Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Galaxy Foldable අබිබවන්නට එන Motorola Razr 2019

Smartphone අද වෙද්දී ඉතාම වේගයෙන් නූතන තාක්ෂණය සමග දියුණු වෙමින් පවතිනවා. විවිධ සමාගම් විවිධාකාරයෙන් ඔවුන්ගේ දුරකතන ආකර්ෂණීය මෙන්ම නවමු එළඹුමකින් නිමවන්නට පෙළඹෙන්නේ පාරිභෝගික ඉල්ලීම්, අපේක්ෂාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගනිමිනුයි. Foldable දුරකතන නිර්මාණය වෙන්නෙත් මෙවන් හේතු සාධක පදනම් කරගෙන යි. Tab එක සහ දුරකතනය යන උපාංග දෙකක් වෙනුවට, කාර්යයන් දෙකම ඉටුවන පරිදි එක් උපාංගයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ යි. 2019, Foldable වර්ෂය ලෙස හැඳින්වීමට හැකි වෙන්නෙත් සමාගම් රාශියකින්ම ෆෝල්ඩබල් තාක්ෂණික සංකල්පය යටතේ ජංගම දුරකතන නිර්මාණය කළ නිසා යි. Royole Flexpai උපාංගයේ සිට Samsung Galaxy Foldable, Huawei Huawei Mate X, Motorola Razr v4, TCL foldable Phone වගේ ජංගම දුරකතන මාදිලි ගණනාවක් පිළිබඳ මේ වසර තුළ දී කතා බහට ලක් වුණා. 

වෙළඳපොළ වෙත නිකුත් වෙන Foldable දුරකතනයන්ගේ durability එක පිළිබඳව පවතින්නේ මතභේදාත්මක වාතාවරණයක්. ඊට ප්‍රමුඛතම හේතුව බවට පත් වෙන්නේ, මිලෙන් තරමක් වැඩි Samsung Galaxy Foldable දුරකතනය යි. පරික්ෂා කිරීමේ අරමුණැතිව දුරකතන ලබාදුන් social media influencersලාගෙන් එයට එතරම් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නම් නැහැ. භාවිතයට ගැනීමෙන් අනතුරුව දිනකින් හෝ දෙකකින් දුරකතනයේ විවිධ හානී වීම් සහ ගැටළුකාරී තත්ත්වයන් මතු වීම දැකගන්න ලැබීම මීට හේතුව යි. Review කරන්නන් අතරින් බොහෝ දෙනෙකු, Samsung සමාගම විසින් එම device එක සබැඳිව සඳහන් කර තිබූ සටහනක් කියවා නොමැති හෙයින් මෙකී අකරතැබ්බයට මුහුණපෑමට වූ බව පසුව අනාවරණය වුණා. 

දිනකින් හෝ දෙකකින් දුරකතනයේ විවිධ හානී වීම් සහ ගැටළුකාරී තත්ත්වයන් මතු වීම-Twitter.com 

Galaxy Fold device එකේ Screen එක මත තිබෙන තුනී screen protector එකක් වැනි plastic layer එක ඉවත් කිරීම නිසාවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව වාර්තා වන අතර, මෙය ඉවත් නොකරන ලෙස Samsung සමාගම විසින් අවධාරණය කොට තිබෙනවා. නමුත්, සාමාන්‍යයෙන් අලුතින් ජංගම දුරකතනයක් මිල දී ගත් විට දකින්නට ලැබෙන screen protection එක සඳහා අලවා තිබෙන පොලිතින් layer එකක් වැනි පෙනුමක් මීට ඇතුළත් හෙයින්, නිතැතින්ම එය ඉවත් කිරීමට පරිශීලකයා පෙළඹෙන බව මොවුන් පෙන්වා දෙනවා. ඉහත සිදුවීම් මාලාවෙන් අනතුරුව 2019 අප්‍රේල් මාසයේ නිකුත් කිරීමට නියමිතව තිබූ Galaxy Fold device එක, වෙළඳපොල වෙත නිකුත් කිරීම නැවත වරක් කල් දමන්නට සමාගමට සිදුවුණා. 

