Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 වෙනුවෙන් නිකුත් වන තවත් පරිගණක ක්‍රීඩා 5ක්

2021 වසරේ නිකුත්වීමට තිබු වීඩියෝ ක්‍රීඩා බොහොමයක් 2022 වසරට කල් දැමීම සිදු වුණා. ඒ සියලු Games වගේ ම, සමස්තයක් විදිහට ගත්විට වීඩියෝ ක්‍රීඩාවලට සහ ක්‍රීඩා කරන හැමෝට ම ඉතාම හොඳ වසරක් විදිහට  2022 වසර හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා.  ඔබ භාවිත කරන platform එක කුමක් වුවත් ඔබට මදි නොකියන්න ක්‍රීඩා 100කට වැඩි ප්‍රමාණයක් 2022 වසර තුළ නිකුත්වීමට නියමිත යි. කලින් සතියේ මේ ගැන අපි කතා කළා. මේ එහි දෙවැනි කොටසයි. 

Gran Turismo 7

සැබෑ ලෝකයට අතිශය සාමන ලෙසින් ක්‍රියාත්මක වෙන simulation games අද වෙද්දී ලෝකයේ අතිශය ජනප්‍රියයි. කොහොම වුණත් Gran Turismo 7 කියන්නේ මේ අත්දැකීම වෙනම මානයකට අරගෙන යන්න පුළුවන් වෙන පරිගණක ක්‍රීඩාවක්. 2022 මාර්තු  මාසයේ ලෝකයට නිකුත් වෙන මේ ක්‍රීඩාව මුලින් ම PlayStation 4, PlayStation 5 වෙත තමයි එළිදැක්වෙන්නේ. පරිගණක වෙතත් එය ඉතාම ඉක්මනින් නිකුත් වීමට නියමිත ව තියෙනවා.  ඔබත් simulation ආශ්‍රිත ව car games ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ ක්‍රීඩාව පිළිබඳ ව අවධානයෙන් ඉන්න කියලා අපි ඔබට මතක් කරනවා. දැනට නම් පරිගණකවලින් ක්‍රීඩා කරන  ක්‍රීඩකයන්ට System Requirements (Minimum) තවමත් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒවා අන්තර්ජාලයට නිකුත් වුණු ගමන් ම අපි මේ ලිපිය update කරන්න බලාපොරොත්තු වෙනවා.

Sons of the Forest

Sons of the Forest කියන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි The Forest ක්‍රීඩාවේ මීළඟ වෙළුම යි.  වනාන්තරයක තනි වී තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම මත තමයි මේ ක්‍රීඩා දෙක ම පාදක වෙන්නේ. ඔබට වනාන්තරය තුළ හමුවෙන දරුණු සහ අමුතු වන සතුන්ගෙන් සහ අමුතු ජීවින්ගෙන් ඔබට ආරක්ෂා වෙන්න සිදු වෙනවා.  කොටින් ම කිව්වොත් 2022 නිකුත් වෙන Hard Survival Game එකක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා.  

මේ පරිගණක ක්‍රීඩාව සඳහා ඔබට අවශ්‍ය වෙන අවම දෘඩාංග පහසුකම් මේ විදිහට තමයි සඳහන් වෙන්නේ.

CPU: 2.4 GHz Dual Core

CPU SPEED: Info

RAM: 4 GB

OS: Windows 7

VIDEO CARD: NVIDIA GeForce 8800GT or ATI Radeon HD 3850

PIXEL SHADER: 4.0

VERTEX SHADER: 4.0

SOUND CARD: Yes

FREE DISK SPACE: 5 GB

DEDICATED VIDEO RAM: 256 MB

Sons of the Forest ක්‍රීඩාව – thetealmango.com 

Forspoken 

Forspoken  කියන්නෙත් 2022 දී එන්න තියෙන Open World – RPG වීඩියෝ ක්‍රීඩාවක්. මේක ඔබට platform කිහිපයක ම ක්‍රීඩා කරන්න පුළුවන් ලෙසයි නිර්මාණය ව තියෙන්නේ. දැනට PlayStation සහ Computerවලට මේ ක්‍රීඩාව නිකුත් කිරීමට නිර්මාපකයන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.  අපුර්ව ෆැන්ටසි ලෝක වල සිර වෙන අතරේ ම ඒවායේ හමුවෙන දරුණු සතුන් ගෙන් ජීවිතය ආරක්ෂා කරගන්නත් ඔබට එහිදී සිදු වෙනවා.  මේ ක්‍රීඩාව ඔබට කාලය ගතවීම ගැන තියෙන අවබෝධය අහිමි කරවන තරම් ම අපුර්ව ලෙසින් නිර්මාණය කර තිබෙන බව නම් කියන්නම ඕනේ.  

