Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණික පෙරළි රැසක් සමඟ ආ Google I/O 22

අන් කවරදත් වඩා මෙවර Google I/O 2022 වැඩසටහන ලෝකයේ බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තා. තාක්ෂණික නව්‍යතාවන්ගෙන් පිරුණු උපාංග රැසක් වගේ ම නවත ම තාක්ෂණික පෙරළි රැසක් ද Google සමාගම මෙහිදී හඳුන්වා දුන්නා. පසුගිය වසරවලට සාපේක්ෂ ව Innovation මේ අංගයේ දී දකින්නට ලැබුණු බව බොහෝ දෙනකුගේ මතය යි. මෙවර  I/O keynote එක පුරා පැය දෙකකට ආසන්න කාලයක් පුරාවට පැවැත්වුණා. මේ සැසිය අතරේදී AI, Android, වගේම නවත ම Pixel hardware සහ ඒවායේ හැකියාව ගැනත් බොහෝ දේ අසන්නට දකින්නට ලැබුනා.

Pixel 6A

Pixel 6A නම් mid-tier phone උපාංගය ගැන කියනවා නම්  ඒ සතුව පවතින්නේ ඔවුන්ගේ ඉතාම බලවත් චිප් එකක් ලෙස සලකන Tensor chip එකක්. මෙය තමයි පසුගිය වසරේ ඔවුන් නිකුත් කළ Flagship දුරකථනවල පවා ඇතුළත් වුණේ. ඇමරිකානු ඩොලර් 449ක් ($449) ක මුදලකට මෙය එළඹෙන ජූනි 21වෙනිදා වෙළඳපොළට නිකුත් වීමට නියමිත යි.  නවතම චිපයක් ඇතුළත්ව තිබුණාට මෙය සතුව තිබෙන්නේ නම් 12-megapixel camera පද්ධතියක කැමරාවක්.

පසුගිය වසරවල අපට දකින්නට ලැබුණ පික්සල් mid-tier phone උපාංගවල සම්පුර්ණ වෙනස් ම ආකාරයකට තමයි මෙය නිර්මාණය වෙන්නේ.කලින් mid-tier phone උපාංගවල ඉතා ම හොඳ කැමරාවක් තිබුණත් එයට බලගතු චිප් ඇතුළත් වුණේ නම් නැහැ. මෙවර ඔවුන් බලවත් ම චිප් එකක් ඇතුළත් කර අඩු හැකියාවන්ගෙන් යුත්එ කැමරාවක් ඇතුළත් කර තිබෙනවා. පසුගිය වසරේ mid-tier phone එකේ තිබුණු හෙඩ්ෆෝන් ජැක් එක පිළිබඳ ඔවුන් මහා ඉහළින් කතා කළා ඔබට මතක ඇති. කොහොම වුණත්  මේ නව 6A එකට මෙය නම්  ඇතුළත් වෙන්නේ නෑ.

 Tensor chip එකක් ඇති Pixel 6A – io.google

Pixel Watch

Google සමාගමෙන් හඳුන්වාදීමට නියමිත මේ උපාංගය ගැන කරුණු එළියට ආ ගමන්  බොහෝ දෙනෙක් මේ උපාංගය ගැන දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. Pixel Watch එකේ දෘඪාංග ගැන සහ පෙනුම ගැන කොතරම් තොරතුරු අනාවරණය වුණත් එහි  මෘදුකාංගමය දේවල් සහ එහි හැකියාවන් ගැන වැඩි යමක් අන්තර්ජාලයට නිකුත් වුණේ නැහැ.

කොහොම නමුත් සමාගම් මේ වසර අගදී අලුත් වූ Wear OS 3 සංස්කරණයක් සමඟ වෙළඳපොළට නිකුත් වෙන  Pixel Watch ගැන නිවේදනය කළා. Fitbit හා එක්ව නිපදවෙන මේ ගැන ඊට වැඩි යමක් නම් මෙහිදී අනාවරණය වුණේ නැහැ.  මෙය වසර අවසානයේ නවත ම පික්සල් 7 දුරකථනය සමගින් නිකුත්වෙනු ඇති බවයි ආරංචි වෙන්නේ.

 වසර අගදී වෙළඳපොළට නිකුත් වන  Pixel Watch – io.google

Pixel 7

I/O keynote එකේදී Pixel 7 දුරකථනය ගැන යම් යම් දේ අනාවරණය කළා. ඒවගේ ම Pixel 7 සහ 7 Pro දුරකථනවල renders කිහිපයකුත් මෙහි දී අනාවරණය කෙරුණා. මෙහිදී අනාවරණය කෙරුණු විස්තර අනුව 7 Pro දුරකථනයට කැමරා ත්‍රිත්වයක කැමරා පද්ධතියක් සහ Pixel 7 වෙත කැමරා ද්විත්වයක් ඇතුළත්වීමට නියමිත යි. මෙහි කැමරාව සහ දුරකථනයේ කොටස් සඳහා 100% ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇලුමිනියම් භාවිත කර තිබෙනවා.

