Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Asus සමාගමේ Gaming කප්පිත්තා ROG Zephyrus M GU502

Gamingවලට සහ ග්‍රැෆික් නිර්මාණ කටයුතුවලට ප්‍රිය කරන අයට NVIDIA GeForce GTX 1660 Ti එකක් සමග එන නවතම ROG Zephyrus M GU502 ලැප්ටොප් එක 16GB RAM එකක්, 1TB SSD එකක් සමග අති ප්‍රබල හැකියාවන් ඔබ සුරතට ගෙන එනවා. Razor වැනි Gaming ලැප්ටොප්වල වගේම වර්ණවත් ආලෝක පද්ධති සමග අපූරු අත්දැකීමක් විඳගන්නට හැකි වේවි.

බාහිර පෙනුම

ඉදිරිපස සහ පසුපස (asus.com)

මැග්නීසියම් මිශ්‍ර ලෝහයකින් මතුපිට සකසා ඇති මෙම ලැප්ටොප් එක සාමාන්‍ය අඟල් 15 ලැප්ටොප් එකකට වඩා 25%ක් සිහින්වත්, 45%ක් බරින් අඩුවත් සකසා තිබෙනවා. ඒ අනුව Zephyrus M GU502 හි ඝනකම මිලි මීටර් 18.9ක් සහ බර කිලෝ ග්‍රෑම් 1.9ක් වෙනවා. පියන මත ඉරි සහිත රළු ස්වභාවයක් ගෙන දී තිබෙන අතර එහි පසෙකින් ඇති ROG ලෝගෝව රත් පැහැයෙන් දිලෙනවා. පියනේ අසව්වලට මැදිව වායු කවුළු දෙකක් ඇති අතර ලැප්ටොප් එක දෙපැත්තේ ද තවත් වායු කවුළු යුගලයක් තිබෙනවා.

ඇතුල් පස ට්‍රැක්පෑඩ් එක දෙපස, කීබෝඩ් එක සඳහා අත්ල රැ‍ඳ‍ෙන ප්‍රදේශය සුමටව සහ විශේෂ ආලේපනයක් ගල්වා සකසා ඇති නිසා කිලිටි වීම්, ඇඟිලි සලකුණු ඉතිරී වීම් සිදු වන්නේ නැහැ. එහි ඇතුලත (පිටතට නොපෙනෙන මතුපිටෙහි) මී වදයක ආකාරයේ නෙරුම් යෙදීම මඟින් චැසියට අවශ්‍ය ශක්තිමත් බව ලබාගෙන තිබෙනවා. ට්‍රැක්පෑඩයට යටින් යොදන ලද දියමන්ති කැපුම පියන විවෘත කිරීමේ දී තනි ඇඟිල්ලකින් වුව කළ හැකි නිමාවක් ගෙන දෙනවා. සමස්තයක් වශයෙන් ගත් කල, මුදලට සරිලන පෙනුමක් සමග සාධාරණයක් ඉෂ්ට කොට තිබෙනවා.

තිරය

දීප්තිමත් වර්ණ (excaliberpc.com)

අඟල් 15.6ක IPS මට්ටමේ Full HD තිරය මිලි මීටර් 6.2ක් තරම් සිහින් දාරයකින් ආවරණය වී තිබෙනවා. බඳට සාපේක්ෂව තිර අනුපාතය 81% යි. නමුත් යට දාරයේ කීබෝඩ් මට්ටමේ සිට විශාල උසකින් යුතු අතර එහි මධ්‍යයේ “ROG EPHYRUS” ලෙස නම සඳහන් කොට තිබෙනවා. සාමාන්‍ය ලැප්ටොප් තිරයක 60Hz ප්‍රමාණයේ දර්ශනයන් ඇති වුවත් මෙම තිරය 240Hz තරම් ඉහළ Refresh rate එකක් දරන නිසා වඩාත් සුමට සහ සුපැහැදිලි දසුන් මවනවා.

තිරයෙහි රූප මැවෙන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය අනුව එයට ලැබෙන පණිවිඩ අනුව යි. මේ පණිවිඩවල වේගය අඩු වෙද්දී පරිගණක ක්‍රීඩාවල දී අවාසි සහගත වෙන්න පුළුවන්. නමුත් මෙම ලැප්ටොප් එකේ Response time එක මිලි තත්පර 3ක් තරම් අඩු අගයක් නිසා රූපවල සුමට බව සහ වේගවත් බව උපරිම වෙනවා.

කීබෝඩ් එක

වර්ණ රටා රැසක් (royalflushmagazine.com)

Backlit කීබෝඩ් එක වර්ණ රැසකින් යුතු යි. ඔබට අවශ්‍ය ආකාරයට එහි වර්ණ විහිදීම් වෙනස් කළ හැකි අතර Game එකට ගැලපෙන ආකාරයට FPS හෝ MOBA ලෙස එම ගේම්වල භාවිතා වන Keys පමණක් වර්ණ ගන්වා ගන්නටත් පුළුවන්. ඔබ ලැප්ටොප් එක කාර්යයාලයට රැගෙන යනවා නම් තනි සුදු වර්ණයත්, අනෙකුත් අවස්ථාවක දී අවශ්‍යතාව අනුව වෙනත් තනි වර්ණයකුත් කීබෝඩ් lightsවලට යොදන්න පුළුවන්.

