Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මේ කාලයේ ඔබට වැදගත් වන Apps සහ Services 

ඔබත් මාත් ඇතුළු ශ්‍රී ලාංකික අපි හැමෝ ම මේ දිනවල ගෙවන්නේ ඉතාම අපහසු කාලයක්. මේ කාලයේ ඔබේ වැඩ පහසු කරගන්න වගේ ම ඔබ දැන සිටිය යුතු ම සේවා හා apps කිහිපයක් පිළිබඳ විස්තර ඔබ වෙත මේ ලිපියෙන් ගෙන එනවා. 

VPN කතන්දර සහ අවදානම? 

VPN එකක් භාවිත කරලා අන්තර්ජාලය සහ සමාජ ජාල වෙත පිවිසෙන්න පුළුවන් බවත් ඒ ඔස්සේ ඔබ අන්තර්ජාලයට පිවිසෙන රට වෙනස් කිරීමට හැකි බවත් කිහිප විටක ම සමාජ ජාලා තහනම් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ සරල ව දන්නවා. හැබැයි මෙහි තිබෙන අවදානම ගැන ඔබ දන්නවා ද? VPN එකක් තෝරා ගනිද්දී ඔබ සැහෙන්න සැලකිලිමත්  වෙන්න ඕනේ. ඒ ඔබේ දත්ත සියල්ලම ගමන් කරන්නේ ඔවුන්ගේ සර්වර්ස් හරහා නිසා යි.

ඔබ install කරගන්නා VPN එක තරමක් ප්‍රකට සහ ජනප්‍රිය ආයතනයකින් නිකුත් කරන එකක් නම් වඩා සුදුසු යි.  එසේ නොමැති නම් ඔබට තාක්ෂණික හැකියාව සහ වෙලාව තිබෙනවා නම් ඔබේ ම VPN එකක්, setup කර ගන්න එක නුවණට හුරු යි.  VPNවල ක්‍රියාකාරිත්වය  ගැන පෙර ලිපි ගණනාවකින් ඔබට අපි  විස්තර ගෙන අවා. ඒ සියල්ල ම ඔබට මෙතනින් කියවන්නට පුළුවන්.

 VPN  දැනගෙන දාගන්න – Threatpost.com  

හොඳ ම VPN මොනවද කියන එක මීළඟට ඔබ නඟන පැනය බව දන්නවා. මේ පහළින් තියෙන්නේ පෞද්ගලික අත්දැකීම් එක්ක මා භාවිත කළ සහ දැනටත් භාවිත කරන VPN සේවා කිහිපයක්.

Free VPN:

ProtonVPN: Private, Secure VPN

1.1.1.1: Faster & Safer Internet

මුදල් ගෙවා ලබාගත හැකි VPN සේවා:

TunnelBear: Virtual Private Network & Security

ExpressVPN: VPN for Privacy

IPVanish VPN: The Fastest VPN

මීට අමතර ව Onion Browsing වගේ තාක්ෂණයක් වුණත් ඔබට භාවිත කරන්න පුළුවන්. හැබැයි මේ හරහා විවිධ සේවා සහ සමාජ ජාල භාවිතයේ දී ගැටලු ඇති වෙන්නත් ඉඩ තිබෙනවා, ඒ ගැන වැඩි විස්තර සහ Onion Browsing ගැන තොරතුරු  මේ තැනින් කියවන්න ඔබට පුළුවන්. 

ඔයාලත් කැමති නම් ඔයාගෙ ම VPN එකක් හදාගන්න මේ තියෙන්නේ එයට ලේසි ම විදිහ:

Nearby Friends

ඔබේ Facebook මිතුරු ලයිස්තුවේ ඉන්න මේ පහසුකම සක්‍රීය කරගෙන ඉන්න අය ඉන්න තැන හරියට ම හොයා ගන්න මේ පහසුකමට පුළුවන්. හරි සරල ව Facebook ඇප් එක හරහා මේ පහසුකම සක්‍රීය කරගන්න පුළුවන්. හැබැයි එයට ඔබේ location එහෙම නැති නම් GPS දත්ත නිරතුරු ව ලබා ගැනීම සිදු වෙනවා. ඔබේ දුරකතනයේ බැටරිය ඉක්මනින් බහින්නත් මෙය හේතුවක් වෙන්න පුළුවන්.

ඒ නිසා අවශ්‍ය මිතුරා සොයා ගත්තාට පසුව මේ පහසුකම අක්‍රීය කරන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්  අධික සෙනඟක් ගැවසෙන තැනකට යනවා නම් ඒ ස්ථානයේ ඔබේ මිතුරන් සිටිනවාද යන්න දැන ගැනීමට මෙය වැදගත් වේවි. 

