Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිගණක ප්‍රොසෙසරයක Cores ගණනින් අදහස් වන්නේ කුමක්ද?

පරිගණක ප්‍රොසෙසරයක Cores ගණනින් අදහස් වන්නේ කුමක්ද?

පරිගණක මිලදී ගනිද්දී හෝ දැනට තිබෙන පරිගණකයේ වේගය වැඩි කරගන්නට අලුත් ප්‍රොසෙසරයක් හෙව්වා නම් ඔබට විවිධ ගණන්වල Cores සහිත ප්‍රොසෙසර දකින්නට ලැබී ඇති. Dual Core, Quad Core පමණක් නොව දැන් Octa Core හෙවත් 8 සහ 16 තරම් ඉහළ Cores ප්‍රමාණයක් ඇති ප්‍රොසෙසර වෙළඳපොළෙහි තිබෙනවා.

Core එකක් කියන්නේ CPU එකක්

Octa Core ප්‍රොසෙසරයක් වන i7-5960X හි අභ්‍යන්තර සැලැස්ම (pcworld.com)

Intel සමාගමේ ප්‍රොසෙසරවල Core i5, i7 ලෙස තිබෙන අගයෙන් Core අගය විස්තර වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස i5-8250U ප්‍රොසෙසරය ගතහොත් එහි තිබෙන්නේ Cores 4ක් පමණ යි. මේ නිසා ප්‍රොසෙසරයක් මිල දී ගනිද්දී එහි වෙළඳ නාමයන් වෙනුවට පිරිවිතර (specs) ගැන සොයා බැලීම වැදගත් වෙනවා.

ප්‍රොසෙසරයක් කියන්නේ තනි චිප් එකක්. එහි ඇතුලත Cores එකක්, දෙකක් (Dual), හතරක් (Quad) හෝ අටක් (Quad) තිබෙන්නට පුළුවන්. මේ Core එකකින් අදහස් වන්නේ CPU එකක් යන්න යි. සාමාන්‍යයෙන් අපි කටවහරේ දී ප්‍රොසෙසරයට CPU එක ලෙස හැඳින්වූවත්, නූතන ප්‍රොසෙසරවල ඒ අනුව, CPU වැඩි ප්‍රමාණයක් තිබෙන බව ඔබට පැහැදිලි වන්නට ඇති.

තනි ප්‍රොසෙසරයක CPU වැඩි ප්‍රමාණයක් තිබෙන විට වැඩ බෙදාගෙන කරන්නට හැකි වන නිසා තනිකඩව ලතැවෙන පැරණි ප්‍රොසෙසරයකට වඩා අද කාලයේ තිබෙන ඒවා වැඩි කාර්යයක්ෂම බවක් ලබා තිබෙනවා.

වැඩි Cores ගණනක් යනු වැඩි වේගයක් පමණක්ම නොවෙයි

බැටරි බලයට බලපානවා (wikihow.com)

Cores ප්‍රමාණය වැඩිවත්ම වේගය හැරුණු කොට තවත් දේවල් වැඩි වෙනවා.

වැඩි විදුලි බලයක්

ප්‍රොසෙසරයකට වැඩිපුර Cores තිබෙන විට ඒවාට අවශ්‍ය බල ප්‍රමාණය වැඩි වෙනවා. පරිගණකය පණ ගැන්වූවාට පසුව ප්‍රොසෙසරයේ සෑම Core එකක්ම බලය භාවිතා කරන නිසා නිතර බැටරිය මත යැපෙන ලැප්ටොප් එකකට මෙය අවාසියක් විය හැකියි.

චිප් නිෂ්පාදකයන් මෙම බල භාවිතයන් අවම කරන්නට උත්සාහ කරනවා වගේම, ලැප්ටොප්වල බැටරිය භාවිතා වන අවස්ථාවන්හි දී Performance අඩු කරමින් බැටරි බල කාලය වැඩි කරලන්නට මෙහෙයුම් පද්ධතියට හැකියාව තිබෙනවා.

වැඩි තාපයක්

උෂ්ණත්ව සංවේදී කැමරාවකින් පරිගණකයේ උණුසුම් ප්‍රදේශ දර්ශනය වන ආකාරය (wired.com)

මෘදුකාංග කිහිපයක් ධාවනය වන අවස්ථාවකදී හෝ Editing, Game එකක් වැනි තනි මෘදුකාංගයක් වැඩිපුර ප්‍රොසෙසරය පාවිච්චි කරන විට ප්‍රොසෙසරයේ Cores කිහිපයක් එක්වර භාවිතයට ගැනෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රොසෙසරයේ සමස්ත තාප මට්ටම ඉහළ නගිනවා.

ලැප්ටොප් එකක් නම් එය රත්වීම නිසා උකුලේ තබාගෙන සිටීමේ අපහසුව, රත්වීම වළක්වන්නට Fanවලට වැඩි බරපැණක් පැටවෙන නිසා ෆෑන්වලටත් බැටරි බලය වැයවීම ගැටළු සහගත විය හැකියි. 

වැඩි මිලක්?

Cores ප්‍රමාණය වැඩිවත්ම නිෂ්පාදන පිරිවැය ඉහළ යන නිසා එහි විකිණුම් මිලත් ඉහළ යනවා. මේ නිසා වැඩි Performance සහිත ප්‍රොසෙසරයක් ගැන හිතනවා නම් සාක්කුව ගැනත් හිතන්නට සිදු වෙනවා. නමුත් හැමවිටම Cores ගණන නිසාම මිල වෙනස් වන්නේ නැහැ.

