Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆොටෝග්‍රැෆි අරඹන අයට 2018 වසරේ හොඳම DSLR කැමරා

හොඳ ෆොටෝ එකක් ගන්නට නම් ඉහළ මිල කැමරාවක් තිබිය යුතු යි යනු “හොඳට නටන්න තිබුණා, පොළොව කෙලින් තිබුණා නම්” වැනි කතාවක්. හරි ආකාරව ක්‍රමශිල්ප ඉගෙන ගත්තොත්: නිවැරදිව වස්තුවක් frame එක තුළ ස්ථාන ගත කිරීම, ISO ආදී Settings සැකසීම, වර්ණ සංයෝජනය, ඡායාරූපය ගන්නා වේලාව වැනි දේවල් නිසි පරිදි යොදාගන්නවා නම් අඩුමිල ස්මාර්ට් ෆෝන් එකකුත් ඡායාරූපකරණයට ප්‍රමාණවත් බවට වාර්ෂික ව විශාල මුදල් ත්‍යාගයක් දෙන ඡායාරූපකරණ තරග පවත්වන Mobile Photography Awards වෙබ් අඩවියේ ඇති ඡායාරූප හොඳ උදාහරණයක්.

එනිසා, විශාල මුදලක් වැය කරන්නට කලින් තමන්ගේ හැකියාවන් ඔප මට්ටම් කරගන්නට අඩු මුදලක, හොඳ කැමරාවක් මිල දී ගැනීමට උදව්වක් මේ ලිපියෙන් ඔබට ලැබෙනවා. මේ, 2018 වසරේ හොඳම, මූලික මට්ටමේ DSLR කැමරා කීපයක්.

Panasonic Lumix FZ330

හොඳ grip එකක් සහිත මතුපිටක් තිබෙනවා (expertreviews.co.uk0)

SLR සහ Point-and-Shoot ආකාරයේ කැමරා යා කරන්නක් හෙවත් Bridge camera ගණයට මෙය අයත් වෙනවා. අඟල් 3ක Touch screen එකක් සහිත තිරයක් ඇති මෙය, 10fps අගයක ඡායාරූප ගැනීමේ හැකියාවෙන් යුතු යි. 25-600mm zooming තිබෙන නිසා දුරක තිබෙන වස්තුවක් පවා හොඳින් frame පුරා සිතැඟි පරිදි යොදා ගන්නට අවස්ථාව ලැබෙනවා. නොවෙනස් වන f/2.8 aperture එක නිසා එය තවත් පහසු යි. හොඳ grip එකක් තිබෙන නිසා නොසෙල්වී අල්වා ගන්නට, විශේෂයෙන් ඡායාරූපකරණයේ මූලික මට්ටමේ අයට පහසුකම් සලසනවා. LEICA සමාගම මෙහි කාචය නිර්මාණය කර තිබෙනවා. මෙගාපික්සල් 12.1ක අඟල් 1/2.3 සෙන්සරයක් එය සතු යි. WiFi සබඳතාවන්, සීරිම් ඇති නොවන බඳෙහි නිමාව එයට තවත් අගයක් එකතු කරනවා.

Nikon D3400

මෙගාපික්සල් 24.2ක සෙන්සරයක් සහිත යි (cameralabs.com)

කළු සහ මෙරූන් පැහැයන්ගෙන් මාදිලි දෙකක් ලෙස වෙළඳපොළට එන මෙහි මෙගාපික්සල් 24.2ක සෙන්සරයක් තිබෙනවා. එමඟින් ඉහළ ගුණාත්මක බවකින් යුතු වඩාත් සවිස්තර (detailed) ඡායාරූප ලබාගන්නට හැකියි. සමාජ ජාලවල පළ කිරීමට DSLRවලින් ගන්නා ඡායාරූප ෆෝන් එකට දාගන්න පරිගණකයකුත් අවශ්‍ය වන නමුත් D3400 කැමරාව බ්ලූටූත් හරහා ෆෝන් එකේ SnapBridge ඇප් එකට සම්බන්ධ වෙමින් ස්වයංක්‍රීයව ම ඔබ කැමරාවෙන් ගන්නා ඡායාරූප ක්ෂණිකව ම දුරකථනයට එවනවා. එනිසා File transfer කිරීම් සඳහා ගතවන කාලය අවම වෙනවා. Guide Mode එක නිසා ඡායාරූපකරණයට පිවිසෙන අයට වඩාත් පහසුවෙන් ඡායාරූප ගන්නට කැමරාව විසින් ම අවශ්‍ය කටයුතු සලසා දෙනවා. මෙහි touch screen එකක් නම් නැහැ.

