Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Android 12න් 13ට පනී!

තවමත් සමහර උපාංග වෙත Android 12 නිල වශයෙන් නිකුත් ව නැති වුනත් පසුගිය දවසක Android මෙහෙයුම් පද්ධතියේ නවත ම 13 Developer Preview 1 සංස්කරණය අන්තර්ජාලය වෙත මුදා හරින්නට Google සමාගම කටයුතු කර තිබුණා. මේ නව Android 13 සංස්කරණය වෙත ඔවුන් සාම්ප්‍රදායික ලෙසින් අතුරුපසක නමක් ලබා දෙන්නත් කටයුතු කර තිබෙන බව එහිදී දැකගන්න ලැබුනා. මේ නව Android 13 සංස්කරණයට ඔවුන් ලබා දී තිබෙනේ Tiramisu යන අතුරුපසේ නාමය යි.

මේ වසරේ අප්‍රේල් මාසය වෙද්දී නව මෙහෙයුම් පද්ධතියේ Public Beta සංස්කරණයක් පරිශිලයන් වෙත නිකුත් කිරීමට Google සමාගම අරමුණු කරගෙන ඉන්න බව තමයි දැනගන්න ලැබෙන්නේ. සාමාන්‍ය පරිශීලකයන් වෙත මේ නව මෙහෙයුම් පද්ධතිය එළඹෙන අගෝස්තුවේ දී නිකුත් කෙරෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. පිළිවෙළින් Google Pixel දුරකථනවලට සහ මේ වසරේ සහ පසුගිය වසරේ අග භාගයේ නිකුත් කෙරුණු Flagship දුරකථන වෙත මෙය මුලින් ම ලැබීමට නියමිත යි.

මේ ලිපිය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ දැනට Android 13 Developer Preview 1 එකේ දැකගන්නට ලැබෙන පහසුකම් පිළිබඳව ඔබට විස්තර ගෙන එන්නයි.

Lock screen profile switcher

බොහොමයක් ස්මාර්ට් ජංගම දුරකථනවල අද වෙද්දී user profiles කිහිපයක් පවත්වාගෙන යන්න අවස්ථාව තිබෙනවා. ඒ profile එකකින් අනෙකට මාරු වෙන එක තරමක් දුරට කරදරකාරී වැඩක්. නව Android 13 ඔබට කිසිම ගැටලුවක් නැතුව Lock screen එකෙන් ම අදාළ profiles අතර කිසිම ගැටලුවකින් තොර ව හුවමාරු වෙන්න අවස්ථාව ලබා දෙනවා. කොටින්ම කිව්වොත් වෙනස් ම ආකාරයේ multi-user experience එකක් එක්ක තමයි Android 13 ඔබ වෙත එන්නේ.

වෙනස්ම ආකාරයේ multi-user experience එකක් – 9to5google.com

 

‘Tap to Transfer’ පහසුකම

NFCවලට සමාන නව පහසුකමක් මේ මෙහෙයුම් පද්ධතියේ අඩංගු බවට දැනට දැනගන්නට ලැබෙනවා. එක උපාංගයක වාදනය වෙන ගීතයක් ඉතා ඉක්මනින් වෙනත් උපාංගයක් හා බෙදාගන්න, වෙනත් උපාංගයකත් එම ගීතය වාදනය කරවන්න හැකි පහසුකමක් ලෙසයි දැනට ‘Tap to Transfer’ පහසුකම හඳුනාගෙන තිබෙන්නේ. Developer Preview 1 එකේදී නම් තවමත් මේ පහසුකම ක්‍රියාත්මක කරලා බලන්න හැකියාවක් නැති බව තමයි දැනගන්නට ලැබෙන්නේ. බොහෝ විට Developer Preview 2 වැනි සංස්කරණක දී එය අත්හදා බලන්නට පරිශීලකයන්ට අවස්ථාව හිමිවේවි.

සංගීතය බෙදාගන්න ‘Tap to Transfer’ – 9to5google.com

 

ඔබට අවශ්‍යනම් ඔබේ දුරකතනයේ ප්‍රධාන භාෂාව මාරු නොකර එක app එකක පමණක් භාෂාව මාරු කරන්න මේ පහසුකම ඔබට වැදගත් වේවි. බොහෝ විට app එකක් ඇතුළත භාෂාව වෙනස් කිරීම සඳහා පහසුකම් සපයන්නේ නැති නම් app එක ක්‍රියාත්මක වෙන්නේ ඔබේ දුරකතනයේ භාවිත වෙන ප්‍රධාන භාෂාව සමඟ යි. නමුත් ඔබට භාෂා කිහිපයක් භාවිත කිරීමේ හැකියාව සහ අවශ්‍යතාව තිබෙනවා නම් මෙය ඔබට වටීවි.

