Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රැකියාවටත්, එදිනෙදා භාවිතයටත් ගැලපෙන Asus Zenbook 13 සහ 14

ලැප්ටොප් වලින් පිරි වෙළඳපොළ තුළ බොහෝවිට රැකියා කටයුතු සඳහා ඉහළ විශේෂාංග සහිත ඒවා දකින්නට ලැබෙන නමුත්, ඒවායේ ඇති සැකැස්ම නිසාම දෛනික දිවියට නොගැලපී යනවා. එනමුත් Asus සමාගම මේ ලෝක දෙකම එක්තැන් කරමින් වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි, බරින් අඩු, වැඩි බැටරි ආයු කාලයක් ඇති, සහ වැඩි Performance ඇති ලැප්ටොප් මාදිලි දෙකක් හඳුන්වා දී තිබෙනවා.

1 පුළුල් තිරය

Asus Zenbook 13 සතුව අඟල් 13.3ක, සහ Asus Zenbook 14 සතුව අඟල් 14ක IPS Full HD තිර අඩංගු වෙනවා. දෙපස දාරයන් ඉතා තුනී මේවායේ පිළිවෙලින් 88% සහ 90%ක screen-to-body ratio එකක් තිබෙනවා. බර කි.ග්‍රෑ. 1.07ක් තරම් සැහැල්ලු නිසා නිතර ගමන් බිමන් යන කෙනෙක්ට පහසුවෙන් ලැප්ටොප් රැගෙන යන්නටත්, පැය 22ක් පුරාවට බැටරි ආයු කාලය පවතින නිසා අතරමඟදී පාවිච්චි කරන්නටත් හැකි වෙනවා. ඒ විතරක් නොවෙයි, විනාඩි 49කින් 60%ක ආරෝපණයක් ලද හැකි Fast Charging පහසුකමකුත් තිබෙනවා.

2 ටයිප් කිරීමට පහසු වන සේ කීබෝඩ් එක ඉහළට එසැවේ

මෙහි පියන විවෘත කරද්දී කීබෝඩ් එකත් ඉහළට එසැවෙනවා. මේ නිසා වායු සංසරණය හොඳින් සිදුවෙමින් රත්වීම අවම වන අතර, මේසයක් මත වුවත් තබාගෙන ටයිප් කිරීම පහසු වෙනවා. පුළුල් කීබෝඩ් එකක් තිබීමත්, Backlit නිසා අඳුරෙහි සිට ටයිප් කිරීමටත් බාධාවක් නැහැ. එසේම, Windows Hello සහාය සමග 3D IR HD කැමරාවක් ඇති නිසා රාත්‍රියේදී පවා ඔබේ මුහුණ හඳුනාගෙන වින්ඩෝස් Unlock කරගන්නට හැකි වෙනවා.

3 Trackpad එක මත මැවෙන Number pad එක

සාමාන්‍යයෙන් රැකියා සඳහා එන ලැප්ටෝප් කීබෝඩ්වල Numberpad එක තිබුණත් මෙහි එය දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට, Trackpad එකම touchscreen එකක් ලෙස Numeric keypad එකක් බවට පත්වීම සුවිශේෂී කාරණයක්. Keypad එක විවෘතව තිබියදීම මවුස් එක එහා මෙහා කරන්නටත් එය අවස්ථාව ලබා දෙනවා. එහි Brightness එකත් මට්ටම් දෙකක් දක්වා අඩු-වැඩි කරගත හැකි අතර. ඒ සඳහා Trackpad එකේ වම්පස touch button එකක් තිබෙනවා. එය මත Swipe කළ විට වින්ඩෝස් Calculator එක විවෘත වෙනවා.

4 පියන විවෘත කළ විට සම්පූර්ණ පෙනුම

Intel WiFi 6 (802.11ax), Bluetooth 5.0 සහිත මෙහි 3.5mm jack එකක් නම් නැහැ. එනමුත් ලැප්ටොප් එකත් සමගම ලැබෙන dongle එකෙන් USB-C port එකක් හරහා 3.5mm හෙඩ්සෙට් පාවිච්චි කරන්නට හැකියාව ලැබෙනවා. Ports ගැන බැලුවොත්, මෙහි 40Gbps තරම් අධිවේගී දත්ත සංසරණ හැකියාවක් ඇති USB-C Thunderbolt ports 2කුත්, USB 3.2 Type-A port එකක්, HDMI port එකක්, සහ MicroSD card reader එකක් දැකගත හැකියි.

Intel Core i3, i5, සහ i7 ලෙස මාදිලි තුනකින් මෙම ලැප්ටොප් වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, 2TB දක්වා NVMe SSD සමග 32GB දක්වා RAM ධාරිතාවන් ද අනුව ලබාගත හැකි වේ. ඒ අනුව, අවම මාදිලිය වන Intel Core i5 10th Gen, Intel UHD Graphics, 8GB RAM, 512GB SSD සහ Optane 32GB ලැප්ටොප් එකක් රු. 187,000කුත්, එහි i7 මාදිලිය 16GB RAM සමග රු. 224,000කටත් මිලදී ගත හැකි වේ.

ඡායාරූප asus.com වෙතිනි

Related Articles