Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතෙන්ම නිකුත් වුණු iPad 9.7 සහ iPad Pro 2018

මේ වසර සඳහා වූ iPad යුගලය ඇපල් සමාගමේ වාර්ෂික මෘදුකාංග සංවර්ධකයන්ගේ සමුළුවටත් පෙරම නිකුත් වුණා. ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත WWDC 2018 සමුළුවේ දී ඇපල් සමාගම විසින් මෙතෙක් නිපදවූ නිෂ්පාදන එළිදැක්වීම, සහ ඔවුන්ගේ ඉදිරි සැලසුම් හඳුන්වා දෙන අතර, එම සමුළුවේ වැදගත්ම සිදුවීම් පසුගිය වර්ෂයේත් අප ඔබ වෙත ගෙන ආවා. ඊට ප්‍රථමයෙන් ඔවුන් හඳුන්වාදුන් නවතම ටැබ්ලට් යුගලය ගැනයි මේ ලිපිය.

පෙනුම

cbsistatic.com

අධ්‍යාපනය ලබන දරුවන් පාදක කොට ගෙන නිපදවා ඇති නවතම iPad එක Apple Pencil එක සඳහා ප්‍රථම වරට සහාය දක්වන නමුත්, එය වෙනම මිල දී ගත යුතු වෙනවා. සිසුන් සඳහා නොමිලේ ගිගාබයිට් 200ක iCloud ඉඩකඩක් ලැබෙනවා. ඇපල් සමාගම මෙතෙක් ගෙන ආ සාම්ප්‍රදායික වර්ණ තුන: රිදී, රත්‍රං, සහ අළු පැහැයන්ගෙන්ම මෙම නව iPad එළිදක්වා තිබෙනවා. ඒ අනුව iPad සඳහා ද දැන් රත්‍රං පැහැය එක් වෙනවා. වයිෆයි පමණක් සහ වයිෆයි සමඟ දුරකථන ජාල භාවිතා කිරීමට සිම්පතක් ද දැමිය හැකි ආකාරයේ මාදිලි දෙකකින් පැමිණෙන අතර සිම්පත් මාදිලියෙහි පසුපස ඉහළින් කළු පැහැති දාරයක් යොදා තිබෙනවා. ඉදිරිපස පෙනුම සාම්ප්‍රදායික home button එක සහිතව සකසා ඇති අතර එය ඇඟිලි සලකුණු සංවේදකය ලෙස ක්‍රියා කරනවා. බොහෝ දෙනෙක් iPhoneX හි අවම දාර විශේෂාංගය නිසා iPad එකටත් තිරය මත ඉහළ නැමුමක් සහිතන තිරය වටා සැලකිය යුතු තරම් මහත දාරයක් තිබෙනවා. iPad 9.7 මාදිලිය අඟල් 9.4ක් උසින් සහ අඟල් 6.6ක පළලින් යුතු අතර iPad Pro තිර ප්‍රමාණය අඟල් 10.5 සහ අඟල් 12.9 ලෙස මාදිලි දෙකකින් සමන්විත යි. ඉන් කුඩා ප්‍රමාණයේ ටැබ් එකේ උස අඟල් 9.8ක් පළල අඟල් 6.8ක් ද වන අතර අනෙකෙහි උස අඟල් 12 සහ පළල අඟල් 8.7ක් පමණ වෙනවා.

තිරය

cbsistatic.com

නව iPad මාදිලි දෙකෙහිම Retina තිරයක් තිබෙනවා. iPad සාමාන්‍ය මාදිලියේ විකර්ණව අඟල් 9.7ක්, LED-backlit Multi-Touch IPS තිරයක්, 2048×1536 තිර විභේදනයක්, 264 ppi අගයක් මෙන්ම ඇඟිලි සලකුණු නොපිහිටන ආලේපයකින් ද යුතුයි. Apple Pencil එක සඳහා සහාය වීමට අවශ්‍ය හැකියාවන් එහි අඩංගු කර තිබීම විශේෂත්වයක්. iPad proහි තිරය ඊට වඩා වැඩි විශේෂාංගයන් රැසකින් යුක්ත යි. සාමාන්‍ය මොනිටරයක refresh rate එක 60Hz වුවත් මෙම තිරය එහි දෙගුණයක් හෙවත් 120Hz වනවා. මේ නිසා තිරය මත මැවෙන දසුන් වඩාත් සුමට වෙනවා. තිරය බාහිර ආලෝකයන් නිසා දිලිසීම වළක්වා ඇති මෙහි තිර දීප්තියද 600nits තරම් ඉහළ අගයක් සහිතව හොඳ වර්ණ දක්වන්නක් වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ProMotion නමැති තාක්ෂණය භාවිත කෙරෙනවා.