Canon EOS 1300D

ඉහළට එසැවෙන ෆ්ලෑෂරය (choice.com.au)

අඳුරු ස්ථානවල පවා ආලෝකමත් ඡායාරූප ලබාගන්නට 100-6400 (Extended අවස්ථාවේ දී: 100-12800) තරම් පුළුල් පරාසයක ISO අගයක් EOS 1300D ගෙන එනවා. මෙගාපික්සල් 18ක APS-C CMOS සෙන්සරයක්, 3fps Continuous shooting හැකියාවක්, සහ අඟල් තුනක 4:3 LCD තිරයක් මෙහි තිබෙනවා. චිත්‍රපටවල ගුණාමත්මක බවින් ම 1080p වීඩියෝ කරන්නට, Miniature ඡායාරූපකරණයට මේ කැමරාව වඩාත් හොඳින් ගැලපෙනවා. DIGIC 4+ ප්‍රොසෙසරය හරහා වඩාත් හොඳ වර්ණ සහ තියුණු ඡායාරූප (detailsවලින් යුතු ඡායාරූප) ගන්නට මින් හැකියාව ලැබෙනවා. NFC හරහා දුරකථනයට සම්බන්ධ වීම සහ Canon Photo Companion App එක හරහා මේ කැමරාවේ උපරිම ප්‍රයෝජනය ගන්නට උපදෙස්, අලුත් නිර්මාණ කරන්නට අදහස් ද දැනගන්නට අවස්ථාව තිබෙනවා.

Nikon D5300

තිරය හැරවිය හැකි නිසා සෙල්ෆි සඳහා ද යොදා ගත හැකියි (amazon.com)

මෙගා පික්සල් 24.2ක APS-C CMOS සෙන්සරයක් ඇති මෙම කැමරාව, ඊට පෙර ආ D5500 කැමරාවේ තිබූ ISO 25, 600 අගයයන් ම ගෙන එනවා. EXPEED 4 ඡායාරූප ප්‍රොසෙසරය සහ 39-point autofocus හැකියාවන් මේ කැමරාවේ ඡායාරූපවල ගුණාත්මකභාවය වර්ධනය කරලනවා. මෙහි touch screen එකක් නැහැ‍. GPS තිබෙන නිසා ඡායාරූපය ගත්තු ස්ථානයත් metadataවලට එකතු වෙනවා. WiFi පහසුකම් ද අන්තර්ගත නිසා SD card එක සමග ඔට්ටු නොවී ඍජුව ම ඡායාරූප පිටතට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. 1080p වීඩියෝ ලබාගන්නට මෙන්ම 5fps අගයක continuous shooting තිබෙන නිසා විශේෂ අවස්ථාවන් අත් නොහැර, ඉහළ ගුණාත්මක බවකින් කැමරාවේ සටහන් කරගන්නට අවස්ථාව ලැබෙනවා.

Sony Alpha A7 II

Viewfinder එකත් ඩිජිටල් (fstoppers.com)

අනෙක්වාට සාපේක්ෂ ව මිලෙන් ඉහළ (රු. ලක්ෂ 1.7ක් පමණ) නමුත් එම මිලට සාධාරණයක් ඉෂ්ට කරන්නට Alpha A7 II කැමරාව සමත් වෙනවා. එනිසා ඔබට එතරම් මුදලක් වැය කරන්නට බජට් තිබෙනවා නම් පසුතැවිය යුතු වන්නේ නැහැ. MILC හෙවත් කණ්ණාඩියකින් viewfinder එකට දර්ශන ලැබෙනවා වෙනුවට මෙහි තිබෙන්නේ Digital දසුන් පෙන්වන්නක්. ප්‍රමාණයෙන් කුඩා බව සහ අතට පහසු බව ආධුනිකයන්ට වාසි සලසනවා. 24.3MP full-frame සෙන්සරය, AF පද්ධතිය සහ image stabilization මෙහි ඉහළ වටිනාකමක රඳවන අතර, 1080p වීඩියෝ සහ 5fps අගයක continuous shooting කරන්නට අවස්ථාව තිබෙනවා.

Panasonic Lumix FZ72

RAW ආකාරයෙන් ඡායාරූප save කළ හැකියි (bhphotovideo.com)

Bridge ආකාරයේ සුසංහිත ආකෘතියකින් යුත් Lumix FZ72 කැමරාව අඟල් 1/2.3ක මෙගාපික්සල් 16.1ක් වූ සෙන්සරයක් ගෙන එනවා‍. 60x optical zoom අගයක් තිබෙන මෙය ඉතා දුර තිබෙන වස්තුවක් වුවත් ළඟ ඇතිවාක් මෙන් frame එක තුළට ගෙන එන්නට හැකියාව ලබා දෙනවා. RAW ආකාරයෙන් ඡායාරූප save කරන්නට මෙන්ම ආධුනිකත්වයෙන් ඔබ්බට යද්දී පුහුණු විය යුතු manual settings සැකසීම් සඳහා අවශය උපරිම සහයෝගය මෙය ලබා දෙනවා. එමඟින් විවිධ සැකසුම් වෙනස් කරමින් අත්හදා බැලීම් කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. නමුත් මෙහි Wi-Fi හෝ touchscreen නැහැ වගේ ම, resolution එකත් අඩු අගයක යි පවතින්නේ. අඟල් 3ක තිරයක්, 1080p වීඩියෝ සහ 9fps අගයක continuous shooting හැකියාවන් මෙය සතු යි.

ඔබ ඡායාරූපකරණයට පිවිසුණාට පස්සේ ගත්තු හොඳ ඡායාරූප තිබෙනවා ද? Commentsවලට ඒවාත් එකතු කරන්න අමතක කරන්න එපා.

කවරය: onthreelegs.com

Related Articles