Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 වසරේ SmartPhone ට්‍රෙන්ඩ් එක

2020 වසර ආරම්භ වෙන්නෙම පෙරළිකාර ජංගම දුරකතන රැසක් වෙළඳපොළට නිකුත් වෙන ගමන්ම යි. ඔබ මේ වසරේ ජංගම දුරකතනයක් මිල දී ගන්නවා නම් හෝ ඔබ තාක්ෂණයට කැමති කෙනෙක් නම්, මේ ලිපිය ඔබට වඩාත් වැදගත් වන බව අපට විශ්වාස යි. 2020 වසරේ ජංගම දුරකතන වෙළඳපොළේ එළිදැක්වෙන පෙරළිකාර ජංගම දුරකතන ගැන යි මේ. 

සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක් ජංගම දුරකතනයක් මිල දී ගනිද්දී සලකා බලන වැදගත්ම කාරණයක් බවට පත් වෙන්නේ එහි කැමරාව යි. මේ වසරේ දුරකතන මාදිලි නිර්මාපකයන් කැමරාව සහ image Processing Algorithm කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමුකර තිබෙන බව පැහැදිලි යි. 2020 වසරේ මුල් කාර්තුව ඇතුළත නිකුත් වූ බොහොමයක් High End උපාංගයන්ගේ දක්නට ලැබුණු සුවිශේෂත්වයක් වුණේ, මෙගාපික්සල් 100කට වැඩි කැමරාව යි. කොහොම වුණත්, මේ විශාල sensor එක සමග සාර්ථක වූ වගේම අසාර්ථක වූ දුරකතනත් තිබෙනවා. ඒ ගැනත් මේ ලිපිය තුළ අන්තර්ගත යි.

Samsung Galaxy S20, S20+ සහ S20+ Ultra 

පසුගිය 12 වැනි දා පැවති Galaxy UNPACKED 2020 Event එකේ දී කාගේත් අවධානය දිනාගත් Samsung සමාගමේ නවතම High End සහ Flagship දුරකතන මාදිලි වූයේ S20, S20+ සහ S20+ Ultra දුරකතන යි. මේ දුරකතන ත්‍රිත්වයම අධි බලැති කැමරා Setup එකකින් සමන්විත යි. මේ වසරේ දැනට නිකුත් වූ බලවත්ම දුරකතන ලෙස මේවා හඳුන්වන්නට පුළුවන්. Android 10.0 සහ One UI 2 සහිත නව දුරකතන Exynos 990 ප්‍රොසෙසරයක්, Mali-G77 ග්‍රැෆික් ප්‍රොසෙසරයක්, සහ UFS 3.0 ධාරිතාවකින් සමන්විත වෙනවා. මේ ගැන වැඩි විස්තර ඔබට අප පෙර පළ කළ “දැවැන්ත කැමරාවක් පෙරටු කරගත් Samsung Galaxy S20” ලිපියෙන් කියවන්නට පුළුවන්. 

S20, S20+ සහ S20+ Ultra දුරකතන- venturebeat.com

Xiaomi Mi 10 සහ Note 10 

Xiaomi සමාගමේ නවතම දුරකතන දෙකක් ලෙස මෙම දෙවර්ගය හඳුන්වන්නට පුළුවන්. ඔවුන්ගේ නවතම Flagship දුරකතනය Mi 10 ලෙස නම් වෙනවා. Note 10 දුරකතනය mid-range දුරකතනයක්. කොහොම නමුත්, Xiaomi සමාගම එදා සිටම අඩු මිලට ඉතාම බලවත් දුරකතන නිකුත් කිරීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන සමාගමක්. 

Mi Note 10 

Mid-range දුරකතනයක් වෙත මෙතෙක් පැමිණි බලගතුම කැමරා සෙටප් එක සහිත උපාංගය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන මෙය නිකුත් වන්නේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දී යි. ඔබ හොයන්නේ බලවත්ම කැමරා සහිත Mid-range දුරකතනයක් නම්, මෙය ඊට කදිම දුරකතනය බව අපට කියන්න පුළුවන්.  අඟල් 6.47ක AMOLED තිරයක් සහිත මේ උපාංගය බල ගැන්වෙන්නේ Qualcomm snapdragon 730G Chipset එකකිනුයි. 128GB අභ්‍යන්තර මතක ධාරිතාවක් සහ 6GB RAM මතකයක් සහිත මෙහි 5260 mAh ධාරිතාවයක Li-Po බැටරියක් ඇතුළත්. මෙහි සුවිශේෂීම ගුණාංගය වෙන්නේ Penta-rear camera setup එක යි. 108 MPක ප්‍රධාන කැමරාව, 12 MP සහ 5 MP Telephoto Camera දෙක, 20 MP ultrawide කැමරාව සහ 2 MP macro කැමරාවක් මෙකී Penta-rear camera setup එකට ඇතුළත්. 108 MP ප්‍රධාන කැමරාව දරාගන්න snapdragon 730G සකසනයට හැකිදැ යි ප්‍රශ්නාර්ථයක් නමුත්, ගෙවන මුදලට සාපේක්ෂව ඉතාම සාධාරණ අනගි උපාංගයක් ලෙස එය හඳුන්වන්නට පුළුවන්. 

