Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Huawei සමාගමේ නවතම P20, Lite සහ Pro දුරකථන ත්‍රිත්වය

ඇපල් සහ සැම්සන්ග් සමාගම් තම ඉහළ පෙළ දුරකථන එළිදක්වද්දී ඊට නව තරගකාරීත්වයක් දෙන්නට Huawei සමාගමත් දැන් කරළියට පැමිණ ඇත්තේ ඒ දෙකෙහිම ඇති පෙනුම, හැකියාවන් ආදිය ලබාගෙන පමණක් නොව, කැමරාව වැනි විශේෂාංග හරහා ඒවා ද අභිබවා යමින්.  Huawei විසින් P20, P20 Lite, සහ P20 Pro ලෙස මාදිලි තුනකින් ඉදිරිපත් කර ඇති නව දුරකථන ත්‍රිත්වයේ Lite සහ Pro ඒවා අපි එකිනෙක හා සංසන්දනය කර බලන්නයි මේ සැරසෙන්නේ.

බාහිර සැලැස්ම

mobilanyheter.net

P20 Lite සහ P20 Pro දුරකථන යුගලයේම වීදුරුවලින් සැකසූ පසුපස නිමැවුමක් ඇති අතර කළු, මධ්‍යම රාත්‍රී නිල් (Midnight Blue) මෙන්ම, Gradient එකක් ඇති රෝස රත්‍රං (Rose Gold), සහ අලංකාර Twilight නමැති නිල් සහ රෝස අතර විහිදෙන වර්ණයකින් එළිදක්වා තිබෙනවා. P20 Lite සතුව ෂැම්පේන් රත්‍රං පැහැයක් ද තිබෙනවා. වටේ දාරය ලෝහවලින් සකසා තිබෙනවා. මූලික වෙනස්කම් අතර Lite මාදිලිය සතුව කැමරා දෙකක් තිබිය දී Pro මාදිලිය සතුව කැමරා තුනක් තිබීම, Pro දුරකථනයේ පමණක් 3.5mm audio කෙවෙණිය නොතිබීම දැකිය හැකියි. Liteහි ඝනකම මිලිමීටර් 7.65ක් වෙද්දී Pro මාදිලිය 7.8mm වනවා.

ඉදිරිපස පෙනුම බොහෝ දුරට ඇපල් iPhoneX දුරකථනයට සමාන වන්නේ එහි ඉහළ ඇති නැමුම නිසායි. තිරය වටා දෙපස දාර සැලකිය යුතු තරම් තුනී අතර යට දාරයේ සැම්සන් Galaxy S6 හි ආකාරයේ home යතුරක් හා ඒ මතම යෙදූ ඇඟිලි සලකුණු සංවේදකයක් තිබෙනවා. විශේෂත්වය වන්නේ දාරයකින් සීමා නොවී බොත්තම පුරාම සංවේදන හැකියාවෙන් යුතු වීමයි.

තිරය

dxomark.com

දුරකථන මාදිලි දෙකම සතුව 2240 x 1080 Full HD+ තිරයක් තිබෙනවා. ඉදිරිපස කැමරාව සමඟ ඉහළ ඇති කට්ටය තිරය මත ඇති දෑට බාධාවක් වුවත් Settings හරහා එම කොටස ඉවත් කරලිය හැකියි. එහිදී සිදුවන්නේ නැමුමෙහි උස දක්වා ඇති තිර කොටස කළු පැහැ ගන්වා සම මට්ටම් කරලීමයි. මේ නිසා වීඩියෝ බැලීමේ දී, ක්‍රීඩා කිරීමේ දී ඒ ගැන වධ වියයුතු නැහැ. Lite සතුව LCD තිරයක් ඇති අතර Proහි OLED තිරයක් තිබෙනවා. මේ නිසා Pro දුරකථනයට වැඩි දෘශ්‍ය ගුණාත්මක බවක් සහ තිර දීප්තියක් ලැබෙන අතර Liteහි තිරයට වඩා ප්‍ර‍මාණයෙන් වැඩි වුවත් එහි ppi අගය සාපේක්ෂව වැඩි නිසා ගුණාත්මක බව අඩුවීමක් සිදුවන්නේ නැහැ.

අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය

slashgear.com

Huawei P20 සහ Huawei P20 Pro දුරකථන දෙක සතුවම Kirin 970 චිප්සෙට් එක තිබෙනවා. 2017 දී Huawei Mate 10 Pro හි දී අපට දකින්නට ලැබුණේත් මෙම octa-core චිප්සෙට් එකයි. එය අලුත් එකක් නමුත් 2018 වසරේ දුරකථන සඳහා නිපැයුණු Snapdragon 845 තරම් අලුත් එකක් නොවෙයි.

