Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Peek Performance: 2022 වසරේ පළමු ඇපල් Event එක

ඇපල් සමාගම 2022 වසරේ ඔවුන්ගේ පළමු  event  එක පසුගිය දිනෙක පැවැත්වුවා.  Peek Performance event ලෝකයේ ම කාගේත් අවධානය දිනාගත් අංගයක් ලෙසින් ම හැඳින්වීම වරදක් නෙමෙ යි. පෙර වසරවල තමන් නිකුත් කළ උපාංගවලට වඩා වැඩි හැකියාවන් සහිත සහ වැඩි බලයක් සහිත උපාංග ගණනාවක් මෙහිදී වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. ඒවගේ ම ඔවුන් නුදුරේ දී ම නිකුත් කරන්න නියමිත තවත් පෙරළිකාර ඇපල් උපාංගයක් ගැනත් මේ event එක අවසානයේදී ඉඟියක් ලබා දෙන්නත් අමතකක කළේ නැහැ.

ඒ විශේෂ device එක ගැන වගේම Peek Performance event 2022 ගැනත් විස්තර සැකෙවින් ඔබට මේ ලිපියෙන් කියවන්න පුළුවන්.  අලුත් වන iPhone SE එක, ඇපල් වලටත් එන 5G තාක්ෂණය, අලුත් ම Desktop Mac පරිගණකය වගේම නව වැඩි දියුණු කළ  external monitor එක මේ අංගයේ දී කාගේත් අවධානය දිනා ගත්තා.

Apple M1 Ultra 

ඇපල් සමාගම ඔවුන්ගේ Apple Silicon lineup එකේ අලුත් ම චිප් එක M1 Ultra ඔවුන් මේ ඉවෙන්ට් එකේදී පසුගිය දා නිවේදනය කළා. මේ නව චිපය පෙර ඔවුන්ගේ බලවත් ම චිපය වූ M1 Max චිප දෙකකින් තමයි එය නිර්මාණය කර තිබෙන්නේ. මේ ලෙස M1 Max චිප දෙකක් එකී නෙක සම්බන්ධ කර නිර්මාණය කර ඇති නිසා මේ නව M1 Ultra චිපයට 128GB දක්වා RAM මතක ධාරිතාවක් කිසිම ගැටලුවකින් තොරව හසුරුවන්න හැකියාව ලැබෙන බවයි ඔවුන් සඳහන් කළේ. මෙහිදී ඔවුන් වඩාත් ඉස්මතු කළ කාරණයක් වෙන්නේ සාමාන්‍ය M1 chip එකකට වඩා අට ගුණයක් ( 8X )  M1 Ultra චිප් එක බලවත් බව යි.

මේ නව The M1 Ultra චිපය නව Mac Studio පරිගණකවලට ඇතුළත් ව පවතින අතර හඳුන්වාදීමට නියමිත Mac Pro තුළත් මෙය අන්තර්ගත වන බව තමයි දැනට ආරංචි වෙන්නේ. 

 නව බලවතා The M1 Ultra – apple.com 

 

Mac Studio 

Apple සමාගමේ  Mac lineup එකේ නවත ම පරිගණකය විදිහට තමයි Mac Studio එළි දකින්නේ. නිර්මාණාත්මක වෘත්තීන්හි නියැළී ඉන්න අය එහෙම නැති නම් creative professionalsලා ඉලක්ක කරගෙන නිර්මාණය වෙන මේ පරිගණකය මාදිලි දෙකකින් වෙළෙඳපොළට නිකුත් වෙනවා. ඒ M1 Max version එක සහ M1 Ultra version එක ලෙස යි. සාමාන්‍ය Mac පරිගණකයට වඩා වැඩි I /O ports ප්‍රමාණයකින් මෙය සමන්විත වීමත් විශේෂත්වයක් කොට සලකන්න පුළුවන්. Thunderbolt ports හතරක්, SD card slot එකක්. වඩා වේගවත් usb ports වගේ දේ මේ අතර වෙනවා.

The M1 Max version මාදිලියේ ආරම්භක මිල අමෙරිකානු ඩොලර් 1,999, ලෙසත් M1 Ultra මාදිලිවල ආරම්භක මිල අමෙරිකානු ඩොලර් 3,999 ලෙසත් සටහන් වෙනවා.

 creative professionalsලා වෙනුවෙන් එන Mac Studio  – apple.com

Studio Display

ඇපල් සමාගමේ නවත ම 27-inch, Studio Display එක එහෙම නැති නම් External monitor එක සතුව 5K screen එකක් පවතිනවා. මෙහි බාහිර ප්‍රදේශය ඉතාම ඉහළ මට්ටමේ ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කර තිබෙනවා. ඇපල් ආයතනයට අනුව මෙහි brightness එක 600 nits දක්වා පරාසයක් ගන්නවා. P3 wide color සඳහා වගේ ම  macOS හි ඇති  TrueTone feature එකටත් මේ තිරය සහාය දක්වනවා.

