Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසා අතික්‍රමණයට සැරසෙන කෘත්‍රීම බුද්ධි සහායකයෝ

අද වන විට smart assistantලා ගැන අසා නැති කෙනෙක් නැති තරම්. ස්මාර්ට් උපාංගයක්  භාවිතා කරනවා නම්, ඒ සමග බොහෝ විට AI (කෘතීම බුද්ධියක්) සහිත smart assistant කෙනෙක් අන්තර්ගත වෙනවා. ගෙවුණු 2018 වසර කියන්නේ තාක්ෂණික ලෝකයේ විශාල පෙරළි සිදුවුණු වසරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. අද වන විට smart home කියන සංකල්පය යටතේ නිවසක ඕනෑම දෙයක් පාලන කිරීමක් දක්වා දේවල් විශාල ප්‍රමාණයක් smart assistantලා හරහා සිදුකර ගන්න පුළුවන්. මේ තාක්ෂණික සගයන් හඳුන්වා දුන් මුල් කාලයන්වල දී නම් භාවිත ගැටළු බොහොමයක් තිබුණත්, මේ වන විට ඒවායින් බොහොමයකට අතිසාර්ථක පිළිතුරු සොයාගෙන අවසන්. අපි smart assistant කෙනෙකු හා සාකච්ඡා කරන බව නොදැනෙන මටම්මට ම ඔවුන් තාක්ෂණික ව අතිශය දියුණු වෙලා.

අසන පැනයන්ට පිළිතුරු දෙන්න, ඔබ සමග කතා බහක් ගොඩනඟන්න වගේ ම ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සොයා දෙන්නත් අද වෙන කොට මේවාට හකියාව ලැබිලා තියෙනවා. අතිශය සමීප මිතුරෙකු ලෙසින් සිටිමින් කටයුතු කරන්න ඔවුන් දැනටමත් සමත්. අතිශය ජනප්‍රිය සෑම smart assistant එකක් ම වාගේ මේ වන විටත් අපහසු ප්‍රශ්න සඳහාත් පිළිතුරු ලබා දීමට තරම් හැකියාවකින් නිර්මාණය වී අවසාන යි. ඒ නිසාවෙන් ම ඔවුන්ගේ අවශ්‍ය දේ සිදුකර ගැනීමට සහ උපරිම සහාය ලබා ගැනීමට අමුතුවෙන් කාරණා දැන සිටීම අනවශ්‍ය යි. ඔබ අසන ඕනෑම පැනයක් ඔවුන්ට බොහෝ දුරකට සාර්ථක ව තේරුම් ගැනීමට සහ පිළිතුරු සැපයීමට හැකි බව google assistant ආශ්‍රිත ව  කෙරෙන පහත වීඩියෝ ව මඟින් තවදුරටත් පැහැදිලි වේවි.

වසරක් අවසානයේ හොඳම උපාංග සේවාවන් පිළිබඳ බොහෝ දෙනෙක් අවධානය යොමු කරනවා. මේ කියන්න යන්නේ, 2018 වසරේ හොඳම smart assistant ගැන යි. oupventures.com ආයතනය මෙවරත් පරීක්ෂණය සිදුකර තිබෙන්නේ, ලෝකයේ ජනප්‍රිය ම smart assistant සේවාවන් යොදාගෙන යි. ඒ amazon සමාගමේ Alexa, ඇපල් සමාගමේ Siri, Google Assistant, සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ Cortana කියන සේවාවන් යොදා ගෙන යි. ඔවුන් මේ පරීක්ෂණය Annual Smart Speaker IQ Test නමින් හඳුන්වනවා.

AI හි ප්‍රායෝගික භාවිතයන් හොඳින් තේරුම් ගැනීමට අපගේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මේ පරීක්ෂණය පවත්වා තියෙනවා. ඔවුන් smart assistant සමග යන smart speakers වෙත වැඩි අවධානයක් යොමු කරමිනුයි මෙම පරීක්ෂණය පවත්වා තිබෙන්නේ. Amazon Echo (Alexa), Google Home (Google Assistant), HomePod (Siri),  Invoke (Cortana) තමයි ඔවුන් පර්යේෂණයට භාවිතා කරලා තියෙන smart speakers වර්ග. ගියවර ඔවුන් සිදුකළ පරීක්ෂණයෙන් හොඳම සේවාව සපයන බවට හෙළිවුණේ google සමාගම යි. මෙවරත් ඔවුන් ඒ ස්ථානය රඳවා ගන්න හැකියාව ලබා ගත්තා.