ගිගාබයිට් 4ක රැම් ධාරිතාවක් Liteහි ඇති අතර Proහි එය 6GB වෙනවා. මේ නිසා අවුරුදු කිහිපයක් යනතුරු වේගය අඩු නොවී වර්තමානයේ තිබෙන නිතර පාවිච්චි ඇප්ස්වලට හොඳින් මුහුණ දෙන්නට ඒවාට හැකියාව තිබෙනවා. අභ්‍යන්තර ධාරිතාව ලෙස 128GB ඇති අතර microSD මතකපත් දැමිය හැකි නිසා එය තවත් වැඩි කරගන්නට පුළුවන්. Android Oreo ධාවනය වන මේ දුරකථනවල Huawei සමාගමේ EMUI 8.1 අතුරු මුහුණත යොදා තිබෙනවා. එය හරහා නැවුම් ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම අහෝසිව යන නමුත් EMUI එකට ප්‍රිය කරන අයට මෙහි හැකියාවන් සමඟ මෘදුකාංගමය අත්දැකීමත් සමව විඳීමට හැකි වේවි. එසේම මේවා සතු NPU (neural processing unit) හෙවත් AI ක්‍රියාකාරීත්වයට සහාය වන පද්ධතීන් අඩංගු කර ඇති නිසා ඡායාරූප සමඟ අපූර්ව හැකියාවන් දක්වන්නට අවස්ථාව උදාවී තිබෙනවා.

Lite සතුව 3400mAh බැටරියක් සහ Pro සතුව 4000mAh බැටරියක් තිබෙන නිසා අනෙක්වාට සාපේක්ෂව මේ දෙක සතුවම සවිමත් බැටරි බලයක් ලබා දීමේ හැකියාව තිබෙන අතර, P20 Pro සඳහා වැඩි බැටරියක් යෙදීමට හේතුව එහි විශාල තිරය බලගැන්වීමට අවශ්‍ය බලය සැපයීම යි. දුරකථන ද්විත්වයම වේගවත් ආරෝපණ හැකියාවක් ලබාදෙන Huawei සමාගමේ Super Charge තාක්ෂණයෙන් බල ගන්වා ඇති අතර එය ඔවුන්ගේ Mate 10 දුරකථනවලත් අපිට දකින්නට ලැබුණා.

කැමරාව

popsci.com

නූතනයේ දක්නට ලැබෙන බොහෝ දුරකථන මාදිලිවල මෙන්ම මෙහි ද කැමරාව වෙනුවෙන් වැඩි වැඩ කොටසක් හා අවධානයක් ඔවුන් ලබාදී ඇති බව පෙනී යනවා. 1914 දී ජර්මනියේ අරඹන ලද Leica සමාගම විසින් මෙම දුරකථන සඳහා ද කාච සැකසීම සිදු කරනවා. Liteහි ඉදිරිපස මෙගා පික්සල 12ක f/1.8 RGB කැමරාවක් සහ මොනෝ‍ක්‍රෝම් 20MP f/1.6 සෙන්සරය හෙවත් දෙවන කැමරාවක් තිබෙනවා. පෙර දුරකථනයට වඩා 12MP කැමරාව සතුව 61%ක් විශාල පික්සල තිබෙන නිසා ඡායාරූප ගුණාත්මක බව වැඩි වෙනවා.

මේ අතරේ Huawei P20 Pro සතුව කැමරා තුනක් දකින්නට තිබෙනවා. ලොව ප්‍රථම Leica ත්‍රිත්ව-කාච කැමරා කට්ටලයක් වන මෙය මෙගා පික්සල් 12ක f/1.8 RGB කැමරාවකින්, 40MP f/1.6 මොනොක්‍රෝම් සෙන්සරයකින්, හා 8MP ටෙලිෆොටෝ සෙන්සරයකින් සමන්විත වෙනවා. ලොව ප්‍රථම Leicaහි zoom කාච පද්ධතිය නිසා මෙයට පස්ගුණයක zoom කිරීමේ හැකියාවක් භෞතිකව සහ ඩිජිටල් වශයෙන් ලැබෙනවා. දුරකථන දෙකේම ඉදිරිපස කැමරාව 24MP වන අතර 960fps වූ ස්ලෝ මෝෂන් වීඩියෝවක් 720p ප්‍රමාණයෙන් ගන්නට ඊට පුළුවන්. ඡායාරූපවල white balancing සඳහා මෙහි උෂ්ණත්ව සංවේදකයක සහාය ද ලබාගන්නවා.

P20 මූලික දුරකථනයේ 12 MP f/1.8 OIS කැමරාවක් සහ 20 MP f/1.6 කැමරා දෙකක් Leica තාක්ෂණයෙන් යුතුව අඩංගු කර ඇති අතර 2x zoom හැකියාවක් laser autofocus සමග තිබෙනවා.

කෘත්‍රීම බුද්ධිමය තාක්ෂණයෙන් බල ගන්වා ඇති නිසා ඡායාරූපවල ඇති දේවල් හඳුනාගෙන ඒවා මත focus කරන්නට දුරකථනයට හැකියාව ලැබී තිබෙනවා. අත සෙලැවීම් වලකා ස්ථාවර ඡායාරූප ගැනීමට ද මෙහි යොදා ගැනෙන්නේ AI තාක්ෂණයේ සහාය යි.

කවරයේ ඡායාරූපය: androidauthority.com

Related Articles