Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුධ පුහුණුවට ඇමරිකානුවන් HoloLens භාවිතා කරයි

තාක්ෂණයේ දියුණුව සමග මිනිසුන් සියලුම කටයුතු සඳහා තාක්ෂණය භාවිත කරන්නට යොමු වුණා. යුධ කටයුතු කියන්නෙත් තාක්ෂණය බහුල ව යොදා ගැනෙනා අංශයක්. යුධ ශක්තිය අතින්  ලෝකයේ ප්‍රබල ම ස්ථානයක සිටිනා රටක් තමයි ඇමරිකාව කියන්නේ. ඔවුන් තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවන් විශාල මුදලක් වැය කරමින් ලෝකයේ තමාට හිමි ස්ථානය ආරක්ෂා කර ගැනීමට සහ බලය පවත්වා ගැනීමට කටයුතු කරන රටක්. ඇමරිකාව තමන්ගේ සෙබළුන් පුහුණු කිරීමට නවතම තාක්ෂණය භාවිත කිරීම සුලබ ව සිදුකරන කාර්යයක්. ඔවුන්ගේ අලුත් ම සුදානම වන්නේ miscrosoft සමාගම මෑතක දී නිෂ්පාදනය කරන ලද HoloLens උපාංග සහ තාක්ෂණය භාවිත කරමින් තම සෙබළුන් පුහුණු කර යුධ තාක්ෂණය වැඩි දියුණු කර ගැනීම යි.

HoloLens

VR තාක්ෂණය එහෙම නැතිනම්, Virtual Reality (අතථ්‍ය-තථ්‍යතාව) කියන්නේ මේ සියවසේ ජිවත් වන අපි බොහෝ දෙනෙකුට සුලබ ව හමුවන, අහන්න ලැබෙන තාක්ෂණයක්. මේ තාක්ෂණික වචනය අපට අහන්න ලැබෙන්නේ 1982 වර්ෂයේ දී ඩේමියන් බ්‍රොඩරික් විසින් රචිත ජුදාස් මැන්ඩලා නම් විද්‍යා ප්‍රබන්ධය හරහා යි. මේ තාක්ෂණික සංකල්පයේ වඩා වැඩිදියුණු මට්ටමක් ලෙසින් miscrosoft සමාගම නිෂ්පාදනය කරන HoloLens උපාංග හඳුන්වන්න පුළුවන්. VR තාක්ෂණය හරහා ඔබට තිරයක් ඔස්සේ ත්‍රිමාන රූප හරහා වෙනස් ම පරිසරයක හිඳ කටයුතු කරනවා සේ අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මේ තාක්ෂණය අද වන විට බොහොමයක් වේබ අඩවි සහ පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන් බහුල ව භාවිතා කරන තාක්ෂණයක්.

නමුත් HoloLens උපාංග මිට හාත්පසින් ම වෙනස් තාක්ෂණයක් භාවිතා කරන්නේ. ඒ හරහා ඔබට සැබෑ පරිසරය තුළ ම ත්‍රිමාන රූප මවා ගැනීමේ හැකියාව සහ ඒවා සමග කටයුතු කිරීමේ හැකියාව ලබා දෙනවා. මේ තාක්ෂණයේ නිර්මාතෘ වන බ්‍රසීල ජාතික ඇලෙක්ස් කිප්මන් (alex kipman) කියන්නේ, මේ වනතෙක් විද්‍යා ප්‍රබන්ධ (science fiction) චිත්‍රපට සහ කතාවල පමණක් දක්නට ලැබුණු තාක්ෂණය මේ හරහා සැබෑ වන බව යි.

