Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සැප්තැම්බරයේ හොඳ ම Android Apps මෙන්න 

Android දුරකතනයක් භාවිත කරන ඔබට ඉතාම වැදගත් වන apps පිළිබඳ ව අපි මාස් පතා ලිපියක් අරගෙන එනවා. මේ ඒ ලිපි පෙළේ සැප්තැම්බර් මාසයේ ලිපිය යි.  මේ ලිපිය ඇතුළත මේ මාසයේ වටිනා ම වගේ ම ජනප්‍රිය apps ගණනාවක් පිළිබඳ ව විස්තර අප ඔබට ගෙන එනවා. අද ඔබට ගෙන එන ඇප්ස් අතරට ඔබේ ජංගම දුරකථනය අලංකාර කරගන්න වගේ ම ඔබ එදිනෙදා කරනා වැඩ ඉතා ඉක්මනින් සිදු කරගන්නත් හැකියාව සහ පහසුකම් ලබාදෙන apps ගණනාවක් අන්තර්ගත වෙනවා.

Link Short කරන්න ලේසියෙන් ම Sh-ort – URL Shortener

සමහර වෙලාවට අපි විවිධ appsවලින් හෝ වෙබ් අඩවි ලබා ගන්නා links තරමක් දිගින් වැඩි ඒවා වෙනවා. මේවා share කරද්දී හෝ කොහේ හෝ post කරද්දී තරමක් වැඩි characters ගණනක් තිබෙන නිසා limitations තිබෙන තැන්වලදී බාධා මතු වෙන්න පුළුවන්. විශේෂයෙන් Twitter වැනි character ලිමිට් එකක් තිබෙන සමාජ මාධ්‍ය තුළ මේ  ගැටලුව මතු වෙනවා. මේකට තිබෙන පහසුම විසඳුම වෙන්නේ URL shortener සේවාවක් භාවිත කිරීම යි. ඉස්සර නම් මේ සේවාව වෙනුවෙන් Google සමාගම ලබා දුන්නු Goo.gl  සේවාව බහුලව ම භාවිත වුණා. නමුත් පසුකලෙක Google සමාගම මෙම සේවාව නවතා දැම්මා. ඒ වෙනුවට Firebase හඳුන්වා දුන්නා.  

මේ කියන්න යන්නේ මේ link කෙටි කරන කටයුත්ත ඉතා ලෙහෙසියෙන් ඔබේ ජංගම දුරකතනයෙන් ම කරගන්න ඔබට පහසුකම සපයන app එකක් පිළිබඳව යි. Sh-ort – URL Shortener කියන්නේ ඔබට නොමිලයේ ම Play Store වෙතින් download කරගන්න හැකියාව ඇති app එකක්. මේ හරහා ඔබට ඔබේ තිබෙන දීර්ඝ links කෙටි කර ගන්න වගේම අවශ්‍ය විදිහට customize කරගන්නත් හැකියාව සැලසෙනවා. මෙගාබයිට් 5ක් පමණ වෙන මේ app එක වෙත ඔබ Google ගිණුමක් හරහා සම්බන්ධ වෙන්න ඕනේ. ඉන් අනතුරු ව මේ හරහා කෙටි කර ගන්නා සියලුම links වල ඔබට සම්පූර්ණ විස්තර මේ සේවාව හරහා බලා ගන්න හැකියාව ලැබෙනවා. Link එකේ Click count එක වගේ දේවලුත් මෙයට ඇතුළත්. 

link කෙටි කරන කටයුත්ත ඉතා ලෙහෙසියෙන් – Play.google.com  

ඔබට හරියන ම Reminder එක  

එදිනෙද ජීවිතේ වැඩ අතපසුවෙන එක නවත්ත ගන්න අපි ගොඩක් වෙලාවට Reminders භාවිත කරනවා. ගොඩ දෙනෙක් ඒ වෙනුවෙන් භාවිත කරන්නේ google calendar එකෙන් දෙන reminder පහසුකම යි.  හැබැයි ටිකක් වෙනස් වගේම වඩා පලදායි විදිහට මේ reminders ඔබට භාවිත කරන්න නම් Lock Screen Calander එක භාවිත කරන්න කියලා මං පුද්ගලිකව ම ඔබට යෝජනා කරන්න කැමතියි.  මේ හරහා ඔබට නව්‍යකරණය වූ අත්දැකීමක් දෙනවා වගේම ඔබ කැමති නම් නිතර දෙවේලේ ඔබ පවත්වාගෙන යන reminders දකින්න ඔබේ reminders lock screen එකේ දර්ශනය කරන්නට මේ හරහා ඔබට හැකියාව ලබා දෙනවා.  ඒවගේම ඔබ කැමති ලෙසකට මෙහි UI එකත් හැඩ ගස්වා ගන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබේ විශේෂ දින, උපන්දින නිවාඩු දින වගේ දේවලුත් ඔබ කැමති නම් Lock screen එක මතට ගන්න මෙය ඉඩ ලබා දෙනවා. 

