Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Android එකක් ගන්නවද? Apple එකකට යනවද?

Android Phone එකක් ගන්නවද iOS තියෙන Apple එකක් ගන්නවද කියන එක තනිකර ම ඔබේ අතේ තියෙන තීරණයක්. ඒක තීරණය කරන්න ඔබට උදව්වක් විදිහට ලියැවෙන ලිපි මාලාවක පළමුවැන්නයි  මේ. මේ ලිපිය හරහා ඔබට android දුරකථනයක ඇති පහසුකම් පිළිබඳව කතා කෙරෙනවා. මේ ලිපිය හොඳින් කියවන්න සමහර විට ඉදිරියේදී යම් උපාංගයක් තෝරා ගනිද්දී මේ ලිපිය ඔබට වැදගත් වේවි.  ප්‍රධාන මාතෘකා කිහිපයක් එක්ක මේ මාතෘකාව ගැන ඔබට මේ ලිපියෙන් කියවන්න පුළුවන්. 

නිදහසක් නැති ඇපල්?

Android භාවිත කරන පරිශීලකයෙක් අත්විඳින විශේෂ ම දේ වෙන්නේ මෙහෙයුම් පද්ධතිය සමඟ ඔබට ලැබෙන අසීමාන්තික නිදහස කිව්වොත් මම නිවැරදි. With Android sky is the limit. Android මෙහෙයුම් පද්ධතියක් Open-source නිසා Developerවරුන්ගේ ඉඳලා පරිශීලකයා දක්වා ඔබට හිමිවෙන පහසුකම්වල සහ නිදහසේ සීමාවක් නම් නැහැ. කොටස් කිහිපයකින් කිව්වොත් Device customization, Selection & something for everyone. 

 නිදහසක් නැති ඇපල් කන Android – crambler.com  

Device customization 

ඔබ කැමති ඔබේ උපාංගයේ මෙහෙයුම් පද්ධතියේ ඉඳලා ඕනෑම විදිහකට මෘදුකාංගමය වශයෙන් වෙනස්කම් කරන්න ඔබට android සමඟ හැකියාව තිබෙනවා. ඔබ කැමති Minimalist look එකකට ද? Modern look එකකට ද? එහෙම නැති නම් පාට පාට Fantasy type home screen එකකට ද? ඔබට කැමති විදිහක Look එකක් තියෙන Launcher එකක් Play Store එකෙන් හොයා ගන්න පුළුවන්. එහෙම නැති නම් කැමති විදිහට තියෙන launcher එක වෙනස් කරගන්නත් පුළුවන්. Nova Launcher කියන්නේ එකට හොඳ උදාහරණයක්.

Selection & something for everyone

අපි යම් දෙයක් මිලදීගන්නේ අපිට අවශ්‍ය විදිහට භාවිත කරන්න. ඒත් ඔයාට සිද්ධ වෙනවා නම් ඔයා කැමති විදිහේ පහසුකම් හරි Performance හරි UI එකක් හරි කවදා හරි ඒකාධිපතිත්වයක් දරණ පරිශීලකයන්ට අවශ්‍ය දේ තමන් තීරණය කරන සමාගමකින් එළියට එයි කියලා බලන් ඉන්න, ඒක සෑහෙන්න ගැටලුවක් නේ ද? හැබැයි android මෙහෙයුම් පද්ධතිය භාවිත කරන උපාංග ඔයා කැමති විදිහේ දෘඪාංග එක්ක කැමති කැමති විදිහේ පහසුකම් එක්ක ඔයාට මිලදී ගන්න පුළුවන්. වැඩිය කතා අවශ්‍ය නැහැ. ඔබ කැමති විදිහට ජංගම දුරකථනය අන්ලොක් කරන්න පුළුවන් උපාංගයක් වුණත් ඔයාට තෝරගන්න පුළුවන්. Face unlock, Finger print, Passwords වගේ ඕනෑම විදිහකට, කැමති සන්නාමයක් යටතේ කැමති හැඩයකින් ඔයාගේ අතේ තියෙන ගානට තෝරාගැනීම් දහස් ගණනකින් එකක් කරන්න ඔයාට පුළුවන්. ඒ නිදහස කොයි තරම් වටිනවද?

