Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඩු මිලට ගත හැකි හොඳම හෙඩ්ෆෝන්ස්: 2018

රුපියල් දෙසියයකට පමණ පේමන්ට් එකේ විකුණන්න තියෙන හෙඩ්සෙට් එකක් ගත්තාම මාස කීපයක් යද්දි එය “එක යායට මල් පීදුණු බිම් තීරේ – පාර දිගේ..” තනි කණකට පමණක් කොඳුරන්නට පටන් ගන්නවා. ඒ වගේම ඒවායේ තිබෙන ශබ්දවල ගුණාත්මක බවත් කිසිසේත් හොඳ මට්ටමක නැහැ. හොඳම හෙඩ්ෆෝන් එකක් තිස් දහස සහ ඉන් ඉහළට ඇති නමුත් අතේ තිබෙන ගාණට ගත හැකි හොඳ මට්ටමක ශබ්ද ගුණාත්මක බවක් ඇති හෙඩ්ෆෝන් තිබෙනවා.

හෙඩ්ෆෝන්ස්, In-Ear හෙවත් දුරකතනයට ලැබෙන ආකාරයේ කන් දෙකේ පමණක් රැඳවෙන හෙඩ්ෆෝන් සහ Over-Ear හෙවත් හිස වටා යමින් හිස් මුදුන මත රැඳෙන ලෙස දෙආකාරයක් සහ On-Ear ලෙස කණ මත ඍජුව රැඳෙන ආකාරයේ ද ලෙස ඇති වර්ග තුනට වෙන වෙනම ප්‍රිය කරන අය සිටින නිසා අපි වර්ග තුනෙන්ම තෝරාගත්තා. මිල උච්ඡාවචනයන්, සේවා ගාස්තු සහ අනෙකුත් හේතු මත අප සඳහන් කරන අවස්ථාවේ තිබෙන මිල ගණන් වෙනස්ව තිබිය හැකියි.

Panasonic ErgoFit RP-HJE120

rtings.com

මෙහි පෙනුම ලාබ හෙඩ්ෆෝන් එකක වගේම නමුත් ශබ්ද ගුණාත්මක භාවය අතින් ඉහළ මට්ටමක තිබෙනවා. සැලසුම iPod Nano උපාංග වෙනුවෙන් සිදුකර ඇති බව පෙනී යන අතර මෙහි වර්ණ නිල්, කොළ, රෝස, දම්, කහ, තැඹිලි, සුදු, කළු ආදී පුළුල් පරාසයක විහිදෙනවා. මෙහි වයරය තුනී නිසා ඉක්මණින් එකිනෙක පැටලීයාමට ඇති හැකියාව වැඩි අතර මයික්‍රොෆෝනයක් ද නැහැ. ජැක් එක L හැඩැති නිසා වයරය ජැක් එක අසලින් කැඩී යාම වළකිනවා. රුපියල් 3500 – 4500 පමණ හෙඩ්සෙට් එකකින් ලැබෙන විනීත ශබ්ද අත්දැකීම මෙයින්ද අත්විඳිය හැකි අතර රොක් සංගීතයට පවා හොඳින් මුහුණ දෙනවා. Ear bud එකේ ආවෘත සැකැස්ම නිසා ඔබ අසන සින්දුව චීන හෙඩ්සෙට්වල මෙන් අජටාකාශගාමීන්ට ඇසෙන්නේත් නැහැ. මෙය අන්තර්ජාල වෙළඳපොළෙහි රුපියල් 1400කට ($9) පමණ මිලදී ගත හැකියි.

JVC Flats

amazon.com

ගුවන්ගමනකදී ලැබෙන හෙඩ්ෆෝන් යුවළකට සමාන පෙනුමක් ඇති මෙය නිතර දුර ගමන්වල යෙදෙන අයට වඩාත් උචිත වන්නේ එහි ඇති නැවීමට ඇති හැකියාව නිසායි. ස්පීකර් දෙක ඉහළින් ඇති බෑන්ඩ් එක මතට යමින් උස අවම සැකැස්මකට නවා ගැනීමට හැකියි. ස්පීකර් දෙක ද වෙන වෙනම භ්‍රමණය කළ හැකි නිසා අවශ්‍ය අවස්ථාවලදී තනි ස්පීකරයක් පමණක් යොදාගන්නත් පුළුවන්. සැහැල්ලු බවින් යුතු නිසා පැළඳ සිටීමේදී හිසට අපහසුතාවක් දැනෙන්නේ ද නැහැ. මෙහි අඩුපාඩුවකට ඇත්තේ ගෙනයාමට carrying case එකක් නොලැබීම සහ මඳක් විශාල ප්‍රමාණයේ කන් තිබෙන කෙනෙක්ට සම්පූර්ණ කණ ම ආවරණය වන ආකාරයට මෙය නොරැඳීමයි. On-Ear ආකාරයේ එකක් නිසා කණ මත හොඳින් රැඳවීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙහි මිල ඇමසන්හි $10 හෙවත් රුපියල් 1579ක් පමණ වෙනවා.

