Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම wireless headphone ගැන ඔබ දන්නවා ද?

තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙද්දී wireless headphone කියන්නේ අපට මේ වෙද්දී ඉතාම සුලබ ව දැකගන්න ලැබෙන දෙයක්. වඩා හොඳ Sound quality එකක්, noise cancellation වගේම, පැය ගණනාවක් වුණත් අපහසුවකින් තොරව headphone එක පැළඳගෙන ඉන්න හැකි මට්ටමට අද අපි කතා කරන headphone නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඉතින්, සාමාන්‍යයෙන් තරමක් හොඳ wireless headphone එකක් මිල දී ගන්න ඔබට තරමක් වැඩි මුදලක් වැය කරන්න නම් සිදුවෙනවා. ඒ මුදල ඔබට වැය කරන්න හැකි නම්, ඔබට මිල දී ගන්න පුළුවන් උසස් මට්ටමේ wireless headphone කිහිපයක් පිළිබඳව යි මේ සටහන. 

Bose Noise Cancelling Headphones 700 (Best overall)

Best overall headphones නම් Bose- theverge.com 

Bose සමාගම තමන්ගේ සමාගම් සන්නාම නාමය ගොඩනඟා ගන්නෙම noise-canceling headphones මත කිව්වොත් නිවැරදි යි. Bose සමග තරග වදින Sony සමාගම ඇතුළු headphones නිෂ්පාදනය කරන අනෙක් සමාගම් noise-canceling පිළිබඳව Bose සමාගම සිටින මට්ටම වෙත ළංවීමට දරන උත්සාහය අතිශය ප්‍රශංසනීය යි. නමුත්, අද වෙනතුරුත් Best overall headphones නම් බොහෝ විට ලබා දෙන්නේ Bose සමාගම බව නම් නොරහසක්. Bose Noise Cancelling Headphones 700 සහ Bose සමාගමේ QuietComfort 35 විදෙස් රටවල, නිතර ගුවන් යානා මඟින් ගමන් කරන්න හෝ උමං දුම්රිය මඟීන් අතර අතිශය ජනප්‍රිය headphone මාදිලි බවට පත්ව තිබෙනවා. අපහසුවකින් තොරව මුළු ගමන පුරාවටම පැළඳ ඉන්න හැකි මෙම මාදිලි දෙක අතුරින් Bose Noise Cancelling Headphones 700 මාදිලිය වඩාත් ආකර්ෂණීය ලෙසින් නිමවා ඇති බව යි භාවිත කරන්නන් සඳහන් කරන්නේ. ඒ වගේම සම්පුර්ණයෙන්ම නව්‍ය වූ හැඩයන්ගෙන් නිර්මාණය වී තිබෙන “Headphones 700” අනෙක් මාදිලියට වඩා තරුණයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මේ headphone එක සතුව පවතින විශිෂ්ට noise-canceling තාක්ෂණය මෙහි ජනප්‍රියත්වය වඩා වැඩි කරවන්නට එක් හේතුවක්. මෙහි තිබෙන සුවිශේෂී ගුණාංග අතරට එකවර device 2ක් connect (simultaneously) කිරීමේ හැකියාවත් සඳහන් නොකරම බැහැ. 

සරල උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, හිතන්න ඔබ laptop පරිගණකය හා දුරකතනය සමග වැඩ කරමින් ඉන්නවා කියලා ඔබට හැකියාව තිබෙනවා. පරිගණකය ඔස්සේ යම් දෙයකට සවන් දෙන අතරේ ඔබේ headphone එකේ සම්බන්දතාවය පරිගණකයෙන් දුරකතනයට මාරු නොකර, එක්වරම ජංගම දුරකතනයට පැමිණෙන call එකක් answer කරන්නත් ඔබට පුළුවන්. 

මීට අමතරව මෙහි තිබෙන Noise Cancelling level ඔබට කැමති පරිදි වෙනස් කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. සාමාන්‍ය භාවිතයන් හි දී  පැය 20ක පමණ බැටරි ආයු කාලයක් රඳවාගන්න Bose Noise Cancelling Headphones (NCH700s) එකට පුළුවන්. සාමාන්‍යයෙන් රැහැන් රහිත Headphoneවල voice call quality එක තරමක් අඩු වීම සුලබ ව සිදුවන දෙයක්. නමුත්, bose සමාගමේ නිෂ්පාදකයින් NCH700s නිර්මාණයේ දී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මෙහි මිල වෙන්නේ ඇමරිකානු ඩොලර් 399 වගේ මුදලක්. 

