Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දන්න – නොදන්න Music Streaming සේවාවන් 5ක්

තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් සමග මිනිසුන් සංගීතයට සවන් දෙන්නත් නව ක්‍රම ගණනාවක් අනුගමනය කළා. අද වන විට එහි නවතම ප්‍රවණතාව බවට පත් ව තිබෙන්නේ Music Streaming සේවාවනු යි. Online Music Streaming Platforms ලංකාවේ අපට තවමත් තරමක් දුරට අලුත් සංකල්පයක්. නමුත් ලෝකයේ බොහෝ දෙනා මේ වන විටත් මේ Streaming Platforms හරහා සංගීතයට වගේ ම Podcastවලටත් සවන් දීම් සිදුකරනවා. අද අපි මේ ලිපිය හරහා කතා කරන්න සූදානම් වෙන්නේ ලෝකයේ ප්‍රධාන ම Online Music Streming සේවාවන් ගැන වගේ ම, ඒවා කොහොමද ලංකාවේ අපට භාවිතයට ගන්න පුළුවන් වෙන්නෙ කියලයි.

Apple Music

apple සමාගමෙන් ලබා දෙන music streaming platform එක- support.apple.com

apple සමාගමෙන් ලබා දෙන Online Music Streaming Platform එක වෙන්නේ apple music සේවාව යි. 2018 වන විට එහි පරිශීලක සංඛ්‍යාව (active members) මිලියන 50කටත් අධික අගයක් වෙනවා. ඒ වගේ ම මෙම සේවාව ලංකාවේ අපටත් භාවිතා කරන්න පුළුවන් සේවාවක්. නමුත් apple music සේවාව ඔබට මිල දී ගැනීමට සිදුවෙනවා. අත් හදා බැලිමේ කාලයක් ඔබට හිමිවෙන අතර, ඒ කාලය තුළ දී ඔබට සීමාසහිත ව ගීතවලට සවන් දීමට හැකියාව ලැබෙනවා. ඉන් අනතුරුව ඔවුන් ලබාදෙන පැකේජවලින් එකක් තෝරා ගනිමින් සේවාවන් මිල දී ගැනීම සිදුකළ යුතු යි. ගීත මිලියන 40කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම සේවාව android උපාංග සඳහා මෙන්ම, පරිගණක මෙහෙයුම් පද්ධති සඳහාත් බාගත කර (download) ස්ථාපනය (install) කර ගැනීමට හැකියාව තිබෙනවා.

Spotify

ලෝකයේ වඩාත් ම ජනප්‍රිය music streaming සේවාවක් තමයි spotify කියන්නෙ- time.com

මිලියන 157කට අධික (මුදල් ගෙවා සහ නොමිලයේ භාවිතා කරන දෙපිරිස ම) පරිශීලක පිරිසක් සිටින spotify streaming service එකත් යුරෝපයේ මෙන්ම ලෝකයේ බොහෝ දෙනෙකු අතරත් ඉතා ම ජනප්‍රිය තවත් සේවාවක්. 2008 වසරේ ඇරඹි මෙම සේවාව, අද වන විට දෛනික ව භාවිතා කරන පිරිස මිලියන 87කටත් වැඩියි (daily active users). Premium User කෙනෙක් (මුදල් ගෙවා) ලෙස මේ සේවාව භාවිතා කරන අයට, ගීත download කර ගනිමින් offline රස විඳින්න හැකියාව ලැබෙනවා. ප්‍රධාන ස්මාර්ට් දුරකථන මෙහෙයුම් පද්ධති සියල්ලන්ගේ ම පාහේ app එකක් ලෙසින් download කර ගැනීමේ පහසුකම ද සහිත යි. මේ සේවාව ආසියාවේ බහුතරයක් රටවල් සඳහා තවමත් ලබා දී නැහැ. මිලියන 40කට ආසන්න ගීත ප්‍රමාණයකට මේ සේවාව ඔස්සේ ඔබට සවන් දීමේ හැකියාව පවතිනවා. ප්‍රධාන පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සඳහාත් බාගත කර (download) ස්ථාපනය (install) කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ සේවාව ඔබට නොමිලයේ භාවිත කිරිමේ හැකියාව ද සහිත යි. නමුත් නොමිලයේ ලබාදෙන සේවාවේ song shuffling සීමා සහිත යි වගේ ම, සමහර ගීත වාදනය (limited songs) කිරීමට ද හැකියාවක් නෑ.

