Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කම්මැලි වෙලාවට යන්න විනෝදජනක වෙබ් අඩවි

වැඩ වැඩි වුණාම, හිතට ප්‍රශ්නයක් ආවාම Screen එක දිහා බලාගෙන මවුසය එහා මෙහා කරමින් සිටිනවා නම්, කම්මැලිකම යන්නටත් එක්ක ඔබට පිවිසිය හැකි විනෝදජනක වෙබ් අඩවි ‍ටිකකුයි මේ ගෙන එන්නට යන්නේ. මේවායෙන් කෙරෙන වැදගත් යමක් නැති නමුත් හුදෙක්ම විනෝදය පිණිස ඒවා කාලය ගත කිරීමට යොදා ගන්නට පුළුවන්.

හැකර් කෙනෙක් වගේ Type කරන්න

Keys තදකරද්දී ලස්සනට කේත ටයිප් වෙනවා (thisdata.com)

චිත්‍රපටවල සිටින පරිගණක ක්‍රමලේඛකයන් හෝ හැකර්වරුන් key board එක මත නැග දෙන විවිධාකාරයෙන් දේවල් ටයිප් කරද්දී තිරය මත එක පෙලට ලස්සනට අකුරු ටයිප් වන ආකාරය ඔබ දැක ඇති. නමුත් අපි ඒ ආකාරයට key board එක මත ඇඟිලි යවද්දී ලියැවෙන්නේ “sdklfjsldkfjsd;oi[pwoe” වගේ විකාර තම යි. විද්‍යා ප්‍රබන්ධ වලින් එලෙස දකින ලද දර්ශන ඔබට සත්‍ය ජීවිතයේ දී අත්හදා බලන්නට අවස්ථාව දෙන මෙම වෙබ් අඩවිය කාලය කා දමමින් සිටින අවස්ථාවක දී පමණක් නොව මිතුරකු පුදුම කිරීමට පවා අපූරුවට යොදාගන්නට පුළුවන් මෙහි වඩාත් ඉහළ අත්දැකීමක් ලැබිය හැකි වෙබ් අඩවියට පිවිස F11 යතුර තද කිරීමෙන් වෙබ් බ්‍රව්සරය Full Screen කර ගැනීම යි.

පිවිසෙන්න: HackerTyper.com

රවුම් අතරින් මතුවන කෙනාව සොයන්න

තිත් මත මවුසය ගෙන යන්න (ඡායාරූපය: තඹරු විජේසේකර)

මෙම වෙබ් අඩවියට පිවිසුන අවස්ථාවේ දී දකින්නට ලැබෙන්නේ තිරයෙහි මධ්‍යයෙහි ඇති විශාල රවුමක් පමණ යි. එය මත මවුසය ගෙන යන විට, එය කුඩා බෝල බවටත්, නැවත මවුසය තැබුවාම තවදුරටත් කුඩා බෝල බවටත් පත්වෙමින් අවසානයේ ඉතාම කුඩා තිත් ගොඩක් බවට පත්ව රූපයක් ගොඩ නගනවා. මෙහි සිටින්නේ අප හොඳින් දන්නා කියන සත්ත්වයෙක් නමුත් ඒ කවුදැයි අපි ඔබට කියන්නේ නැහැ. කම්මැලි අවස්ථාවක දී තිරය මත නිකම් mouse එක එහා මෙහා කරනවාට වඩා මෙම වෙබ් අඩවියට පිවිස එලෙස කරද්දි වඩාත් විනෝදකාමීව කාලය ගත කරන්නට හැකි වේවි. එවිට මෙහි සිටින්නේ කවුදැයි ඔබ සොයාගන්නට සමත් වුණොත්, comment එකක් පළ කරන්න.

පිවිසෙන්න: KoalasToTheMax.com

ආඳාගේ කණේ පහර

රිදෙන නොරිද්දන කම්මුල් අවුස්සන්න (buzzfeed.com)

චිත්‍රපටවල සටන් ජවනිකාවල දී ඔවුන් ඉතාම සෙමෙන් තවත් අයට පහරදෙන ආකාරය ඔබ දැක ඇති. දිනය තුළ වැඩ කරමින් සිටිය දී ඇතිවන මානසික ආතතිය නිසා කාට හෝ පහර දෙන්නට ඔබට සිතෙනවා නම් එයින් ප්‍රශ්න ඇතිකර ගන්නේ නැතිව මෙම වෙබ් අඩවියට පිවිසීසෙන්න. එවිට ආඳකු අතට ගෙන, කෙනෙක්ට කණේ පහරක් ගැසීමට අවස්ථාව තිබෙනවා (එලෙස කීම හරිම දරුණු බව අප දන්නවා. නමුත් මෙහි තිබෙන්නේ විනෝදජනක ලෙස එය කළ හැකි සැකැස්මක්). තිරය මත මවුසය දකුණේ සිට වමට ගෙනයන විට එහි animation එක සක්‍රීය වන අතර ඉතාම සෙමින් කරද්දී චිත්‍රපටයක වැනි අත්දැකීමක් ලබා ගන්නටත් පුළුවන්. මෙය සකසා තිබෙන්නේ frames කිහිපයක් තනි ඡායාරූපයකට ගෙන, අප mouse එක එහා මෙහා කරද්දී ඒවා මාරු වන ආකාරයට සැකසීමෙනුයි. ඔබ ඡායාරූපය මත click කර drag කළහොත් එය ද දැකගන්නට හැකි වේවි.

