Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Apple උපාංග රැසක් එළි දුටු California Streaming

හැම වරසක දී ම වගේ තාක්ෂණික ලෝකයේ විශාල ලෙසම කතාබහට ලක්වන අංගයක් ලෙස Apple event එක අපිට හඳුන්වන්න පුළුවන්. මේ වසරේ දී බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ ලෙස ම නව iPhone 13 දුරකථනය මෙහිදී ලෝකයට හඳුන්වා දුන්නා. ඊට අමතර ව තවත් විශේෂ උපාංග ගණනාවක් මෙහිදී ලෝකය වෙත නිකුත් කෙරුණා. මේ ලිපියෙන් ඔබට ඒ ගැන වැඩි විස්තර කියවන්න පුළුවන්. “California Streaming” ලෙසින් නම් වුණු මෙවර Apple event එකේ දී නව  iPhone 13 දුරකථන පෙළ, Apple Watches සහ නව iPads පිළිබඳ ව යි කාගේත් අවධානය වැඩි පුර යොමු වුණේ. 

මෙවර Apple event හිදී එළි දකී යයි බොහෝ දෙනා බලාපොරොත්තු වූ Apple නිපැයුම් – statista.com

දැකලා පුරුදු කෙනෙක් –  iPone 13 

 ඇපල් සමාගමේ නව iPhone 13 සහ iPhone 13 Mini ඔවුන් පසුගිය වසරේ නිකුත් කළ iPhone 12 දුරකතනයට පෙනුමින් බොහෝ දුරට සමාන යි. බාහිර පෙනුමින් ඇති වෙනස්කම් ලෙස iPhone 12  දුරකතනයට වඩා තරමක් කුඩා notch එකක් සහිත වීම සහ diagonal camera array එක හඳුවන්න පුළුවන්. ඇපල් සමාගම ඔවුන්ගේ නවත ම A15 Bionic chip මේ නව  iPhone 13 සහ iPhone 13 Mini දුරකථනවලට ඇතුළත් කර තිබෙනවා. මේ මගින් ඔවුන්ගේ නව ද්විත්ව කැමරා පද්ධතිය (dual-camera system) වඩාත් බලවත් වන බව තමයි ඔවුන් කියන්නේ. ඒවගේ ම පෙර මාදිලිවලට වඩා මේ නව දුරකථනවල  බැටරි ධාරිතාව දිගු වේලාවක් පවතින බව ඇපල් සමාගම කියනවා. 

මේ නව iPhone 13 Mini දුරකථනවල ආරම්භක මිල ලෙස සටහන් වෙන්නේ අමෙරිකානු ඩොලර්  $729 වන අතර iPhone 13 හි ආරම්භක මිල අමෙරිකානු ඩොලර්  $829 ලෙස දැක්වෙනවා. මේ දුරකථන දෙක ම ලබන September 17 වෙනිදා සිට පූර්ව ඇණවුම් (Pre-Order) කළ හැකි අතර September 24 වනදා සිට ලොව පුරා මෙය මිපදී ගත හැකි වනු ඇති බවයි එහිදී සඳහන් වුනේ. 

RED, starlight, midnight, blue, සහ pink වර්ණ වලින් එන නව iPhone 13 සහ 13 Mini  – Apple.com 

HIGH REFRESH RATE SCREEN එකක් සහිත IPHONE 13 PRO

මේ අංගයේ බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටි උපාංගය වන්නේ නව  IPHONE 13 PRO එක යි. නව iPhone 13 Pro සහ iPhone 13 Pro Max උපාංග දෙක ම බැලු බැල්මට පෙර නිකුත් කළ iPhone 12Pro සහ Pro Max මාදිලි සමඟ බාහිරින් එක හා සමාන යි. ඔබ මෙය මිලදී ගන්නවා නම් ඔබට ලැබෙන විශාල ම වාසිය වන්නේ ඇපල් සමාගමේ නව ProMotion adaptive refresh rate technology එකෙන් බලගැන්වුණු 120Hz Screen එක යි. iPhone 13 දුරකථනය සේ ම එම දුරකථන මාදිලි දෙකත්  A15 Bionic chip එකෙන් බල ගැන්වෙනවා. ඒ වගේම පෙර Pro සහ Pro Max  දුරකථන මාදිලිවලට වඩා වැඩි බැටරි ආයු කාලයක්  මේ දුරකථන වලින් පරිශීලකයට ලැබේවි යැයි ඇපල් සමාගම බලාපොරොත්තු වෙනවා. 

graphite, gold, silver, සහ sierra blue වර්ණයන්ගෙන් හැඩ වෙන iPhone 13 Pro සහ iPhone 13 Pro Max – Apple.com 