භාවිත කළ ක්‍රමවේදයන්:

ඔවුන් මේ සේවාවන් වෙත ප්‍රශ්න 800ක ප්‍රශ්නාවලියක් ලබා දෙනවා. ඉන් අනතුරුව ලැබෙන පිළිතුරු සහ ප්‍රතිචාරයන් ප්‍රමිතින් දෙකක් මත පෙළගස්වනු ලබනවා.

එක් එක් ප්‍රශ්න කාණ්ඩ වෙත ලබාදුන් පිළිතුරු – loupventures.com  
  1. Did it understand what was said? (ඇසූ පැනයන් එය තේරුම් ගත්තා ද?)
  2. Did it deliver a correct response? (ඇසූ පැනයන්ට නිවැරදි ව පිළිතුරු සපයූවා ද?)

මේ පරීක්ෂණය සඳහා අසන ලද ප්‍රශ්න ප්‍රධාන වශයෙන් කාණ්ඩ 5කින් සමන්විත යි. පහත දැක්වෙන්නේ ප්‍රශ්න බෙදා ඇති කාණ්ඩ සහ ඒවා සඳහා උදාහරණ යි.

Local- Where is the nearest coffee shop?

Commerce- Can you order me more paper towels?

Navigation- How do I get to uptown on the bus?

Information- Who do the Twins play tonight?

Command- Remind me to call Steve at 2 pm today.

ඒ වගේ ම මේ ප්‍රශ්න විශේෂයෙන් ම නිර්මාණය වෙන්නේ මේ AI සේවාවන්වල හැකියාවන්, වෙනස්කම්, සහ උපරිමයන් හඳුනා ගැනීමට හැකි වන පරිද්දෙනුයි. මේ ප්‍රශ්නාවලිය අවසානයේ දී Google Home ප්‍රශ්න 800 ම නිවැරදි ව තේරුම් ගන්නට සමත් වුණා. ඒ වගේ ම 88%ක ප්‍රමාණයකට නිවැරදි ව පිළිතුරු දෙන්නත් හැකියාව ලැබුණා. The HomePod උපාංගට ප්‍රශ්නවලින් 75%කට නිවැරදි පිළිතුරු ලබා දෙන්න හැකියාව ලැබුණා.  නමුත් ප්‍රශ්න 3ක් වැරදි ලෙස අවබෝධ කර ගත්තා. Echo උපාංගය 73%කට නිවැරදි පිළිතුරු ලබා දුන් අතර, ප්‍රශ්න 8ක් වැරදි ලෙස අවබෝධ කර ගත්තා. Cortana 63% නිවැරදි පිළිතුරු ලබාදුන් අතර, ප්‍රශ්න 5ක් වැරදි ලෙස අවබෝධ කර ගත්තා.

ගියවර සිදුකළ පරීක්ෂණයන්ට සාපේක්ෂ ව සියලුම smart assistantවරු සැලකිය යුතු මට්ටමකින් දියුණු වීම් පෙන්වන බව වෙබ් අඩවියේ දත්ත පරික්ෂා කිරීම්වල දී දක්නට ලැබෙනවා. කෙසේ වෙතත්, මෙවරත් හොඳම smart assistant බවට පත්වෙන google assistant ඉදිරි කාලවල දී තවත් විශාල වශයෙන් දියුණු වෙනු ඇත යන්න යි බොහෝ දෙනෙකුගේ මතය. කෙසේ වෙතත්, ඉදිරියේ දී ඔවුන්ට 100%ක් නිවැරදි ව පිළිතුරු ලබා දෙන්නට හැකියාව ලැබේවි.

ගියවර ප්‍රතිඵල සමග සංසන්දනය- loupventures.com

ඒ වගේ ම මෙවැනි පර්යේෂණයන් හරහා ඔවුන්ගේ උපරිමයන් හඳුනාගනිමින්, ඒ මට්ටම්  අතික්‍රමණය කරන්නට වගේ ම අඩුපාඩු හඳුනාගන්නත් සමාගම්වලට විශාල සහායක් ලැබෙන බව නම් කිව යුතු ම යි.

කවරය - lnttechservices.com

මූලාශ්‍රයයන්:

loupventures.com

Gadgets.ndtv.com

Youtube.com

Related Articles