ඊට  අමතරව video conferencing සඳහා ම විශේෂිත පහසුකම් රැගත් 12-megapixel ultra-wide camera එකකුත් මෙයට අන්තර්ගත වෙනවා. ඇපල් ආයතනයේ පළමු prosumer monitor එක ලෙස නිකුත් වෙන  27-inch, Studio Display එක එළඹෙන මාර්තු 18  වැනිදා සිට වෙළෙඳපොළට  නිකුත් වීමට නියමිත යි.

 ඇපල් ආයතනයේ පළමු prosumer monitor එක apple.com 

 

අමෙරිකානු ඩොලර් 1,599 මිලකට මිල නියම වෙලා තියෙන මේ මොනිටර් එක එක්ක ඔබට Standard stand එකක් ලැබෙනවා. හැබැයි ඔබට උස වගේ දේවල් වෙනස් කරගන්න වෙනත් එකක් ගන්න නම් ඇපල් අප්ග්‍රේඩ් එකට තවත් අමෙරිකානු ඩොලර් 400ක් ගෙවන්න වෙනවා

 උස වෙනස් කරන්න ඩොලර් 400ක් -apple.com 

 

අලුත් වෙන iPhone SE එක

iPhone SE කියන්නේ ඇපල් සමාගමෙන් නිකුත් කරන බජට් ෆ්‍රෙන්ඩ්ලි දුරකථන මාදිලියක්. මෙතෙක් මේ දුරකථන එතරමි ඉහළ දෘඩාංග කොටස් ඇතුළත් කළේ නැහැ. 2022 වසර සඳහා ඇපල් සමාගම මේ දුරකථනයට A15 CPU එකක් ඇතුළත් කරන්නට කටයුතු කර තියෙනවා. මෙහි ආරම්භක මිල අමෙරිකානු ඩොලර් 429ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ වගේම දැන් මේ දුරකථනය එක්ක නවතම 5G තාක්ෂණය ද පැමිණෙනවා. මේ දුරකථනයත් වෙළෙඳපොළට  මාර්තු 18 වැනිදා නිකුත්වීමට නියමිත යි.

 අලුත් වන iPhone SE -Apple.com

M1 chip සහිත නව iPad Air 

අවසන් වරට iPad Air මාදිලියේ උපාංගයක් එළිදැක්වුණේ වසර එකහමාරකට පමණ පෙර යි.  eight-core M1 chip එක සහිත ව යි නව iPad Air උපාංගය එළි දකින්නේ. ඊට අමතර ව මේ තත් නව 5G තාක්ෂණය සහාය දක්වන බව තමයි ඇපල් සමාගම සඳහන් කරන්නේ. මෙය සතුවත් 12MP front-facing camera එකක් අඩංගු වෙනවා

 5G  එක්ක  iPad Air-apple.com

 

මීට අමතර ව තවත් නිවේදන කිහිපයක් ම මේ  2022 වසරේ පළමු ඇපල් Event එක : Peek Performance හි දී නිකුත් කෙරුණා. ඒ අතරට ලබන සතිය ඇතුළත නිකුත් වීමට නියමිත iOS 15.4 ගැන, සෑම සිකුරාදාවක ම රාත්‍රියේ Apple Tv හරහා Baseball තරග විකාශය කිරීමට තීරණය කළ බව,  iPhone 13 lineup එකට green colorway වර්ණයත්, Pro මාදිලි  සඳහා alpine green වර්ණයත් මාර්තු 18 වැනිදා සිට එක් වීමට නියමිත යි.

ඊට අමතරව නිල වශයෙන් නිවේදනයට නොකළත් 27-inch, Intel-based iMac පරිගණකය මින් ඉදිරියට ඔබට මිල දී ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට නිල වශයෙන් මිලදී ගැනීමට හැකි වෙන්නේ Studio setup හෝ M1 iMac (24-inch screen) එකක්. ඒවගේම නිකුත් කිරීමට නියමිත Mac Pro ගැනත් ඉඟියක් ඔවුන් අවසානයේ ලබා දුන්නා.

කවරයේ ඡායාරූපය- Peek Performance: 2022 වසරේ පළමු ඇපල් Event එක - techradar.com 

මූලාශ්‍ර:

theverge.com

apple.com

youtube.com    

Related Articles