Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ දරුවාට ශිෂ්‍යත්වයට සූදානම් වීමට උපදෙස් සහ පෙරහුරු ප‍්‍රශ්නපත‍්‍ර සහිත App එකක්

5 වසර ශිෂ්‍යත්ව විභාගය, පාසල් වියේදී දරුවකු මුහුණ දෙන ප‍්‍රථම රජයේ විභාගය යි. මෙහිදී වසර 5ක් පුරා පාසලේදී උගත් දේවල් කැටි කරමින් පැය 2ක් තුළ තමන්ගේ බුද්ධිය මෙහෙයවමින් තම හැකියා ප‍්‍රදර්ශනයට දරුවන්ට අවස්ථාව ලැබෙනවා. මෙය මව්පියන්ගේ විභාගය ලෙස ද හඳුන්වන්නේ දරුවන් දිවා රෑ පන්ති වලට සහභාගී කරවමින් දැඩි පීඩනයකින් යුතුව විභාගයට සූදානම් කරවන්නට දෙමව්පියන් වෙහෙසෙන නිසා යි.

පොත පතට වඩා දරුවන් ප‍්‍රිය ඉලෙක්ට්‍රොනික උපාංග වලටයි  

ශිෂ්‍යත්ව විභාගය අරමුණු දෙකක් සහිතව ආරම්භ කරලා තිබෙනවා. එහි මූලික අරමුණ වන්නේ රුපියල් 54000ට අඩුවෙන් ආදායම් ලැබෙන පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම යි.  “ශිෂ්‍යත්ව” යන නම මෙම විභාගයට ලැබී තිබෙන්නේ ද එනිසා යි. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා අඩු ආදායම්ලාභී දක්ෂ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට මාසිකව රජය වෙතින් ලැබෙන දීමනාව මහත් සහනයක් වෙනවා. මෙම විභාගයේ අමතර අරමුණ වන්නේ 6 ශ්‍රේණිය සඳහා ජනප‍්‍රිය පාසලකට සිසුන්ට ඇතුළත් වීමට වරම් ලැබීම යි. අද මෙම විභාගයේ ප‍්‍රධානම අරමුණ වී ඇත්තේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමයි. මේ නිසා හොඳ ආදායම් ලබන දරුවන් අතර ද තරගයක් ඇතිව තිබෙන අතර කොළඹින් බැහැර ජනප‍්‍රිය පාසල්වල දරුවන් ද කොළඹ පාසලකට ඇතුලත් වීමට තරග කරනවා.

පළවෙනි ප‍්‍රශ්න පත‍්‍රයට විනාඩි 45ක කාලයක් ලබාදෙනවා. එය කට වචනයෙන්, දරුවන්ට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි ලෙස ඉදිරිපත් කරනවා. ගැටළු විසඳීමේ හැකියාව, සම්බන්ධතා, කරුණු සංවිධානය කිරීම, සංජානනය, අන්තර්සබඳතා, නිගමන වලට එළැඹීම් මෙහි පරීක්ෂා කරනවා. ඊට අමතරව, ආදේශන හා අර්ථ නිරූපණයන්, හේතු හඳුනා ගැනීම සහ ගවේෂණාත්මක හැකියාවන් අඩංගු වන නමුත් ඇතැම් වසර වලදී ඒවා පරීක්ෂා කර නැහැ.

ලංකාව සහ ලෝකය සම්බන්ධ දැනුම ශිෂ්‍යත්ව විභාගය ආවරණය කරනවා

විවේක කාලයෙන් අනතුරුව ලබා දෙන දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු සැපයීමට පැය 1යි මිනිත්තු 15ක් ලැබෙනවා. මෙහි 50%ක් පමණ ප‍්‍රශ්න වලින් දරුවාගේ අවබෝධ කරගැනීමෙ ශක්තිය පරීක්ෂාවට ලක් කරනවා. නිර්මාණාත්මක ලිවීම දෙන ලද මාතෘකාවක් අනුව හෝ රූපයක් වාක්‍ය කිහිපයකින් විස්තර කිරීම මගින් සිදු කරනවා. 4 වසර සහ 5 වසර ගුරු මාර්ගෝපදේශන්හි අඩංගු වන සියළුම භාෂා හැකියාවන් මෙහි අඩංගු නොවන නමුත් වඩාත් අත්‍යාවශ්‍ය සහ භාෂා ඥානය පරීක්ෂා කිරීමට ප‍්‍රමාණවත් ප‍්‍රශ්න ඉදිරිපත් කෙරෙනවා. 20%ක් පමණ ප‍්‍රශ්න ගණිතයටත්, 40% (ප‍්‍රශ්න 30*34* පමණ පරිසරය සම්බන්ධවත්, වැඩි කොටසක් විද්‍යා දැනුමත්, අවම වශයෙන් සෞන්දර්ය දැනුමත් පරීක්ෂා කරනවා. භාෂා සම්බන්ධ ප‍්‍රශ්න අවබෝධය හා සංකලනය පාදක කරගන්නවා. ඉංග‍්‍රීසි භාෂා ප‍්‍රශ්න ද මතකය පරීක්ෂා කරනවා. පරිසරය සම්බන්ධ ප‍්‍රශ්න වලින් මතකය/ අවබෝධය පරීක්ෂා කරන අතර යෙදවුම් හා විශ්ලේෂණාත්මක හැකියාවන් පාදක කරගන්නවා.