ලඟ ම ඉන්න මිතුරන් සොයාගන්න – Facebook – Screenshots 

Find My Device – Google / Find My iPhone

ඔබ ඔබේ දුරකතනයේ මේ පහසුකම සක්‍රීය කරගන්න එක බොහොම වටිනවා. ඔබේ දුරකථනය  නැතිවුණොත් එය සොයා ගන්න, RING කරවන්න හෝ සියලු දත්ත මකා දමන්නත් මේ සේවා හරහා හැකියාව තිබෙනවා. ඔබේ උපාංගවල ආරක්ෂාව වඩා වැඩි කරගන්න එක මේ කාලයේ දී වැදගත් බව සිහි තබා ගන්න. 

IMEI  අංක කොහේ හෝ සටහන් කර තබන්න

ඔබේ උපාංග බොහොමයක ඒ ඒ උපාංගයට අදාළ  IMEI (International Mobile Equipment Identity) අංකයක් තිබෙනවා. විශේෂයෙන් ජංගම දුරකථනවලට.  මේ අංකය කොහේහෝ සටහන් කර තබා ගැනීම ඉතාම වැදගත්.   ඔබේ දුරකථනය අස්ථාන ගත වුනොත් පොලිසියට පැමිණිලි කරද්දී ඔබේ දුරකතනය මිලට ගත් බිල්පතක් සහ  IMEI අංක ඔවුන්ට ලබා දුන් විට එය සොයා ගැනීම පහසු වෙනවා. ඔබේ දුරකතනය කෙනෙක් සොරාගත්තොත් කළ යුතු දේ  කියන ලිපියෙන් මේ පිළිබඳ වැඩි විස්තර ඔබට කියවන්නට පුළුවන්.  ඔබේ දුරකතනයේ  IMEI අංකය දැනගන්න *#06# DIAL කරන්න. තව දුරටත් ඔබේ දුරකථන ගැන වැඩි විස්තර බලාගන්නත් මේ IMEI අංකවලින් හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් www.imei.info වගේ වෙබ් අඩවියක් භාවිත  කරන්නත් පුළුවන්.

Website එකක් Block කරල ද Down වෙලා ද කියලා panic වෙන්න කලින් දැනගන්න.

පසුගිය දවස්වල යම් යම් සමාජ ජාලා වෙත තහනම් පැනවීම සිදු වුණා.  සමහර වෙලාවට අදාළ සේවාවලවල දෝෂ නිසා ඒවා අකර්මණ්‍ය වුණා. හරියට ම වුණේ මොකද්ද කියලා කලබල වෙන්න කලින් දැනගන්න පුළුවන් හොඳ ම තැනක් තමයි https://downdetector.com/ වෙබ් අඩවිය.

මේකේ ඔයාලා සුලබ ව භාවිත කරන වෙබ් අඩවි සහ සේවා බොහොමයක් ගැන තත්කාලීන (Real-time) විස්තර ඇතුළත් වෙනවා. මේ වෙබ් අඩවියේ සේවාව ඔබට app එකක් ලෙස ද ඔබේ දුරකතනයේ භාවිත කරන්න පුළුවන්ත එය සම්පූර්ණයෙන්  ම නොමිලේ යි.

 Panic වෙන්න කලින් බලන්න – downdetector.com

කාලගුණය ගැන දැන ගෙන ඉන්න

මේ දිනවල එළියට එන එක කෝකටත් හොඳ යි. weather.com, accuweather.com වගේ වෙබ් අඩවියක් හරි නැති නම් ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුවේ (Department of Meteorology) නිල වෙබ් අඩවියෙ meteo.gov.lk   හරි කාලගුණය බලන එක වටිනවා. 

එතකොට එදා දවසේ වැඩ කටයුතු ඉතා සාර්ථක ව සැලසුම් සහගත ව මුහුණ දෙන්නත් අවශ්‍ය  විදිහට සැලසුම් හදාගන්නත් ඔබට පුළුවන් වේවි. ඔබ සතුව ස්මාර්ට් දුරකතනයක් තියෙනවා නම් ඉතාම සරල ව එක භාවිත කරලා Voice Assistant මඟින් ඔයා ඉන්න ප්‍රදේශයට අදාළ ව කාලගුණය දැනගන්නට පුළුවන්. එහෙම නැති නම් මේ සඳහන් කරපු ප්‍රමුඛ පෙළේ කාලගුණ  සේවාවල apps ඔයාට ඇප් ස්ටෝර්වලින් ලබාගන්නත් පුළුවන් වෙනවා.

මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

Onion Browsing සමඟ අන්තර්ජාල සැරිය ආරක්ෂිත ද?

#Hashtag විප්ලවය හරියට කරන්න!

කවරයේ ඡායාරූපය: Inventiva.co.in

මූලාශ්‍ර:

Threatpost.com 

downdetector.com 

Inventiva.co.in 

Youtube.com 

Related Articles