Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Call of Dutyවලට God Mode එකක්?

තාක්ෂණයේ දියුණුවත් එක්ක විනෝදාස්වාදය සඳහා විවිධාකාරයේ වීඩියෝ ක්‍රීඩාවල නිරත වෙන්න මිනිසුන් අද වෙද්දී පුරුදු වෙලා. මේ වීඩියෝ ක්‍රීඩා කොයි තරම් නම් ලෝකයේ ජනප්‍රිය ද කියනවා නම් එය අද වෙද්දී ඇබ්බැහියක් වෙන තරම් ම තත්වයකට ඇවිල්ලා. බොහෝ දෙනෙක් සැහෙන්න කැපවීමෙන් මේ ක්‍රීඩාවල නිරත වෙනවා. නමුත් මේ ක්‍රීඩාවල අද වෙද්දී Cheat භාවිත කරමින් අනෙක් ක්‍රීඩයන් පරදවන සහ අනෙක් ක්‍රීඩකයන් අපහසුතාවට පත්වෙන අන්දමෙන් ක්‍රීඩා කරන බොහෝ දෙනෙකුත් දැකගන්න ඉඩ ලැබෙනවා. 

මේ තත්ත්වය නිසා ම ලෝකයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවලින් පවා ක්‍රීඩකයන් ඈත්වීමේ යම් සම්භාවිතාවක් තියෙනවා. ඒ වෙනුවෙන් විවිධාකරයේ Anti- Cheat ක්‍රමවේද අදාළ සමාගම් භාවිත කළත් සමහර විට ඒවා අසාර්ථක වෙනවා. මේ නිසාම Cheat කරන අයට ඔවුන්ගේ මට්ටමෙන් ම උත්තර දෙන්න ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන ක්‍රමවේදයක් Call of Duty පරිගනක ක්‍රීඩාවේ නිර්මාණකරුවන් පසුගිය දිනක හඳුන්වා දුන්නා. ඒ තමයි  God Mode.

 Call of Duty කියන්නේ ලෝකයේ ජනප්‍රිය ම ක්‍රීඩා පෙළක් – callofduty.com

 

සාමාන්‍යයෙන්  god mode එකක් කියන්නේ cheatersලා භාවිත කරන term එකක්. එයින් අදහස් වෙන්නේ සාමාන්‍ය  ක්‍රීඩකයන්ට සාපේක්ෂ ව වැඩි performance එකක් cheat engine  වැනි  මෘදුකාංග භාවිත කරමින් ලබා ගැනීම යි. බොහෝ විට එවැන්නක් භාවිත කරද්දී සාමාන්‍ය ක්‍රීඩකයන් ගේ තුවක්කුවලට වඩා අඩු recoil එකක්, ප්‍රහාරවලින් සිදුවන හානිය අවම වීම හෝ කිසිදු හානියක් නොවීම, වැනි දේ තමයි බොහොමයක් cheatersලා භාවිත කරන්නේ. එතනින් ඔබ්බට ගිහින් ඉතා ඉතා අපහසු හෝ කිසිසේත් ම ප්‍රහාර එල්ල කළ නොහැකි තැන්වලට ප්‍රහාර එල්ල කිරීම වැනි දේ, බිත්ති හරහා අනෙක් ක්‍රීඩකයන් සිටින ස්ථාන පෙන්වන cheats වැනි දේවල් ගැනත් අපිට අහන්න ලැබෙනවා.

ලෝකයේ ජනප්‍රිය ම ක්‍රීඩාවක්

මෙවැනි ක්‍රියාවලින් අඩපණ කරමින් තම පරිගණක ක්‍රීඩා තුළ cheatersලා අඩු කර ගන්නට විවිධ සමාගම් විවිධාකාරයේ පියවර ගන්නවා. ඒ අතරට cheatersලා ක්‍රීඩාවෙන් තාවකාලිකව හෝ සදහට ම බෑන් කිරීමේ සිට ඔවුන්ට නඩු පැවරීම දක්වා මේ ක්‍රියාවලිය සිදු වෙනවා.  බොහෝ විට නඩු පැවරීම් ක්‍රීඩකයන් වෙත සිදු නොවන අතර cheat කිරීමට අවශ්‍ය ,මෘදුකාංග නිර්මාණය කරන සමාගම් හෝ අදාළ පුද්ගලයන් වෙත නඩු පැවරීම සිදු වෙනවා. 

Call of Duty  පරිගණක ක්‍රීඩාව කියනේ අද වෙද්දී ලෝකයේ ජනප්‍රිය ම ක්‍රීඩාවක්. මේකේ අන්තර්ජාලය හරහා මල්ටි ප්ලේයර් ලෙසින් ක්‍රීඩා කරද්දී cheatersලා නිසා ම කුප්‍රකට තත්ත්වයට පත් ව තිබෙන අවාසනාවන්ත ක්‍රීඩාවක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. කොයි තරම් උත්සහ කළත් වැඩි වශයෙන්  cheaters ලා ගැවසෙන ක්‍රීඩාවක් ලෙස අද වෙද්දී මේ ක්‍රීඩාව හැඳින්වෙනවා. මෙයින් ගැලවෙන්න Call of Duty  ක්‍රීඩාව වෙත පසුගිය කාලයේ  RICOCHET Anti-Cheat සිස්ටම් එකක් හඳුන්වා දුන්නා.  මේ ක්‍රියාදාමය මෙහෙයවීම සඳහා වෙනම කණ්ඩායමක් පවා දැන් පත්ව ඉන්නවා. මේ නිසාම බොහොමයක් cheatersලාට බාධක පැනවීමත් සිදු වුණා.

