Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාව ලෝක අන්තර්ජාලයෙන් සදහට ම වෙන් වෙයි ද?

රුසියානු යුක්රේන අර්බුදය ඔඩු දුවද්දී රුසියාවට වෙනත් රටවල්වලින් වගේ ම ඩිජිටල් සහ තාක්ෂණික ලෝකයෙන් එල්ල වෙන බලපෑම් දැඩි  වී තිබෙන බව දැනගන්නට ලැබෙනවා. මේ වෙද්දීත් ඩිජිටල් සහ තාක්ෂණික සේවා සමාගම් රැසකින් රුසියාවට සම්බාධක පනවන්නට අදාළ සමාගම් කටයුතු කර තිබෙන බව ඔබ දැනටමත් දන්නවා. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී රුසියාව ලෝක අන්තර්ජාලයෙන් වෙන් වන්නට තිබෙන සුදානමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව ලෝකයෙන් වෙන්වන්නට ගත් පළමු උත්සාහය නම් නෙමෙයි  මේ. 

ඔබට මතක ඇතිනේ රුසියාව සහ යුක්රේනය අතර දිගින් දිගට ම සිදු වන සයිබර් ප්‍රහාර මාලාව ගැනත්, ලෝකයේ කුප්‍රකට හැකර් කණ්ඩායම් පවා අද වන විට මේ සයිබර් යුද්ධයේ කොටස්කරුවන් බවට පත්ව ඇති බව අපි ඔබට කිව්වා. දැන් දැන් යුක්රේනයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් පවා සයිබර් යුද්ධයේ කොටසක් බවට පත් වෙලා අවසන්. දිගින් දිගට ම අනෙක් ජාතින් සහ විජාතික සේවා වෙතින්, අන්තර්ජාලය හරහා රුසියාව ලබාගන්න සේවා පවා නවතා දමන ගමන් තමයි ඔවුන් ඉන්නේ. මේ සම්බාධක තත්වය එන්න එන්න රුසියානු අත්ර්ජාල පරිශීලකයන්ට ගැටලු මතු කරවන්න පටන් අරගෙන තියෙනවා.

 රුසියානු ජනාධිපති Vladimir Putin, Moscow හීදී ව්‍යාපාරිකයන් හමුවීම – gettyimages.com

 

රුසියාවේ සාමාන්‍ය ජනගහනයෙන් 85% පමණ අන්ත්ර්ජාල සාක්ෂරතාව ඇති අය යි. කොහොම නමුත් අනෙක් රටවල් සේ ම විවිධාකාර හේතු පෙන්වා දෙමින් රුසියාවත් තම රට සමස්ත අන්තර්ජාලයෙන් වෙන් කිරීමට විවිධ පියවර ගත්තා.  රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ මුල් කාලයේ Facebook වැනි සේවා රුසියාව තුළ තහනම් කිරීම ඉන් එකක්. මීට අමතර ව රුසියාව වෙත හෝ රුසියාව වෙතින් අන්තර්ජාල ගෙවීම් සිදු කිරීමත් දැන් ඉතාම අපහසු මට්ටමකයි තිබෙන්නේ. මෙය රුසියාවේ ඩිජිටල්කරණ අනාගතයට සේම ආර්ථිකයටත්, e-commerce වෙතත් දැඩි හානි ගෙන එන්න පටන් අරගෙන අවසන්.

රුසියාව කියන්නේ තම රටේ මාධ්‍ය ආයතන දැඩි ව පාලනය කරන රටක්. මෑතක් වනතෙක් ම සාමාන්‍ය වැසියන්ගේ  අන්තර්ජාලය හරහා තොරතුරු දැන ගැනීම වැනි අවස්ථා වෙත ඔවුන් බරපතල ලෙස අතපෙවීම් කරන්නට ගියේ නැහැ.  තවදුරටත් රුසියානුවන්ට මේ තොරතුරු දැනගැනීමේ නිදහස හිමිවෙන්නේ නැහැ. දැන් දැන් ඔවුන් රජයේ මාධ්‍ය ඔස්සේ ප්‍රොපගැන්ඩා පතුරුවන්නත්, වෙනත් ක්‍රමවේ ඔස්සේ රටට ගලා එන තොරතුරු දැඩි ව වාරණය කරන්නත් (strict censorship) කටයුතු කරමින් ඉන්නවා.

