Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිහිනුම් චලනයන් ද හඳුනාගත හැකි Mi Band 4

දැරිය හැකි මිලකට ඉහළම මට්ටමේ උපාංග වෙළඳපොළ වෙත දායාද කරන Xiaomi සමාගමේ Mi Band උපාංග මුල පටන්ම හැම කෙනෙක්ගේම අවධානය දිනා ගත්තා. අලුතින් එන Mi Band 4 සතුව වර්ණවත් හා විශාල තිරයක්, ඉහළ Brightness එකක් සහ පිහිනුම් චලන හඳුනාගැනීමේ හැකියාවෙන් ද යුතු යි. රු. 5500කට පමණ මිල දී ගත හැකි මෙය Fitness Bands අතුරින් ඉදිරියෙන්ම සිටින උපාංගයක්.

බාහිර පෙනුම

දිගැති අසුරණයක් (notebookcheck.net)

කුඩා බෙහෙත් පෙත්තක හැඩය ඇති සරල සහ සුමට නිමාවකින් යුත් නවතම Mi Band 4 පෙත්ත පෙර පැවති Mi Band 3 එකේ ප්‍රමාණයෙන්ම යුක්ත යි. එහි අසුරණයෙන් අඩක පමණ ප්‍රමාණයක TPU වලින් සැකසූ බෑන්ඩ් එක, චාර්ජරය සහ උපාංගය අන්තර්ගත වෙනවා. ඉතිරි අඩෙහි ඇත්තේ කවුරුත් නොකියවන පරිශීලක අත්පොත යි.

Mi Band 3 හි ප්‍රමාණයට සමාන යි (appmifile.com)

Mi Band 3 එකට ප්‍රමාණයෙන් සමාන වීම ඇත්තෙන්ම හොඳ වාසියක්. ඔබට Band 3 එක පාවිච්චි කළ කෙනෙක් නම්, Band 4 එකක් අලුතින් ගන්නවා නම් පරණ බෑන්ඩ් එකම මෙහි පාවිච්චි කර, එය පරණ වූ පසු/ කැඩී ගිය පසු අලුතින් ලැබුණු බෑන්ඩ් එක දාගෙන පාවිච්චි කරන්න පුළුවන්.

චාර්ජරයට සබඳා ඇති ආකාරය (notebookcheck.net)

මෙවර Mi Band එකෙහි මුහුණතෙහි ඇති බොත්තම ඉතා කුඩා ප්‍රමාණ කර තිබෙන අතර චාර්ජරය සම්බන්ධ වන ආකාරය ද වෙනස් කර තිබෙනවා. නව Pogo Pin චාර්ජරය උපාංගය හොඳින් අල්වා ගන්නා නිසා Band 3 එක සතුවූ කුඩා චාර්ජරයට වඩා භාවිතයට පහසු යි. උපාංගය 22.1g තරම් සැහැල්ලු නිසා වෙනත් ස්මාර්ට් ඔරලෝසු ආදිය මෙන් අතට අපහසුවක් දනවන්නේ ද නැහැ.

තිරය

ප්‍රමාණයෙන් විශාල තිරයක් (akket.com)

Mi Band ශ්‍රේණියේ ප්‍රථම වරට 16M වර්ණ සහිත තිරයක් ලැබෙන අතර පෙර වතාවේ මෙන්ම එය OLED තිරයක්. එහි විශාලත්වය අඟල් 0.95ක් තරම් වැඩි කොට තිබෙනවා. මෙහි ඇති සුවිශේෂී බව නම්, එහි තිර දීප්තතාව (Brightness) 400 nits තරම් ඉතාම හොඳ අගයක පැවතීම යි. දීප්තතාව අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි වගේම Band 3 එකට වඩා බොහොම ඉදිරියෙන් සිටිනවා.

තිරය පණ ගැන්වීම, පසුපසට යාම (back කිරීම) කළ හැකි ප්‍රධාන බොත්තම මඟින් මෙන්ම ඉහළට-පහළට සහ හරස් අතට Swipe කිරීම මඟින් තිරය පාලනය කළ හැකියි. 120 x 240 තිර විභේදනයක් (resolution) මෙය සතුයි. තිරය ආරක්ෂණය කර ඇත්තේ 2.5D tempered glass එකකින් වන අතර ඇඟිලි සලකුණු පැල්ලම් ඇතිවීම වැළැක්වීමට ආවරණයක් ද ගල්වා තිබෙනවා.