Sennheiser Momentum 3 (Best sound quality)

Sound Quality උපරිමයෙන් ඔබට Sennheiser Momentum 3- theverge.com 

Wireless Headphone එකක් තුළින් Sound Quality උපරිමයෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, මේ උපාංගය ඔබ වෙනුවෙන්ම යි. Sennheiser සමාගම කියන්නේ ශබ්ද පාලනය සහ ඒ හා සම්බන්ධ උපාංග නිෂ්පාදනය වෙනුවෙන් විශිෂ්ටතම නාමයක් හිමි කරගෙන සිටින සමාගමක්. ඔවුන්ගේ නිෂ්පාදනයක් ලෙසින් එළිදැක්වෙන Momentum 3 කියන්නේ Sound Quality එක අතින් උපරිම තලයේ තියන්න පුළුවන්  Headphone එකක් කිව්වොත් නිවැරදි යි. Sennheiser සමාගමේ තුන්වන පරම්පරාවේ (third-gen) Momentum headphone කියන්නේ කනට කිසිදු අපහසුවකින් තොරව පැළඳ ඉන්න පුළුවන් leather ear pads දෙකක් සහිත උපාංගයක්. ඒ වගේම Sennheiser සමාගමේ අනන්‍යතාව බවට පත් වෙන සුපැහැදිලි, ගැඹුරු Sound Quality එකක් පවතින Momentum headphone එක දිගහැරිය විට ඉබේම බල ගැන්වීමට නිර්මාණය කර තිබෙනවා. මේ headphone එක සම්බන්ධ කර video නරඹන විට audio delay එකක් සිදුනොවන මට්ටමට මෙය නිර්මාණය කර තිබෙනවා. ඊට අමතරව SBC, AAC, AptX වැනි ඉතාම හොඳ codecs පරාසයක් වෙත මෙය සහාය දැක්වීම තවත් සුවිශේෂිත්වයක්. ඉහත සඳහන් කළ Bose headphone එක තරම් නොවුණත්, ඉතාම හොඳ noise cancellation, voice calls quality එකක් මෙය සතු යි. 

Sony WH-1000XM3 

Bose සමග කරට-කර එන Sony WH-1000XM3- Techradar.com 

Bose සමාගම සමග කරට කර තරග වදින Sony සමාගමේ ඉතාම හොඳ Sound quality එකක් noise cancellation එකක් සහිත wireless headphone එකක් ලෙස Sony WH-1000XM3 හඳුන්වන්න පුළුවන්. Techradar.com වැනි වෙබ් අඩවි ගණනාවක ජනප්‍රියම wireless headphone එකක් ලෙස මෙය හඳුන්වා දෙනවා. පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ නිකුත් වූ wireless headphone මාදිලියේ විශේෂත්වයන් ලෙස බරින් තරමක් අඩු වීම, වඩාත් කාර්යක්ෂම ලෙස touch controls භාවිත කිරීමේ හැකියාව වැනි දේවල් හඳුවන්න පුළුවන්. aptX HD සහ Sony LDAC වැනි හොඳ codecs පරාසයක් වෙත මෙය සහාය දැක්වීමත් මෙහි ගුණාංගයන් වෙත ඇතුළත් වෙනවා. ඉහත සඳහන් කළ අනෙක් Headphone තරම් නොවුණත්, ඉතාම හොඳ noise cancellation/ voice calls quality එකක් මෙය සතු වන බව තමයි දැනගන්න ලැබෙන්නේ. එකවරක් charge කළ පසු පැය 30ක පමණ බැටරි ආයු කාලයක් රඳවාගන්න මෙයට හැකියාව තිබෙනවා. මීට අමතරව ඉතාම ඉක්මනින් බැටරිය ආරෝපණය කරගන්න Quick Charge mode එකකුත් මෙහි ඇතුළත් වෙනවා. 

අනෙක් තරගකරුවන් 

ඉහත දැක්වූ උපාංගවලට අමතරව Microsoft සමාගමේ Surface Headphone එකත් ඉතාම හොඳ මට්ටමේ  wireless headphone එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉහත අපි සඳහන් කරපු උපාංගයන්ට වඩා මිලෙන් තරමක් අඩුවීම නිසාත්, ආකර්ෂණීය ව නිමවා තිබීම නිසාත් තරුණයන් අතර මෙය ඉතා ඉක්මනින් ප්‍රචලිත වෙන්න අරන්. මේ කාණ්ඩයට අයත් වන තවත් උපාංගයක් ලෙස Bowers & Wilkins PX7 headphone එක හඳුන්වන්න පුළුවන්. පැය 30ක පමණ බැටරි ආයු කාලයක් දරන මෙහි, sound quality එක පිළිබඳව  ප්‍රසිද්ධ තාක්ෂණික දැනුම බෙදා දෙන වෙබ් අඩවි ගණනාවකින් පැසසුම් හිමිව තිබෙනවා. 

මේ ලිපිය හරහා ඔබව දැනුවත් කෙරෙන්නේ $300 – $400 කාණ්ඩයට අයත් wireless headphone කිහිපයක් පිළිබඳව යි. ඉදිරියේ දී එන උත්සව සමයේ තෑගී ලෙස හෝ ඔබේ පෞද්ගලික භාවිතය වෙනුවෙන් මේවා මිල දී ගන්නවා නම්, බොහොමයක් ආයතන මෙවැනි උපාංග වෙනුවෙන් විශාල වට්ටම් දෙසැම්බරයේ  ලබාදෙන බව අපි ඔබට මතක් කරන්න කැමති. මීට අමතරව මේ කාණ්ඩවලට අයත් වන වෙනත් wireless headphone ගැන ඔබ දන්නවා නම් ඒ ගැන අදහස් පහළින් comments ඔස්සේ අපට කියන්න. 

මූලාශ්‍රයයන්: 

Theverge.com 

Whathifi.com 

Bowerswilkins.com 

Techradar.com 

කවරයේ ඡායාරූපය- Theverge.com 

Related Articles