Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත් ම Galaxy Z Fold 3 සහ Galaxy Z Flip 3 ගැන තොරතුරු

අගෝස්තු මාසයේ Samsung සමාගම හඳුන්වා දුන් Galaxy Z Fold 3 සහ Galaxy Z Flip 3 5G කියන්නේ පිළිවෙළින්, නැවිය හැකි ටැබ්ලට් එකක් සහ දුරකථනයක්. මීට පෙර මාදිලිවල තිබූ අඩුපාඩු රැසක් සපුරාගෙන වැඩි කාලයක් ඔරොත්තු දෙන පරිද්දෙන් සකසා ඇති මෙම නව උපාංග දෙක ම තාක්ෂණ ලෝලීන්ගේ සිත් පැහැර ගත්තේ නිතැතින්ම යි.

ටැබ්ලට් උපාංග ඉතා විශාල නිසා පහසුවෙන් සාක්කුවේ රැගෙන යාම සිහිනයක් බඳු යි. එහෙත් Fold 3 නැවූ පසු සාමාන්‍ය ස්මාර්ට් දුරකථනයක ප්‍රමාණයට පත්වන නිසා ඒ සිහිනය සැබෑ වෙනවා. එපමණක් ද නොව, එහි පිටත සාමාන්‍ය ස්මාර්ට් දුරකථනයක ප්‍රමාණයේ තිරයක් තිබෙන නිසා පාවිච්චි කරන සෑම විට ම එය දිග හැරීමට අවශ්‍ය වන්නේත් නැහැ. එයට ම නොදෙවෙනි Flip 3 දුරකථනය පරණ Flip Phone ආකාරයට ම, නැවූ පසු ෆෝන් එකෙන් අඩක් බවට පත් වෙනවා. Notifications එන සෑම වෙලාවක ම එය දිගහැරිය යුතු නොවන්නේ, පිටත ඇති කුඩා තිරයකින් Notifications, වේලාව ඇතුළු තොරතුරු රැසක් දැකගත හැකි නිසා යි.

Galaxy Z Fold 3 ටැබ්ලට්-දුරකථනය – notebookcheck.net

Galaxy Z Fold3 දුරකථනයේ බාහිර තිරය Gorilla Glass Victus වීදුරුවක ආරක්ෂාවෙන් සන්නද්ධ කර ඇති අතර, දිගහැරිය විට ඇති තිරය ඝනකම් ප්ලාස්ටික් එකකින්, පෙරටත් වඩා ආරක්ෂා කර තිබෙනවා. මේ බව ලොවට හොඳින් ම තහවුරු වුණේ JerryRigEverything යූටියුබ් චැනලයේ දී එය දැඩි නැවීම්, දූවිලිවලින් නැහැවීම් ආදී රුදුරු අත්දැකීම්වලට පවා මුහුණ දිය හැකි බව දකින්නට ලැබීමෙනු යි. ඒ වීඩියෝව මෙතැනින් බලන්න. දුරකථනය නැවිය හැක්කේ ඇතුළු පැත්තට පමණක් නමුත්, ඔහු එය ප්‍රතිවිරුද්ධ අතට දැඩි ව නවන්නට උත්සාහ කරද්දී පවා දුරකථන තිරය හොඳින් ක්‍රියාකරන ආකාරය එහි දකින්නට ලැබෙනවා.

Galaxy Z Fold 3 සතු සුවිශේෂී ලක්ෂණයක් වන්නේ දිග හැරිය විට ඇති තිරයේ යට සැඟ වූ කැමරාවක් (under-display camera) තිබීම යි. මේ නිසා මොබයිල් ක්‍රීඩා කරද්දී, ලිපි කියවද්දී හෝ වීඩියෝ නරඹද්දී ඔබට කැමරා cut out එකකින් බාධා සිදු වන්නේ නැහැ. කැමරා ඇප් එක විවෘත කළ වහා සැඟවුණු කැමරාව මත ඇති පික්සල් කළු පැහැවී දර්ශන පථය විවෘත කර දෙනවා. මෙම සෙල්ෆි කැමරාව මෙගා පික්සල් 4ක එකක්. Fold 3 හි පිටත ඇති තිරය උඩින් තවත් 10MP සෙල්ෆි කැමරාවක් තිබෙනවා. පසුපස කැමරා තුනක් ඇති අතර ඒවා 12MP වූ wide, ultrawide, සහ telephoto සෙන්සර් තුනකි.