iron man චිත්‍රපටයෙන්- Businessinsider.com

අතථ්‍ය ලෝකය, සැබෑ ලෝකය සමග මුහු වන මෙම තාක්ෂණයට miscrosoft සමාගම දෙන නාමය වෙන්නේ Mixed Reality යන්න යි. මේ හරහා ඔබට විවිධ objects (වස්තූන්) තමන් සිටිනා පරිසරය තුළ දී ම නිර්මාණය කරමින්, වෙනස් කරමින් කටයුතු කළ හැකි අවකාශයන් ලබා දෙනවා. HoloLens උපකරණය මේ සියල්ල සිදුකිරීමට විශේෂ උපාංග භාවිතා කරනවා. මෙහි භාවිත වන sensors (සංවේදක) මඟින් මේ උපකරණය භාවිත කරන පුද්ගලයා සිටින පරිසරය, ඔහු සිදුකරන චලනයන් පිළිබඳ ව ගණනය කිරීම් සහ හඳුනාගැනීම් සිදුකරනවා. Light Source හතරක් සහ විශේෂ ලේසර් තාක්ෂණයක් සහිත  Depth Camera ඇතුළු මෙම කොටස, මෙම උපකරණයේ ඇස ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ම, එමඟින් ලබා දෙන ටෙරා බයිට් ගණනක දත්තයන් ක්‍රියාවලීන්ට (process) ලක් කරමින් භාවිත කරන්නාට අවශ්‍ය වස්තුන් නිර්මාණය කිරීම සිදුවෙනවා. ඒ සඳහා ම විශේෂිත HPU (Holographic Processing Unit) නම් චිපයක් ඔවුන් එයට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේ ම මේ උපකරණය විශේෂිත speakers පද්ධතියකින් ද සමන්විත යි.

තමන් සිටිනා පරිසරය තුළ දී ම objects නිර්මාණය- Microsoft.com

මේ උපකරණය සහිත විශේෂිතම අංගයක් වන්නේ මෙහි දර්ශන තලය ලෙසින් භාවිත වන විදුරු තීරය යි. සාමාන්‍යයෙන් ඇසට ඉතා සමීපයේ ඇති යමක් නිරීක්ෂණය කිරීමේ හැකියාව මිනිස් ඇසට නැහැ. ඒ නිසාවෙන් මේ උපකරණයට, හුදෙක් මේ තිරය වෙත ප්‍රක්ෂේපනයන් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් භාවිත කරන විශේෂ තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය අවස්ථාවන් හි මිනිස් ඇස ක්‍රියාත්මක වන ලෙසින් ම ඇස තුළ ම ආලෝක කිරණ මඟින් මේ රූප මැවීම සිදුකරනවා. මේ තාක්ෂණය නිසාවෙන් භාවිත කරන්නාට සත්‍ය බාහිර ලෝකය තුළ ම තමන්ට අවශ්‍ය දේ නිර්මාණය සහ භාවිතයට අවස්ථාව ලැබෙනවා.

https://www.microsoft.com/en-us/hololens

යුධ කටයුතු සඳහා භාවිතය

මේ තාක්ෂණය භාවිත කිරීමට පෙර සිට ම VR/ AR තාක්ෂණයන් භාවිතයෙන් ඇමරිකානු සෙබළුන් පුහුණු කිරීම සඳහා විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක වුණා. නමුත් මේ නව තාක්ෂණය හරහා වඩාත් ඵලදායී ලෙසින් ඒ කටයුත්ත සිදුකිරීමට හැකියාව පවතිනවා. ඒ වගේ ම, මේ යුධ කටයුතු සඳහා නිර්මාණය වන (military-grade) HoloLens සාමාන්‍ය භාවිතය සඳහා ඇති උපාංගවලට වඩා වෙනස්කම්වලින් යුක්ත යි. බාහිර පෙනුමෙන් මෙන්ම විශේෂිත තාප සංවේදක හා night vision වැනි පහසුකම්වලින් සමන්විත විශේෂිත උපාංග 2500ක් පමණ ඉදිරි වසර කිහිපය තුළ ඇමරිකානු හමුදාවට ලබාදීමට කටයුතු කරන බව යි ඔවුන් සඳහන් කරන්නේ.

සාමාන්‍ය භාවිතය සඳහා ඇති උපාංගයන්ට වඩා වෙනස්කම්වලින් යුක්ත HoloLens- Theverge.com

මේ තාක්ෂණයන් හරහා සතුරන් හඳුනාගැනීම සහ ඔවුන්ට පෙර ක්‍රියාත්මක වීම වැනි දේ සිදුකිරීමට තම සෙබළුන්ට හැකියාව ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් තම තාක්ෂණයන් යුධ කටයුතු සඳහා යොදාගැනීම වෙනුවෙන් microsoft සමාගමේ සේවකයන් පිරිසක් පෙත්සමක් පවා අත්සන් කර තිබුණ ද, ඒ සියල්ල නොතකා එම සමාගම ඇමරිකානු හමුදාව සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මේ තාක්ෂණයන් සමග ඇමරිකානු යුධ ශක්තිය ඉතා ම විශාල ලෙසින් වර්ධනය වනු ඇති බවට ඔවුන් විශ්වාස කරනවා.

කවරයේ පින්තූරය: UploadVR

මූලාශ්‍රයයන්:   

bloomberg.com

Theverge.com

Microsoft.com

Businessinsider.com

Related Articles