Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Apple Airpods වෙනුවට විකල්ප Earbuds 5ක්

ඇපල් සමාගම හඳුන්වාදුන් Airpods රැහැන් රහිත earphonesවලට නව අරුතක් ගෙන දුන්නා. එතෙක් කල් සාමාන්‍ය බ්ලූටූත් හෙඩ්සෙට්වලට සීමාවී තිබූ වෙළඳපොළ තරගකාරීව නව නිෂ්පාදන හතර වටින් ලබන්නට පටන් ගත්තා. Airpodsවල මිල අධික බව නිසාම බොහෝ දෙනෙක්ට ඒ ගැන සිතීමත් උගහට යි. ඒනිසා ඊට වඩාත් සමාන, හොඳ ගුණාත්මක බවක් ඇති නමුත් මිලෙන් සාපේක්ෂව අඩු ඒ්වා කිහිපයක් අප ඔබ වෙනුවෙන් තෝරාගත්තා.

Samsung Galaxy Buds

Charger box එක තුළ (mashable.com)

පහසුවෙන් භාවිත කළ හැකි controls, රැහැන් රහිත ආරෝපණ සහාය, Noise-canceling මයික්‍රොෆෝනයක් සහිත මේවා S සහ Note ශ්‍රේණියේ Samsung උපාංග සමාග වඩාත් ඉක්මණින් Pair කරන්නටත්, Sync කරන්නටත් හැකියි. බාහිරින් Touch කළ හැකි බව වැනි Apple Air podsවලට වඩාත් සමානකම් දරමින් කරට කර සිටින්නට මෙය සමත් වෙනවා.

Samsung සමාගමේ වෙනත් ඉදිරිපෙළ උපාංග මෙන්ම Galaxy Buds ද ශබ්ද නිෂ්පාදනවලට නම් දරන AKG සමාගමේ තාක්ෂණයෙන් සවිබල ගන්වා තිබෙනවා. සමබල noise profile එකක් සහ සිත්ගන්නාසුළු bass ශබ්දවලින් පරිපූර්ණ යි. Galaxy Wearables ඇප් එකෙන් equalizer පාලනය හා sound modes යෙදීම, Earbuds ටච් කළාම දක්වන ප්‍රතිචාරය වෙනස් කිරීම ආදී මෙහි සැකසුම් කරමින් තමාට රිසි පරිදි එය හැඩගස්වා ගන්නට හැකියි. ආරෝපණය කරගත් විට පැය හයක භාවිතයත්, Earbuds අසුරණයේත් බැටරියක් ඇති නිසා තවත් පැය 7ක ආරෝපණයක් ලබා ගත හැකිවීමත් විශේෂත්වයක්.

Charger box එකත් රැහැන් රහිතව S10 දුරකතනය මත තබා වුවත් ආරෝපණය කළ හැකියි (9to5google.com)

සම්පූර්ණයෙන්ම කණෙහි රැඳී අභ්‍යන්තරයට පිවිසෙන නිසා Apple Air pods මෙන් නොව, බාහිර ශබ්ද ඇසීම වළකිනවා.‍ මේ නිසා බාහිර ලොවෙන් ඈත්වීම සිදුවන නිසා ඇතැමුන්ට එය බාධාවක් වනු ඇති. එසේම නිවසින් බැහැරව පාවිච්චි කරද්දී බාහිර අනතුරකින් ආරක්ෂා වීමේ දී එය ගැටළුවක් විය හැකියි. කණෙන් ‍නොදැනුවත්ව ගිලිහී අස්ථානගත නොවන නිසා සහ බාහිර ශබ්දවලින් මිදී සංගීත ලෝකයේ තනිවීමට ප්‍රිය කෙනෙක්ට මෙය හොඳ තෝරාගැනීමක් වනු ඇති.