ජලයට ද ඔරොත්තු දෙයි – vox-cdn.com

පිටත ඇත්තේ 120Hz refresh rate එකක් සහිත අඟල් 6.2ක තිරයක්. ඇතුළත තිරය අඟල් 7.6 යි. එහි Taskbar නමින් නව විශේෂාංගයක් හඳුන්වා දී ඇති බැවින් පරිගණකයේ මෙන් එක්වර Apps කිහිපයක් භාවිත කිරීම, නිතර භාවිත කරන Apps එහි රඳවා ගැනීම ඇතුළු වෙනත් දුරකථනයකින් ලැබෙන පහසුකම්වලට වඩා නව අත්දැකීමක් ලැබෙනවා. මෙම සුවිශේෂී තිරයට ගැළපෙන පරිදි Gmail, Chrome, TikTok, Spotify ආදී Apps විශේෂයෙන් සකසා ඇති අතර, දැනට support නොකරන ඒවා පවා ගැළපෙන පරිදි වෙනස් කර ගන්නට මෙහෙයුම් පද්ධතියෙන් පහසුකම් සලසා තිබෙනවා. විශේෂයෙන් සකසන ලද, මෘදු (තද කළ විට spring එකකින් තුඩ හැකිලෙන) පෑන් තුඩක් සහිත Fold S Pen එක මෙහි දී භාවිත කළ හැකි යි. 256/512GB Internal Storage සහිත මාදිලි දෙකක් ඇති Galaxy Z Fold 3 හි 12GB RAM එකක් තිබෙනවා.

Galaxy Z Flip 3 දුරකථනය – techadvisor.com

ඊට හාත්පසින් ම සමාන Galaxy Z Flip 3 දුරකථනයේ තිරය අඟල් 6.7ක් වන අතර, පිටත අඟල් 1.9ක කුඩා තිරයකින් යුතු යි. 128/256GB Internal Storage සහිත මාදිලි දෙකක් ඇති එහි 8GB RAM එකක් තිබෙනවා. නැවූ පසු එහි ප්‍රමාණයේ කුඩා බව නිසාම ඩෙනිම් කලිසම් සාක්කුවක වුවත් රැගෙන යාම ඉතා පහසු යි. මේ දුරකථන දෙක ම Water Resistance (IPX8) නිසාත්, Wireless charge කළ හැකි නිසාත් එදිනෙදා භාවිතය තවදුරටත් පහසු වෙනවා.

පෙර ඇණවුම් කරන ඔබට වාසි රැසක්

මෙම දුරකථන දෙක ම ඔබට ඩයලොග් හරහා පෙර-ඇණවුම් කරන්නට අවස්ථාව තිබෙනවා. Fold3 සමඟ ඔබට දින 60ක් දක්වා වලංගු 200GB ඩේටා, Flip3 සඳහා 150GB ඩේටා වැනි සුවිශේෂී වාසි ලැබෙනවා පමණක් නොව, ප්‍රමුඛ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා මාස 40ක් දක්වා පොලී රහිත ව ගෙවීම කරන්නටත්, නිවසට ම ගෙන්වා ගන්නටත් පුළුවන්. ඒ සඳහා 2021 සැප්තැම්බර් 30 වනදාට ප්‍රථම preorder.dialog.lk වෙත පිවිස, ඔබේ ඇණවුම ලබා දෙන්න.

Related Articles