Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සැබෑ සූර්යයාට වඩා පස් ගුණයකින් උණුසුම් චීනයේ කෘත්‍රිම සූර්යයා

ලෝකය ම කෙමෙන් කෙමෙන් ඇදීයන්නේ විශාල බලශක්ති අර්බුදයක් දෙසට යි. දැන් දැන් විද්‍යාඥයන් නව බලශක්ති ප්‍රභේද සොයා ගැනීම සඳහා විශාල උත්සාහයක් දරනවා. පසුගිය දිනෙක බලශක්තීන් සොයා යන ගමනේ නව පරිච්චේදයක් ආරම්භ වුණා. ඒ චීනයේ විද්‍යාඥයන් පිරිසක් දැඩි පරිශ්‍රමයකින් අනතුරු ව කෘත්‍රිම සූර්යයකු නිර්මාණය කිරීමත් සමඟ යි.

චීනයේ විද්‍යාඥයන් පිරිසක් වසර ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයකින් අනතුරු ව නිර්මාණය කළ එම කෘත්‍රිම සූර්යයා (artificial sun) ගැන මේ දවස්වල දැඩි කතාබහක් ඇති ව තියෙනවා. සිදු කළ නවත ම අත්හදා බැලීමකදී මේ කෘත්‍රිම සූර්යයා සෙල්සියස් අංශක මිලියන හැත්තෑවක අති දැවැන්ත උණුසුමක් වෙත ළඟාවෙන්නට හැකි වෙලා තියෙනවා.

මේ සූර්යයාගේ තියෙන තවත් විශේෂත ම ලක්ෂණයක් තමයි මේ කෘත්‍රිම සූර්යයා සැබෑ සූර්යයාට වඩා පස් ගුණයකින් උණුසුමින් වැඩි වීම. පර්යේෂකයන් “කෘත්‍රිම සූර්යයා” මිලියන 70°C ක උෂ්ණත්වයක් යටතේ තත්පර 1,056 විනාඩි 17 තත්පර 36 ක් ධාවනය කිරීමට සමත් වූ බවට South China Morning Post වාර්තා කරනවා.

 කෘත්‍රිම සූර්යයා – cgtn.com

 

මේ “කෘත්‍රිම සූර්යයා” විනාඩි 17 කට වඩා වැඩි කාලයක් සූර්යයාට වඩා පස් ගුණයක උෂ්ණත්වයකට ප්ලාස්මා ලූපයක් අධි තාපනය කිරීමෙන් නව ලෝක වාර්තාවක් පිහිටවල තියෙනවා. සැබෑ සූර්යයා තුළ ස්වභාවිකව ම සිදුවන ප්‍රතික්‍රියා අනුකරණය කරමින් “unlimited clean energy” යන ශක්තිය නිර්මාණය කිරීම සඳහා මනුෂ්‍ය වර්ගයා එක් පියවරක් සමීප කරවන nuclear fusion reaction බලය උපයෝගී කරගන්නට මේ කෘත්‍රිම සූර්යයා උපකාර වෙයි කියලා විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ වියදම් වෙලා තියෙනවා.

කොහොම වුණත් මේ දවස්වල පර්යේෂකයන් එහි සහායක තාපන පද්ධතිය වඩාත් “උණුසුම්” සහ “කල්පවත්නා” බවට පත් කරන්නට තවදුරටත් පර්යේෂණ සිදු කරමින් සිටින බවටත් වාර්තා වෙනවා. Xinhua News Agency වාර්තාවල හැටියට මේ කෘත්‍රිම සූර්යයා වඩාත් උණුසුම් සහ කල්පවත්නා බවට පත් කරන්නට මේ විද්‍යාඥයන් පිරිස nuclear fusion reaction පහසුකමක් වන Experiential Advanced Superconducting Tokamak (EAST) වැඩිදුර පර්යේෂණ සමඟින් මේ දිනවල බෙහෙවින් ම කාර්යබහුල වී ඇති බවටත් වාර්තා වෙනවා.

මොවුන්ගේ මේ නවත ම සොයා ගැනීම සැබෑ සූර්යයා බලගන්වන nuclear fusion reaction ප්‍රතික්‍රියාව අනුකරණය කරන නිසාම තමයි මේ විශිෂ්ට නිර්මාණයට කෘත්‍රිම සූර්යයා ( artificial sun) කියන නම දාලා තියෙන්නේ. මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ඉන්ධන විදියට භාවිත කරන්නේ හයිඩ්රජන් සහ ඩියුටීරියම් කියන වායූන්.

කෘත්‍රිම සූර්යයා

චීන ජාතිකයන් තමයි මේ nuclear fusion reaction පහසුකමක් වන Experimental Advanced Superconducting Tokamak (EAST) පද්ධතිය නිර්මාණය කරලා ඒක තවදුරටත් සංවර්ධනය කරල තියෙන්නෙ. කොහොමවුණත් මේක තවදුරටත් සංවර්ධනය කිරීමෙන් අනතුරුව 2006 වර්ෂයේ සිට ලොව පුරා සිටින බහුතරයක් විද්‍යාඥයන් nuclear fusion reaction ආශ්‍රිත පර්යේෂණ සිදු කරන්නට EAST භාවිත කරල තියෙනවා. මේ වෙද්දි ඔවුන්ගේ වසර ගණනාවක උත්සාහය සාර්ථක බවට කියාපාමින් මේ EAST ව්‍යාපෘතිය වැදගත් සන්ධිස්ථානයකට ඇවිත් තියෙනවා.