නව iPhone 13 Pro ඔබට අමෙරිකානු ඩොලර් $999 සිට ඉහළටත් Pro Max අමෙරිකානු ඩොලර් $1,099 සිට ඉහළටත් මිල ගණන් දැක්වෙනවා. ඒවගේ ම මේ දුපංග දෙක ම ඔබට ඔවුන්ගේ නව 1TB storage පහසුකම සහිත ව ලබා ගන්නට පුළුවන්. මේ දුරකථන මාදිලි දෙකත් ලබන September 17 වෙනිදා සිට පූර්ව ඇණවුම් (Pre-Order) කළ හැකි අතර September 24 වනදා සිට ලොව පුරා වෙළඳපොළ වෙත නිකුත් වෙනවා. 

නව iPhone 13 මාදිලි සමඟින් ඔබට හඳුන්වා දෙන නව Cinematic Mode එකක් පිළිබඳත් මෙහිදී අනාවරණය වුණා. දැනට high end cinematic කැමරාවල දකින්නට ලැබෙන  portrait mode-style blur effect එකක් දැන් ඔබට ඔබේ videoවලට එකතු කරගන්න හැකියාව මේ සමගින් ලැබෙනවා. ඒවගේ ම photo එකක් ගන්නට පෙර ඒ වෙත විවිධ styles වැනි දේ එක කළ හැකි  photographic styles නම් පහසුකමකුත් මේ සමඟින් ඔබට ලැබෙනවා. 

 නව්‍යකරණය වූ APPLE WATCH SERIES 7- Apple.com

පෙරටත් වඩා විශාල තිරයක් සමඟින් එන APPLE WATCH SERIES 7

Apple Watch Series 7  එක පෙරට වඩා විශාල screen sizes දෙකකින් නිකුත් වෙනවා. ඒ  41mm සහ 45mm ලෙස යි. බාහිර පෙනුමින් අනෙක් Apple Watch මාදිලිවලට වඩා යම් මට්ටමක වෙනස් කම් කර තිබෙන අතර UI එකත් යම් මට්ටමකින් නව්‍යකරණයට ලක්කර තිබෙනවා. අමෙරිකානු ඩොලර්  $399 සිට මෙයත් ඔබට මිල දී ගන්නට හැකියාව තිබෙනවා. 

නව  iPad Mini උපාංගය – Apple.com 

අලුත් වුණු  iPad Mini

දැකුම් කළු නිමාවකින් යුතු නව  iPad Mini උපාංගය සතුව 8.3-inch screen එකකින් සමන්විතයි. මෙහි Power button එකේ Touch ID sensor එකක් සහිත වන අතර  මෙය USB-C port එකක් ද සහිත යි. ඇපල් සමාගමේ නව Center Stage technology එක සහිත ඉදිරිපස 12MP ultrawide කැමරාව, මෙහි දකින්නට ලැබෙන ප්‍රධානත ම සුවිශේෂී අංගය ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ඒවගේම මේ සඳහා 5G සහාය දක්වනවා. මේ උපාංගයේ ආරම්භක මිල ලෙස සටහන් වෙන්නේ  අමෙරිකානු ඩොලර් $499ක්. 

A13 BIONIC CHIP  එක සහිත  iPad එක –  Apple.com 

A13 BIONIC CHIP එකෙන් බල ගැන්වුණු 9th-GEN IPAD 

ඇපල් සමාගම මේ event එකේදී නිවේදනය කළ තවත් පෙරළිකාර උපාංගයක් විදිහට ඔවුන්ගේ ninth-generation iPad එක හඳුන්වන්න පුළුවන්. මෙහි අන්තර්ගත චිපය වෙන්නේ A13 BIONIC CHIP එක යි. මීටත් Center Stage technology එක සහිත ඉදිරිපස 12MP ultrawide කැමරාවක් ඇතුළත් වෙනවා. මෙහි ආරම්භක මිල ලෙස දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් $329 ක්. 

Center stage තාක්ෂණය ගැන දැනගන්න.

IOS 15, IPADOS 15, සහ  WATCHOS 8 

මේ event එකේ දී සුපුරුදු පරිදි ඇපල් සමාගමේ නව මෙහෙයුම් පද්ධති පිළිබඳත් අනාවරණය කෙරුණා.  එළඹෙන සැප්තැම්බර් 20 වැනිදා සිට  iOS 15, iPad OS 15, සහ  watchOS 8 ලොව පුරා ඇපල් උපාංග වෙත ලබා දීම සිදු වෙනු ඇති. 

iOS 15 නව මෙහෙයුම් පද්ධතිවල නව විශේෂාංග.

කවරය : trustedreviews.com - Ali Salman Zia

මුලාශ්‍ර:

Apple.com 

Theverge.com 

Related Articles