රුසියාව සමස්ත අන්තර්ජාලයෙන් ගැලවෙන්නට දැරූ පළමු ප්‍රයත්නය නම් මෙය නොවේ – theconversation.com

 

අන්තර්ජාල ආශ්‍රිත සේවාවල hosting රුසියානු සර්වර්ස් තුළට

විශාල ව්‍යාපාර ගණනාවක් වෙනත් රටවල්වල වෙබ් හොස්ටින්ග් සේවා සහ සර්වර්ස් භාවිත කරනවා. නමුත් රුසියා ආණ්ඩුව  තම රට තුළ සිට ක්‍රියාත්මක වන අන්තර්ජාල ආශ්‍රිත සේවාවල hosting රුසියානු සර්වර්ස් තුළට රැගෙන එන ලෙස ව්‍යාපාර වෙත දන්වා තිබෙනවා. සාමාන්‍යයෙන් අන්තර්ජාල අන්තර්ගත නිර්මාණය කරන සහ පළ කරන්නට හැකි වෙබ් අඩවියක්, කලාප කිහිපයකට අදාළ ව රටවල් කිහිපයක තම සර්වර්ස් පවත්වා ගන්නවා. ඒ නිසා ඒ ඒ කලාපවල පරිශීලකයන්ට ඉතා ඉක්මනින් ඒ සේවාව ලබාගන්නට ඉඩ සැලසෙනවා. ඉහත සීමා නිසා ඉදිරියට රුසියාව ආශ්‍රිත වෙබ් අඩවිවලට ගැටලු උද්ගත වන්නට ඉඩ තිබෙනවා.

මෙවැනි සර්වර් මාරු කිරීමක් එක වෙබ් අඩවියක් සඳහා සිදු කිරීම නම් එතරම් අපහසු නැහැ. මෙය ජාතික මට්ටමෙන් රුසියාව තුළ ක්‍රියාත්මක වන සියලු වෙබ් අඩවි වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම විශාල ගැටලු රැසකට මඟ පාදනවා. ඊට අමතර ව මෙවැනි විශාල සේවා ගණනාවක් හැසිරවීමට තරම් අවශ්‍ය සම්පත් රුසියාව සතු ව තිබෙනවාද යන්නත් සැක සහිත යි.

මේ පළමු වතාව නෙමෙයි

රුසියාව මේ විදිහට සමස්ත අන්තර්ජාලයෙන් ගැලවෙන්නට දැරූ පළමු ප්‍රයත්නය නම් මෙය නොවන බව කිව යුතුයි. ඔවුන් මීට පෙර අවස්ථාවක ලෝකයෙන් එල්ල විය හැකි සයිබර් ප්‍රහාරයකට සුදානම් වන බව පවසා ඒ සඳහා සුදානම් වීමට නිර්මාණය කෙරෙන Runet නම් firewall එකක් ගැනත් කරුණු අනාවරණය කළා.

ඔවුන්ගේ මුල් සැලසුම වුණේ චීනයේ භාවිත වන Great Firewall of China වැනි එකක් නිර්මාණය කර තමන්ට කැමති වෙබ් අඩවි block කිරීමට සහ filter කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම යි. මේ censoring system එක ඔස්සේ රුසියානු internet traffic රුසියානු රජයේ ම  server වෙත යොමු කරන්නයි ඔවුන්ගේ අදහස වුණේ. ඒ අතර ඔවුන්ට ම ආවේණික Domain name system එකක් හරහා අන්තර්ජාලයේ localized version එකක් ලබා දීමට කටයුතු කිරීමයි අපේක්ෂාව වූයේ. රුසියාව 2019 වසරේ දී මේ පිළිබඳ කරුණු අනාවරණය කළත් එය මෙතෙක් ක්‍රියාත්මක වුණේ නම් නැහැ. දැන් පවතින තත්ත්වයත් සමඟ රුසියාව මේ උත්සාහ දරන්නේ එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීමට ද යන්න සැක සහිත යි. 