Tidal

ඉහළම තත්ත්වයේ ගීතවලට සවන් දීමට හැකියාව ඇත- tidal.com

දැනට පවතින streaming සේවාවන් අතරින් ඉහළ ම තත්ත්වයේ ගීත සවන් දීමට හැකියාව ඇති streaming service එකක් ලෙස බොහෝ දෙනෙක් අතර මෙම සේවාව ඉතාම ජනප්‍රිය යි. තවමත් ලෝකයේ සියලු රටවල් සඳහා ලබා දී නෑ. 2014 පමණ ඇරඹි මෙම සේවාවට මේ වන විට ගීත මිලියන 40කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. මුදල් ගෙවා මේ සේවාව භාවිතා කරනප්‍ රමාණය මිලියන 3 ඉක්මවනවා. මේ සේවාවේත් premium පහසුකම මුදල් ගෙවා සක්‍රීය කර ගැනීම තුළින් ගීත offline play කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. ප්‍රධාන පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සඳහාත් බාගත කර (download) ස්ථාපනය (install) කර ගැනීමට ද හැකියාව තිබෙනවා.

Google Play Music Streaming Service

මිලියන 40කට ආසන්න ගීත ඇති Google play music- Wired.com

මිලියන 40කට ආසන්න ගීත සංඛ්‍යාවක් සහිත මෙම සේවාව, තවමත් රටවල් 63කට පමණක් ලබා දී ඇත. android, ios, සහ webplayer එක හරහා ද මේ ගීතවලට සවන්දීමට හැකියාව තිබෙන අතර MP3, AAC, WMA, FLAC, OGG, ALAC වැනි සංගීත ආකෘති (formats) ගණනාවක ගීත සඳහා සවන් දීමේ හැකියාව ද සහිත යි. මේ සේවාව ආරම්භ වුණේ 2011 වසරේ දී යි. ඒ වගේ ම මේ සේවාව standard version එක නොමිලයේ භාවිතා කරනටත් හැකියාව තිබෙනවා. තවමත් මෙම සේවාවත් ලංකාව වෙත ලබා දී නෑ.

Deezer

රටවල් 180ක ව්‍යාප්ත ව ඇති Deezer- wired.co.uk

2007 දී ආරම්භ වුණ Deezer Streaming Service එකත් අද වන විට ලෝකයේ රටවල් 180කට අධික සංඛ්‍යාවකට පැතිරී අවසාන යි. ලංකාවටත් සහාය දක්වන මෙම සේවාව ඔස්සේ ද ඔබට ගීත නොමිලයේ රස විදින්නට හැකියාව තිබෙනවා (සීමාසහිත ව). ප්‍රධාන පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සඳහාත් බාගත කර (download) ස්ථාපනය (install) කර ගැනීමට හැකියාව තිබෙනවා. මිලියන 50කට අධික ගීත සංඛ්‍යාවක් මෙම සේවාව සතු යි. නමුත් නොමිලයේ ලබා ගන්නා සේවාව තුළ offline mood ඇතුළත් වෙන්නෙ නෑ.

පසුවදන

මේ සේවාවන්ට අමතර ව Huawei Music, youtube music, pandora ඇතුළු තවත් Online Music Streaming සේවාවන් ගණනාවක් ලෝකයේ භාවිතා වෙනවා. මේ සේවාවන්ගෙන් බහුතරයක් ලංකාවට සහාය දක්වන්නේ නෑ. නමුත් ඔබ මේ සේවාවන් මුදල් ගෙවා ලබා ගන්නවා නම්, බහුතරයක් සේවාවන් ඔබට කිසිදු ගැටලුවකින් තොරව ලෝකයේ ඕනෑම රටක සිට සංගීතය සඳහා සවන් දෙන්න අවස්ථාව සපයනවා. තවමත් ලංකාව වෙත සේවාවන් ලබා නොදෙන Online Music Streaming සේවාවන් අත්හදා බැලීමට නම් ඔබ කළ යුත්තේ vpn එකක් භාවිත කිරීම යි. vpn එකක් හරහා ඇමරිකාව (us) වැනි යුරෝපීය රටක් තෝරාගැනීම මඟින් ඉහත සේවාවන් සීමා සහිත ව ඔබට නොමිලයේ අත්හදා බැලීමේ හැකියාව පවතිනවා. මේ Music Streaming සේවාවන් තුළ ඉපැරණි මෙන්ම නව සිංහල ගීත රාශියකුත් ඇතුළත්.

 

කවරයේ පින්තූරය: instasound.net

Related Articles