චීන විද්‍යා ඇකඩමියේ Plasma භෞතික විද්‍යා ආයතනයේ පර්යේෂකයකු වන Gong Xianzu Xinhua පැවසුවේ මෑතකාලීන ව සිදු කළ විශේෂ මෙහෙයුම මඟින් fusion reactor ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් විද්‍යාත්මක සහ පර්යේෂණාත්මක පදනමක් සකසනු ඇති බව යි. නැගෙනහිර Anhui පළාතේ Hefei භෞතික විද්‍යා ආයතනයේ නවතම අත්හදාබැලීම භාරව සිටි පර්යේෂකයා වූයේ Gong Xianzu යි.


චීන මෙන් ම විදේශීය විද්‍යා පර්යේෂකයන් 10,000 කට අධික පිරිසක් මේ කෘත්‍රිම සූර්යයාට (artificial sun) ජීවය දීම සඳහා පරීක්ෂණ කටයුතුවල නියැළිලා තියෙනවා. EAST මඟින් හයිඩ්‍රජන් සමස්ථානික ප්ලාස්මාවක් බවට පත් කිරීම සඳහා අතිශය ඉහළ උෂ්ණත්වයන් භාවිත කරනවා. ඒවා එකට විලයනය වීම මඟින් අති විශාල ශක්තියක් නිකුත් කරනවා.

ඩොලර් ට්‍රිලියන එකක්

ඉතින් මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ හේතුව නිසාම මේ ව්‍යාපෘතිය සඳහා චීනය දැනටමත් ඩොලර් ට්‍රිලියන එකක් පමණ වියදම් කරල තියෙනව කියල තමයි වාර්තා වෙන්නේ. එවැනි අති විශාල වියදමක් දරලා ඔවුන් විශාල අවදානමක් ගත්තත් මේ වෙද්දි ඔවුන් ඒ ගත් අවදානම සාර්ථක වෙන බවට ඉඟි ලැබෙමින් පවතිනවා.

 කෘත්‍රිම සුර්යයා ඇතුළත-Sciencealert.com

 

2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මුල් හරියේ දී ආරම්භ වුණ මේ කෘත්‍රිම සූර්යයාගේ නවත ම අත්හදා බැලීම ජුනි මාසය දක්වා පවතිනු ඇති බවටත් වාර්තා වෙනවා. Plasma භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ Song Yuntao ඔවුන්ගේ එම අත්හදා බැලීම ද නැවත වාරයක් ලෝක වාර්තාවට අභියෝග කළ බව පවසා තියෙනවා. ඔහු තවදුරටත් පවසා සිටින්නේ ඔවුන් එහි තාක්ෂණය සවිස්තරාත්මකව තහවුරු කර ඇති බවත් එය මූලික පරීක්ෂණවල සිට ඉංජිනේරු යෙදුම් දක්වා ප්‍රධාන පියවරක් ලෙස ඉදිරියට ගෙන යන බවත් ය.

විදුලිය උත්පාදනය

2040 වර්ෂය වන විට මේ ශක්තිය මඟින් විදුලිය උත්පාදනය කිරීමට ද බලාපොරොත්තු වන බව Hefei භෞතික විද්‍යා ආයතනයේ පිහිටි Plasma භෞතික විද්‍යා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Song Yuntao වැඩිදුරටත් පවසා සිටිනවා. Song Yuntao පර්යේෂකයාගේ ප්‍රකාශයට අනුව මෙය සම්පුර්ණයෙන් ම නිම වෙන්නට තවත් වසර 10ක් පමණ ගතවෙනු ඇති බව ඔහු සඳහන් කළා. එම ඉදිකිරීම්වලින් අනතුරුව ඔවුන් විදුලි ජනකය ඉදිකර 2040 වර්ෂය පමණ වන විට විදුලිය නිෂ්පාදනය කිරීමත් ආරම්භ කරනු ඇති බවටයි වාර්තා වෙන්නේ.

විදේශ මාධ්‍ය සහ විද්‍යාඥයන්ට අනුව මේ ඉදිකිරීම් සිදු කරන අතරතුර දී ඔවුන්ට පැන නඟින ප්‍රධානතම අභියෝග දෙක තමයි උෂ්ණත්වය මිලියන 100°C ඉක්මවීම සහ දිගු කාලයක් මේ පද්ධතිය ස්ථාවර මට්ටමක ක්‍රියාත්මක කරවීම. ඉතින් මීට පෙර පැන නැඟුණු ගැටලුවට සාර්ථක ව මුහුණ දුන්නාක් මෙන් ම ඒ අභියෝග දෙකටත් ඔවුන් ඉතා හොඳින් මුහුණ දෙනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරනවා.

කවරයේ ඡායාරූපය- චීනයේ විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කළ කෘත්‍රිම සූර්යයා - Smithsonianmag.com

මූලාශ්‍ර:

Livescience.com
Nypost.com
Smithsonianmag.com
Sciencealert.com

Related Articles