ඒ කාලයේදී ම මේ සැලසුමට රුසියානු වැසියන්ගෙන් සහ රුසියානු දේශපාලන පක්ෂ ගණනාවකින් දැඩි විරෝධය එල්ල වුණා. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි නොගසන ලෙස බලකරමින් විරෝධතා පවා සංවිධානය වුණා.

 පෞද්ගලිකත්වයට ඇඟිලි නොගසන ලෙස බලකරමින් විරෝධතා (2019) – rferl.org

 

රුසියාව මෙලෙස දිගින් දිගට ම ලෝක අන්තර්ජාලයෙන් තම රට වෙන් කිරීමට කටයුතු කළහොත් එය රුසියානු ප්‍රජාතන්ත්‍රවාදය වෙත එල්ල වෙන මාරු පහරක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. දැනටමත් මේ සම්බාධක හා අර්බුද නිසා රුසියාවේ ක්‍රියාත්මක වන සහ රුසියාවට විශාල ප්‍රමාණයක මුදලක් රැගෙන එන ආයතන ගණනාවක් සහ සේවා ගණනාවක් දැඩි ව පාඩු ලබමින් ඉන්නවා. ඒ අතරට chip shortages වැනි භෞතික කරුණුත් ඉතා දැඩි ව බලපෑම් එල්ල කරමින් ඉන්නවා. 

සමස්ත අන්තර්ජාලයට වන බලපෑම

රුසියාව අන්තර්ජාලයෙන් සදහට ම වෙන් වුණොත් සමස්ත අන්තර්ජාලයට එයින් වන බලපෑම නම් එතරම් විශාල එකක් නොවෙන නමුත් රුසියාව එරටට ම වෙන් වුණු අන්තර්ජාල ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නත් එය රට තුළ ව්‍යාප්ත කිරීමට සහ මෙතෙක් කල් ලෝක අන්තර්ජාල සේවාවල පහසුකම් ලබපු පරිශීලකයන් එය පිළිගැනීමට කැමති වේවිද යන්න විශාල ගැටලුවක්. රුසියාවෙන් අනෙක් රටවල් වෙත එල්ල වන සයිබර් ප්‍රහාර ප්‍රමාණය සලකා බැලුවොතින් යම් මට්ටමකට එයින් සමස්ත අන්තර්ජාලය ආරක්ෂාකාරී තැනක් වේවි කියලා යමකු කියන්න පුළුවන්. ඒත් ඒ දිගු කාලයකට නම් නෙවෙයි. ඒ හරහාත් සයිබර් අපරාධකරුවන් ලෝක අන්තර්ජාලයට තම පිවිසුම්  ඉතා ඉක්මනින් සකසා ගන්නා බව සක්සුදක් සේ පැහැදිලි නිසායි ඒ. 

මේ හා සබැඳි තවත් ලිපිවලට පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

රුසියාව cyber ප්‍රහාරයකට සැරසෙයි  

රුසියා – යුක්රේන යුද්ධය අතරේ සයිබර් සටනකත් පෙරනිමිති

රුසියාවට එරෙහි වන තාක්ෂණික ලොව දැවැන්තයෝ

පුද්ගල මනස හසුරුවන ‘ප්‍රොපගැන්ඩාව’

කවරයේ ජායාරූපය - රුසියාව අන්තර්ජාලයෙන් සදහට ම වෙන් වුණොත්? - thenextweb.com 

මූලාශ්‍ර:

thenextweb.com

euronews.com

businessinsider.com

vox.com

Related Articles