ESC සහ F1-F12 යතුරු පෙළිය 4 බැගින් වෙන් කර ඇති අතර Fan speed පාලන යතුරු ද එහි Fn keys ලෙස යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් ලැප්ටොප්වල ඇත්තේ එක් Fn key එකක් පමණක් නමුත් මෙහි සාමාන්‍ය ස්ථානයට අමතරව කීබෝඩ් එකේ දකුණු පස කෙළවර Home, Page Up/Down බොත්තම් සමග ද Fn යතුරක් යොදා තිබෙනවා. කීබෝඩ් එක ඉහළ ඇති තවත් අමතර යතුරු මඟින් ශබ්ද පාලනය හා ROG ක්‍රියාකාරීත්වයන් පාලනයට අවස්ථාව සලසා තිබෙනවා. දකුණු පස ALT සහ CTRL යතුරු මැදින් Print Screen යතුර යොදා තිබෙනවා.

මෙම සැකැස්ම සාමාන්‍ය යතුරු පුවරුවකට වඩා හාත්පසින්ම වෙනස් නිසා ඔබට එය ඉගෙන ගන්න කල් ගතවනවා වගේම වෙනත් අලුත් ලැප්ටොප් ගන්නා දිනෙක මේ පුරුද්ද අතහැර ගන්නටත් අපහසු වනු ඇති.

පද්ධති පිරිවිතර

ඉදිරිපස පෙනුම (asus.com)

Windows 10 Pro ධාවනය වන ‍මේ ලැප්ටොප් එක පිරිවිතර (Specifications) අනුව මාදිලි දෙකකින් යුතු වෙනවා. එම මාදිලි දෙකෙහිම 9th Gen Intel Core i7-9750H CPU එකක් තිබෙනවා. එයට 16GB (32GB දක්වා වැඩි කළ හැකි) RAM එක සමග 1TB SSD එකත් එකතු වුණාම සුපිරි වේගයක් ලබා ගන්නට හැකි වෙනවා. GPU එකේ 6GB ධාරිතාවක් තිබෙනවා. මේවා VR සඳහා ද සහාය දක්වනවා.

Gaming ලැප්ටොප් එකක් වශයෙන් ROG Zephyrus M GU502GV මාදිලියේ ඇති NVIDIA GeForce RTX 2060 GPU එක අමතක කරන්නට බැහැ. එහි Turing architecture සමග Ray Tracing හැකියාවන් ඇති නිසා Games වඩාත් සත්‍යරූපීව අත්විඳින්නට හැකි වෙනවා. එහි Memory Speed එක 14 Gbps වෙනවා.

Trackpad එක දෙපස සුමටව සකසා තිබෙනවා (laptopmag.com)

අනෙකුත් මාදිලිය වන ROG Zephyrus M GU502GU සතුව තිබෙන්නේ NVIDIA GeForce GTX 1660 Ti ග්‍රැෆික් ප්‍රොසෙසරයක්. ග්‍රැෆික් නිර්මාණ කටයුතු කරන අය ඉලක්ක කොට සකසා ඇති මේ GPU එක වඩාත් ඉහළ මට්ටමේ නිර්මාණ පහසුවෙන්ම කරන්නට අවස්ථාව සලසනවා. Turing architecture එක, Turing Shaders, NVIDIA Ansel පහසුකම, 12 Gbps වූ Memory Speed එකක් යන වචන කිහිපය ඇසුණාම ඇඟ කිළිපොලා යනවා නේද? 

ලැප්ටොප් එකේ Cooling system එකේ මිලිමීටර් 0.1 තරම් තුනී පෙති 83කින් යුතු Fan ඇති අතර ඒවා දූවිලි නොබැ‍ෙඳන ආකාරයට සකසා තිබීම විශේෂත්වයක්. මෙහි 3.5mm mic/audio jack එකට අමතරව තවත් Mic-in Jack එකක් ලබා දී තිබෙන නිසා ඇඩැප්ටරයක් නොමැතිව තනි සහ ද්විතව jack සහිත හෙඩ්ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්. SABRE ශබ්ද තාක්ෂණය සමග 7.1 Channel ශබ්ද හැකියාවන් දරන මෙහි ගැටළුවක් වන්නේ ස්පීකර් ලැප්ටොප් එක යටින් යොදා තිබීමයි.

දෙපස පෙනුම (ultrabookreview.com)

USB 3.2 port 3ක්, HDMI, RJ45 මෙන්ම විදුලි බල සැපයුම් ඇති USB Type-C DisplayPort එකකුත් තිබෙනවා. 65W ඇඩැප්ටරය මගින් විනාඩි 66කදී 60%ක වේගවත් ආරෝපණයක් ලබා ගත හැකි අතර පූර්ණ ආරෝපණයකින් බැටරිය පැය 8ක් දක්වා භාවිතා කළ හැකියි. අන්තර්ජාල වෙළඳපොළවල මෙහි මිල රු. ලක්ෂ 3.25ක් පමණ වෙනවා.

කවරය: asus.com

Related Articles