Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Virtual බිතුසිතුවම් පෙරළියක් අත ළඟ

හිතන්න, ඔබ යන එන අතරමඟ දකින ඕනෑම බිත්තියක චිත්‍ර අඳින්න ඔබට අවස්ථාව ලැබුණොත් කොහොමට තියේවි ද? දැනටත් ඇතැම් පුද්ගලයන් එවැනි දේ සිදුකරනවා ඔබ දැකලා ඇති. සමහරක් ස්ථානවල නම් මෙවැනි දේ කිරීම නීතියෙන් තහනම්. හැබැයි ඔබට පුළුවන් වුණොත් මේ දේ අතථ්‍යව, එහෙම නැතිනම් virtually සිදුකරන්න ඒක අපූර්ව අත්දැකීමක් වේවි. ඔබේ අතේ තියෙන smart ජංගම දුරකතනය හරහා ඕනෑම බිත්තියක් ඔබේ චිත්‍ර අඳින කැන්වසයක් කරගන්න, ඒ වගේම ඔබේ ජංගම දුරකතනයේ app එකක් මඟින් එවැනි විවිධ චිත්‍ර නරඹන්න පුළුවන් වුණොත් කෙතරම් අපුරු වේවි ද? මේ අපූරු තාක්ෂණය සැබෑ වන්නට ගත වනු ඇත්තේ තවත් බොහොම සුළු කාලයක්. මේක app එකක්. ඒ වෙත නම දාල තියෙන්නේ “Mark AR” ලෙස යි.  

AR තාක්ෂණය භාවිතා කර ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාවක්- nakedsecurity.sophos.com

මේ තාක්ෂණය සමග කොතරම් නම් දේ කරන්න පුළුවන් වේවි ද? සමහර විට ඉදිරියේ දී පෝස්ටර් වෙනුවට මෙවැනි app හරහා විවිධ දැන්වීම් සටහන් කිරීමත් සිදුකරන්න පුළුවන් වේවි. ඒ මඟින් පරිසර හානියත් අවම කරගන්න පුළුවන්. තව, ඔබට ඔබේ මිතුරන් සමග විවිධ ක්‍රීඩා වෙනුවෙනුත් මේ තාක්ෂණය යොදාගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට treasure hunting වගේ ක්‍රීඩා කරන්න ඔබට නොයෙක් රහසිගත සලකුණු තබා යන්න පුළුවන්. ඔබේ මිතුරන්ට ඒවා සොයා ගනිමින් ක්‍රීඩාවේ නියැලෙන්න හැකියාව තියෙනවා.

මිනිසුන් සීගිරියේ කුරුටු ගීත ලියන්න පෙළඹුණේ, ඔවුන් ඒ තැනට පැමිණි බව සහ ඒ අවට ඔවුන් දුටු ලස්සන ගැන කියන්න. හැබැයි, අපට ඉතින් කැටපත් පවුරක් අයිති නැහැනේ. නමුත්, ඉතාම ඉක්මනින් ඔබටත් අතථ්‍ය කුරුටු ලිපි (Virtual Graffiti) ලියන්න, අඳින්න Mark AR හරහා අවස්ථාව ලැබෙනවා. මේ සියල්ල  permanently ඔවුන්ගේ දත්ත ගොනු අතර තැන්පත් වෙනවා. ඔබ ගබඩා කරන නිර්මාණය සමග ඒ ස්ථානයේ පිහිටුමත් ඔවුන් ගබඩා කරගැනීම මේ Mark AR app එක හරහා සිදුවෙනවා. එහෙයින් එම ස්ථානයට පැමිණෙන ඕනෑම කෙනෙකුට app හරහා ඔබේ නිර්මාණය රසවිඳින්න සහ ඔබ ඒ ස්ථානයට පැමිණි බව දැකගන්න හැකියාව ලැබෙන බව තමයි මෙහි නිර්මාණකරුවන් කියන්නේ. මේ යෙදුම (app) ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන්නේ ඔබේ දුරකතනයේ cameraව සහ දුරකතනය AR තාක්ෂණය වෙත සහාය දැක්වීම පමණයි.

ඔබ දන්නවා ද; සියවස් 5ක් පුරාවට සීගිරියේ සුන්දරත්වය දුටු සංචාරකයන් ඒ මත විවිධ කවි, ගී ලියා ඇති බව? 