App Hunt කරන්න කැමති ද?

ඔබත් මං වගේ අලුත් අලුත් apps භාවිත කරන්න, අත්හදා බලන්න කැමති කෙනෙක් ද? එහෙනම් මේ තමයි ඔබට හරියන ම app එක. සාමාන්‍යයෙන් Play Store එකේ apps උඩට එන්නේ ජනප්‍රියතාව මත. නමුත් ඔබත් කැමති නම් අලුතෙන් ම නිකුත් වෙන එතරම් බොහෝ දෙනෙක් නොදන්නා apps ගැන හැමෝට ම කලින් දැනගන්න මේ තමයි එක කරන්න පහසුම ක්‍රමය වෙන්නේ. App Hunt – Apps Store Market & App Manager  app එක දාගෙන ඔබත් එහි තියෙන apps භාවිත කරලා බලන්න. සමහර Unique වැඩ කර ගන්න ඉතා ම ගැළපෙන කුඩා apps ගණනාවක් මෙයින් ඔබට හොයා ගන්න පුළුවන්.  

 Adventures App hunterවරුන්ට  – Play.google.com  

රැ අහස ගවේෂණයට ඔබේ සහායට එන Sky Tonight 

කුඩා කාලයේ ඉඳන් ම රාත්‍රී අහස ගවේෂණය කරන්න පුරුදු වෙලා ඉන්න මට මේ යෙදුමත් ලොකු උදව්වක් බවට පත් වුණා. රාත්‍රී අහසේ දීප්තිමත් තරු ගැන දැන ගන්න, ලස්සන තරු රටා අපුර්ව විදිහට දැක බලා ගන්න මේ app එක ඔබට සහාය දෙනවා. ඔබට කරන්න තියෙන්නේ අදාළ permission මේ යෙදුම වෙත ලබා දීලා ඔබේ දුරකථනය අදාළ තරුව දෙසට එල්ල කිරීම පමණයි. මේ යෙදුම බොහෝ විට ඔබේ කුඩා දරුවන්ට මේ විශ්වයේ අපුර්වත්වය ගවේෂණයට සහාය වෙන බව මට විශ්වාස යි. 

ඔබේ දුරකතනය හැඩ කරන Wallpaper apps 

Smartphone එකක් භාවිත කරන ඕනෑම කෙනකුට Wallpaper app එකක් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.  සාමාන්‍යයෙන් ඔබ දවසේ වැඩි කාලයක් ගෙවන්නේ ජංගම දුරකථනය එක්ක නම් මේ app ඔබට අලුත් අත්දැකීමක් එක කරන බව අපිට විශ්වාසයි. 

1.Radia Walls 

ඔබ ප්‍රිය කරන්නේ ගොඩක් Minimalist look එකක් සහිත Wallpaper එකකට ද?  එහෙම නැති නම් Abstract look එකක් තියෙන Wallpaper එකකටද? ඒ දෙකම හොයා ගන්න හොඳම තැනක් තමයි Radia Walls කියන්නේ.  මේ app එක ඔබට මිලදී ගන්න සිදුවෙන බව මුලදී ම කියන්න ඕනේ $1.49 වගේ මුදලක් මේ වෙනුවෙන් ඔබට වියදම් කරන්න සිදු වෙනවා. හැබැයි මේකේ තියෙන wallpapers collection එක වෙන කොහෙන්වත් ඔබට හොයන්න වෙන්නේ නැති බව තමයි මෙහි Developers ලා කියන්නේ. 

 ඔබේ දුරකතනය හැඩ කරන Wallpaper apps – Screen Shots

2. Backdrops – Wallpapers

Radias Wallpaper වගේ සේවාවකට මුදල් ගෙවන්න අපහසු නම් මේ Backdrops – Wallpapers app එක ඒ වෙනුවට හොඳ ආදේශකයක් වෙන බව මට විශ්වාසයි. සම්පුර්ණයෙන් ම නොමිලයේ download කරගන්න පහසුකම් ලැබෙන මේ Wallpaper app එකෙත් ඔබට ඉතාම විශාල වගේ ම Unique Wallpaper collection එකකට දොරටු විවර වෙන බව අත්දැකීමෙන් ම ඔබට කියන්න පුළුවන්.

කවරයේ ඡායාරූපය:   shutterstock.com 

මූලාශ්‍ර:

Play.google.com 

Youtube.com 

Developers.googleblog.com 

Firebase.google.com 

Related Articles