පසුගිය වසරවලට වඩා premium සහ minimalist පෙනුමක් ලබාදෙන්න මෙවර දුරකථනය සමත් වෙලා තිබෙන බව තමයි අදහස. මෙයට ඇතුළත් වෙන්නේ Next Gen Tensor chip බව පමණයි මෙහිදී අනාවරණය වුණේ. ඒවගේම Android 13 සමඟින් මේ දුරකථන දෙක ම වෙළඳපොළට නිකුත් වේවි. කොහොම වුණත් මේ ගැන නම් වැඩි විස්තර දැනගන්න ටිකක් ඉවසන්න වෙනවා.

 කැමරා ද්විත්වයක් සහිත Pixel 7 – io.google

 

Pixel Buds Pro

Google  සමාගම ඔවුන්ගේ  active noise cancellation පහසුකම සහිත පළමු බඩ්ස් යුගළයත් මෙහිදී නිවේදනය කළා. Pixel Buds Pro වෙළදපොළට එන්නේ ඩොලර් 199 ක මිලකට යි. ANC පහසුකම එක්ක ඔබට මෙම බඩ්ස් පැය 7ක් පමණ කිසිම ගැටලුවකින් තොර ව භාවිත කරන්න පුළුවන්.  custom audio chip  එකක් සහිත ව එළිදැක්වෙන මෙම උපාංගයට  Bluetooth multipoint තාක්ෂණය සහාය දක්වන අතර ඒ මඟින් එකවර Devices දෙකක් සමඟ සම්බන්ධ වීමටත්, ඉතා ම පහසුවෙන් ඒවා අතර මාරු වෙන්නටත් හැකියාව ලබා දෙනවා.  වර්ණ කිහිපයකින් එළඹෙන ජූනි 21 වැනිදා සිට වෙළඳපොළට මෙය නිකුත් වෙනවා.

 ANC පහසුකම එක්ක එන Pixel Buds Pro –  io.google 

 

Tensor-powered Android tablet 

Android-powered tablet එකක් හඳුන්වා දීමට Google සමාගම ලබන වසරේ දී කටයුතු කරන බවට මෙහිදී අනාවරණය කෙරුණා. ඒවගේම එහි First look එකත් ජනතාවට අනාවරණය කෙරුණා. මෙය සම්පුර්ණයෙන්ම ටැබ්ලට් එකකට එහා ගිහින් සම්පුර්ණ පික්සල් දුරකතනයකම විශාලනය වීමක් විදිහටයි ඔවුන් හඳුන්වන්නේ. Google සමාගමේ ම බලවත් Tensor chip එකකින් මෙය බලගැන්වීමට ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මෙය වෙළෙඳපොළට නිකුත් වෙන්නේ නවත ම Android 12 සමඟින් බව තමයි දැනට ආරංචි වෙන්නේ.

 Tensor chip එකකින් බලගැන්වීමට නියමිත Android-powered tablet – io.google

AR Glasses

AR Glasses කියන්නේ  අලුත් ම රැල්ල. බොහොමයක් සමාගම් දැනට ම මේ සංකල්පය එක්ක නිෂ්පාදන සහ සංකල්ප එළි දක්වන්න කටයුතු කරමින් ඉන්නවා. Google සමාගමත් ඔවුන්ගේ අනාගත AR Glassesඑක පිළිබද ව සහ එහි හැකියාවන් පිළිබඳ ව I/O 2022 දී අනාවරණය කරන්න කටයුතු කළා. මේ නිෂ්පාදනය මඟින් ඉතා ම නුදුරු අනාගතයේ දී භාෂා බාධක බිඳ හෙළනු ඇති බව ඔවුන් විශ්වාස කරනවා. Google translateවලින් එකතු කර ගන්න දත්ත ඔස්සේ මේ AR Glasses වෙත live translation හැකියාව පවා ලැබේවි. 

 live translation හැකියාව ලැබෙන AR Glasses –  io.google

 

මේ ප්‍රධාන දේවලට අමතර ව දැනට ම Google සමාගම වැඩිදියුණු කරමින් යන ඔවුන්ගේ AI තාක්ෂණය පිළිබඳ ව කරුණු රැසක්  ද අනාවරණය වුණා. මේ අතරින් ප්‍රධානව ම multisearch feature එක පිළිබඳ ඔවුන් කරුණු අනාවරණය කළා. මේ මඟින් ඔබේ Google lens එක ඔස්සේ එකවර දේවල් කිහිපයක් පිළිබඳ ව අන්තර්ජාලයෙන් කරුණු ලබාගන්න ඔබට පුළුවන් වෙනවා.

යම් යම් අයිතම මඟන් වඩා හොඳ එක සහ මිල අනුව, විවිධ අමුද්‍රව්‍ය වැනි දේ මත ඒවා වෙන්කර හඳුනා ගන්නට හැකි වෙන පහසුකම් එයට ඇතුළත් වේවි.මේ  සමඟ ම Android 12 හි කරන්නට යන යම් යම් වෙනස් කම් ගැන, නව Google  user privacy එක ආරක්ෂා කරන්නට අලුතෙන් ගෙන එන පහසුකම් ගැනත් මෙහිදී අනාවරණය කෙරුණා.

කවරයේ ඡායාරූපය - Google I/O 22 - techadvisor.com

මූලාශ්‍ර:

theverge.com

9to5google.com

io.google

 

 

Related Articles