මෙහි අඳුරු පැතිකඩකුත් නැතුවාම නෙමෙයි. හිතන්න, ඔබේ බිත්තියක හෝ ඔබට අයිති ස්ථානයක ඔබට හෝ වෙන අයෙකුට අපහාස වන අයුරින් Virtual Graffiti නිර්මාණය කිරීමේ හැකියාව මේ app එක ස්ථාපනය කර ඇති ඕනෑම අයෙකුට තියෙනවා. තවත් උදාහරණයක් කිව්වොත්; තරගකාරී විශාල වෙළඳ ආයතනයක් කුඩා කඩයක හෝ එවැනි ස්ථානයක තමන්ව ප්‍රචාරණය කිරීම වෙනුවෙන් Graffiti නිර්මාණයක් සිදුකළොත් ඒ හරහා අදාළ ආයතනය ප්‍රචාරය වෙනවා වගේම, කුඩා වෙළඳ ව්‍යාපාරිකයා බංකොලොත් වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි, මේ දේවල් සිදුනොවෙන්න අදාළ app එක නිර්මාණය කරන බව තමයි මෙහි නිර්මාණකරුවන් නම් කියන්නේ. 

දැනට මෙවැනි Virtual Graffiti නිර්මාණය කරන්නට ඔබට හැකි වෙන්නේ VR Box එකක් වැනි උපාංගයක් තුළ නිර්මාණය වෙන අතත්‍ය පරිසරයක පමණයි. 

Mark AR app එක වඩාත් සුවිශේෂී වෙන්නේ අන්න ඒ නිසාම යි. iDreamSky සමාගමේ නිර්මාණයක් ලෙසින් එළිදක්වෙන මේ app එකේ භාවිත වෙන්නේ, google සමාගමේ ARCore තාක්ෂණය යි. New York Comic-Con හි දී මෙහි අත්හදා බැලීම් සිදුවුණා. පැමිණි පිරිසට ජංගම දුරකතන රැගෙන එහෙ මෙහෙ යමින් Virtual Graffiti නිර්මාණය කිරීමට අවස්ථාව ලැබුණා.

New York Comic-Con හි දී සිදු වූ මෙහි අත්හදා බැලීම්- amazonaws.com 

iDreamSky සමාගමේ මීළඟ උත්සාහය එක නගරයක් තෝරාගෙන එහි දෙවන අත්හදා බැලීමේ වටය ක්‍රියාත්මක කිරීමට යි. ඒ ඔස්සේ ඔවුන් අදාළ app එක පරිශීලකයන් භාවිත කරන ආකාර වගේම, පරිශීලකයන් මෙය අවභාවිත කළහොත් ඒවාට ගත යුතු ක්‍රියාමාර්ග ගැන දත්ත එකතු කරගැනීමට නියමිත යි. එමෙන්ම “Mark AR” Street Artistලාට නව තෝතැන්නක් වගේම, සාමාන්‍ය පරිශීලකයන්ට විනෝදාස්වාදය වැඩි කරවන අංගයක් බවට ද මෙය පත් වේවි. මේ යෙදුම සඳහා විශේෂ comics-themed stencils එකතු කිරීමට නියමිත බවත් theverge වෙබ් අඩවිය සඳහන් කර තිබුණා. ඒවා භාවිත කරමින් ඔබටම අනන්‍ය වූ නිර්මාණයන් සිදුකිරීමට ආධුනිකයන්ට හැකි වේවි. ඉදිරියේ දී ඔබ සංචාරය කරන ස්ථානවල පා සටහන් පමණක් නොව, එම ස්ථානයන් වෙත හානි නොවන ලෙස ඔබ එතනට පැමිණි බවත් සටහන් කර යාමට හැකියාව ලැබේවි. අනාගතයේ facebook වෙනුවට AR social media එකක් නිර්මාණය වේවි. මේ තාක්ෂණය සාර්ථක වුවහොත්, එය අනාගත පෙරළියක මුල් පියවර වනවාට කිසිදු සැකයක් නම් නෑ. මේ ගැන වැඩි විස්තර mark.app වෙබ් අඩවියෙන් දැනගන්නට ඔබට හැකියාව තියෙනවා. 

ඔබ දන්නවා ද; iDreamSky සමාගම කියන්නෙ Temple Run සහ subway surfers ඇතුළු ක්‍රීඩා රාශියක් නිර්මාණය කර ඇති සමාගමක් බව.

මේ තාක්ෂණය ගැන ඔබ මොකද හිතන්නේ? ලංකාවට මෙහි ආගමනය සිදු වූ විට, මොනයම් දේවල් සිදුවේවි ද? ඒ දේවල් ගැන කතා කරන්න පහළ තියෙන comment section එක විවෘත යි. 

AR/VR තාක්ෂණය ගැන සහ එහි භාවිතාව ගැන වැඩිදුර දැනගන්න, අප මීට පෙර ලියූ ලිපි පෙළක්ම තියෙනවා ඔබට කියවන්න.

මූලාශ්‍රයයන්: 

Theverge.com

Youtube.com 

Mark.app 

කවරයේ පින්තූරය: Theverege.com

Related Articles