Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

CES 2022 දී එළි දුටු නවයුගයේ පරිගණක 

CES (Consumer Technology Association) වාර්ෂිකව සංවිධානය කරන CES ප්‍රදර්ශනය ලෝකයේ නන්දෙසින් පැමිණෙන තාක්ෂණ ලෝකයේ සමාගම් සහ නිර්මාණකරුවන්  තමන්ගේ නවත ම පරිගණක උපාංග  සහ සංකල්පයන්  එළිදැක්වීම සඳහා බොහෝවිට යොදා ගන්නවා. 2022 වසර සඳහා මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ Las Vegas Convention Center හී දී යි.

පුරා දින තුනක් පුරාවට  පැවති  මේ ප්‍රදර්ශනය ලෝකයේ කාගේත් අවධානය දිනා ගත්තා.  විශේෂයෙන් ජනාදරය දිනා ගත් ලෝකයේ ප්‍රමුඛ පෙළ සන්නාම රැසක් මේ වසරේදීත් මේ වෙත එකතු වී සිටිය බව අපට දැක ගන්නට ලැබුණා. මේ ලිපිය හරහා ඔබට ගෙන එන්නේ CES 2022 ප්‍රදර්ශනය කළ නවත ම පරිගණක කිහිපයක් පිළිබඳව යි. 

 Dell XPS 13 Plus Laptop පරිගණකය –  Thenextweb.com 

 

Dell XPS 13 Plus

Dell XPS 13 Plus කියන්නේ මේ වසරේ CES ප්‍රදර්ශනයේ කාගේත් අවධානයට සහ කතාබහට ලක් වූ ලැප්ටොප් පරිගණකයක් බව නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ එහි දෘඩාංගවල විශේෂත්වයට වඩා එය වෙත සිදු කර තිබූ අමුතු  design එක නිසාවෙන්. Dell සමාගම ඔවුන්ගේ Dell XPS 13 ලැප්ටොප් පරිගණකයට විශාල සහ විශේෂ වෙනස්කම් රැසක් සිදු කර මින් මේ Plus සංස්කරණය ප්‍රදර්ශනය වෙත එක කර තිබුණා. 

Apple Macbook හි තිබූ Touch Bar අනුකරණය කරමින්  Keyboard එකට ඉහළින් එක්  කර තිබු touch-sensitive strip එක මෙහිදී ප්‍රධාන තැනක් ගන්නවා. මෙය Touch Bar එක තරම් customizable නොමැති බව නම් සඳහන් කරන්න ම ඕනේ. ඊට අමතර ව මෙහි බැලූ බැල්මට Trackpad එකක් දැකගන්නට හැකි නොවුණත්  එයට hidden haptic trackpad එකක් ඇතුළත් ව තිබෙනවා. Keyboard එකේ keys විශාල කර ඒවා අතර පරතරය අවම කර තිබෙනවා දැකගන්නට පුළුවන්. මේ ඔස්සේ super clean design එකක් මේ ලැප් එක වෙත ලබා දීමට ඔවුන් උත්සහ කර තිබෙනවා.   මෙහි ක්‍රියාත්මක වෙන්නේ බලැති 28W processor එකක් වීම විශේෂත්වයක් වන අතර ම  සිදු කර තිබු වෙනස්කම් සියල්ල ම පාහේ මෙම 15-inch ලැප්ටොප් පරිගණකයේ උෂ්ණත්වය පාලනය සඳහා උදව් වී තිබෙන බව ඔවුන් සඳහන් කරනවා.

Lenovo ThinkBook Plus Gen 3 ලැප්ටොප් පරිගණකය – Thenextweb.com  

 

Lenovo ThinkBook Plus (Gen 3)

Lenovo ThinkBook Plus Gen 3 ලැප්ටොප් පරිගණකය ගැන නම් මුලින් ම අහන්න ලැබුණේ මේ CES ප්‍රදර්ශනයේදී නෙමෙයි. කොහොම වුණත් මේ ලැප්ටොප් පරිගණකයත් එහිදී ප්‍රදර්ශනය වුණු ආකර්ශනීය උපාංගයක් බව නම් කියන්න ම ඕනේ.  Lenovo ThinkBook Plus Gen 3  එක දෙස බැලූ ගමන් එහි සිත් ඇදගන්නා ම කොටස වෙන්නේ ප්‍රධාන තිරයට අමතර ව keyboard එක සමඟ ම තියෙන අඟල් 8 ක OLED තීරය යි. 800 x 1,280 ක මේ තිරය වෙත proper stylus සහය දක්වන නිසා Drawing tab එකකින් ලබා ගන්නා පහසුකම් ඒ වෙතින් ඔබට හිමිවෙනවා. මෙහි ප්‍රධාන තිරය 17.3-inch panel එකකින් සමන්විත වෙන අතරම  21:10 aspect ratio එකක් එහි තිබෙනවා.  මෙවැනි 2-in-1  පහසුකම ලබාදෙන බොහොමයක් පරිගණකවල ඇති භාවිත කිරීමේ අපහසුතා බොහොමයක් මඟහැරෙන ලෙස මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. හැබැයි මෙය භාවිතය වමත් කරුවන්ට නම් තරමක් අපහසු වෙන්නට ඉඩ තිබෙන බව ඉහත image එක දෙසු බැලූ ගමන් ම ඔබට වටහා ගන්න පුළුවන්. 

