Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google Chrome බ්‍රව්සරය සැබැවින් ම ආරක්ෂිත ද?

පරිශීලක දත්ත අවභාවිතාව ගැන නම් දරා ඉන්න සමාගම් ආතර Google සමාගමත් ඉතා ප්‍රකටයි. පෙර ලිපිවලින් අපි එවැනි කුප්‍රකට වෙනත් සමාගම් ගැන තොරතුරු ඔබට කිව්වා. මේ ගෙවෙන කාල වකවානුව Google සමාගමට හෝ Android පරිශීලකයන්ට එතරම් ම යහපත් කාලයක් නොවන බව නම් අපිට කියන්න පුළුවන්.

android පරිශීලකයන් ඉලක්ක කරගනිමින් දිගින් දිගට ම එල්ලවූ සයිබර් ප්‍රහාර වගේම ‘The Joker’  වැනි පරිශීලකයන් ලක්ෂ ගණනකට හානි ගෙන එන මැල්වෙයාර් වැනි අනිටු මෘදුකාංග සහිත වැඩසටහන් මේවාට හේතු ලෙස දක්වන්න පුළුවන්. දැන් ඔබත් මාත් ඇතුළු Google සමාගමේ නිල වෙබ් අතිරික්සුව (Web Browser) භාවිත කරන ලොව පුරා සිටින බිලියන 2.6 පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය අනතුරේ හෙළීමක් ගැන Forbes වෙබ් අඩවිය අනතුරු අඟවනවා. 

තෙවන පාර්ශවයේ ගෙවීම් ක්‍රමවේද භාවිතය

Google සමාගම තම Play Store හි සියලු මිලදී ගැනීම් සඳහා භාවිත කරන්නේ ඔවුන් ගේ ම ගෙවීම් ක්‍රමවේදයක් (Payment Option). ඔවුන් ඒ සඳහා 30% පමණ කොමිස් එකක් තබා ගන්නවා.  70%ක් තමයි අදාළ app එක හිමි පුද්ගලයාට හෝ සමාගමට ලැබෙන්නේ. කොහොම වුණත් මින් ඉදිරියට දකුණු කොරියාවේ android දුරකථන භාවිත කරන පුද්ගලයන් Play Store හරහා ගෙවීම් සිදු කරද්දී ඒ වෙනුවෙන් වෙනත් ගෙවීම් ක්‍රමවේද ඇතුළත් කරන්න google සමාගමට සිදු වෙනවා. ඒ ඔවුන්ගේ නෛතික තත්වයන්ට යටත්ව යි. මෙයින් google සමාගමට සිදුවන පාඩුව නම් අති විශාල බවයි මේ වෙද්දී අනුමාන කරන්නේ. ඒවගේම Google සමාගම මෙවැනි තෙවන පාර්ශවයේ ගෙවීම් ක්‍රමවේද භාවිත කිරීම පිළිබඳ ව අනතුරු ඇඟවීම් කියා සිටින්නේ මේ හරහා විවිධ මුල්‍ය අකටයුතුකම් සිදු විය හැකි බවයි. 

පරිශීලක දත්ත අවභාවිතාව ගැන නම් දරා ඉන්න Google සමාගම -theguardian.com

ඔබට අමතක ඇති Thirdparty cookies භාවිත නොකර පරිශීලක දත්ත ආරක්ෂා කිරීම පිළිබඳ ක්‍රමවේදයක් Google සමාගම වෙතින් නිවේදනය කෙරුණා. නමුත් එම ක්‍රියාමාර්ගය හදිසියේ කල් දමන්නට ඔවුන් කටයුතු කළා. තම පරිශීලකයන්ට cross-site tracking සඳහා නිසි ආකාරයේ ආරක්ෂාවක් ලබා නොදෙන ජනප්‍රිය එක ම Browser එක ලෙස chrome හඳුන්වන්න පුළුවන්. මේ ගැන වැඩි කරුණු Mozilla හි developers ලා අනාවරණය කළා. Forbrukerradet.no  සිදු කළ පර්යේෂණයකට අනුව පරිශීලකයන් 80% ආසන්න ප්‍රමාණයකට මෙලෙස ට්‍රැක් වීම ගැටලුවක් ව පවතිනවා. ඒවගේම Google සමාගමේ ආරක්ෂණ පර්යේෂකයන් පවා මේ කාරණා පිළිබඳ දැනුම්වත් බවත් පිළිගන්නවා. 

හරි නම් Google සමාගමේ Privacy Sandbox තාක්ෂණය හරහා මේ ගැටලු සියල්ලට ම විසඳුම් ලැබෙන්නට ඕනේ. ඒත් එලෙසින් සියලු tracking අඩපණ කලොත් google සමාගමේ අන්තර්ජාල දැන්වීම් ඒකාධිකාරිය බිඳ වැටෙන්න මෙය හේතු වෙන්නට පුළුවන්. 