Skullcandy Ink’d Wireless

gamechanger.co.ke

හෙඩ්සෙට් සඳහා හොඳ නමක් දරන SkullCandy සමාගමේ නිෂ්පාදනයක් වන, රැහැන් රහිත හෙඩ්සෙට් එකක් වන මෙය ගෙල වටා යන බෑන්ඩ් එකකින් (neckband-style) රැඳී සිටිමින් ඉන් නිකුත්වන වයර් දෙකකින් Ear-buds ලබා දෙන නිසා ශාරීරික සුවතාවන්, ක්‍රීඩාවන් ආදිය කරන අතරතුරේ පාවිච්චි කරන්නට සුදුසුයි. මේ ආකාරයේ වෙනත් හෙඩ්සෙට් එකකින් බලාපොරොත්තු නොවිය හැකි තරම් හොඳ treble සහ bass ශබ්ද මුසුවක් ගෙන එන Ink’d සතුව පැය 7ක බැටරි ආයුකාලයක් (volume 75% මට්ටමෙන්) තිබෙනවා. මෙහි Ear-buds වෙත දිවෙන වයර්වල දිග වෙනස් කිරීමට හැකියාවක් නැහැ. Play බොත්තමක්, ඇමතුම් ගැනීම සඳහා බොත්තමක්, Volume keys තිබෙන නිසා දුරකතනයට අත නොයවාම පාලනය කරන්නට පුළුවන්. ශබ්ද පාලන බොත්තම් මඳ වේලාවක් තදකරගෙන සිටින විට ඊළඟ ගීතයට මාරුවීම වැනි පහසුකම් තිබෙනවා. ඇමසන්හි රුපියල් 4700ක් හෙවත් $30කට සහ Dell Home වෙබ් අඩවියේ $50කට මෙය මිල කර තිබෙනවා.

Plantronics BackBeat 500

gottabemobile.com

සුදු, අළු සහ අඳුරු-කොළ ලෙස වර්ණ තුනකින් ඇති මෙම බ්ලූටූත් 4.1 තාක්ෂණයෙන් බල ගැන්වූ රැහැන් රහිත හෙඩ්ෆෝන් එකට අවශ්‍ය නම් වයරය ද සබඳා සාමාන්‍ය එකක් ලෙසින්ම පාවිච්චි කරන්න පුළුවන්. මෙමරි ෆෝම්වලින් ස්පීකර් ආවරණ සකසා ඇති මෙය සාමාන්‍ය ශබ්ද මට්ටම් (volume) යටතේ පැය 18ක් ක්‍රියා කරවිය හැකියි. On-Ear හෙඩ්සෙට් එකක් වන මෙය සැලසුම අනුව Beats හි $220 තරම් මිලැති Solo3 හෙඩ්සෙට් එකට තරගයක් ලෙස සකසා ඇති නමුත් එහි පැය 40ක බැටරි කාලයක් තිබෙනවා. ශබ්ද ගුණාත්මක බව අනුව සෑම අතින්ම ඉහළින් සිටින අතර බේස් සඳහා ද හොඳ හැකියාවක් දක්වනවා. මෙහි ඇති මයික්‍රොෆෝනයේ Noise cancelling නැති නිසා ශබ්ද සහිත ස්ථානවලදී එය පාවිච්චි කිරීමට මඳක් අපහසු වෙනවා. ගෙනයාමට පසුම්බියක් (carrying pouch) ද ලැබෙන මෙය ඇමසන්හි $60 හෙවත් රු. 9,480ක් පමණ වන නමුත් නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ $120ක් ලෙසයි.

Panasonic RP-HTX7

amazon.com

මයික්‍රොෆෝනයක් නැති නිසා සින්දු ඇසීමට ම පමණක්, විශේෂයෙන් පරිගණකයක භාවිතයට සුදුසු මෙය කණ වටා ආවරණය වන ආකාරයෙන් පැවතීම රස්නය වැඩි දවසක පැළඳ සිටීමට අපහසුතා ගෙන දෙන්නට පුළුවන්. නමුත් බේස්වලට වැඩි කැමැත්තක් නැති කෙනෙක්ට මෙය Treble ශබ්ද වැඩි තියුණු බවකින් ලබාදෙන නිසා හොඳින් ගැලපෙන අතර Over-the ear ආකාරයේ හෙඩ් සෙට් එකක් වශයෙන් එම වර්ගයේම අනෙක්වාට සාපේක්ෂව හැකියාවෙන් ඉදිරියෙන් සිටිනවා. පැළඳගත්තාට පසු මෙහි ශබ්දය පිටතට යාමක් ද සිදුවන්නේ නැහැ. කළු, නිල්, රෝස, රතු, සුදු ඇතුළු පුළුල් වර්ණ පරාසයක විහිදෙන මෙය $49 සිට ඉහළට මිල නියමවූ හෙඩ් සෙට් එකක්.

ඔබ දැනට පාවිච්චි කරන හෙඩ්සෙට් එකේ වර්ගය මොකක්ද? ඒක ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

කවරයේ ඡායාරූපය: futurecdn.net

Related Articles