Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Dialog Home Broadband සම්බන්ධතාවයෙන් දරුවන් ඉන්ටර්නෙට් යන වේලාවන් ඔබ ම තීරණය කරන්න

Covid-19 වසංගතයේ බලපෑමත් සමඟ දරුවන්ට නැවතත් ෆෝන් එක, ටැබ් නැතිනම් ලැප්ටොප් එක පාවිච්චි කරන්න සාධරණ හේතුවක් ඇති වුණා.  අධ්‍යාපන කාලය ඉක්මවා ඔවුන් සැබෑ ලෝකයෙන් මිදී කාලය ගත කරන එක මානසික වශයෙන් දරුවන්ට මෙන් ම මව්පියන්ටත් අහිතකර බලපෑම් එල්ල කරන බවට සැක නැහැ. තාක්ෂණය තුළ දරුවන්ගේ සැරිසැරීම අත්‍යාවශ්‍ය වගේ ම අනෙකුත් වගකීම් පැහැර හරිමින් ඊට ඇබ්බැහි වීමත් එක සේ සැලකිල්ලට ගැනීම වැදගත්.

මෙම ගැටලුව සඳහා Dialog Home Broadband වෙතින් සිය පාරිභෝගිකයන්ට විසඳුමක් ලබා දී තිබෙනවා. Child Wi-Fi ලෙස නම් කර ඇති මෙම නොමිලේ සැපයෙන සේවාව හරහා ඔබට දරුවන්ගේ පරිගණක/දුරකථන වෙත වෙනම Wi-Fi ජාලයක් (SSID එකක්) සකසා ඒ වෙත දරුවන් භාවිත කරන උපාංග සම්බන්ධ  කර, ඔබට කැමති විට එම Wi-Fi ජාලය On/Off කරන්නට හැකි වෙනවා. මේ සමඟ දරුවන් අන්තර්ජාලයේ සැරිසරන කාලය තීරණය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් ම ඔබ අතට ලැබෙනවා. මෙහිදී සිදුවන්නේ රවුටරය On/Off කිරීමක් නොවන අතර දරුවන් භාවිත කරන Wi-Fi ජාලය පමණක් On/Off කිරීම පමණයි. එම නිසා ඔබගේ අත්‍යවශ්‍ය උපකරණ අන්තර්ජාලයට සම්බන්ධ කර ඇත්නම් ඒවා විසන්ධි නොවී  එලෙස ම පවතිනවා. 

මීට අමතර ව, ඔබ Child Wi-Fi ජාලය සකස් කරගත් පසු, එය On/Off කිරීම ඕනෑම තැනක සිට, ඕනෑම වෙලාවක සිදු කළ හැකියි. ඒ සඳහා ඔබ, ඔබගේ Dialog Home Broadband එකට සම්බන්ධ වී තිබීම අනිවාර්ය නොවේ. එම නිසා ඔබ කාර්යාල වැඩට නැතිනම් වෙනත් ඕනෑම වැඩකට ගෙදරින් පිට සිටින අවස්ථාවලදීත් එය On/Off කිරීමේ හැකියාව ඔබ සතු වෙනවා.

Child Wi-Fi ජාලය සකස් කරගන්නේ මෙහෙමයි. 

ප්‍රථමයෙන් https://hbb.dialog.lk/ වෙත පිවිස ඔබේ Dialog Broadband ගිණුම් අංකය යොදා, ඔබගේ දුරකථනයට ලැබෙන SMS පණිවිඩයේ ඇති ‍OTP කේතය ලබා දී Login වෙන්න. තිරයේ පහළින් ම ඇති Router Settings යන කොටසේ “Create Child Wi-Fi” බොත්තම ක්ලික් කරන්න. නව Wi-Fi ජාලයට නමක් සහ පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. දැන් දරුවන්ට ලබාදී ඇති උපාංගවලින් එම Wifi ජාලයට Connect වෙන්න.

නව Wi-FI ජාලය නිර්මාණය කර, එයට Connect වන ආකාරය

ඔබ මෙතෙක් දරුවන්ගේ උපාංග Connect කර තිබුණේ පැරණි Wi-Fi ජාලයට නම්, අලුත් එකට Connect කිරීමෙන් පසු ව පරණ එක Forget කළ යුතු වෙනවා. එසේ නොකළහොත්, ඔබ Child Wi-Fi එක Off කළ පසු ඔවුන් නිතැතින් ම පැරණි එකට සම්බන්ධ වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් සඳහා දුරකථනයේ Settings වෙත පිවිස, පැරණි Wi-Fi එක මත ඇඟිල්ල තබා ගෙන සිට (Tap and hold) ලැබෙන නව මෙනුවෙන් Forget Network තෝරන්න. වින්ඩෝස් 10 සඳහා, තිරයේ දකුණු පස පහළ තීරයේ ඇති Wi-Fi අයිකනය ක්ලික් කර, පැරණි Wi-Fi එක මත Right Click කර Forget ක්ලික් කරන්න.

කොළ පැහැ ස්විචයෙන් Off කළ හැකියි

ඔබට දරුවන් අන්තර්ජාලයට පිවිසීම තාවකාලික ව නැවැත්වීමට අවශ්‍ය වූ විට කළ ‍යුත්තේ පෙර පරිදි ම https://hbb.dialog.lk/ වෙත පිවිස Login වී, Router Settings යන කොටසින් අලුතින් සැකසූ Wi-Fi ජාලය Off කිරීමයි. මෙසේ On/Off කරන සෑම අවස්ථාවකදී ම Home Broadband ගිණුම ලියාපදිංචියේදී ඔබ ලබා දුන් දුරකථන අංකයට SMS පණිවිඩයක් ලැබෙන නිසා දරුවන් වෙනස්කම් කළත් ඔබට දැන ගන්නට හැකියාව ලැබෙනවා.

මෙම පහසුකම ක්‍රියා කරන්නේ Huawei B310s-925, Tozed ZLT P25, Tozed ZLT S10, Tozed ZLT M60, Tozed ZLT P28 යන රවුටරවල පමණක් බැවින් මෙය ක්‍රියා නොකරන්නේ නම් ඒ බව පරීක්ෂා කරගත හැකියි. මෙම Child Wi-Fi එක හරහා ඩේටා හෝ Bandwidth ප්‍රමාණය පාලනය කරන්නට නොහැකි වනවා සේ ම, දරුවන්ට පිවිසිය හැකි වෙබ් අඩවි පෙරහන් කිරීමක් සිදුවන්නේ ද නැහැ. මේ නිසා ඔවුන් පිවිසෙන වෙබ් අඩවි පිළිබඳ සොයා බැලීමේ වගකීම තවදුරටත් ඔබ සතුයි. දරුවන්ට දුරකථන උපාංග දෙන්නට පෙර කළ යුතු දේවල් ගැන අපි මීට පෙර ගෙන ආ දරුවන්ට දුරකථනය දෙන්නට පෙර කළ යුතු සැකසුම් යන ලිපියෙන් ඔබට වැඩි විස්තර දැනගත හැකියි.

Related Articles