Penta-rear camera setup එක- Youtube.com 

Mi 10 / Mi 10 Pro

Xiaomi සමාගමේ නවතම බලවත් දුරකතන දෙක ලෙස මේවා හඳුන්වන්න පුළුවන්. Snapdragon 865 සකසනයකින් බල ගැන්වෙන මේ දුරකතන දෙක බොහෝ සෙයින් සමාන යි. Mi 10 දුරකතනයේ මුලික මාදිලියේ රැම් ධාරිතාවය 8GBවලින් ආරම්භ වන අතර, අභ්‍යන්තර ප්‍රධාන මතකය 128 GBවලින් ආරම්භ වෙනවා. ඊට අමතරව 256GB 8GB RAM, 256GB 12GB RAM ආදී වශයෙන් මාදිලි දෙකකින් ඔබට මෙය මිල දී ගන්න පුළුවන්. 

Mi 10 Pro හි මූලික මතක ධාරිතාවයත් 8 GBවලින් ආරම්භ වන අතර, එහි ප්‍රධාන මතකය 256GB ලෙස යි දැක්වෙන්නේ. ඊට අමතරව 256GB 12GB RAM, 512GB 12GB RAM ආදී වශයෙන් මාදිලි ද්විත්වයකින් ඔබට එය මිල දී ගන්න පුළුවන්. දුරකතන දෙකෙහිම ප්‍රධාන පිටුපස කැමරාව 108 MP. අනෙක් කැමරා පිළිබඳව පහත වගුවෙන් දැකගන්න පුළුවන්.

කැමරා සංසන්දනය- gsmarena.com

නැවෙන, නවන Phone ගෙනෙන Foldable Trend

Tab එක සහ දුරකතනය යන උපාංග දෙකක් වෙනුවට එකී කාර්යයන් දෙකම ඉටුවන පරිදි එක් උපාංගයක් නිර්මාණය කිරීම මේ ට්‍රෙන්ඩ් එකේ දී සිදුවෙනවා. මෙලෙස නැවිය හැකි Foldable දුරකතන නිර්මාණය කිරීම තාක්ෂණික සමාගම් වෙත විශාල අභියෝගයක් වූ බව නම් අප කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. Samsung Galaxy Foldable දුරකතනය යම්තාක් දුරට අසාර්ථක වූ බව ඔබට මතක ඇති. හකුලා තබන විට අඟල් 4.6ක් වන ජංගම දුරකතනයක් මෙන්ම දිගහැරිය විට අඟල් 7.3ක tablet එකක් ලෙස ද භාවිතා කළ හැකි මෙම දුරකතනය, 12GB RAM එකකින් සහ 512GB Internal Storage එකකින් සමන්විත වනවා. එපමණක් නොවේ, පසුපස camera 3ක් මෙන්ම cover එක මත කැමරාවක් සහ ඉදිරිපස කැමරා 2ක් වශයෙන් camera 6කින් මෙය සමන්විත යි.

Huawei Mate X දුරකතනයත් Foldable දුරකතන පිළිබඳව සලකා බලද්දී අමතක කරන්නට බැහැ. පසුගිය වසරේ සාර්ථක වූ එකම Foldable දුරකතනය ලෙස Huawei Mate X අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව Motorola RAZR, Royole Flexpai ,TCL foldable Phone වැනි දුරකතනත් මේ රැල්ලටම එකතු වෙනවා. 

Galaxy Z Flip සහ Motorola Razr දුරකතන- cnet.com

කොහොම නමුත්, මේ රැල්ලේ සාර්ථකම දුරකතනය ලෙස හඳුන්වන්නට හැකි දුරකතනයක් නිකුත් වුණේ පසුගිය දිනෙක samsung සමාගමෙනුයි. ඒ පිළිබඳව ප්‍රසිද්ධ Youtuber කෙනෙකු වූ JerryRigEverything පවා සඳහන් කළා. පසුගිය පෙබරවාරි 11 වෙනි දා නිකුත් වූ මේ foldable දුරකතනය සතුව Super AMOLED Display එකක් තිබෙනවා. Snapdragon 855+ සකසනයකින් බල ගැන්වෙන මෙය පැමිණෙන්නේ නවතම android 10 සමග යි. එමෙන්ම, මෙහි 8GB RAM ධාරිතාවයක් සහ 256 GB අභ්‍යන්තර මතක ධාරිතාවයක් ද සහිත යි. 

මීට අමතරව Smart Phone Trends ගැන ඔබ දන්නා කරුණු අපි එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. තවත් බොහොමයක් දුරකතන ගැන සහ නව ට්‍රෙන්ඩ්ස් ගැන කතා කරන්නට තිබෙනවා. ඒ පිළිබඳව නව ලිපියකින් ගෙන එන්නම්. 

Related Articles