Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 දී ඔබේ නිවස ස්මාර්ට් කරගන්න උපාංග 5ක්

දවස පුරා ම ඔබේ අතේ රැඳුණු ස්මාර්ට් ෆෝන් එකෙන් මුළු නිවස ම පාලනය කරන්න, ආරක්ෂා කරගන්න අවස්ථාව ලබාදෙන ස්මාර්ට් උපාංග (Smart Home Devices) ඔබේ මුළු ජීවිතය ම ස්මාර්ට් කරන්නේ අත්‍යන්ත පහසුකම් රැසක් ගෙන දෙමින්. උයන අතරතුරේ දී බබා ඇහැරිලා ද කියා බලන්නත්, ස්මාර්ට් නැති AC, TV, ෆෑන් ආදිය ස්මාර්ට් කරගන්නටත් හැකි අගනා උපාංග ඇතුළු Smart devices කිහිපයක් අප  ඔබ වෙනුවෙන් මෙලෙසඑක්තැන් කරනවා.

දරුවාට නොනිමෙන ආරක්ෂාවක් ගෙනෙන Mi Baby Cam

අංශක 360ක් භ්‍රමණය කළ හැකියි 

ස්මාර්ට් ෆෝන්වලට සුප්‍රසිද්ධ Xiaomi සමාගමේ නිෂ්පාදිත Mi Baby Cam කියන්නේ කැමරාවකින් ඔබ්බට ගිය උපාංගයක්. දරුවා සිටින කාමරයෙන් ඉවතට යද්දී ඔබේ ස්මාර්ට් ෆෝන් එක භාවිතයෙන් දරුවා බලාගන්නට මේ කැමරාව සමඟ අවස්ථාව ලැබෙනවා. එහි Mic එකක් සහ ස්පීකරයක් ඇති නිසා ෆෝන් එකත්, කැමරාවත් අතර සංවාදයක් ගෙන යා හැකියි. උදාහරණයක් ලෙස දරුවා නැගිට හැඬුවොත් ඔබට එය App එකෙන් ඇසෙන අතර, ඔබ ෆෝන් එකෙන් නැළවිලි ගීයක් කියද්දී එය දරුවාට ඇසෙනවා. මෙය අංශක 360ක් භ්‍රමණය කරන්නට වගේම, ඉහළට-පහළට ද යොමු කරන්නටත් පුළුවන්.

දරුවන්ට පමණක් නොව, සුරතල් සතුන්ටත්, නිවස අභ්‍යන්තරයේ ආරක්ෂාවටත් භාවිත කළ හැකි මෙහි 1080P FHD රෙකෝඩිං හැකියාව, 64GB දක්වා SD Card දැමීමේ හැකියාව, රාත්‍රී දර්ශන පවා පැහැදිලි ව ලබා ගත හැකි Infrared night vision පහසුකම, සෙලවීම් හඳුනා ගැනීම (Motion detection), ඉතාම අඩු විදුලි බලයක් වැයවීම ඇතුළු විශේෂාංග රැසක් තිබෙනවා.

ඇලෙක්සා සමඟ IR blaster එකකුත් ඇති TeDi Alexa

Dialog TV එක පවා හැසිරවිය හැකියි – ytimg.com

සින්දු අහන්න පුළුවන් ස්පීකරයකින්; ගෙදර TV, AC, DVD Player, රිමෝට් ෆෑන් ආදිය control කරන්න පුළුවන් බව ඔබ දන්නවාද? ඒ සියල්ලෙන් සපිරි TeDi Alexa කියන්නේ ස්මාර්ට් නිවසකට ලාබදායී විසඳුමක්. ස්මාර්ට් ටීවී එකකට හෝ A/C එකකට වියදම් කරන්නේ නැති ව දැනට ගෙදර තියෙන ටීවී එක Voice එකෙන් පාලනය කරන්න හැකියාව ලබා ගන්නට TeDi Alexa සතු IR Blaster එක උපකාර වෙනවා.

ඇමසන් සමාගමේ Alexa Voice Assistant එක ලැබෙන නිසා කැමති සින්දුවක් අසන්නට, ප්‍රශ්න අසන්නට, අනෙකුත් ස්මාර්ට් උපාංග (ලයිට් ස්විච්, දොරගුලු ආදිය) පාලනයට ද අවස්ථාව ලැබෙන අතර මීටර් 5ක දුර සිට ලබා දෙන විධාන (voice commands) පවා හඳුනාගන්නටත් ඊට හැකි යි.

