Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වසරේ දී තාක්ෂණික ලෝකයට අලුතෙන් එක්වූ ලැප්ටොප්

2018 වසර තාක්ෂණික හැමෝටම වැදගත් වුණු වසරක්. තාක්ෂණික ලෝකයට අලුතෙන්ම එකතු වුණ laptop computers ගැන තමයි මේ කියන්න යන්නේ. සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් මිල දී ගනිද්දී අපට අවශ්‍ය කරන කාර්යය අනුව අපේ මිල දී ගැනීම් වෙනස් වෙනවා. මේ ලිපියෙන් ගෙන එන්නේ 2018 වසරේ නිකුත් වුණු, එදිනදා සාමාන්‍ය කටයුතු සඳහා භාවිත කරන සහ පරිගණක ක්‍රීඩා සඳහා සුවිශේෂි ලැප්ටොප් පරිගණක කිහිපයක් පිළිබඳව යි.

ASUS ZenBook UX310UA

ASUS සමාගම කියන්නේ ලෝකයේ laptop පරිගණක නිෂ්පාදකයින් අතරින් පෙරමුණේ ඉන්න සමාගමක්. ඔවුන්ගේ නවතම laptop පරිගණකය ලෙස ZenBook UX310UA හඳුන්වන්න පුළුවන්. 2018 වසරේ නිකුත් කෙරුණු මෙම පරිගණකය 8th-generation i3 සිට i7 දක්වා ප්‍රොසෙසර් එකකින් සමන්විත යි. DDR 4 16GB දක්වා රැම් මතක ධාරිතාවක් සහිත මෙම ලැප්ටොප් පරිගණකය 2133 MHz වේගයක් සහිත යි. ඒ වගේම ASUS Eye Care කියන විශේෂ අංගයක් සහිතව තමයි මේ පරිගණකය නිකුත් වෙන්නේ. එමඟින් ඔබේ දෙනෙත් ආරක්ෂා කිරීමට පියවර ගැනෙනවා. මෙහි බර කිලෝග්රෑම් 1.4ක් පමණ වෙනවා.

ASUS ZenBook UX310UA  ලැප්ටොප් පරිගණකය – Asus.com

MacBook Air

Apple වෙතින් අලුතෙන්ම නිකුත්වුණු MacBook Air පරිගණකය Appleවලට ආදරය කරන බොහෝදෙනෙක් නිකුත් බලාසිටි උපකරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම පරිගණකය පසුගිය MacBook Air ලැප්ටොප් පරිගණකයට වඩා තරමක් මිලෙන් අධික වුණත්, කාර්යයක්ෂමතාව අතිනුත් ඉතාම ඉහළයි. Touch id පහසුකම සහිතව පැමිණෙන මේ MacBook Air ලැප්ටොප් පරිගණකය 8th – generation intel i5 ප්‍රොසෙසර් එකකින් සමන්විත යි. සමාගම සඳහන් කරන අන්දමට පැය 12කට ආසන්න බැටරි ජීව කාලයක් එක වරක් සම්පුර්ණයෙන් ආරෝපණය කළ විට ලබා ගන්න පුළුවන්. ඒ වගේම 100% ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෝහයන්ගෙන් මෙම පරිගණකය නිමවා තිබීම විශේෂත්වයක් .

Apple වෙතින් අලුතෙන්ම නිකුත්වුණු MacBook Air – Wired.comwired.com

DELL XPS 15 / XPS 13

DELL සමාගමෙන් නිකුත් කරන ඔවුන්ගේ නවතම පරිගණකය ලෙස XPS 15 සහ 13 හඳුන්වන්න පුළුවන්.  XPS 15 පරිගණකය 8th Generation Intel i9-8950 HK ප්‍රොසෙසර් එකක් තෙක් ලබා ගන්න පුළුවන් මෙය 4.8 GHz වේගයක් සහිතව යි පැමිණෙන්නේ.

ඒ වගේම XPS 13 පරිගණකය 8th Generation Intel i7-8550U ප්‍රොසෙසර් එකක් තෙක් ඉහළ මට්ටමක ප්‍රොසෙසර් එකක් සහිතව මිල දී ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහි වේගය 4.0 GHz පමණ වෙනවා. Screen bezel එකෙහි ප්‍රමාණය කුඩා නිසාම මේ ලැප්ටොප් බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධියට පත්වුණා.

XPS 15 / XPS 13 පරිගණක arstechnica.com

Razer Blade Pro 17

QUAD-CORE 7TH GEN INTEL i7 ප්‍රොසෙසර් එකක් සමග පැමිණෙන Razer Blade Pro 17 ලැප්ටොප් උපකරණය 2018 වසරේ නිකුත් වුණ හොඳම gaming ලැප්ටොප් අතර පෙරමුණ ගන්නවා. මේ පරිගණකය Full HD, සහ 4K ලෙසින් මාදිලි දෙකකින් ලබාගන්න පුළුවන්. 4.3GHz වේගයක් සහිත මෙම උපකරණය balanced performance සහිත පරිගණකයක් ලෙසින් හඳුන්වනවා. ඒ වගේම ඉතාම හොඳ පැහැදිලි ශබ්ද සහිත speakers වලින් ද මේ උපාංගය සමන්විත යි. පැය 3 ත් 4ත් අතර කාලයක් බැටරි ජීව කාලය පවත්වා ගන්න හැකියාවක් මේ පරිගණකය සතු යි.

Razer Blade Pro 17 ලැප්ටොප් උපකරණය razer.com

ALIENWARE 17

පසුගිය වසරේ නිකුත් වූ, පරිගණක ක්‍රීඩා සඳහාම වෙන්වූ හොඳම ලැප්ටොප් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මිලෙන් තරමක් අධික වුණත් 8th Generation Intel i7-8750H ප්‍රොසෙසර් එකකින් මේ පරිගණකය සමන්විත වෙනවා. 8GB සිට 32GB දක්වා මතක ධාරිතාවන්ගෙන් මෙය මිල දී ගන්න පුළුවන්. මේ ලැප්ටොප් එකත් DELL සමාගමේම නිෂ්පාදනයක් ලෙසින් තමයි නිකුත් වෙන්නේ. ඒ වගේම නවතම තාක්ෂණයන් සමගම vr ක්‍රීඩාවන් ක්‍රීඩා කරන්නත් මේ හරහා හැකියාව ලැබෙනවා .

DELL සමාගමේම නිෂ්පාදනයක් වන ALIENWARE 17  – idgesg.net

Cover image - wallpapercave.com

Sources: dell.com

              Apple.com

              Razer.com

              Wallpapercave.com

              Youtube.com

Related Articles