Treblab X5

ආම්පන්න කට්ටලය (nerdtechy.com)

Apple airpods කණෙන් ගිලිහීමට ඇති ඉඩකඩ නිසා ශරීර සුවතා ක්‍රියාකාරකම් හෝ එළිමහන් ව්‍යායාම ආදියට ඇතැමෙක්ට අපහසුතා ගෙන දුන්නත් Treblab X5 එම ගැටළුව මඟහරවනවා. පෙනුමෙන් Airpodsවලට සමාන නමුත් කණෙහි රැ‍ඳ‍ෙන කොක්කක් වැනි සැකැස්මක් තිබෙන නිසා ගිලිහීමට ඇති අවස්ථාව අවම කරගන්නවා. සැහැල්ලු බව සහ කුඩා සැකැස්ම නිසා දිගු කාලයක් පැළඳගෙන සිටීමේ දී ඇතිවන අපහසුතා අවම වෙනවා.

ජලය සහ දහඩියට ඔරොත්තු දීම (IPX 4), පැය 6ක බැටරි ආයු කාලයක්, Charging case එක සමග තවත් වාර 4ක් ආරෝපණය කරගත හැකි වීම, Siri සඳහා ද සහාය දක්වන නිසා ඇන්ඩ්‍රොයිඩ් මෙන්ම ඇපල් උපාංග සඳහා ද යොදා ගත හැකි වීම මෙහි විශේෂත්වයන් වෙනවා. හොඳ bass ශබ්ද, ඉහළ volume එකක් හා ප්‍රමාණවත් noise ඉවත් කිරීමකට මෙයට හැකියාව තිබෙනවා. කළු සහ සුදු වර්ණවලින් වෙළඳපොළට නිකුත් කර ඇති මෙය වෙළඳ වෙබ් අඩවිවල $65 (රු. 11,400) පමණ අගයකට මිල කර තිබෙනවා.

JLab JBuds Air

Charger box එක තුළ බහා ඇති ආකාරය (netdna-ssl.com)

ඉහළ ගුණාත්මක බවකින් යුත් අඩු මිල උපාංගයක් වශයෙන් හැඳින්විය හැකි මෙය ඉහළ මිල උපාංගයන්හි දකින්නට ලැබෙන විශේෂාංග කිහිපයක්ම ගෙන එනවා. මෙහි ද Touch controls ඇති නිසා සින්දු මාරු කිරීම, ශබ්ද පාලනය සහ Smart Assistant සක්‍රීය කරවීම ආදිය කරන්නට පුළුවන්.

Charging case එකෙන් ඉවතට ගනිත්ම මේවා ස්වයංක්‍රීයව පණ ගැන්වෙනවා. එවිට දුරකතනය සමග ක්ෂණිකව සබැඳීමට හැකි වෙනවා. Bluetooth 5.0 ඇති නිසා  Bluetooth 4.2 උපාංගවලට වඩා වේගවත් බවක් සහ sync වීමේ ගැටළු වළකනවා. වරක් ආරෝපණය කිරීමෙන් පැය 4ක් දක්වා භාවිතා කළ හැකි අතර Charging case එකෙන් ද අමතර පැය 10ක් ලබා ගත හැකියි.

සැහැල්ලු බව, හොඳින් කණෙහි රැඳීම හා IP55 හෙවත් දහඩියවලට ප්‍රතිරෝධී වීම මෙහි ඇති විශේෂත්වයන් වෙනවා. මේ නිසා එළිමහනේ සහ ව්‍යායාම කරද්දී වුවත් පළඳින්නට හැකියි. එය සමග ලැබෙන මුදු ආකාර රඳවන සහ eartipsවලින් අවශ්‍ය පරිදි සකසා ගත් විට දිගු කාලයක් පැළඳ සිටීමේදී ඇතිවන අපහසුතාවන් මගහැර ගත හැකියි. අන්තර්ජාල වෙළඳපොළෙහි මේවා $49 (රු. 8,600) පමණ මිලකර තිබෙනවා.