උදාහරණයක් ලෙස, Intel Core i3-8100 ප්‍රොසෙසරය සතුව මෙන්ම Intel Core i5-3470 Cores 4ක් තිබෙනවා. දැන් ඔබ අනුමාන කරනවා ඇති i5 නිසා දෙවැන්නේ මිල වැඩි වන බව. නමුත් එය වැරදියි. පළමු i3 ප්‍රොසෙසරය රු. 29,500ක් පමණ වන අතර එම Cores ගණනම සහ i5 ද වන දෙවැන්න රු. 18,000ක් පමණක් වෙනවා. (ඇමසන් වෙබ් අඩවියේ මිල ගණන් අනුව යි.)

වේගය වැඩි වීමට බලපාන තවත් සාධක

කාලානුරූපව CPUවල Clock speed එක වැඩිවී ඇති ආකාරය (twimg.com)

ප්‍රොසෙසරයේ Cores ප්‍රමාණය වැඩි වන විට ඒවා අතර මෘදුකාංග බෙදාගැනීම සහ එවන් ප්‍රොසෙසරයක් සමග හොඳින් ක්‍රියා කළ හැකි පරිදි සැකසූ මෘදුකාංගයකට ඉන් උපරිම ප්‍රයෝජන ලබමින් වැඩි වේගයක් ලබාදීම කළ හැකි නමුත් ප්‍රොසෙසරයේ වේගයට බලපාන තවත් සාධක තිබෙනවා.

Clock speed එක

Clock speed හෝ Clock rate ලෙස හඳුන්වන්නේ මයික්‍රොප්‍රොසෙසරයකට තත්පරයකට ක්‍රියාත්මක කළ හැකි Cycles ගණනයි. ඉන් එහි විධාන ක්‍රියාත්මක කළ හැකි වේගය නිරූපණය වෙනවා. මෙය Hz අගයකින් දක්වනවා.

එය වැඩිවන තරමට ප්‍රොසෙසරයේ වේගය වැඩියි. Cores කිහිපයක් ඇති ප්‍රොසෙසරවල (Multi-Core) ඇති GHz අගයෙන් දැක්වෙන්නේ තනි Core එකකින් ලබා දෙන වේගය යි. එනම්, Quad-Core ප්‍රොසෙසරයකින් ඔබට Dual-Core මෙන් දෙගුණයක වේගයක් ලද හැකියි. නමුත්, වැඩි Clock speed එකක් ඇති Dual Core ප්‍රොසෙසරයකට; අඩු Clock speed එකක් ඇති Quad Core ප්‍රොසෙසරයකට වඩා වැඩි වේගයක් තිබිය හැකියි.

මෘදුකාංගවල සහාය

ලෝකයේ හොඳම වාහනය ගෙදර තිබුණත් එය පදවන්නට දැනුම හෝ ලයිසන් එකක් නැත්නම් එහි ඇති තේරුමක් නැහැ. ප්‍රොසෙසර සහ මෘදුකාංගවල තත්ත්වයත් ඒ වගේම යි. ඔබේ පරිගණකය සතුව ඉහළ Core ප්‍රමාණයක ප්‍රොසෙසරයක් තිබුණ ද ඔබ භාවිතා කරන මෘදුකාංගවලට ඒවායේ උපරිම ප්‍රයෝජනය ගන්නට නොහැකියි නම් ඔබට වැඩි වේගයක් ලැබෙන්නේ නැහැ.

නූතන මෙහෙයුම් පද්ධතිවලට තනි-තනි මෘදුකාංග Cores අතර බෙදාහැරි හැකි වුවත් Multi-threaded මෘදුකාංගයකට මෙවන් ප්‍රොසෙසර සමග වඩාත් හොඳින් කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. ඔබ ලබාදෙන විධානයන් කිහිපයක් Cores අතර බෙදා හරිමින් වැඩ ගන්නට එම මෘදුකාංග කටයුතු කරනවා. Multi-process මෘදුකාංගයක් ලෙස Chrome වලට වඩාත් ස්ථායීව කටයුතු කිරීමට හැකියාව ඇත්තේ වෙබ් අඩවියක ඇති iFrame එකක් පාසාම Process එකක් යොදවන නිසා යි.

වැඩි Core ප්‍රමාණයක් ඔබට අවශ්‍ය ද?

පරිගණකයක CPU එකක් පිහිටා ඇති ආකාරය (techterms.com)

පරිගණකයේ වේගය වැඩි කරගන්නට CPU එකක් තෝරාගනිද්දී CPU එකේ architecture එක සහ සහ ඉහත සඳහන් කළ දේවල් බලපානවා. එසේම, පරිගණකයේ RAM ප්‍රමාණය, SSD එකක් භාවිතා කිරීම යනාදිය සමස්තයක් වශයෙන් පරිගණකයේ වේගයට බලපානවා.

ඔබ පරිගණක ක්‍රීඩා සඳහා පරිගණකයක් තෝරාගන්නවා නම් අදාල පරිගණක ක්‍රීඩා මෘදුකාංගයට Multi-Core CPU එකක් සඳහා සහාය දැක්විය හැකි බව නිර්ණය කළ යුතු වෙනවා. Video/Audio Editing කරන අයට Adobe Premier Pro වැනි Multi-Core සහාය සහිත මෘදුකාංග වලින් වැඩි ඵල ප්‍රයෝජන ලැබිය හැකි යි. 

Photo Editing කරන අයට Photoshop සමග වැඩි වාසියක් ලැබෙන්නේ නැති නිසා Clock speed එක සහ RAM එක ගැන අවධානය යොමු කිරීම වඩාත් හොඳයි.

කවරය: techsiting.com

Related Articles