Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා වසංගතයට එරෙහිව පෙළගැහෙන තාක්ෂණික ලොව දැවැන්තයෝ

2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට චීනයේ වුහාන් නගරය මුල් කරගෙන පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙන COVID-19 එසේ නොමැති නම්, කොරෝනා වෛරසය අද වෙද්දී ලෝකය තුළ විශාල කලබගෑනියක් නිර්මාණය කරන්නට සමත්ව තිබෙනවා. මෙයින් තාක්ෂණික ලෝකයට සිදු වූ බලපෑම් ගැන පෙර ලිපියකින් අප ඔබව දැනුවත් කළා. ලෝකයේ දැවැන්ත සමාගම් ගණනාවකට දැවැන්ත පාඩු සිදුකරන්නටත් මෙය සමත් වුණා. “තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය” ලිපිය වෙන්වුණේ ඒ වෙනුවෙන්ම යි. කොරෝනා රෝගයට එරෙහිව සටන් කරන්නට ලෝකයේ ප්‍රභල සන්නාමයන් රාශියක් සහ ලොව ප්‍රබල ව්‍යාපාරිකයන් එක්ව තිබෙනවා. මේ ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ ඔවුන් මේ වෛරසයට එරෙහිව ගෙන යන සටන පිළිබඳව යි. 

Alibaba සමාගම ලොව සුප්‍රකට වන්නේ වෙළඳ සමාගමක් ලෙස යි. නමුත්, Alibaba සන්නාමය යටතේ විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක් පිළිබඳව පර්යේෂණ පැවැත්වෙනවා. කොහොම නමුත්, Alibaba සමාගමේ නිර්මාතෘ Jack Ma, කොරෝනා වෛරසයට එරෙහිව ගෙන යන සටන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14.5ක් පරිත්‍යාග කොට තිබෙනවා. අදාළ මුදල කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීම වෙනුවෙන් සහ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය කරන අනෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට වෙන් වේවි. ලංකාව ඇතුළු ආසියානු රටවල් වෙත මේ වෙද්දීත් රෝගීන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට ඔහු කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබඳව වැඩි විස්තර ඔහුගේ twitter ගිණුමේ ඔහු සඳහන් කොට තිබෙනවා. ඒ වගේම, ඔහු යටතේ පවතින ආයතනයක් කොරෝනා වෛරසය හඳුනාගැනීමට හැකි කෘත්‍රීම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කර තිබුණා. Damo Academy සිදුකළ මේ සොයාගැනීම දැන් ලොව පුරා සෞඛ්‍ය ආයතන රාශියක භාවිත වෙනවා. 

Apple CEO වන Tim Cook, පසුගිය දිනෙක ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ඔවුන් මේ වෙද්දී ඇමරිකානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් වෙත මිලියන ගණනක ආරක්ෂක මුහුණු ආවරණ ලබා දී ඇති බව යි. ඒ වගේම, ඔවුන් කොරෝනාවට එරෙහි සටනේ සැබෑ විරුවන් බවත් ඔහු සඳහන් කර තිබෙනවා. පසුගිය දිනෙක ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක දී ඇමරිකානු උප ජනාධිපති Mike Pence ඉහත ප්‍රකාශය සනාත කළා. ඇපල් සමාගමෙන් මිලියන දෙකක පමණ මුහුණු ආවරණ ලැබුණු බවත්, ඒවා හැකි ඉක්මනින් බෙදාහරින බවත් එහි දී සඳහන් කෙරුණා. 

N95 වර්ගයේ මුහුණු ආවරණ- Theverge.com

ලොව පුරා මුහුණු ආවරණ හිඟයක් පවතින බව Amazon සමාගමේ CEO සහ නිර්මාතෘ Jeff Bezos සේවකයන් වෙත සටහනක් මඟින් දන්වා තිබුණා. නිවසේ සිට රාජකාරි කළ නොහැකි කොන්ත්‍රාත්කරුවන් වැනි සේවකයන්ට අත්‍යවශ්‍ය මුහුණු ආවරණ සඳහා මේ වන විටත් ඇනවුම් ලබා දී ඇතත්, එයින් ඔවුන් වෙත ලැබුණේ ඉතාම සුළු ප්‍රමාණයක් බව යි ඔහු සඳහන් කරන්නේ. මෙලෙස ඇණවුම් ලබා දී ඇත්තේ N95 වර්ගයේ මුහුණු ආවරණ සඳහා බව යි දැනගන්නට ලැබෙන්නේ. කොහොම නමුත්, තම සේවකයන්ගේ ප්‍රවේශම ගැන ඔහු ඇතුළු සමාගම් ගණනාවක ප්‍රධානීන් සැලකිලිමත් වන බව නම් පෙනෙන්නට තිබෙනවා. 

Peyton Reed නම් රූපවාහිනී අධ්‍යක්ෂකවරයා Tesla සමාගමේ නිර්මාතෘ Elon Musk වෙත ස්තුතිය පළ කරමින් ට්විටර් සටහනක් පළ කර තිබුණා. ඒ, විශාල වටිනාකමකින් යුතු මුහුණු ආවරණ ඇතුළු උපකරණ රාශියක් UCLA Health facility එකක් වෙනුවෙන් පරිත්‍යාග කර තිබූ නිසාවෙනුයි. එවන්ම සටහනක් එක් කරමින් Facebook සමාගමේ නිර්මාතෘ සහ CEO Mark Zuckerberg කියා සිටියේ, තම සමාගමෙන් මුහුණු ආවරණ 720,000ක් පමණ මේ වෙද්දීත් පරිත්‍යාග කොට ඇති බව යි. ඊට අමතරව තවත් ආධාර එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් සඳහන් කර තිබුණා. ඔහු සහ ඔහුගේ බිරිඳගේ (Chan Zuckerberg) යටතේ ක්‍රියාත්මක වෙන philanthropic groups හරහා San Francisco Bay Area හි සිදුවන කොරෝනා පර්යේෂණ මට්ටම ඉහළ නංවන්නට කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබුණා. එම කණ්ඩායම් මේ පර්යේෂණ සඳහා ඇමරිකාවේ California විශ්වවිද්‍යාලය සමග එකාබද්ධව ක්‍රියාකරන බව theverge.com වාර්තා කර තිබුණා. 

තාක්ෂණ දැවැන්තයන් සමාජ ජලා තුළ පළ කළ පණිවිඩ 

සබැඳි ලිපි:

තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය

චීනයේ පැතිරී යන නව කොරෝනාවෛරසය, ලෝකයම ගිල ගනීවි ද?

වූහාන් කොරෝනා වෛරස් වසංගතය- සිද්ධි මාලාව (මෙය යාවත්කාලීන කෙරෙන ලිපියකි)

මූලාශ්‍රයයන්:

Theverge.com

Facebook.com

Fda.gov 

Twitter.com 

Blog.aboutamazon.com 

Techcrunch.com 

කවරය- Ft.com 

Related Articles