දුරකථනයට Install කරන Appsවලටත් කතාව පෙර පරිදිම තමයි. විවෘත මුලාශ්‍රයක් සහිත වීම නිසා apps වගේ දේවල් නිර්මාණය කරන කෙනකුට අවශ්‍ය ඕනෑම විදිහක තුන්වන පාර්ශවයේ විවිධ tools භාවිත කරලා අවශ්‍ය apps නිර්මාණය කරන්න පුළුවන්. ඔබට play store එකෙන්ම නැතත් කිසිම ගැටලුවකින් තොරව තුන්වන පාර්ශවයක වෙබ් අඩවියකින් apps අරගෙන install කරගන්න පහසුකම තියෙනවා. (Sideloading Apps) ඔබ කැමති නම් තව app stores කිහිපයක් වුණත් ඔබට ඔබේ දුරකථනයේ ස්ථාපනය කරගන්න Android සමඟ හැකියාව තිබෙනවා.

 Something for everyone – 9to5google.com  

මේවගේ වෙනත් මූලාශ්‍රයකින් අරගෙන apps (යෙදුම්) iOS සහිත උපාංගයකට install කරන්න නම් Jailbreak කිරීමක් කරන්නම වෙනවා. මේක androidවල root කිරීමක් සමඟ ගොඩ දෙනෙක් සමාන කළාට කිසිම විදිහකට android උපාංගයක් root කළ විට ලැබෙන තරම් පහසුකම් ඔබට මේ iOS සහිත උපාංගයක් Jailbreak කළාට නම් ලැබෙන්නේ නැති බව මතක තබා ගන්න ඕනේ. Root, Bootloader unlock කිරීම වගේ දේවල් සක්‍රීය කිරීම ඔස්සේ ඔබ කැමති නම් Android දුරකථනයක OS එක සම්පුර්ණයෙන් ම පාහේ වෙනස් කරන්න පහසුකම තියෙනවා.

පරක්කු වෙලා එන පහසුකම් ?

copy and paste පහසුකමේ ඉඳලා බොහොමයක් පහසුකම් iOS උපාංග වෙත ලැබෙද්දී ඒවා බොහෝ කාලයක් තිස්සේ android පරිශීලකයන් භාවිත කරමින් සිටි පහසුකම් වීම සුලබ ව සිදු වෙන්නක්. (හැබැයි හැම පහසුකමක් ම එහෙම නොවෙන වගත් මේ සමඟ ම කියන්න ඕනේ.) ඉතා හොඳින් ඇපල් සමාගමේ නව නිපැයුම් සහ උපාංග හඳුන්වා දෙන Keynote ඇහුවොත් ඔබට ඒ ගැන වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන බව අපට විශ්වාසයි. තනිව ගත විට iOS පරිශීලකයන්ට නම් මෙය පහසුකම් පරක්කුවක් ලෙසින් හැඳින්වීම නොගැළපුණත් මෙතැනදී අපි android සමගින් කතා බැහැ කෙරෙන නිසා එය යම් ආකාරයක පමාවක් ලෙසින් හැඳින්වීම එතරම් වරදක් නැහැ.

Google Assistant – play.google.com

 

Best of the Best Assistant

ලෝකයේ Smart තාක්ෂණ පෙරළියත් සමග මිනිසාගේ වැඩ පහසු කරගන්න පෞද්ගලික අතත්‍ය සහයකයෙක් එහෙම නැති නම් Virtual Assistant ඕනෑම Smart ජංගම දුරකථනයක ඉන්නවා.මේ අතරින් හොඳම Virtual Ass. එක ලෙස මම මේ ලිපිය ලියන මොහොත වෙන විටත් පිළිගැනෙන්නේ Android සමගින් ඔබට ලැබෙන Google Assistant. පහළ video වෙන් ඒ ඔබව ඔබට තහවුරු වේවි. කොහොම වුණත් මේ කාලය තුළ Apple Siri ගේ පහසුකම් සහ හැකියාවල සතුටු දායක වර්ධනය ගැන නම් සඳහන් කළ යුතුමයි. ඒවගේම ඔබ කැමති නම් Google Assistant iPhone එකක් වුණත් භාවිත කරන්න පුළුවන්.

ඔබ දුරකථනයක් මිලදී ගන්නේ ඔබේ කැමැත්තෙන් ඔබට අවශ්‍ය ලෙස භාවිත කරන්න. එය ගන්නේ ඔබේ මුදලින්. මේ ලිපියේ අරමුණ ඔබ තීරණයක් ගන්න පෙර ඔබට යම් යම් කරුණු පිළිබඳ ව ඇති සැටියෙන් වටහා ගන්නට පාර පෙන්වීම පමණයි.  මේ වගේම ලිපියක් ඇපල් දුරකථන පිළිබඳත් ඉතා ඉක්මනින් කියවන්න ඔබට පුළුවන් වේවි. 

කවරය: Anandtech.com 

මූලාශ්‍ර: 

Android.com 

Support.apple.com 

Youtube.com 

Lifewire.com 

Businessinsider.com  

Dotnettricks.com 

Related Articles