ඉන්පසුව, Galaxy Fold device දුරකතනය යළිත් වෙළඳපොල වෙත නිකුත් කරන බව පසුගිය දිනෙක samsung සමාගම නිවේදනය කළා. අකුළා තිබෙන විට අඟල් 4.6ක් වන ජංගම දුරකතනයක් ද, දිගහැරිය විට අඟල් 7.3ක tablet එකක් ලෙස ද භාවිතා කළ හැකි මෙම දුරකතනය, 12GB RAM එකකින් සහ 512GB Internal Storage එකකින් සමන්විත වනවා. එපමණක් නොවේ, පසුපස camera 3ක් මෙන්ම cover එක මත කැමරාවක් සහ ඉදිරිපස කැමරා 2ක් වශයෙන් camera 6කින් මෙය සමන්විත යි. Samsung Unpacked 2019 Event හි දී Galaxy Fold device නැවත වෙළඳපොල වෙත පැමිණීම නිවේදනය කෙරුණා. කෙසේවෙතත්, මෙසේ වැඩිදියුණු කරන ලද උපාංගය භාවිතයේ දී අතිශය ප්‍රවේසම් විය යුතු බව සමාගම සඳහන් කර තිබුණා. Foldable දුරකතන තිරය පීඩනයට ඔරොත්තු නොදෙන බවත්, Galaxy Fold දුරකතනය දෙකට හැකිලීමේ දී තිර දෙක අතර කුණු දූවිලි අංශු එක්රැස් නොවන නමුත්, දෙපස තිර දෙකෙහි ඇති චුම්බක වෙත වෛද්‍ය උපකරණ, Credit Card, යතුරු වැනි උපකරණවලින් බාධා එල්ල විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. 

මෙය තවමත් වෙළඳපොල වෙත නිකුත් කිරීමට එතරම් සුදුසු නැති බව ජනප්‍රිය YouTube චැනලයක් වන JerryRigEverything වෙතින් පසුගිය දිනෙක පෙන්වා දුන්නා. 

Motorola RAZR දුරකතනයේ leaked images- engadget.com

මේ හේතුවෙන් Fold device, Foldable Phones වෙත යම් ආකාරයක කළු පැල්ලමක් එක් වූ බව කිව යුතු යි. මේ අලකලංචි අතරමැද Motorola සමාගම ඔවුන්ගේ නවතම දුරකතනය එළිදැක්වීමට සුදානම් වෙනවා. මෙය ඔවුන්ගේ වැඩිම විකුණුම් ප්‍රමාණයක් සිදු වූ Motorola RAZR දුරකතනයේ 2019 සංස්කරණය ලෙස යි ඔවුන් හඳුන්වන්නේ. මේ වසර අවසානයට පෙර නිකුත් වීමට නියමිත මෙකී RAZR දුරකතනයේ leaked  images මේ වෙද්දීත් අන්තර්ජාලය පුරා සැරිසරන්නට පටන්ගෙන. මෙය Qualcomm Snapdragon 710 Chipset එකකින් සහ 2730mAh බැටරියක් මඟින් බල ගැන්වෙනු ඇති අතර, මිල ඇමෙරිකානු ඩොලර් 1,500ක් පමණ වන බවට අනුමාන කෙරෙනවා. මේ පිළිබඳව හටගත් කතාබහ තව තවත් උත්සන්න වෙන්නේ Lew Later youtube නාලිකාවේ පසුගිය දිනෙක පළ වූ වීඩියෝවක් සමග යි. කොහොම වුණත්, Foldable Phone වෙනුවෙන් බලා සිටින රසිකයින් නම් නවතම තොරතුරු නිසා අමන්දානන්දයට පත්ව තිබෙන බව අපට දැකගන්න පුළුවන්. theverge.com වෙබ් අඩවියේ මේ හා සම්බන්ධ තවත් leaked images ගණනාවක් පළ කර තිබුණා. 

මූලාශ්‍රයයන්: 

Engadget.com 

Theverge.com 

Youtube.com   

කවරය: olhardigital.com.br

Related Articles