සමත් වීමේ ලකුණු මට්ටමෙන් ඉහළ අගයක් ලබන්නේ දරුවන් 10% පමණ වන බවත්, වැඩිපුරම දරුවන් කටපාඩම් කිරීම හරහා යාන්ත‍්‍රික දැනුමක් පමණක් ලබන බවත් එම අධ්‍යයනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

උගත් දෑ තවකෙනෙකුට ඉගැන්වීමෙන් දරුවන්ගේ තර්කනය ගොඩනගනවා

ආවරණය කිරීමට ඇති විෂයය ක්ෂේත‍්‍රයේ පුළුල් බව නිසා ඉගෙනීමේදී ද වේගවත් ඉගෙනුම් ක‍්‍රම වලට හුරුවිය යුතු වෙනවා. වොෂිංටන් සරසවිය කළ පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ පාඩම් කළ දෙයක් තවත් කෙනෙක්ට කියා දීමෙන් මතකය ආවර්ජනය, තර්කනය ගොඩ නගා ගැනීමට හැකිවන බවයි. දරුවකුට තම දෙමාපියන්ට හෝ සුරතලෙකුට මෙලෙස තමා දවස තුළ උගත් දේවල් ඉගැන්වීමෙන් එම හැකියාවන් වර්ධනය කරගන්නට පුළුවන්.

කාලය කළමනාකරණය කිරීම ශිෂ්‍යත්ව විභාගයේදී අත්‍යාවශ්‍ය ම කටයුත්තක්. මේ සඳහා සාර්ථකම ක‍්‍රමය වන්නේ ප‍්‍රශ්නවල පහසු සහ අපහසුතාවය අවබෝධ කර ගැනීමයි. එවිට අපහසු තනි ප‍්‍රශ්නයක් මත ම කාලය ගත කිරීම වෙනුවට පහසු ප‍්‍රශ්න සියල්ල අවසන් කර ඒවාට කාලය ඉතිරි කරගත හැකියි. කාලය කළමනාකරණය නොකිරීම නිසා වෙලාව මදි වීමෙන් මානසික ආතතිය වැඩි වන අතර අවසානයේ හොඳින්ම දන්නා ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ යහපත් මානසිකත්වය මෙන්ම කාලයද මදි වෙනවා. ප‍්‍රශ්නයකට ලැබෙන ලකුණු ප‍්‍රමාණය ප‍්‍රශ්නයෙහි යටින් සඳහන් කර ඇති නිසා වැඩි ලකුණු සහිත ඒවාට වැඩි අවධානයක් ලබා දීම කළ හැකියි. රචනාව සඳහා අතිරේක කඩදාසිවල තබන සටහන් වචන දෙක තුනකින් ඉතාම කෙටියෙන් තමාට අදහස නැවත ලබා ගත හැකි ආකාරයට ලිවීමත්, කටු සටහන් වශයෙන් ගණන් හදනවා නම් එම අතිරේක පිටු ද ප‍්‍රශ්න පත‍්‍රයට අමුණා යැවීම පරීක්ෂකවරුන්ට තීරණ ගැනීමට පහසුවක් විය හැකියි. විභාගයට වඩාත් හොඳින් කාල කළමනාකරණ හුරුවක් ලබන්නට නම් එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී වෙලාවට වැඩ කිරීමට පුරුදු වීම තමන්ගේ අනාගත පෞරුෂත්වයට ද පහසුවක් වනු ඇති.

Dialog Gaming Grade5 වෙතින් ප‍්‍රශ්න පත‍්‍ර රැසක් සහ ප‍්‍රගති මට්ටම් පරීක්ෂාවක් ලබා දෙනවා

පොතපතට දරුවන් අකමැති නමුත් දුරකතනය, ටැබ් එක ඔවුන් බොහෝ සේ ප‍්‍රියකරනවා. පොතේ අකුරුවලට සීමා වෙනවාට වඩා රූප, වීඩියෝ, ශබ්ද මගින් ඉගෙන ගනිද්දී තේරුම් ගැනීමත් පහසුයි. පහ වසර ශිෂ්‍යත්වය සඳහා ලංකාවේ ම සැකසුනු App එකක් තමයි Dialog Gaming Grade5  කියන්නේ. එහි game එකක් වගේ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීමේ හැකියාව, වැරදියට පිළිතුරු සැපයූ ප‍්‍රශ්න නැවත බලමින් ඉගෙන ගන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. පෙරහුරු ප‍්‍රශ්න පත‍්‍ර, සජීවී මාර්ගගත ප‍්‍රශ්න පත‍්‍ර, පාඩම්, වැඩිපුර ඉගෙනිය යුතු කොටස් හඳුනාගැනීමට දරුවා පිළිබඳ විශ්ලේෂණ දත්ත, පුහුණු ගුරුවරුන්ගේ උපදෙස් ඇතුළු දරුවකුට ස්වයංව තමන්ගේ දක්ෂතා ආසාවෙන් වර්ධනය කරගත හැකි ආකාරයට මෙය සකසා තිබෙනවා.

Dialog Gaming Grade5 app එක, Android දුරකතන සඳහා Play store එකෙනුත් Apple දුරකතන (iOS) සඳහා App Store එකෙනුත් ඔබට download කරගත හැකියි. ඊට අමතරව www.grade5.lk  වෙබ් අඩවියෙන් පරිගණකය හරහා ද මෙය වෙත පිවිසිය හැකියි.

Related Articles