කැමරාව

theapplepost.com

iPad 9.7 මාදිලියේ පසුපස 8MP කැමරාවක් ඇති අතර Hybrid IR ෆිල්ටරයක්, පසුපස දීප්තියක්, ශරීර සහ මුහුණු හඳුනාගැනීමේ හැකියාවක්, ƒ/2.4 විවරයක්, 1080p HD වීඩියෝ සහ 120 fps Slo‑mo වීඩියෝ ගැනීමේ හැකියාව තිබෙනවා. එහි ඉදිරිපස කැමරාවට 1.2MP වන අතර තිරය දීප්තිමත් කොට ෆ්ලෑෂරයක් ලෙස ක්‍රියාත්මක වීම, 720p HD වීඩියෝ හැකියාව සහ ශරීර හා මුහුණු හඳුනාගැනීම යන විශේෂාංගයන් තිබෙනවා.

iPad Pro හි පසුපස කැමරාව ƒ/1.8වූ මෙගාපික්සල් 12ක පස් ගුණයක් ඩිජිටල් zoom කළ හැකි කොටස් හයක කාචයකින් යුත් එකක්. LED 4ක True-tone ෆ්ලෑෂරයක්, නීල මාණික්‍යයක ගුණය ඇතිව කෘත්‍රීමව සකසන ලද කාච ආවරණයක් එයට එක් වෙනවා. 30 fps වීඩියෝ 4K ප්‍රමාණයෙන් ගත හැකි අතර Slo‑mo 120 fps වීඩියෝ 1080p ගුණාත්මක බවකින් රෙකෝඩ් කළ හැකියි. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 7ක් වෙනවා.

බාහිර සම්බන්ධක

imore.com

3.5mm Audio jack එක iPad සහ iPad pro දෙකටම යොදා තිබෙනවා. සාමාන්‍ය iPad එක සතුව එහි යට පැත්තේ ස්ටීරියෝ ස්පීකර 2ක් පමණක් ඇති නමුත්, iPad Proහි ඉහළ සහ පහළ දාරවල ස්පීකර කවුළු දෙක බැගින් හතරක් සහිතව උපරිම ශබ්ද ගුණාත්මක බවක් ලබා දෙනවා. ඊට අමතරව Lightning port එකක් iPad එකටත්, Smart connector එකක් iPad Pro එකටත් තිබෙනවා. මෙම ස්මාර්ට් කනෙක්ටරය කාන්දම් හරහා බාහිර උපාංග iPad එකට සබැඳීමට අවකාශ ලබාදෙන නවමු ක්‍රමවේදයක්. ප්‍රථම වරට smart keyboard එකක් හඳුන්වාදෙන ඇපල් සමාගම එය කවරයක් ලෙස iPad එකටම සබඳා මෙම Smart connector එක හරහා එහි බලය සහ දත්ත හුවමාරු වීම සිදුවන ආකාරයට සකසා තිබෙනවා. මෙහි හැකියාවන් ඉන් සීමා නොවන අතර එවන් ආකාරයේ සම්බන්ධක සහිත උපාංග ඕනෑම එකක් ඊට සබැඳිය හැකි නිසා ඔවුන්ට මෙන්ම වෙනත් සමාගම්වලට ද නව සම්බන්ධක උපාංග සැකසීමේ වෙළඳපොළක් නිර්මාණය වෙනවා.

අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය‍

futurecdn.net

A10 Fusion ප්‍රොසෙසරය ද කරළියට ගෙන එනු ලබනවා. එහි බිලියන 3.3ක් ට්‍රාන්සිස්ටර් ඇති අතර Cores 4ක්, 2.34GHz සහ 64bit architecture එක සතු වෙනවා. ඉන් වඩාත් වැඩි වේගයක් ලැබෙන අතර Augmented Reality (AR) සඳහා සහාය දැක්වීම සඳහා අවශ්‍ය පූර්ණ බලය ලබා දෙනවා. සත්‍ය ලෝකයේ යමක් තිබෙනවාක් මෙන් තිරය මත දැකිය හැකි ආකාරයේ නව අත්දැකීමක් ලබා දෙන මෙම AR විශේෂාංගයට iPad එකෙහි ඇති ප්‍රොසෙසර බලය, තිරයේ ගුණාත්මක බව, කැමරාව සහ චලන සංවේදක බෙහෙවින් ඉවහල් වෙනවා. මෙහෙයුම් පද්ධතිය සතු Multi tasking හෙවත් වරකට ඇප්ස් කිහිපයක් පාවිච්චි කිරීමේ හැකියාවට ද මෙම ප්‍රොසෙසර බලය සහ ගිගාබයිට් 2ක රැම් ධාරිතාව ප්‍රමාණවත් වන අතර, Core හයක PowerVR Series7XT Plus ග්‍රැෆික් ප්‍රොසෙසරය එහි දෘෂ්‍යමය හැකියාවන් තවත් වර්ධනය කොට දෙනවා.

ත්වරණමානය, බාහිර ආලෝක සංවේදකය (ස්වයංක්‍රීයව තිර දීප්තිය පාලනයට), විභ්‍රමණේක්ෂය (gyroscope), මාලිමාව, බැරෝමීටරය, සහ Home යතුර මතම ඇති ඇඟිලි සලකුණු සංවේදකය මෙහි ඇති පහසුකම් වෙනවා. Wi‑Fi (802.11a/b/g/n/ac) 2.4GHz සහ 5GHz යන බෑන්ඩ් දෙකටම සහාය වන අතර, GPS මෙන්ම බ්ලූටූත් 4.2 මෙම නව iPad එකේ ක්‍රියාකාරීත්වයට සහාය ලබා දෙනවා. තනි ආරෝපණයකින් පැය 10ක් දක්වා ක්‍රියාකාරී කාලයක් ලබා ගන්නට iPad සහ iPad Pro සමත් වෙනවා.

කවරයේ ඡායාරූපය: fortune.com

Related Articles