ඕනෑම මෘදුකාංගයක ආරක්ෂණ ගැටලු මතු වෙන්නට පුළුවන්. ඒක අතිශය සාමාන්‍ය දෙයක්. කොහොම වුණත් ඒවා බොහොම ඉක්මනින් යථාවත් කරන්න අදාළ මෘදුකාංගයේ නිර්මාණකරුවන් උත්සුක වෙනවා. ඒවා සිදුවෙන්නේ නව Version එකක් ලෙස හෝ තිබෙන version එක වෙත ම පැමිණෙන Update එකක්/ Security Patch එකක් හරහායි.

නවත ම සංස්කරණය වෙත මාරු වෙන්න

පසුගිය දවසක Chrome වෙත පැමිණි එවැනි update එකක් හරහා බග්ස් විශාල ප්‍රමාණකට මුහුණ දෙන්න පරිශීලකයන්ට සිදු වුණා. කොහොම වුණත් වහාම ක්‍රියාත්මක වුණු Google සමාගම මේ ගැටලු ඉතා ඉක්මනින් විසඳන්න සමත් වුණා. ඔබත් භාවිත කරන්නේ පැරණි Google Chrome සංස්කරණයක් නම් වහාම නවත ම සංස්කරණය වෙත මාරු වෙන්න කියලා මතක් කරන්න කැමතියි. 

duckduckgo.com search engine – economictimes.indiatimes.com 

 

ඔබ ඔබේ privacy එක ගැන සැලකිලිමත් වෙනවා නම් chrome කියන්නේ ඔබට ගැළපෙන browser එක නොවන බවත් හොඳින් මතක තබා ගන්න. ලෝකයේ ප්‍රකට ම වගේ ම privacy අතින් අනාරක්ෂිත ම වෙබ් browser එක විදිහටත් බොහෝ දෙනෙක් මෙය හඳුන්වනවා. මා ඔබට යෝජනා කරනවා වෙනත් වෙබ් බ්‍රව්සර් එකකට මාරු වෙන එක සලකා බලන්න කියලා. හැබැයි ඉතින් කාලයක් තිස්සේ භාවිතා කරන හුරු පුරුදු දෙයක් අතාරින එක අමාරුයි කියලා අපි දන්නවා. දැනට ඔබට තාවකාලික විසඳුමක් මම යෝජනා කරන්නම්.

trackingවලට වැට බැඳීමක්

යන්න chrome webstore එකට Cookie Autodelete, uBlock Origin, Privacy Badger හරි  HTTPS Everywhere වගේ Extension එකක් දාගන්න එවන් යම් තරමක ආරක්ෂාවක් ඔබට සැලසේවි. ඒ වගේම trackingවලට යම් මට්ටමක වැට බැඳීමක් සිදුවේවි. 

හොඳ VPN එකක් භාවිත කරන්න. බොහොමයක් VPN සේවාවල මේවගේ දේවල් සඳහා අවහිරතා පනවනවා. එනිසා එයින් ඔබට අමතර ආරක්ෂාවක් සැලසේවි. Express VPN, Cloudflare vpn  වගේ සේවාවක් සුදුසු වෙයි කියලා මා හිතනවා. 

කැමති නම් Pi – Hole වගේ ක්‍රමවේදයකට යන්නත් ඔබට පුළුවන්. මේක නම් තරමක් අපහසුයි. VPNවගේ ක්‍රමවේද නිසා සමහර වෙලාවට යම් යම් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ගැටලු මතු වෙනවා. ඒ ගැටලුවෙන් මිදෙන්න මේ ක්‍රමවේදයක් බොහෝ දුරට මග පාදනවා. 

අඩුම ගානේ Search engine එකවත් මාරු කරන එක ගැන සලකා බලන්න. Google වෙනුවට ඔබ කැමති නම් තරමක් ආරක්ෂාකාරී https://duckduckgo.com වැනි search engine එකක් භාවිත කරන්න. 

ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ ජංගම දුරකතනයෙන් නම් වෙනත් වෙබ් browser එකකට මාරු වීම තමා වඩාත් ම යෝග්‍ය වෙන්නේ. අවශ්‍ය නම් Edge, Firefox, Duckduckgo වැනි web browser app එකකට මාරු වෙන එක ඔබට කරන්න පුළුවන්. 

මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

ඔබේ බැංකු ගිණුම් ඇත්තට ම හිස් කරන ‘The Joker’

 පනස් වසක අන්තර්ජාල සන්ධිස්ථාන 

ඇපල් සමාගමේ අපල කාලය අවසන් ද?

ඇපල් අලකලංචි

කවරයේ ඡායාරූපය: පරිශීලකයන් ට්‍රැක් වීම ගැටලුවක් - forbrukerradet.no

මූලාශ්‍ර:
Forbes.com
Forbrukerradet.no
Chromereleases.googleblog.com
Cnet.com
Bloomberg.com
Zdnet.com
Cnn.com
Theguardian.com
Theverge.com
Androidauthority.com

Related Articles