track කළ හැකි අතර, remote shutter option එක නිසා ෆෝන් එකේ කැමරාව Watch එකෙන් පාලනය කළ හැකි වේ.

Huawei Nova Y70 ශ්‍රී ලංකාවට

Huawei Nova Y70 දුරකථනයේ පසුපස පෙනුම

Huawei Nova Y70 යනු Nova දුරකථන පෙළ වෙත එක්වන නවතම දැවැන්තයා යි. පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සහ වියදම් කරන මුදලට සරිලන විශේෂාංග රැසක් ගෙන එන Nova Y70 සතු ප්‍රධාන අංගයක් වන්නේ 6000mAh බැටරිය යි. 22.5W Huawei SuperCharge තාක්ෂණය සමඟ එය කෙටි කාලයකින් වේගවත් ව ආරෝපණය කිරීමේ හැකියාව තිබේ.

Nova Y70 සතුව අඟල් 6.75 පුළුල් තිරයක්, 48MP AI කැමරාවක්, 5MP Ultra-wide කැමරාවක් මෙන්ම 2MP Depth සෙන්සරයක් තිබේ. මෙය ඇතුළු අනෙකුත් Huawei උපාංගවල සම්පූර්ණ විස්තරයක් සහ අදාළ කොන්දේසි දැනගැනීමට ශ්‍රී ලංකාවේ Huawei වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න: consumer.huawei.com/lk/

Related Articles