 වඩා පහසුවෙන් ඔබේ දුරකතනයේ තිරය Stream කරන්න – 9to5google.com

 

වඩා පහසුවෙන් ඔබේ දුරකතනයේ තිරය Stream කරන්න

Android 13 එක්ක හඳුන්වා දෙන නව Cross Device සේවා අතර Chrome OS streaming සේවාවත් ප්‍රධාන තැනක් ගන්නවා. පෙර මෙහෙයුම් පද්ධතිවලට වැඩි පහසුවකින්, කාර්යක්ෂම ව ඔබේ දුරකථන තිරය Chrome OS උපාංග මතට ගෙන එන්න මේ පහසුකම සමඟින් ඔබට පුළුවන් වෙනවා. සාමාන්‍ය Screen mirroring එකකින් එහාට ගිහින් ඔබේ දුරකතනයට දෙවැනි virtual display එකක් ලෙසින් මෙය ක්‍රියාත්මක වෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. දැනට මේ පහසුකම වඩාත් ම ඉලක්ක ගත කරන්නේ messaging apps. ඔබේ දුරකථනය දෙස නොබලා සියලු පණිවිඩවලට ප්‍රතිචාර දක්වන්න ඉතාම පහසු ක්‍රමවේදයක් ලෙසයි මෙය හඳුනා ගන්න ලැබෙන්නේ.

Windows 11 මෙහෙයුම් පද්ධතිය Android 13 ඇතුළේ?

මෙහෙම කියපු ගමන් කලබල වෙන්න එපා. පෙර හඳුන්වා දුන්න Android මෙහෙයුම් පද්ධතිවලට සාපේක්ෂව Android 13 ඉතාම හොඳින් virtualization කටයුතු සිදු කිරීමට හැකි ලෙසයි නිර්මාණය ව තිබෙන්නේ. මේ හැකියාව නිසාම ඇසු පමණින් කළ නොහැක්කක් වගේ පෙනුණත් නව Windows 11 මෙහෙයුම් පද්ධතිය Pixel 6 දුරකතනයක් තුළ නිර්මාණය කළ virtual machine එකක ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන බව Danny Lin නම් Android developer පෙන්වා දෙනවා. මෙහෙයුම් පද්ධතිය kernel-based virtual machine සඳහා සහය දක්වන නිසාම තමයි මේ කටයුත්ත සිදු කිරීමට හැකියාව පවතින්නේ.

 Android 13 ඉතාම හොඳින් virtualization කටයුතු සිදු කිරීමට හැකි ලෙසයි නිර්මාණය ව තිබෙන්නේ. -9to5google.com

 

මේ ලිපියේ දැනට සඳහන් වෙන්නේ තවමත් මුලික ව මතුපිටින් දකින්න ලැබෙන පහසුකම් කිහිපයක් පමණ යි. Android 12 වලට සාපේක්ෂ ව අතුරු මුහුණතේ පවා යම් යම් වෙනස් කම් සිදු කිරීමට Google සමාගම් කටයුතු කර තිබෙන බව දැනගන්න ලැබෙනවා. මේ නව වෙනස්කම් නිසාම ඔබට Icon pack එකක් වගේ දෙයක් භාවිත කරන්න අවශ්‍ය නම් නව Android 13 එක්ක එය වඩා හොඳින් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පහසුකම් එක් කරන්න Google සමාගම කටයුතු කර තිබෙනවා. අප්‍රේල් මාසයේ Public Beta release එකට පෙර තවත් පහසුකම් එයට එකතු වෙන්න නියමිත බව තමයි දැනගන්න ලැබෙන්නේ.

මේ මුල් ම Dev preview එක නිල වශයෙන් ම නිකුත් වෙන්නේ Pixel උපාංග වෙත පමණ යි. ඔබ සතුව Pixel නව දුරකතනයක් තිබේ නම් මෙය අත්හදා බැලීමේ හැකියාව ඔබ සතු යි. තවමත් මුල් ම Dev preview එක නිසා ඔබට ලොකු Android Developing දැනුමක් නොමැති නම් මෙය අත්හදා බලන්න යාම නුවණට හුරු නැහැ. ඒවගේම Developer Preview එකක් ඔබේ ප්‍රාථමික දුරකතනයට එසේ නොමැතිනම් එදිනෙදා ජීවිතයේ භාවිත කරන දුරකථනයට ස්ථාපනය කරන එක නම් කොහොමවත් නිර්දේශ කරන්න පුළුවන් වැඩක් නම් නෙමෙයි. අඩුම තරමේ Public Beta එකක්වත් නිකුත් වෙනකම් ඉවසන්න කියලා තමයි අවසන් වශයෙන් ඔබට මතක් කරන්න තියෙන්නේ.

කවරයේ ඡායාරූපය - 9to5google.com

මූලාශ්‍ර:
9to5google.com
Youtube.com
Kdrag0n.dev

Related Articles