Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

#Hashtag විප්ලවය හරියට කරන්න!

මේ දවස්වල ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් Hashtags කිහිපයක් සමාජ ජාලා තුළින් ලෝකයේ ප්‍රචලිත කරවන්න නො නොසෑහෙන්න උත්සහ දරනවා. හැබැයි ගොඩක් දෙනෙක් මේ වැඩේ ගැන ලොකු අවබෝධයකින් නම් නෙමෙයි ඒක කරන්නේ. මේ නිසාම සමහර අය තමන්ගේ සමාජ ජාලා ගිණුම් පවා අහිමි කර ගන්නවා.

මේ ලිපිය ලියන්න හිතුවේ අපේ සමාජ ජාල ගිණුම්වලට ගැටලුවක් නොවෙන විදිහට #Hashtags හරියට භාවිත කරන විදිහ ගැන ඔබට කියනන්නයි. #Hashtag විප්ලවය හරියට කරන හැටි කලින් දැනගෙන අරගලයට පිවිසෙන්න.

හරි වැරදි භාවිත සහ මිථ්‍යා

Twitter, Instagram, Facebook, TikTok වැනි සමාජ මාධ්‍ය තුළ බහුල ව මේ හෑෂ්ටැග්ස් භාවිත වෙන බව අද වෙද්දී ඔබත් මාමත් දන්නවා. නමුත් මේ හැම සමාජ මාධ්‍යයක ම හෑෂ්ටැග්ස්වල ක්‍රියාකාරිත්වය විවිධ බව ඔබ මතක තියාගන්න. උදාහරණයක් විදිහට Twitter සහ ෆේස්බුක් ගත්තොත් මේවගේ හෑෂ්ටැග්ස්ස් trending වෙන්නේ විවිධ images, Videos, post එහෙම නැති නම් content මේ Hashtags සමඟ සමාජ ජාල වෙත එකතු වීමත් එක්ක යි. හැබැයි ට්විටර්වල මේ Hashtags දාද්දි retweet එකක් විදිහට හරි සාමාන්‍ය tweet එක ඇතුළත් කිරීම ඔස්සේ හෑෂ්ටැග්ස් එක අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. facebookවල ඔබ comment එකක් විදිහට හෑෂ්ටැග්ස් එකතු කරන එක පල රහිත දෙයක් බව මතක තියා ගන්න. දිගින් දිගට ම මේ විදිහට පළ කිරීම් කළොත් ෆේස්බුක් වෙතින් සැක කටයුතු කමෙන්ට් එකක් / Activity එකක් ලෙස සලකලා ඔබේ ගිණුම් අක්‍රීය කරන්නත් ඉඩ තියෙනවා.

මේ දිනවල බොහෝ දෙනෙක් තම සමාජ ජාලා ගිණුම් අක්‍රිය කරගන්නෙත් මේ හේතුවෙන්.

 Hashtags භාවිතය දැනගෙන කරමු – business2community.com

 

මේවගේ Hashtags භාවිත කරද්දී එක පුද්ගලයෙක් එක දිගට post කිහිපයක් දැමීමට වඩා වැඩි පිරිසක් post එක බැගින් වරින් වර දැමීම වඩා ප්‍රතිපල සහිත යි.

Hashtag භාවිත කරද්දී හෑෂ්ටැග් විතරක් නොදා අදාළ ටැග් එක සමඟ යම් context එකක් content සහිත ව දැමීම වඩා ප්‍රතිපලදායක යි.

හොඳට මතක තියාගන්න සමාජ ජාල තුළ විතරක් ම සිදු කරන හෑෂ්ටැග්ස් භාවිතය Google ට්‍රෙන්ඩ්ස් අතර ප්‍රමුඛත්වයක් ලබා ගන්නට බලපාන්නේ නැහැ.

වැදගත්ම දේ Hashtags භාවිත කරන්න කලින් පොඩ්ඩක් ඒ hashtag එකේ සුල මුල හොයලා බලන්න අමතක නොකිරීම යි. එයින් මතු වන බොහෝ අපහසුතාවන්ගෙන් ගැලවෙන්න ඔබට වේලාසන ම පුළුවන්.

ප්‍රතිපලාදයක ද?

සරලව ම උත්තරේ ඔව්. ලෝකයේ පෙරළි විශාල ගණනාවක් එක්ක අද හෑෂ්ටැග්ස් බැඳිලා තියෙනවා. විවිධාකාර සමාගම් තමන් සහ තම සන්නාම ප්‍රචාරය සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙනුත් මේ ක්‍රමවේදය භාවිත කරනවා. මේ තියෙන්නෙ උදාහරණ කිහිපයක්.

#️ShareACoke
#️RebuildTheWorld
#️IceBucketChallenge
#️BTTF2015
#️ReleaseTheSnyderCut

මේ, ලෝකයේ ප්‍රකට සහ අති සාර්ථක ම හෑෂ්ටැග්ස් කැම්පේන් කිහිපයකින් දෙක තුනක්. මෙයින් ප්‍රධානත ම එකක් විදිහට DC ආයතනයේ තීරණයක් විදිහට තිරගත නොවුණු SnyderCut එක ඉල්ලා ලෝකයේ විශාල රසිකයන් පිරිසක් කළ පෙරළිකාර කැම්පේන් එක පෙන්වා දෙන්නට පුළුවන්.

