Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

OnePlus සමාගමේ නවතම පෙරළිකරු: OnePlus 6

පසුගිය මැයි 16 වනදා එක්සත් රාජධානියේ පැවැත්වුණු, සජීවීව නැරඹීමට අවස්ථාව සලසා තිබූ අවස්ථාවේ දී එළිදක්වන ලද OnePlus සමාගමේ නවතම දුරකතනය වන OnePlus 6 ඔවුන්ගේ 2018 වසර සඳහා වූ පුරෝගාමියා වූ අතර ඒ වන විටත් ඔවුන්ගේ පෙර දුරකතනය වූ OnePlus 5T එළිදක්වා මාස 5ක් පමණයි ගතවී තිබුණේ. මේ වසරේ අනෙකුත් සමාගම්වලින් එළිදක්වන ලද නවතම දුරකතන මාදිලිවල ද දකින්නට ලැබුණු පොදු විශේෂාංග බොහොමයක් මේ දුරකතනයේ අඩංගු වූ අතර, ඊට සමගාමීව බුලට් හෙඩ්සෙට් යුවළක් ද හඳුන්වාදෙනු ලැබුවා‍. මැයි 22 පමණ වන විට ලෝක වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත මෙම OnePlus 6 දුරකතනය Avengers වෙනුවෙන් විශේෂ මාදිලියක් ද හඳුන්වා දෙනවා. මේ, නවතම OnePlus දුරකතනය පිළිබඳ පූර්ණ විශේෂාංග සටහනක්.

බාහිර පෙනුම

androidcentral.com

2016 වර්ෂයේ නිකුත් වූ OnePlus 3 දුරකතනයට පසු එකදිගට කළ ඇලුමිනියම් නිමාවෙන් මිදී මෙවර වීදුරු ආවරණයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඉදිරිපස සහ පසුපස Corning Gorilla Glass 5 වීදුරුවෙන් ආවරණය කර ඇති OnePlus 6 දුරකතනය ඒ අනුව එම සමාගමේ පසුපස වීදුරුවක් සහිත ප්‍රථම දුරකතනය බවට පත් වෙනවා. Mirror Black, Midnight Black සහ Silk White ලෙස වර්ණ තුනකින් මෙම දුරකතනය එළිදක්වන ලද අතර එහි Mirror Black හි කළු වර්ණය සහිත ඔප දැමූ වීදුරුවක් ඇති නිසා එහි දාඩිය නිසා ඇතිවන ඇඟිලි සලකුණු පැල්ලම් පෙනෙන්නට ගන්නවා. Midnight Black වර්ණය ඇති මාදිලියේ රළු කරන ලද කළු පැහැයක් ඇති අතර එය පෙර තිබූ දුරකතන නිමාවට සමාන බවක් දරනවා.

express.co.uk

Silk White වර්ණය අයිෆෝන්වල දකින්නට ලැබෙන Rose Gold වර්ණයට ආසන්න වර්ණයකින් හා දාරය සහිතව බඳෙහි සුදු පැහැති සිහින් කුඩු විසිරුවා ඇතිවාක් මෙන් පෙනුමකින් යුතු වන අතර එම මාදිලිය ජුනි මාසයේදී නිකුත් කිරීමට නියමිතයි.

මුහුණත පැත්තේ දකුණුපස මතුපිට රළු කරන ලද power button එකත්, අනෙක් පස volume බොත්තම් ද අඩංගු කර ඇති අතර ශබ්දය, වයිබ්‍රේට් (මෙවර Do not disturb වෙනුවට), නිශ්ශබ්ද යන අවස්ථා තුන අතර මාරුවීම සඳහා වූ ස්ලයිඩරය මෙවර දකුණුපස අැති power බොත්තමට යටින් යොදා තිබෙනවා. ඉදිරිපස ඉතා සුළු notch එකක් (කට්ටයක්) සුපුරුදු පරිදි තිබෙන්නේ කුඩා ඉදිරිපස ස්පීකරයක් උරුම කරවමින්. ඇඟිලි සලකුණු සංවේදකය පසුපස මැදින් ඉහළට ආසන්නව යොදා තිබෙනවා.

තිරය

cbsistatic.com

අඟල් 6.28ක සුපැහැදිලි Optic OLED තිරයක් සහිත OnePlus 6 දුරකතනයේ තිර අනුපාතය 19:9 වීම iPhone X සිහිගන්වනවා. ඉදිරිපස ඇඟිලි සලකුණු සංවේදකයක් නොමැති නිසා මුහුණත පුරාම තිරය දිවෙනවා. මේ වසරේ නොදැම්මා නම් කොණ් වන ආකාරයේ විශේෂාංගයක් ලෙස දකින්නට ලැබෙන ඉහළ කට්ටය (top-notch) සහිතව මුහුණත දෙපස තෙක්ම විහිදෙන මෙම තිරයේ යට කොටසේ මඳක් මහත දාරයක් දකින්නට ලැබෙනවා. ඒ අනුව තිර විහිදීම මුහුණතෙහි 84%ක් වෙනවා. Notch එක Setting මගින් ඉවත්කිරීමට හැකි අතර එවිට ඉහළ තීරය දෙපස කළු පැහැ ගැන්වී notch එකක් නැතිවාක් මෙන් පෙනෙන්නට පටන් ගන්නවා. මෙම තිරයෙහි 401ppi (අඟලකට ඇති පික්සල ප්‍රමාණය) අගයක් ගන්නේ iPhone 8 Plus දුරකතනයේ ආකාරයට ම වන අතර ඒ අනුව, iPhone Xහි 458ppi අගය වෙත එයට ළඟාවීමට නොහැකිව තිබෙනවා. තිර විභේදනය 1080 x 2280px හෙවත් Quad HD+ වන අතර තිරය Corning Gorilla Glass 5 විදුරුවකින් ආරක්ෂණය කර තිබෙනවා.