මේ තියෙන්නේ Forspoken ක්‍රීඩාව සඳහා ඔබට අවශ්‍ය වන අවම දෘඩාංග පහසුකම්.  තවමත් මෙහි අනෙක් දෘඩාංග අවශ්‍යතා ගැන හරි සඳහනක් අන්තර්ජාලයේ නම් නැහැ. එළඹෙන මැයි මාසයේ 24 වෙනිදා මෙය නිල වශයෙන් අන්තර්ජාලයට එක් වේවි.

Memory: 4 GB

Graphics Card: NVIDIA GeForce 510

CPU: Intel Core 2 Duo E8400

Forspoken පරිගණක ක්‍රීඩාව – ytimg.com

S.T.A.L.K.E.R. 2: Heart of Chernobyl

S.T.A.L.K.E.R. පරිගණක ක්‍රීඩා හැම එකක් ම පාහේ ක්‍රීඩකයන් ගේ මහත් ආදරයට පාත්‍ර වූ ක්‍රීඩා ලෙස හඳුන්වන්න පුළුවන්. න්‍යෂ්ටික විනාශයකින් පසුව තමයි මෙවර පරිගණක ක්‍රීඩාව ඔබට ක්‍රීඩාකරන්න ලැබෙන්නේ. Open World පරිගණක ක්‍රීඩාවක්  ලෙස නිර්මාණය වෙන මෙය 2022 වසරේ බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් ඉන්න ක්‍රීඩාවක් ලෙස හඳුවන්න පුළුවන්කමක් තියෙනවා. 2022 වසරේ අප්‍රේල් 28 වැනිදා තමයි දැනට මේ ක්‍රීඩාව නිල වශයෙන් නිකුත් වෙන දවස විදිහට දැනගන්න ලැබෙන්නෙ.

මේ තියෙන්නේ S.T.A.L.K.E.R. 2: Heart of Chernobyl ක්‍රීඩාව සඳහා අවශ්‍ය වෙන අවම දෘඩාංග පහසුකම් ඔබ S.T.A.L.K.E.R. ක්‍රීඩාවක් ක්‍රීඩා කර නොමැති නම් අනිවාර්යෙන්ම ඒවාත් ක්‍රීඩා කරන්න කියලා මතක් කරන්න ම ඕනේ. 

CPU: AMD Ryzen 5 1600X / Intel Core i5-7600K

RAM: 8 GB

OS: Windows 10

VIDEO CARD: AMD Radeon RX 580 8GB / NVIDIA GeForce GTX 1060 6GB

PIXEL SHADER: 5.1

VERTEX SHADER: 5.1

FREE DISK SPACE: 150 GB

DEDICATED VIDEO RAM: 6 GB

Dying Light 2

Dying Light 2 කියන්නෙත් මේ වසරේ නිකුත් වෙන අති සුපිරි පරිගණක ක්‍රීඩාවක්.  මෙහි මුල් ක්‍රීඩාවත් ලෝකය තුළ ජනාදරයට පත් වුණා. Open World – RPG ක්‍රීඩාවක් ලෙස නිකුත් වෙන මෙය මුල් ක්‍රීඩාවේ ආභාසය ලබා ඇති බව නම් හොඳින් ම පැහැදිලි යි. මුල් ක්‍රීඩාවේ නැති Parkour සහ stunts අලුතෙන් ම එයට එකතු වී තිබෙන අතර ම පළමු ක්‍රීඩාවට වඩා වැඩි Violence ඇතුළු ව ඇති බව නම් කියන්න ම ඕනේ. කුඩා මිනිස් ජනාවාසයන් සමඟ මුසු වෙමින් ඔවුන්ට උදව් උපකාර කරමින් තමයි මේ ක්‍රීඩාව ඔබට ඉදිරියට ගෙන යන්න තිබෙන්නේ.  ඔබ ගන්නා තීරණ ඔස්සේ මේ ක්‍රීඩාවේ ඉදිරිය තීරණය තීරණය වෙනවා.  

මේ තියෙන්නේ Dying Light 2 ක්‍රීඩා කිරීමට අවශ්‍ය අවම දෘඩාංග පහසුකම්.

CPU: Intel Core i3-9100 / AMD Ryzen 3 2300X

RAM: 8 GB

OS: Windows® 7

VIDEO CARD: NVIDIA® GeForce® GTX 1050 Ti / AMD Radeon™ RX 560 (4GB VRAM)

PIXEL SHADER: 5.1

VERTEX SHADER: 5.1

FREE DISK SPACE: 60 GB

DEDICATED VIDEO RAM: 4096 MB

කලින් සතියේ මේ ගැන පළ කළ 2022 වෙනුවෙන් නිකුත් වන පරිගණක ක්‍රීඩා 5ක් ලිපියත් කියවන්න.

කවරයේ ඡායාරූපය - Futurecdn.net 

මූලාශ්‍ර : 

Youtube.com 

systemrequirementslab.com 

Futurecdn.net 

Related Articles