ඕන ෆෑන් එකක් ස්මාර්ට් කරන Smart Fan Controller

ෆෑන් එකේ විදුලි බුබුළක් ඇත්නම්, එය පවා පාලනය කළ හැකි යි

ටීවී බලද්දි සීලිං ෆෑන් එක On කරලා තියෙද්දී හදිස්සියේ කුස්සියට දිව්වා ම ඒක ආයෙ Off කරන්න අමතක වෙලා ලයිට් බිල වැඩි වෙනවා ද? එහෙනම්, නිවසේ සීලිං ෆෑන් එක ලොව ඕනෑම තැනක සිට පාලනය කරන්නටත්, දවසේ ඔබ කැමති කාලයක් තුළ ක්‍රියාත්මක වී ස්වයංක්‍රීයව Off වෙන පරිදි සකසන්නටත් Smart Fan Controller උපාංගවලින් අවස්ථාව ලැබෙනවා. මෙමඟින් ස්මාර්ට් ෆෝන් ඇප් එකකින් ‍ෆෑන් එක කැරකෙන ප්‍රමාණය වෙනස් කරන්නට හැකි නිසා ෆිල්ම් එකක් බලද්දී සැරින් සැරේ බිත්‍තියේ කන්ට්‍රෝලරය වෙත නැගිට යන්නට අවශ්‍ය වෙන්නේත් නැහැ.

ඇප් එකට අමතරව රිමෝට් එකක් ලැබෙන ඒවාත්, ෆෑන් එකේ විදුලි බුබුළක් ඇත්නම් එය පවා පාලනය කළ හැකි ‍Smart Fan Controller උපාංගත් වෙළඳපොළේ තිබෙනවා.

ගෙදර දොරකඩට මුරකරුවෙක් වන Netvue Vuebell

2MP කැමරාවක් ඇති දොර සීනුවක් – shopify.com

ගේට්ටුවේ හෝ දොරේ බෙල් එක නාද වුණු වහා ආවේ කවුරුන්දැයි නිවසේ සිට ම දැකගන්නට Netvue Vuebell සමඟ පුළුවන්. 2MP කැමරාවකුත්, දොරේ බෙල් එක ලෙස බොත්තමකුත් ඇති එය, යමකුදොරකඩට පැමිණ බෙල් එක නාද කළ විට Netvue ඇප් එක හරහා ඔබට දැනුම් දෙනවා. එවිට කැමරාවේ දර්ශන නරඹන්නටත්, එකිනෙකා සමඟ කතා කරන්නටත් හැකියාව ලැබෙනවා.

සෙන්ටිමීටර 8×8 තරම් කුඩා, 140g තරම් අඩු බරක් ඇති නමුත් Motion detection, 8x දක්වා ඩිජිටල් zoom හැකියාව, අංශක 185කින් යුතු 720p වීඩියෝ, Night Vision ආදිය පමණක් නොව, IP53 නිසා ජලයෙන් සහ දූවිල්ලෙන් සිදුවන හානියත් අවම කරන පහසුකම් එයට ඇතුළත්. ‍සෙල්සියස් අංශක 50ක් දක්වා උණුසුමකට ඔරොත්තු දෙන නිසා හිරු එළිය වැටෙන ස්ථානයක පැවතුණත් ගැටලුවක් වන්නේ නැහැ. 

චාර්ජර්වල පාලනය ඔබ අතට ගෙන එන Smart Power Strip

එකිනෙක වෙන වෙන ම ඇප් එකෙන් On/Off කළ හැකියි

මල්ටි ප්ලග් කිහිපයක් එක්තැන් කර සකසා ඇති පවර් ස්ට්‍රිප් දැන් ස්මාර්ට් වී තිබෙනවා. ඇප් එකක් හරහා ඒවා ලොව ඕනෑම තැනක සිට On/Off කිරීමට හැකියාව ඇති අතර, ෆෝන් චාර්ජරය වැනි යමක් ලබා දෙනවේලාවක දී Off කිරීමට (Schedule කිරීමට) හැකියාව තිබීම වාසියක්. ෆෝන් එක 100% ඉක්මවා චාර්ජරයට සම්බන්ධ කර තැබීමේ දී trickle charge වීමේ අවදානම ගැන අප ගෙන ආ වීඩියෝව ඔබ නැරඹුවා නම්, Smart Strip එකක වාසිය ඔබට හොඳින් දැනෙන්නට ඇති.

ඩයලොග් සමාගම ගෙන එන Smart Strip එක සතුව අඩි 5ක වයරයක්, Power out 4ක් සහ USB port 4ක් තිබෙනවා. Smart Strip පමණක් නොව අප ඉහත සඳහන් කළ ස්මාර්ට් උපාංග බොහොමයක් ඩය‍ලොග් වෙතින් නිවසට ම ගෙන්වා ගන්නට පුළුවන්. ඒ සඳහා dialog.lk/smart-home වෙත පිවිසෙන්න.

Related Articles