 Cheater කෙනෙකුට ක්‍රීඩාව දිස්වෙන ආකාරය – Theverge.com

 

මෙම කණ්ඩායම ප්‍රධාන වශයෙන් ක්‍රියාවලින් තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවා.

Cheatersලා හඳුනා ගැනීම.

ඔවුන්ගේ හැසිරීම් අධීක්ෂණය

අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

මේ සම්පුර්ණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට යම් ක්‍රීඩකයෙක් සැකසහිත වෙනත් ක්‍රීඩකයකු report කළ පසුව යි. ඒ නිසාම යි ඔවුන් අනෙක් ක්‍රීඩකයන් වෙත cheatersලා report කරන්න උනන්දු කරවන්නේ. මේ ඔස්සේ යම් තරමක් දුරට cheaters ලා අවම කරගන්න ඔවුන් සමත් වුණා. නමුත් පසුගිය දවසක ඔවුන් තවත් අපූර්ව ක්‍රමවේදයක් එයට හඳුන්වා දෙන්න ක්‍රියා කළා. ඒ තමයි සාමාන්‍ය ක්‍රීඩකයන් වෙතත් God Mode එකක් හඳුන්වා දීම. මේක ක්‍රියාත්මක වෙන්නේ පරිගණක ක්‍රීඩාවේ Anti – cheat සිස්ටම් එක cheater කෙනෙක් සිටින බව හඳුනා ගැනීමත් එක්ක යි.

God Mode

මේ නව God Mode එකෙන් cheaterගේ ප්‍රති විරුද්ධ ක්‍රීඩකයා වෙත life එක අඩු වීම නවතා දැමෙනවා. (Damage Shield) එවිට කිසිම ගැටලුවකින් තොරව සාමාන්‍ය ක්‍රීඩකයාට අදාළ cheater  මරා දමන්න හැකි වෙනවා. සාමාන්‍යයෙන් cheater කෙනෙක් අතින් මරණයට පත්වෙන්නට සිදු වීම එතරම හොඳ අත්දැකීමක් නෙමෙයි. දැන් ඔබට (සාමාන්‍ය ක්‍රීඩයකන්ට) ඒ ලැබෙන අත්දැකීම නැවත cheater වෙත ලබාදෙන්න හැකියාව ලැබෙනවා. මෙයින් විතරක් ම නොනැවතී අදාළ cheater පරිගණක ක්‍රීඩාවෙන් සදහට ම බෑන්  වීමත් සිදු වෙනවා.

නුදුරේදී ම එවැනි ක්‍රීඩකයන්ට කිසිම Call of Duty ක්‍රීඩාවක් ක්‍රීඩා කළ නොහැකි වෙන අන්දමේ ක්‍රියාවලික් ඇරඹීමටත් සමාගම සුදානමින් ඉන්නවා. තව දුරටත් ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ (RICOCHET Anti-Cheat™ Progress Report – Season Two Update) ක්‍රීඩකයන් කිසිම ක්‍රීඩා නීතියකයට පටහැනිව නොයන්නේ නම් කිසිම ආකාරයකට ඔවුන්ගේ ක්‍රීඩා අත්දැකීම වෙත නව God Mode එකෙන් බලපෑමක් සිදු නොවන බව යි. මේ සියලු ප්‍රයත්න තමන් දරන්නේ තම ක්‍රීඩාව සමඟ රැඳෙන ක්‍රීඩකයන් වෙනුවෙන් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

activision සමගමේ මේ දැඩි තීරණයන් එක්ක නැවත Call of Duty ක්‍රීඩාවන් වෙත විශාල ක්‍රීඩකයන් පිරිසකගෙන් කොළ එළි දැල්වෙමින් තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. වසර ගණනාවක් තිස්සේ ක්‍රීඩකයන් ඉතා ආදරයෙන් වැලඳගෙන සිටින Call of Duty ක්‍රීඩා පෙළ වෙතින් ක්‍රීඩකයන් ගිලිහීම අඩුවෙනු ඇතැයි දැන් තාක්ෂණික ලෝකය විශ්වාස කරනවා. එහෙත් තවමත් මේ ක්‍රියාවලින්ගේ සාර්ථකත්වය කියන්නට තරමක් ඉක්මන් වැඩි බවයි අපේ මතය. console playersලා පරිගණක ඔස්සේ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් සමඟ cross-play කිරීමට ඇති දැඩි අකමැත්තත් මේ නිසාම ඉවත්වේවි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

ළමා මනස විකෘති කරන්නට වීඩියෝ ක්‍රීඩාවලට පුළුවන් ද?  

2022 වෙනුවෙන් නිකුත් වන තවත් පරිගණක ක්‍රීඩා 5ක්

කවරයේ ඡායාරූපය - theverge.com

මූලාශ්‍ර:

callofduty.com

activision.com

Theverge.com

Related Articles