Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳ ම Budget Phone එකට Apple සහ Samsung තරගයක

Apple සහ Samsung කියන්නේ දුරකථන ලෝකයේ වගේ ම තාක්ෂණික ලෝකයේත් අති ප්‍රබල ප්‍රතිවාදීන් දෙදෙනෙක්. මේ ප්‍රතිවාදීන් දෙදෙනා මිලෙන් අඩු දුරකථන මෙන් ම Flagship උපාංගත් නිර්මාණයේ ප්‍රමුඛයන්. සෑම වසරක ම හොඳ ම දුරකථනය සහ වැඩි ම විකිණුම් ලැබූ සන්නාම අතර ඉහළින් ම ඉන්නා සන්නාම දෙකක්.

මේ දෙදෙනාගේ ප්‍රවේශයන් බොහෝවිට හාත්පසින් ම වෙනස්. පසුගිය සති දෙක ඇතුළත සමාගම් දෙකම virtual keynotes පවත්වමින් ඔවුන්ගේ නව Flagship උපාංග වන  iPhone 13 සහ Galaxy S22 දුරකථන වෙළඳපොළට හඳුන්වා දුන්නා. 

මේ event දෙකේ දී සමාගම් තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනා ගන්නා ආකාරය සහ ඒවා සපුරනා ආකාරය වෙනුවෙන් පිළිපදින ක්‍රමවේද ගැන යම් අවබෝධයක්  ඕනෑම කෙනකුට ලබා ගන්න පුළුවන්. ඒ කාරණාව වඩාත් හොඳින් වටහා ගන්න සමාගම් දෙක ම වෙළඳපොළට එක ළඟ හඳුන්වා දුන් බජට් උපාංග දෙස බැලුවොත් ඔබට පුළුවන්.

 පරණයි වගේ වුණත් එහෙම නැති  iPhone SE – cnet.com

Apple පසුගිය මාර්තු 8 පැවති event එකේ දී ඔවුන්ගේ නව  lower-priced iPhone එක වන නව iPhone SE. දුරකථනය හඳුන්වා දුන්නා. $429 ලෙස මිල සටහන් වූ මේ දුරකතනයේ 5G තාක්ෂණය සහිත වූ අතර දුරකථනයේ ප්‍රධාන සකසනය (processor) Phone 13 දුරකථනය සමාන වන ලෙසින් සකසා තිබුණා. Samsung සමාගම Galaxy A53 5G බජට් දුරකථනය වෙළඳපොළට පසුගිය මාර්තු  17 වැනිදා  හඳුන්වා දුන්නා.

එයටත් නවතම 5G තාක්ෂණය අන්තර්ගත වූ අතර $450 ලෙස එහි මිල සටහන් වුණා. මේ උපාංගයත් ඇපල්වලට නොදෙවැනි ලෙසින් ඉතාම හොඳ nearly borderless screen එකක් සහ multi-lens camera පද්ධතියක් ඇතුළත් කර තිබුණා. 

මේ හඳුන්වාදීම් දෙකෙන් අදාළ සමාගම් අද කාලයට උචිත තාක්ෂණය භාවිත කරමින් උපාංග එළි දක්වන බව පැහැදිලි යි. මේ සමාගම් දෙකේ ප්‍රමුඛතා නම් සෑහෙන්න වෙනස්. මේ උපාංග ගැන සලකලා බැලුවොත් පැහැදිලිව ම දකින්න ලැබෙන දෙයක් තමයි Apple සමාගම prioritizes කරන්නේ අඩු මුදලකට latest processor එක ලබා දීමයි, මිල පාලනය වෙනුවෙන් ඔවුන් භාවිත කරන  උපක්‍රම විදිහට පැරණි සහ outdated design එක, හැකියාවන්ගෙන් අඩු කැමරා තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. 

කොහොම නමුත් Samsung සමාගම ගන්නේ මීට හාත්පසින් ම වෙනස් ප්‍රවේශයක්. Samsung සමාගමේ budget දුරකථන සාමාන්‍යයෙන් ධාවනය වෙන්නේ කාර්යක්ෂමතාවෙන් සහ හැකියාවන්ගෙන් අඩු processor එකක් යටතේ යි. හැබැයි ඔවුන් ඒ උපාංග එකවර බැලූ විගස budget උපාංගයක් යයි කිව නොහැකි තරමට අද ඇති නවීනතම design ඒ සඳහා භාවිත කරනවා. කෙනකුට මේවා මිලෙන් අධික Flagship උපාංග ලෙසින් පෙනෙන්නට පවා ඉඩ තිබෙන තරම් මේ design නවීන යි.