මෙහි ඇති එක් ගැටළුවක් නම්, තිරය off වී ඇති විට පැත්තෙන් ආලෝකයට අල්ලා බලද්දී තිරයේ දාරය දකින්නට ලැබීම යි. සියළු උපාංගවල තිරය මුළු මුහුණතම වසා ගන්නා රැල්ලක් සහිත මේ කාලයේ මෙවන් සැකැස්මක් තිබීම අපව බොහෝ ඈත අතීතයට ඇදගෙන ගොස් දමනවා.

පද්ධති හැකියාවන්

Mi Fit App එක සමඟ සම්බන්ධ වෙනවා (appmifile.com)

512KB RAM එකක් සහ 16MB ROM එකක් සමග මෙය පෙරටත් වඩා නිවැරදිව මිනුම් කිරීමේ හැකියාවන් දරනවා. සුපුරුදු පරිදි Mi Fit ඇප් එකට සබැඳී දුරකතනයට ලැබෙන ඇමතුම්, Notifications, එලාම්, දුරකතනය සොයා ගැනීමේ සහ unlock කිරීමේ පහසුකම්, සින්දු Play/Pause කිරීම හා සින්දු මාරු කිරීම ඇතුළු පහසුකම් රැසක් ඔබේ මැණික් කටුව මතට ගෙන එනවා.

ප්‍රමාණයෙන් විශාල තිරය සහ වර්ණවත් බව නවමු අත්දැකීමක් ගෙන එනවා. ඉතා විනීත මට්ටමේ සිට රෝස පාට සහ සෙල්ලම් බඩුවල වැනි තිර මුහුණත් (Watch faces) රැසක් තෝරා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

හෘද ස්පන්දන මට්ටම් සහ ඇවිදින ලද ප්‍රමාණය (Step counter), දිවීම්, Treadmill, දහනය වූ කැලරි ප්‍රමාණය ඇතුළු මෙතෙක් තිබූ මිනුම්වලට අමතරව දැන් පිහිනීම ද track කරන්නට Mi Band 4 උපාංගයට පුළුවන්.

අනෙකුත් විශේෂාංග

පිහිනුම් චලන හඳුනා ගැනීමේ හැකියාව සහ 5ATM ප්‍රතිරෝධීතාව (appmifile.com)

පිහිනීම track කරන්නට Mi Band 4 වෙත හැකියාව ලැබී තිබෙන්නේ එය සතු මීටර් 50ක් දක්වා වූ ජල ප්‍රතිරෝධී ආරක්ෂාව යි. මෙය 5 ATM ලෙස දක්වනු ලබනවා. මෙම ප්‍රතිරෝධී බව යටතේ නාන කාමරයේ ස්නානය කරන විට දී හෝ පිහිනුම් තටාකයක සිටිය දී මෙය පැළඳ සිටීමෙන් ගැටළුවක් වන්නේ නැහැ. ගැඹුරු කිමිදීම සඳහා නම් නුසුදුසු යි.

පැය 2 කින් පමණ ආරෝපණය වන LiPo 135mAh බැටරිය දින 20ක් පමණ දක්වා භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. Sleep tracking සඳහා ද මෙය විනාඩි 5කට පමණ වරක් ක්‍රියාත්මක වන නිසා රාත්‍රියේ දී සිදුවන බැටරි භාවිතය ද අවම කොට තිබෙනවා.

Bluetooth 5.0 ඉතා වේගවත් සහ ස්ථාවර සබඳතාවක් දුරකතනය සමග පවත්වා ගැනීමත් දුරකතනය අස්ථානගත වූ අවස්ථාවක දී එය සොයා ගැනීමට හැකි වීමත් එහි තවත් වාසියක්. පෙර තිබූ 3-axis accelerometer එකට අමතරව මෙවර 3-axis gyroscope එකකුත් එක් කර තිබෙන නිසා වඩාත් නිවැරදිව ව්‍යායාම මිනුම් ලබා ගන්නට Mi Band 4 වෙත හැකියාව තිබෙනවා.

හෘද ස්පන්දනය මැනීම (appmifile.com)

අන්තර්ජාල වෙළඳපොළෙහි රු. 5500කට පමණ මිල කොට ඇති Mi Band 4 උපාංගය සෞඛ්‍යමත් ජීවිතයකට කැමති අයටත්, ෆෝන් එක හැමවිටම අතට ‍නොගෙන Band එකෙන් Notifications බැලීම පහසු කරගන්නටත් දැනට වෙළඳපොළ ඇති Smart Bands අතරින් වඩාත් හොඳ ම තෝරාගැනීම යි.

කවරය: appmifile.com

Related Articles