Asus Zenbook 17 Fold පරිගණක – – Thenextweb.com 

 

Asus Zenbook 17 Fold

Foldable දුරකථන කෙමෙන් කෙමෙන් තාක්ෂණික ලෝකය ආක්‍රමණය කරමින් තිබෙන සමයක Asus Zenbook 17 Fold පරිගණකයත් ඒ අඩිපාරේ යමින් අනාගතයට නිකුත් වෙන පරිගණකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. Asus Zenbook 17 Fold  කියන්නේ බැලූ  බැල්මට (Fold කර තිබෙන විට )තරමක් ප්‍රමාණයෙන් විශාල 13-inch laptop එකක්. නමුත් එය  දිගහැරිය විට 4:3 aspect ratio එකක් සහිත 17-inch display ඇති ඊටත් වඩා විශාල ලෙස පෙනෙන ලැප්ටොප් එකක්. ඔබට මෙය භාවිත කළ හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් නම් Virtual Keyboard එකක් සහිතව විශාල Tablet එකක් ලෙස කොහේ හෝ මතුපිටක් මත තබා ගෙන වන අතර දෙවන ක්‍රමය ඉහත රූපයේ වගේ Bluetooth keyboard සහ  trackpad panel එකක් භාවිත කරමින්. මෙහි තිබෙන ප්‍රධානත ම වැදගත්කම වෙන්නේ එහා මෙහා ගෙන යාහැකි Desktop පරිගණකයක තිරයක් වැනි විශාල තිරයක් සමඟ ම ඔබට ලැප්ටොප්, ටැබ්ලට් යන උපාංග දෙකේ ම වැඩ ඉතා පහසුවෙන් සිදු කර ගත හැකි වීම යි.

CyberPowerPC Kinetic PC

මේ වසරේ දී ප්‍රදර්ශනයේ හැම කෙනෙක්ගේ ම පාහේ අවධානය යොමු වූ අපුර්ව පරිගණක කේස් එකක් තමයි CyberPowerPC ආයතනයේ නව Kinetic PC  මාදිලිය. පරිගණකයේ උෂ්ණත්වය සහ බාහිර පාරිසරික තත්වයන් තේරුම් ගනිමින් ඒවාට අනුව පරිගණකයට අවශ්‍ය වායු සැපයුම් වෙනස් කරන හැකියාව මේ නව පරිගණක මාදිලිය සතුව පවතිනවා. පරිගණකයේ සිදුවන සෑම උෂ්ණත්ව වෙනසකට ම මෙය ප්‍රතිචාර දක්වන බවත්  වැඩි වෙන හෝ අඩු වෙන සැම උෂ්ණත්ව අංශකයකට  ම අනුව පරිගණකයේ ඉදිරිපස විශේෂිත කවුළු විවර කිරීම හෝ  වසා  දැමීම සිදු වෙනවා.

සෑම විට ම විවෘතව තැබෙන සාමාන්‍ය පරිගණකවල වාත කවුළු සහ ආවරණ ඔස්සේ ඇතුළතට දුහුවිලි පැමිණීම සිදු වෙනවා. නමුත් මේ නව පරිගණක කේස් එකේ සකස් ම නිසා එවැනි ගැටලු අවම වන බව තමයි මෙහි නිර්මාතෘවරුන් නම් කියන්නේ. Kinetic PC   ඔබර සම්පුර්ණ පරිගණකයක් ලෙසින්  මිලදී ගන්න සිදු වෙනවා නමුත් මේ විශේෂිත කේස්සින් එක නම් ඔබට අමෙරිකානු ඩොලර් 250ක් වගේ මිලකට වෙන ම ලබා ගත හැකි බවත් නිර්මාපකයන් කියනවා. 

ASUS ROG Flow Z13

ASUS ROG Flow Z13 කියන්නේ  Gaming Laptopවල අනාගතය බව මේ වෙද්දී සමාගම ඔප්පු කරලා අවසාන යි.  Microsoft Surface Pro පරිගණකය ඔබට මතක ඇති.  ගැලවිය හැකි තිරය සහ ඒ තිරය සම්පුර්ණ ටැබ් එකක් ලෙස භාවිත කිරීමට ඇති හැකියාව සහ අනාගතවාදී නිමාවක් සහිත වීම නිසා ම  Microsoft Surface Pro ලෝකයේ අතිශය ජනප්‍රිය වුණා.

ASUS ROG Flow Z13  Gaming Laptop-Thenextweb.com

 

හිතන්න මේ පරිගණකයේ පහසුකම් එක්ක Gaming පරිගණකයක් ආවොත්? අන්න ඒක සැබෑවක් බවට පත් කරමින් තමයි ASUS ROG Flow Z13  කරළියට එන්නේ. 12th Gen Intel Core i9 හා  Nvidia 3050 Ti GPU එකක් වුණත් මේ වෙත සහාය දක්වනවා. තවත් අවශ්‍ය නම් Nvidia 3080 හෝ  AMD RX 6850M XT මෙයට සහාය දක්වනවා. 1.1kg පමණ බරකින් යුතු වෙන මේ උපාංගය ගේමිංවලටත් වඩා designing සඳහා වඩාත් උචිත බව තමයි තාක්ෂණික ලෝකයේ නම් මතය. කොහොම වුණත් CES  2022 එකට විශේෂත්වයක් එක් කරන්න මේ උපාංගයක් විශාල දායකත්වයක් සැපයුවා. 

එක් ලිපියකින් තෙදිනක් පැවති  සම්පුර්ණ CES 2022 ම ආවරණය කිරීම අපහසුයි. පහත වීඩියෝව මඟින් ඔබට සැකෙවින් CES හි විශේෂ අවස්ථා දැක බලා ගන්න පුළුවන්.  

Cover- ප්‍රදර්ශනය පැවැත්වුණු Las Vegas Convention Center - cnet.com

මූලාශ්‍ර:

Ces.tech

Thenextweb.com 

Cyberpowerpc.com 

Related Articles