Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත්ම iPhoneවලට තරගයක් දෙන්න ඔක්තෝබර් මාසයේ එන ස්මාර්ට් ෆෝන් 3ක්

ඇපල් උපාංගවලට ආස කවුරුත් පුන පුනා බලා සිටි iPhone තුනක් සැප්තැම්බර් මාසේ 12 වැනි දා ලෝකයට හඳුන්වා දුන්නා. මේ අතරින් iPhone XS සහ විශාල තිරයක් සහිත iPhone XS Max දුරකථන දෙකට තමයි වැඩි ම අවධානයක් යොමු වුණේ. අතිශයින්ම ප්‍රබල A12 bionic චිප් එකකින් බල ගැන්වෙන මේ iPhone දෙක දැනටමත් විවිධ benchmark ගණනාවක පැවති වාර්තා සුනු විසුණු කරන්න පටන් අරන්.

කොහොම නමුත් ඇපල් සමාගමට විශාල තරගයක් දෙන්න සමත් අලුත්ම flagship කිහිපයක් ම මේ ඔක්තෝබර් මාසය තුළ දී ම නිකුත් වෙන්න නියමිත යි.

Samsung සමාගමේ රහසිගත ස්මාට්ෆෝන් එක

samsung.com

ඇපල් සමාගමේ iPhone එක සමග නිතර ම කරට කර ඉන්නේ Samsung සමාගමේ Galaxy S සහ Note මාදිලිවල දුරකථන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් තවමත් රහසක් ලෙස තබාගෙන ඉන්න අලුත්ම දුරකථනයක් ඔක්තෝබර් 11 වැනි දා එළිදක්වන බවට Samsung සමාගම ඉඟි පළ කර තිබෙනවා. Note 9 එක මීට මාස කිහිපයකට පෙර එළිදක්වපු නිසා තවත් මෙය Note මාදිලියක් බව හිතන්න අමාරුයි වගේ ම S මාදිලි සාමාන්‍යයෙන් මාර්තු මාසයේ එළි දක්වන නිසා එවැන්නකටත් කල් වැඩියි කියලා සිතන්න පුළුවන්. මේ නිසා එය අලුත්ම flagship පෙළක් බිහි කරන්න උත්සාහයක් ද කියලත් සැකයක් මතු වී තිබෙනවා. Samsung සමාගම දැනට මෙය 4X fun යනුවෙන් විස්තර කරන නිසා කැමරා හතරක් සහිත ව තිබෙන බව හෝ සමහර විට නැවිය, දිග හැරිය හැකි ෆෝන් එකක් බව වගේ විවිධ කටකතා ඇති වී තිබෙනවා.

Google Pixel 3 (සහ 3 XL)

google.com

iPhone එකක ප්‍රධාන වාසි වන ඉක්මනින් updates ලැබීමටත්, කැමරාවේ ගුණාත්මක බවටත් ඍජු අභියෝගයක් එල්ල කරමින් Google සමාගම එළිදැක්වූ Pixel දුරකථනවලට දැනටමත් විශාල පිළිගැනීමක් ලැබී තිබෙනවා. විශේෂයෙන් ම dual camera ෆෝන්වලටත් වඩා හොඳ ඡායාරූප තනි කැමරාවකින් ලබාදෙන්න Pixel 2 දුරකථන සමත් වීම මෙයට හොඳ උදාහරණයක්. මෙහි ඊළඟ දුරකථන දෙක වන Pixel 3 සහ Pixel 3 XL ඔක්තෝබර් 9 වැනි දා එළිදැක්වුණා. නවතම ඇන්ඩ්‍රොයිඩ් Pie සංස්කරණය සමග අතිශයින් ප්‍රබල Snapdragon 845 චිපයෙන් මේ දුරකථන බල ගැන්වෙනවා. 128GB ධාරිතාවක් සහ 4GB RAM එකක් සහිත මේ දුරකථනවල ප්‍රධාන වෙනස්කම වනු ඇත්තේ තිරය පමණයි. Pixel 3 හි තිරය අඟල් 5.5කුත්, Pixel 3 XL තිරය අඟල් 6.2කුත් බව කියවෙනවා. දැනටමත් මේ දුරකථන ගැන බොහෝ තොරතුරු හෙළි වී තිබුණත් තවමත් හෙළි නොවුණු අපූරු හැකියාවන් බොහොමයක් මේවායේ තිබේ යැයි සිතිය හැකියි.

Huawei Mate 20

Huawei.com

ස්මාට්ෆෝන් තරගයේ දැනටමත් දෙවැනි තැනට පත් වී සිටින Huawei සමාගමේ අලුත්ම Mate 20 දුරකථනය පිළිබඳවත් බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටිනවා. ඔවුන් දැන් තමන්ම නිපදවන Kirin චිප් භාවිත කිරීමට යොමු වී තිබෙන නිසා අලුත්ම Kirin 980 චිප් එකේ දස්කම් බලා ගැනීමටත් මෙය හොඳ අවස්ථාවක් වනු ඇති. 4200mAh බැටරියක්, අඟල් 6.3ක AMOLED තිරයක්, සහ 6GB RAM එකක් මෙහි අඩංගු බව කියවෙනවා. දැනටමත් Huawei ආයතනය මෙය snapdragon 845 ට වඩා හැම අතින්ම වේගවත් බව පවසා ඇති නිසාත්, අනෙක් විශේෂාංග අතින් ඉතාම ඉදිරියෙන් සිටින නිසාත්, බොහෝ විට මිලෙන් ද  සාධාරණ වීමට ඉඩ තිබෙන නිසාත්, Mate 20 අනෙක් දුරකථනවලට සැබෑම තරගයක් දෙනු ඇතැ යි සිතිය හැකියි. Huawei Mate 20 ඔක්තෝබර් 16 වැනි දා එළිදැක්වීමට නියමිත යි.

කවරයේ රූපය : roar media

Related Articles