Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජාත්‍යන්තරය ජයගන්න සැරසෙන ලංකාවේ ගේම්ස්

දිනෙන් දින දියුණුවන තාක්ෂණය සමග අද වෙද්දී ශ්‍රී ලංකාවත් ඉතා සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. තාක්ෂණික ලෝකය දිනෙන් දින වෙනස් වෙද්දී මිනිසුන් තම නිදහස් කාලයන් ගෙවන ආකාරයේත් විශාල පෙරළි සිදුවුණා. බොහෝ නිවාසවල පරිගණක අනිවාර්ය අංගයක් බවට පත් වීමත් සමගම පරිගණක ක්‍රීඩා කරළියට පැමිණියා. පරිගණක ක්‍රීඩා එක්ක අද වෙද්දී සමාජය මුහු වෙමින්, වෙනස් වෙමින් යන ආකාරය ගැන ගේම්වලින් ගේමක් දෙන්න යන, ලංකාවේ ගේමර්ස්ලා යන ලිපියෙන් මීට පෙර කතා බහ කළා. ක්‍රීඩකයන් ගැන එසේ කතා කරද්දී ඒ වැනි පරිගණක ක්‍රීඩාවන් නිර්මාණය කරන නිර්මාණකරුවන් පිළිබඳවත් අමතක කරන්නටම බැහැ. මේ කියන්න යන්නේ අද වෙද්දී ලංකාවේ නිර්මාණය වෙමින් පවතින සහ නිර්මාණය වුණු   සුපිරි ගණයේ පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා නිර්මාණ කරන ආයතන කිහිපයක් පිළිබඳව යි.

Arimac Digital (Pvt) Ltd

කංඡායුධ පරිගණක ක්‍රීඩාව

ඔබ කංඡායුධ පරිගණක ක්‍රීඩාව පිළිබඳව අනිවාර්යයෙන්ම අසා ඇති. ලංකාවේ පරිගණක ක්‍රීඩා නිර්මාණයන් නවතම මානයකට ගෙනයමින් තමයි ඒ පරිගණක ක්‍රීඩාව නිකුත් වුණේ. ඒ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කරන්නෙත් Arimac Digital (Pvt) Ltd සමාගමෙන්ම තමයි. ඔවුන් ඔවුන්ගේ නවතම ක්‍රියාන්විත පරිගණක ක්‍රීඩාව නිර්මාණය කරන්නේ LTTE ත්‍රස්තවාදීන්ගෙන් ලංකාව බෙරා ගැනීමේ අවසාන මෙහෙයුමේ දී තම ස්නයිපරයෙන් ත්‍රස්තයන් 217ක් පමණ මරු තුරුළට යැවූ ශ්‍රී ලාංකික ස්නයිපර්වරයෙක් පිළිබඳව යි. ඒ තමයි ඔබ හොඳින් හඳුනන නීරෝ.

එයින් නොනැවතී අද වෙද්දී ඔවුන් ස්මාර්ට් දුරකථන වෙත ක්‍රීඩාවන් නිර්මාණය කරන පිරිස වෙත IMI Games නමින් game platform එකක් නිර්මාණය කර තිබෙනවා. මේ හරහා ඕනෑම game developer කෙනෙකුට තමන්ගේ ක්‍රීඩාවන් publish කිරීමේ හැකියාව පවතිනවා .

RAM Studios

ලංකාවේ පළමු multiplayer පරිගණක ක්‍රීඩාව

ලංකාවේ නිර්මාණය වෙමින් පවතින තවත් විශිෂ්ට ගණයේ පරිගණක ක්‍රීඩාවක් ලෙස RAM Studios කණ්ඩායම නිර්මාණය කරන Extraction Valley නම් යුධමය ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්. ඔවුන් පවසන අන්දම මේ ලංකාවේ නිර්මාණය වන පළමු multiplayer පරිගණක ක්‍රීඩාව යි. 2018 වසරේ ඇරඹුණු මෙම ක්‍රීඩාවේ නිර්මාණ කටයුතු මේ වෙද්දී අවසන් අදියරේ තමයි පසු වෙන්නේ. Pre-alpha මට්ටමෙන් මේ ක්‍රීඩාව නොමිලයේ අත්හදාබැලීමටත් අවස්ථාව ඔවුන් ලාංකිකයන් වෙත ලබා දුන්නා. “Extraction Valley™ Devil’s Curse” මේ වසරේ දී Steam platform එක හරහා නිකුත් කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. Unreal Engine 4 මඟින් නිර්මාණය වෙන මෙම ක්‍රීඩාව first/third person යන දෙආකාරයටම අත්විඳින්න හැකියාව ලැබෙනවා. මේ හරහා වගේම ඔවුන් ඉදිරියේ දී නිර්මාණය කරන්නට සුදානම් වන ක්‍රීඩාවන් හරහාත් අපේ ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ඔසවා තැබීම ඔවුන්ගේ අරමුණ යි.

R Factory

VR සහ AR පිළිබඳව අප පෙර ලිපි ගණනාවක දී ඔබව දැනුවත් කළා. නමුත් මේ තාක්ෂණය ආශ්‍රිතව ක්‍රීඩාවන් නම් ලංකාවට තවමත් ඉතා ආධුනික යි. මේ තාක්ෂණය භාවිතයෙන් mobile games වගේම තවත් games ගණනාවක්  නිපදවපු සමාගමක් තමයි R Factory කියන්නේ. ඒ විතරක්ම නෙවෙයි, ඔවුන් තවත් mobile apps ගණනාවක් නිර්මාණය කිරීමේ කර්තව්‍යයට උර දෙන සමාගමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන් නිර්මාණය කළ Ceylon Rider වැනි ක්‍රීඩාවල පසුබිම් සඳහා ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයන් පවා ඇතුළත් කර තිබෙනවා. English Wannama, Traffic Smash, VR Sinhaseiyawa, Traffic Rules කියන්නේ ඔවුන් නිර්මාණය කරපු smartphone ක්‍රීඩාවලින් කිහිපයක්.

KodeX

KodeX ලංකාවේ තවත් දක්ෂයින් පිරිසක් එකට එකතුවෙලා පවත්වාගෙන යන ආයතනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ නවතම පරිගණක ක්‍රීඩාව නිර්මාණය වුණේ ලංකාවේ අතිශයින් ජනප්‍රිය වුණු කූඹීයෝ ටෙලි කතා මාලාව පදනම් කරගෙන. තවමත් ඔවුන් මේ ක්‍රීඩාව පරීක්ෂණ මට්ටමේ තමයි පවත්වාගෙන යන්නේ. ඔබටත් koombiyogame.com වෙබ් අඩවියෙන් එක බාගත කරගෙන play කරන්න පුළුවන්.

ඔවුන්ගේ මීළඟ පරිගණක ක්‍රීඩාව නිම වෙන්නෙත් සුවිශේෂී පුද්ගලයෙකු වටා. ඒ තමයි ලංකාවේ සුපිරි මෝටර් රථ ධාවක ශූර ඩිලන්ත මාලගමුව.

මේ විතරක් නෙවෙයි, ඔවුන් ස්මාර්ට් දුරකථන සඳහාත් ක්‍රීඩාවන් නිර්මාණය කරලා තියෙනවා.

Related Articles