කැම්පේන් එකට දැනගෙන සෙට් වෙමු – magikdigital.com.au

Hashtagවල ඉතිහාසය

Hashtagවල ඉතිහාසය අතීත රෝමය දක්වා දිවයන්නක්. අතීතයේ රෝමානුවන් බර මැනීම සඳහා භාවිත කළ තරාදි වල (libra) මිනුම් ඒකකය වුණේ රාත්තල් (pound) පස්සේ කාලෙක libra pondo යන්න කෙටියෙන් භාවිත කිරීම සඳහා lb දෙක එකට ලියා අකුරු යුගළයේ බාහු දෙක තිරස් විදිහට කැපී යන්න ඉරක් යොදන්න ලේඛකයන් පුරුදු වුණා.’ # ‘ මේ සංකේතය දිගින් දිගට ම මිනිසුන් අතර හාවිත වෙන්නට පටන් ගත්තා. එලෙස නිතර ම මේ සංකේතය භාවිත කළ අය අතර Isaac Newton වගේ අයත් හිටියා. පසු කාලෙක මුද්‍රණ යන්ත්‍රවලට පවා මේ සංකේතය එක් වෙන්නට මේ ජනප්‍රියත්වය හේතුවක් වුණා. 19 වැනි සියවස දක්වා ම මේ pound සංකේතය තාක්ෂණය හා කෙමෙන් කෙමෙන් බැඳෙමින් තිබුණා.

20 වැනි සියවසේ මුල් භාගයේ දී Bell Systems ආයතනය තම අංක කරකවන දුරකථන වෙනුවට වඩා කාර්යක්ෂම යතුරු පුවරුවක් සහිත දුරකථන මාදිලි නිර්මාණයට උත්සුක වුණා. 3X3 කොටු යතුරු පුවරුවකට එහිදී ඔවුන් එකඟ වුණා. නමුත් “0” යතුරු පුවරුවේ තනිව භාවිත වෙන නිසා ඒ දෙපසට අඩුව පුරවන්න තරු සලකුණක් ‘ * ‘ සහ දියමන්ති හැඩැති සලකුණක් එක කළා.

1960 දී පමණ බෙල් ආයතනය මේ දුරකථන පරිගණක සමඟ සම්බන්ධ කරන්නට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස දියමන්ති හැඩය වෙනුවට පරිගණක ක්‍රමලේඛනවලදීත් භාවිත වන (කොටු සලකුණ ලෙස අද සිංහලෙන් හඳුන්වන) සංකේතය ඇතුළත් කළා. ඒ සංකේතය හැඳින් වුවේ ” octothorpe ” ලෙස යි.

මේ අතීත කතා කොහොම වුණත් අද වෙද්දී මෙච්චර ජනප්‍රිය සංකේතයක් බවට මෙය පත් වෙන්න නම් ප්‍රධාන හේතුව ” Chris Messina” නම් පුද්ගලයා කියලා තමයි දැනගන්න ලැබුණේ. Chris Messina තමයි Twitter වෙත Pound සංකේතය # සහ ඒ ඔස්සේ විවිධාකාර කාන්ඩ කිරීම් සිදුකිරීමට පහසුකමක් එකතු කරන ලෙස 2007 දී යෝජනා කළේ. කොහොම වුණත් ඒ කාලයේ දී නම් එය ට්විට්ටර් සමාගම ප්‍රතික්ෂේප කළත් පසුව එය එක් කරන්නට සමාගම කටයුතු කළා. ඒ ආගමන තමයි අද වෙද්දී අපි ඕනෑම කෙනකු # දකිද්දි හෑෂ්ටැග්ස් මතක් වෙන තෙක් ඇවිත් තියෙන්නේ.

නොදන්නා තතු

හෑෂ්ටැග්ස් එකක් මුලින් ම භාවිත වුණු බවට සැලකෙන්නේ 1988 වසරෙදි Internet Relay Chat එහෙම නැති නම් IRC කියන platform එකේදී යි. මේකේ Group messagesවලදී images, content, සහ video අදාළ කැටගරිවලට වෙන් කරන්නට මෙය භාවිත වුණු බව සැලකෙන්නේ.

2007 අගෝස්තු මාසයේ Blogger කෙනෙක් වුණු Stowe Boyd තමයි පළමු වරට ‘#’ සංකේතයට “hashtags” කියන යෙදුම භාවිත කරලා තියෙන්නේ. ඒ කාලේ ඔබ Google සෙවුමක් කළා නම් “hashtags” ලෙස ඔබට හමුවෙන එකම result එක ඒ බ්ලොග් සටහන යි.

Twitter වෙබ් අඩවිය නිල වශයෙන් # ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කරන්නේ 2009 වසරේ දී යි. ඉන් කෙටි කලකට පසු ඔවුන් “Trending Topics සංකල්පයත් ජනප්‍රිය Hashtags Home එකට එකතු කරන්නත් පටන් ගත්තා.

කවරයේ ඡායාරූපය-  හෑෂ්ටැග්ස් - gograph.com
මූලාශ්‍ර:
Stoweboyd.com
Archive.org
Lifewire.com
Buffer.com
Twitter.com
Theverge.com
Kron4.com

Related Articles