Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වේගවත්ම Supercomputers 5ක්

මහා පරිමාණයේ ගණනය කිරීම් සඳහා අපි නිවෙස්වල, කාර්යාලයේ භාවිත කරන පරිගණක වලට වඩා ඉතා විශාල සවිබලයකින් යුත් පරිගණක අවශ්‍ය වෙනවා. කොහොමටත් අපි පාවිච්චි කරන පරිගණක කොතරම් “වේගවත්” ද කියනවා නම් On වෙලා වැඩක් පටන් ගන්න හදද්දි ඔෆිස් නිමාවෙන වෙලාවත් කිට්ටු වෙලා. ගෙදර ඇවිත් ගෙදර පරිගණකයේ වෙබ් බ්‍රවුසරය open වෙද්දි පහුවෙනිදා වැඩට යන්න වෙලාව හරි. ඉතින් මේ අපි එදිනෙදා දකින පරිගණක වගේ මිලියන ගණනක වේගයකින් යුත් විශේෂයෙන් සකසන ලද හොඳම සුපිරි පරිගණක කිහිපයකුයි මේ.

Supercomputer එකක් කියන්නේ තත්ත්පරයකට කරනු ලබන ගණනය කිරීම් ප්‍රමාණය අති ඉහළ, විශේෂයෙන් සකසන පරිගණක විශේෂයක්. මේවායේ වේගය තීරණය කරනු ලබන්නේ පෙටාෆ්ලොප් (PFLOPS) වලින්. ඒ කියන්නේ, තත්පරයකට කරන ගණනය කිරීම්වල 105  අගයයකින්.

5. ඇමරිකාවේ Titan

bbci.co.uk

ඩොලර් මිලියන 97ක මුදලක් වැය කොට ගොඩනැගූ ටයිටන් පරිගණකය 2012 වර්ෂයේ අග භාගයේ දී ස්ථාපිත එකක්. එරට ජාතික ඕක් රිජ් පර්යේෂණාගාරයේ තබා ඇති මෙය ප්‍රධාන වශයෙන්ම විද්‍යාත්මක පර්යේෂණ සඳහායි යොදා ගන්නේ. පෙටාෆ්ලොප්ස් 27ක උපරිමයක් ඇති මෙය AMD ප්‍රොසෙසර යොදා තැනූ එකක්. Cray Linux මෙහෙයුම් පද්ධතිය යොදා Nvidia Tesla K20X ග්‍රැෆික් ප්‍රොසෙසර, ගිගාබයිට් 693ක රැම් ධාරිතාවක්, සහ පෙටාබයිට් 40ක මතක ධාරිතාවකින් මෙය සවිබල ගන්වා තිබෙනවා. GPU භාවිත කරන ලද ලොව ප්‍රථම සුපිරි පරිගණකය ලෙස මෙය ඉතිහාසගත වෙනවා..

4. ජපානයේ Gyoukou

kyodonews.net

2017 වර්ෂයේ සිට ක්‍රියාවේ යොදවා ඇති මෙම සුපිරි පරිගණකය ජපන් Marine-Earth Science and Technology නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනවා. දියර ගිල්වුම් ක්‍රමවේදයක් හරහා සිසිලනය කොට ඇති මේ පරිගණකයේ බල කාර්යයක්ෂමතාව හොඳ මට්ටමක තිබෙනවා. ටෙරාබයිට් 575.55ක රැම් ධාරිතාවක් ඇති මෙය පෙටාෆ්ලොප් 28.19ක වේගයක් දරනවා. ලිනක්ස් බෙදාහැරුමක් වන CentOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන මෙම පරිගණකයෙහි cores 19,840,000ක් යොදා තිබෙනවා.

3. ස්විස්ටර්ලන්තයේ Piz Daint

sciencesprings.wordpress.com

ඇල්ප්ස් කඳු වැටියේ ඇති කන්දක නමින් නම් කර ඇති මෙම පරිගණකය ස්විස්ටර්ලන්තයේ ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන්නක්. 2015 පමණ කාලයේ දී මෙය 8වැනි තැන තිබුණත් ඉන්පසු සිදු කරන ලද වැඩිදියුණු කිරීම් නිසා මෙය මේ වන විට තෙවන ස්ථානයට පත්ව තිබෙනවා. විදුලිය කාර්යක්ෂමව භාවිත කරන Piz Daint පරිගණකය Intel Xenon ප්‍රොසෙසර වලින් සහ Nvidia Tesla P100 ග්‍රැෆික් ප්‍රොසෙසර වලින් බලගන්වන ලද්දක්. Cray Linux ධාවනය වන මෙය ටෙරාබයිට් 340.48ක රැම් එකකින් හා පෙටාබයිට් 2.5 දත්ත ධාරිතාවකින් යුක්තයි.

2. චීනයේ Tianhe-2

wikimedia.org

2013 සිට 2015 වර්ෂය වන තෙක් වේගවත්ම පරිගණකය ලෙස කිරුළු පැළඳ සිටි මෙය චීනයේ ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය සතු එකක්. ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් 1300කගේ පමණ සහභාගීත්වයෙන් නිමැවුණු මෙයට ඇමරිකන් ඩොලර් බිලියන 390ක් වැයකොට තිබෙනවා. Computer Simulation, විශ්ලේෂණ සහ රජයේ ආරක්ෂක කටයුතු සඳහා මෙම පරිගණකය යොදා ගන්නා අතර Kylin Linux ධාවනය වන මේ පරිගණකයේ Intel Xeon ප්‍රොසෙසර භාවිත කොට තිබෙනවා. ටෙරාබයිට් 1375ක රැම් එකක් සහ පෙටාබයිට් 12.4ක දත්ත ධාරිතාවක් මෙය සතුයි.

1. චීනයේ Sunway TaihuLight

time.com

මේ වන විට ලොව වේගවත්ම පරිගණකය ලෙස නම් දරන මෙයට හිමිකම් කියන්නේ චීනය යි. 2016 සිට ක්‍රියාකාරීත්වයේ ඇති මෙම පරිගණකය ද එරට ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය විසින් එම පරිශ්‍රයේම තබා පාලනය කරනවා. තෙල් පිරික්සීම්, විද්‍යාත්මක පර්යේෂණ, කාර්මික සැලසුම්, කාලගුණ පුරෝකථන ආදිය සඳහා යොදා ගැනෙන මෙම පරිගණකය තැනීමට ඇමරිකන් ඩොලර් මිලියන 273ක් වැය කොට තිබෙනවා. තත්පරයට ටෙරාබයිට් 5590ක් තරම් දත්ත සංසරණ වේගයක් ඇති පෙටාබයිට් 1.31ක රැම් ධාරිතාවක්, පෙටාබයිට් 20ක දත්ත ගබඩා ධාරිතාවක් මෙහි අඩංගුව තිබෙනවා. ලිනක්ස් මත පදනම්වූ Sunway RaiseOS නම් විශේෂිත මෙහෙයුම් පද්ධතිය මෙහි ධාවනය වෙනවා.

අනුස්ථිති මූලාශ්‍රය: top500.org

කවරයේ ඡායාරූපය: ලුසී චිත්‍රපටය (artofvfx.com)

Related Articles