කැමරාව

mobilesyrup.com

Huawei P20 Pro දුරකතනය පසුපස කැමරාව ලෙස කැමරා තුනක් අඩංගු කරද්දී සහ එම පහසුකම් සියල්ල තනි කැමරාවකින් Google Pixel 2 දුරකතනය ලබාදෙද්දී OnePlus 6 දුරකතනය සාම්ප්‍රදායිකව පසුපස ද්විත්ව කැමරා පද්ධතියක් අඩංගු කර තිබෙනවා. නමුත් මේ දෙකම RGB සංවේදක වන අතර එකක්, 16MP සහිතව f/1.7 aperture එකකුත්, OnePlus 5හි දකින්නට නොලැබුණු optical image stabilization හැකියාවත් ලබාගෙන තිබෙනවා. මේ නිසා තවදුරටත් ඡායාරූප ගනිද්දී අත සෙලැවීම්වලින් ඡායාරූප බොඳවීම් ගැන වද විය යුතු නැහැ. පසුපස අනෙක් කැමරාව 20MP සහිතව f/1.7 aperture එකකින් යුතු අතර iPhone X දුරකතනයේ වගේම wide-angle සහ 2x zoom හැකියාවෙන් සමන්විතයි. කැමරා දෙක සිරස් අතට ඇති අතර ඊට යටින් පසුපස ෆ්ලෑෂරය යොදා තිබෙනවා. ඉදිරිපස කැමරාව 16 MP වූ aperture එක f/2.0 වූ එකක්.

අනෙකුත් විශේෂාංග

digitaltrends.com

අභ්‍යන්තර ධාරිතාව සහ රැම් එක අනුව නැවත මාදිලි තුනකට බෙදෙන OnePlus 6 දුරකතනය 64GB අභ්‍යන්තර මතක ධාරිතාවක් ඇති 6GB RAM එකක් සහිත මාදිලියකින්, ධාරිතාව 128GB හා 8GB RAM එකකින්  සමන්විත මාදිලියකින් සහ 256GB ධාරිතාවක් ඇති 8GB RAM එකක් සහිත මාදිලියකින් වෙළඳපොළට පැමිණෙනවා. ගිය වසර අග භාගයේදී මේ වසරේ දුරකතන වෙනුවෙන් නිකුත්වුණු නවතම Qualcomm Snapdragon 845 Octa-core ප්‍රොසෙසරයෙන් හා DDR5 රැම් වලින් බල ගැන්වෙන මෙය OnePlus සමාගම විසින් වෙනස්කරන ලද ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන OxygenOS ධාවනය කරනවා. 3,300mAh බැටරිය OnePlusහි සහෝදර සමාගමක් වන OPPO වෙතින් (Vivo ද ඔවුන්ගේම සොයුරු සමාගමක්) බලපත් ලබා ඇති Dash Charging තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති නිසා fast charging, වීඩියෝ හෝ ක්‍රීඩාවක් කරන අතරතුරේම රත් වීමකින් තොරව ආරෝපණය කරන්නට හැකියාව ලැබුණත් රැහැන් රහිත ආරෝපණ හැකියාවක් මෙය සතුව නැහැ.

androidcentral.com

මෙම දුරකතනය එළි දැක්වීමට ද ප්‍රථමයෙන් Android P beta වෙළුම මෙහි ස්ථාපනය කිරීමට හැකියාව ඇති බව ගූග්ල් සමාගම සඳහන් කර තිබුණා. ඒ අනුව වසර මැද භාගයේ පැමිණීමට නියමිත Android P මෙහෙයුම් පද්ධතිය ද නිකුත් වූ වහා මෙයට ලැබීමට නියමිතයි. පසුගියදා ඇන්ඩ්‍රොයිඩ් වෙත හඳුන්වාදුන් gestures ද මේ දුරකතනයෙන් දැන් සිටම OxygenOS එකෙන් අත් විඳින්නට පුළුවන්.‍ ඉවත් නොකළ Headphone ජැක් එකක්, USB Type-C පෝට් එකක්, සිම්පත් දෙකම සඳහා Gigabit LTE තාක්ෂණයෙන් 4G වෙත ඉහළ වේගයක්, තත්පර 0.2කින් අගුළු හැරිය හැකි ඇඟිලි සලකුණු සංවේදකයක්, Face unlock, ජලය සහ දුහුවිලිවලින් ආරක්ෂාව ඇතුළු විශේෂාංග රැසක් මේ දුරකතනයේ අඩංගු වෙනවා.

ඔබ හිතන්නේ මේ දුරකතනයට 2018 වසරේ නිකුත් වුණු අනෙකුත් සමාගම්වල දුරකතන සමඟ හැප්පෙන්නට පුළුවන් කියලා ද? බොහෝ විට, වෙළඳපොළට නිකුත්වූ විට මිල සාධකය අනුව සුබදායී වෙනසක් මෙහි දැකගන්නට හැකි වේවි.

කවරයේ ඡායාරූපය: cbsistatic.com

Related Articles