ඇපල් සමාගම මේ උපක්‍රමය මඟින් ඉතා පහසුවෙන් iMessage, Apple TV, Apple Arcade වෙත නව පරිශීලකයන් ගෙන්වා ගැනීම අරමුණු කරනවා, Samsung සමාගම premium features අඩු මුදලකට ලබා දීලා නව පාරිභෝගිකයන් තමන් වෙත අද්දවා ගන්න උත්සහ කරනවා

iPhone එකක් නැති එක අඩුවක් වෙන අය වෙනුවෙන් iPhone SE

2022 නිකුත් වූ නව iPhone SE දුරකථනය ඊට වසර ගණනාවකට පෙර නිකුත් වූ iPhone 8ට සමාන කමක් දක්වනවා. දුරකතනයේ උඩින් සහ යටින් ඇති thick bezels, physical home button එක 4.7-inch display එක වගේම 12MP කැමරා එක වගේ යල් පැනගිය design එකක් තමයි මේ උපාංගයේ ඇතුළත් වෙන්නේ. බැලු බැල්මට එතරම් ආකර්ශනීය උපාංගයක් ලෙස මෙය හඳුන්වන්නට හැකි වෙන්නේ නැහැ. 

මේ උපාංගයේ වඩා වැදගත් වෙන්නේ ඇතුළත ඇති දෘඩාංග යි. එයට භාවිත වෙන්නේ A15 Bionic processor එක යි.  එය තමයි 2022 වසරේ නිකුත් වෙන නවතම iPhone 13 වෙතත් භාවිත වෙන්නේ. මෙවැනි නව චිපයක් භාවිතය ඔස්සේ ප්‍රධාන කාරණා දෙකක් ඉටු වෙනවා. වඩා වේගවත් සහ සුමට අත්දැකීමක් ඔබට මේ  iPhone SE දුරකථනය සමඟින් ලබාගන්නට පුළුවන් වෙනවා. තවත් වසර ගණනාවක් යනතෙක් ඉදිරියට එන නව  iOS features වලටත් මේ budget උපාංගය සහාය දක්වාවී.  

මතක තියාගන්න මේ iPhone එක නිර්මාණය වෙන්නේ එදිනෙදා ජීවිතේ සුළු සුළු වැඩ කරගන්න iPhone එකක් ම අවශ්‍ය වෙන කෙනෙක් වෙනුවෙන්. කෙනකුට ඒ මුදලට වෙනත් සන්නාමයක උපාංගයකින් ලැබෙන depth scanner, multi lens camera හෝ vibrant OLED screen වගේ දේවල්වලට වඩා වටිනවා වෙන්න පුළුවන්.

 බජට් වුණාට එහෙම නොපෙනෙන Galaxy A53 5G – cnet.com

මිල අධික දුරකථන අනුකරණය කරන Samsung Galaxy A53 5G

අඩු මිලක පැවතුණත් Galaxy A53 5G දුරකථනය $700ක් පමණ වටිනා Galaxy S21 FE වැනි මිල අධික Samsung දුරකථනවලින් වෙන් කර හඳුනාගත නොහැකි තරම් අපුර්ව design එකකින් සමන්විත යි. ආසන්නව මුළු මුහුණත ම ආවරණය වෙන screen එක, selfie කැමරාවට වෙන් වූ hole punch-shaped cutout එක වගේ දේවල් නිසා Galaxy A53 5G දුරකථනය Samsung සමාගම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත නිකුත් කළ බොහොමයක් දුරකතනයක් එක්ක පැටලෙන්නත් ඉඩ තියෙනවා.

මේ දුරකතනනිකුත් කිරීමෙන් සමාගම බලාපොරොත්තු වෙන අරමුණ ඉතා ම පැහැදිලි යි. high-end features ඉතාම අඩු මුදලකට පරිශීලකයන්ට ලබා දීමයි ඒ. multi-lens camera system එක ( 64-megapixel main camera, 12-megapixel ultra wide camera, 5-megapixel macro camera, 5-megapixel depth sensor) මේ උපාංගයට විශේෂ වටිනාකමක් එකතු කරනවා.  

120Hz දක්වා refresh rate එකක් සහිත ඉතා ම හොඳ වර්ණ පරාසයක් සහිත තිරයක් Galaxy A53 5G දුරකථනයට ඇතුළත් වෙනවා. සාමාන්‍යයෙන් තරමක්  මිලෙන් අධික උපාංග වලටයි මෙවැනි තිර ඇතුළත් වෙන්නේ. iPhone එක්ක මේ තිරය දෘඩාංග වශයෙන් සංසන්දනය කළොත් iPhone 13pro සහ Max  උපාංගවලට පමණයි මේ අංක අභිබවා යන්නට පුළුවන් වෙන්නේ.

සමාගම් දෙකම වෙනස් ප්‍රවේශ ඔස්සේ පරිශීලකයන් තම උපාංග වෙත අද්දවා ගන්නේ අන්න එහෙම යි. ඉතින් දුරකතනයක් මිලදී ගන්න යනකොට ඔබට සැබෑව ටම අවශ්‍ය වෙන්නේ කුමන වර්ගයේ දුරකථනයක් ද? ඔබ එයින් වැඩි වශයෙන් ලබා ගන්නා සේවා මොනවාද කියන එක කලින් තීරණය කළොත් ඔබ ගන්න තීරණය ඔබේ මුදල් නාස්තිවීම වැලක්වීමටත් එය උපකාර වේවි. 

මේ හා සබැඳි තවත් ලිපියක් පහතින් කියවන්න.

Peek Performance: 2022 වසරේ පළමු ඇපල් Event එක

 

 

කවරයේ ඡායාරූපය- Apple vs Samsung - gizbot.com 

මූලාශ්‍ර:

cnet.com

Youtube.com

Related Articles