SoundPEATS TrueFree+

Charger box එක අනෙක්වාට සාපේක්ෂව විශාලයි (rtings.com)

Touch controls සහිත SoundPEATS TrueFree+ earbuds සින්දු Play/pause හෝ skip කරන්නට අවස්ථාව ලබා දෙනවා. Bluetooth 5.0 මෙය වේගයෙන් සහ ඉතාම පහසුවෙන් දුරකතනය හෝ වෙනත් බ්ලූටූත් උපාංග සමග සම්බන්ධ වෙනවා. පැය 4ක බැටරි ආයු කාලයක් ඇති අතර Charging case එකත් සැකැස්මෙන් කුඩා නමුත් වේගවත්ව 10වරක් පමණ Earbuds යළි පූර්ණ-ආරෝපණය කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා.

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ඒවා එකිනෙකින් වෙන්ව ස්වාධීනව කටයුතු කිරීමයි. මේ නිසා වාහනයක යද්දී දුරකතන ඇමතුම් ගැනීමට අවශ්‍ය නම් අතීතයේ තිබූ බ්ලූූටූත් උපාංග වගේ තනි කණක පමණක් පැළඳිය හැකියි. ඇමතුම් ගැනීම, සින්දු මාරු කිරීම, Voice Assistant සමග කටයුතු කිරීම ආදිය කළ හැකි අතර ඔබ එකක් පමණක් පැළඳ ඇති බවට එයට තේරුම් ගන්නටත් හැකියාව තිබෙන නිසා Mono ශබ්ද බවට පත් වෙමින් සින්දු ඇසීම ද පහසු කරවනවා. ඉන් ලැබෙන තවත් වාසියක් වන්නේ බැටරි ඉතිරි කරගත හැකි වීමයි. වරකට එකක් බැගින් පළඳිමින් පැය 8ක් දක්වා එක දිගට පාවිච්චි කරන්නට හැකි වෙනවා.

පහසුවෙන් ඕනෑම කෙනෙක්ගේ කණෙහි රැඳ‍ෙමින් හොඳ ශබ්ද මාධූර්යයන් ගෙන එනවා. සංගීතඥයන්, ශබ්ද සංස්කාරකයන් පාවිච්චි කරන In-ear monitors නමැති ඉහළ ගුණාත්මක බවක් ඇති උපාංග තරම් සවිබලයක් නැති නමුත් සාමාන්‍ය භාවිතයට මෙය ප්‍රමාණවත්.

Soundcore Anker Liberty Air

බාහිර ශබ්ද වළකනවා (reviewgeek.com)

පවර් බෑන්ක්, කේබල් ආදියට නම් දැරූ Anker වෙතින් ඔවුන්ගේ Soundcore වෙළඳ නාමය යටතේ එන මෙය පෙනුමෙන් බොහෝ දුරට Apple Airpodsවලට සමාන යි. පැළඳිවිට කනෙන් පිටතට පැමිණෙන දිගු නටුව එයට හේතු වෙනවා. නමුත් මෙය In-ear ආකාරයේ නිසා වඩාත් හොඳ ශබ්ද ගුණාත්මක බවක් ලබා දෙමින් බාහිර ශබ්ද කණට පිවිසීම අවම කරවනවා.

වරක් ආරෝපණයෙන් පැය 5ක් භාවිතා කළ හැකි අතර Airpodsවලටම සමාන සහ කුඩා බෑගයක හෝ සාක්කුවේ පවා පහසුවෙන් ගෙන යා හැකි Charging case එකෙන් වැඩිපුර පැය 15ක් ලබා ගත හැකියි. මේ සමග ලැබෙන ප්‍රමාණයන් තුනක Ear tips නිසා ඔබේ කණට වඩාත් ගැලපෙන ප්‍රමාණය යොදා සකසා ගත හැකියි. ඉහළ මිල හෙඩ්සෙට්වල මෙන් වැඩි ශබ්දයක් මින් නොනැ‍ගෙන නිසා දුරකතන ඇමතුම්, පොඩ්කාස්ට්, සාමාන්‍ය සින්දු රසවින්දනයක් සඳහා මෙය උචිත වෙනවා. අන්තර්ජාල වෙළඳපොළ මෙයට $80 (රු. 14,100) පමණ මිලක් ලබා දෙනවා.

කවරය: rtings.com

Related Articles