පිවිසෙන්න: EelSlap.com

සැඟවුණු ගවයා සොයාගන්න

සොයාගත්තාම “මූ” කියා කෑ ගසනවා (interodd.blogspot.com)

යමක් සඟවා, “ගිනි ගිනි ගිනි” කියමින් එය ළඟට යද්දී කෑගසමින් සහ ඈතට යද්දී “ඇල් ඇල් ඇල්” කියා සෙමින් කියමින් කරන එළිමහන් ක්‍රීඩාව ඔබට මතක නම්, මෙය එතරම් විස්තර කරන්නට අවශ්‍ය නැහැ. මෙම වෙබ් අඩවියට පිවිසුණාම ඔවුන් හරකෙක් තිරය තුළ සඟවනවා. අප මවුසය එහා මෙහා කරමින් බලද්දී “Cow” යන වචනය වැඩි ශබ්දයෙන් කියනවා. මෙයට හෙඩ්සෙට් එකක් පැළඳීම සුදුසු යි. සොයාගත්තාට පසු ඒ මත ක්ලික් කළාම ඔබට ලකුණක් හිමි වෙනවා.

මෙහි උපරිම අත්දැකීම ලබන්නට නම් නූතන සහ යාවත්කාලීන කරන ලද බ්‍රවුසරයක් (Chrome 10+, Firefox 25+, Opera 15+, සහ Safari 6+) පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් ගවයා මත මවුසය තියද්දී Pointer එක බවට එය වෙනස්වන නිසා සෙවීම පහසු යි. නමුත්, වරක් සෙවීමෙන් පසු ලැබෙන Dialog box එකෙන් Expert mode එක තේරීමෙන් එය නවතා අපහසුතාව වැඩිකරගෙන වැඩි විනෝදයක් ලැබිය හැකියි. ලකුණු වැඩිවන විට තවත් සතුන් ලැයිස්තුවට එකතු වෙනවා. දෙවැනියට ලැබෙන්නේ එළුවෙක්.

පිවිසෙන්න: FindTheInvisibleCow.com (හෙඩ්සෙට් එක දාගන්න, කෝකටත්.)

මවුසය තියෙන තැනට ඇඟිල්ලක්

නොදන්නා දේට නොව, මවුසයට ඇඟිලි ගැසීම (puckey.studio)

පරිගණකය පුරුදු වන කාලයේ දී මනසේ තිබෙන තැන සොයා ගන්නට නොහැකිව ඔබ මොනතරම් එහාට මෙහාට කරමින් සිටින්නට ඇති මේ වෙබ් අඩවිය තිබෙන්නේ ද එය හාස්‍ය ගැනීමක් වැනි දෙයක්. වෙබ් අඩවියට පිවිසීමෙන් පසු එහි ඇති කොටුව තුළ මවුස් පොයින්ටරය තැබීමෙන් පසු මඳ වේලාවකින් එය ඡායාරූපයක් load කරනවා. එහි තිබෙන්නේ මවුසය තැබූ ස්ථානයට ඇඟිල්ල දිගු කරගත් කෙනෙක්ගේ ඡායාරූපයක්.

එය නිවැරදිව mouse එක තියෙන ස්ථානයට වඩාත් ගැලපෙන ඡායාරූපයක් ලබා දෙන ආකාරය ඔබ පුදුමයට පත් කරාවි. මෙම ඡායාරූප load වීම සඳහා ඔබගේ අන්තර්ජාල දත්ත වැය වන බැවින් data තිබෙන අවස්ථාවක සහ speed එක හොඳට තිබෙන අවස්ථාවක දී මෙය උත්සාහ කර බැලීමෙන් වඩාත් හොඳ අත්දැකීමක් ලබාගන්නට හැකිවේවි.

පිවිසෙන්න: PointerPointer.com

දාම් ගේම් එකක් බලන්න

දාම් කිව්වාට, ඊට බොහෝ සමාන Checkers (videoblocks.com)

සමහරු ක්‍රීඩාවක් කරනවට වඩා ඒ දෙස බලා ඉඳීමේ ඊටත් වඩා ප්‍රීතියක් ලබනවා. එවන් කෙනෙක්ට සහ ක්‍රීඩාව උගැනීමට කැමති කෙනෙක්ට වඩාත් උචිත මෙම වෙබ් අඩවිය Checkers ක්‍රීඩාව කරන ආකාරය තිරය මත දක්වනවා. එහි ඉත්තන් ඇදීම ස්වයංක්‍රීයව සිදු කරන නිසා ක්ලික් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මේ අවශ්‍යනම් screen saver එකක් විදිහට වුවත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ සඳහා වෙබ් අඩවියට පිවිසී F11 යතුර තද කරන්න. ඔබ නැති විටක දී ඔබේ තිරය මත ස්වයංක්‍රීයව ඉත්තන් අදින හැටි දකින අය පුදුම වනු ඇති.

ක්‍රීඩාව අවසන් වූ විට සියළු ඉත්තන් නැතිවී, එකක් බැගින් යළිත් පුවරුව මත ස්ථාපනය වෙනවා. ඉත්තන් අදින විට කුඩා ශබ්දයක් ද නැගෙන අතර කේතය සැඟවීම සඳහා ඔවුන් මෙය iframe එකකට ය‍ොදා තිබෙනවා. ඉගෙනීම පිණිස ඔබට Javascript ගොනු බලන්නට කැමති නම්, වෙබ් අඩවියට පසු /html ලෙස යොදා ගොස්, එතැනින් Source එකට පිවිසෙන්න.

පිවිසෙන්න: MoveNowThinkLater.com

කවරය: newyorker.com

Related Articles