Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Mercedes EQXX: ඉලෙක්ට්‍රොනික වාහනවල අනාගතය

Mercedes ආයතනය ඔවුන්ගේ නවත ම Electric Vehicle එක පිළිබඳ ව පසුගිය දිනෙක  අනාවරණය කළා. මේ වාහනය නම් වෙන්නෙ Mercedes EQXX ලෙසයි. එක් වරක් charge කිරීමෙන් පසුව සැතපුම් 620ක් පමණ ධාවනය කිරීමේ හැකියාව මේ වාහනය සතු යි. ඒ වගේම මේ වාහනය සුඛෝපභෝගී ලෙසින් නිමවා තිබෙනවා.

මේ වාහනය සතුව පවතින තවත් සුවිශේෂීත්වයක් වෙන්නෙ එය සතු ව පවතින සෑම උපාංගයක් ම නිර්මාණය සඳහා ශාක කොටස් බොහෝ දුරට භාවිත කර තිබීම යි. උදාහරණයක් විදිහට මෙහි සීට් නිර්මාණය සඳහා හතු වර්ගයක කෙඳිත් අන්තර් ගත කර තිබෙනවා. ඊට අමතර ව තවත් විවිධ කොටස් නිර්මාණය සඳහා ලෝක සහ කාබන් ෆයිබර්වලට අමතර ව කැක්ටස් ශාකවල කොටස් සහ ගෘහාශ්‍රිත ව ඉවත ලන ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා.

මර්සිඩීස් ආයතනය මේ concept vehicle එකේ එකවරක් charge කිරීමෙන් යා හැකි දුර තීරණය කරන්නෙ පරිගණක සිමියුලේශන් භාවිත කරමිනු යි. තවමත් සංකල්පීය මට්ටමක පවතින නිසා මේ දුර ප්‍රමාණයන් සැබෑ ලෝකයේදි විවිධ හේතු මත අඩු වැඩි වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. කොහොම නමුත් මර්සිඩීස් සමාගම මේ සිදු කළ ගණනය කිරීම්  ආසන්න ව නිවැරදි නම් Toyota Prius hybrid රථයක් සම්පුර්ණයෙන් ඉන්ධන සහිත ව ගමන් ගන්නා දුරට වඩා වැඩි දුරක් මේ නව EQXX වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා.

Prius රථයට සම්පුර්ණයෙන් ඉන්ධන සහිතව ගමන් කළ හැක්කේ සැතපුම් 588ක් පමණ යි. Environmental Protection Agency එකට අනුව මේ හැකියාව අමෙරිකාව සතු ව දැනට පවතින කිසිදු විදුලි කාර් රථයකට නැහැ. 

 EQXX රථයේ Computer Rendered Image එකක් – mercedes-benz.com

 

තවමත් මෙය concept level vehicle එකක් වුණත් එළැඹෙන වසන්ත සමයේ අග වෙද්දි මේ වාහනයේ ගමන් ගන්නා පරාසය සැබෑ ලෝකයේ රියදුරන් යොදා ගනිමින් පරික්ෂා කිරීමට සහ ජනතාවට එය ප්‍රදර්ශන කිරීමට මර්සිඩීස් සමාගම බලාපොරොත්තු වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

නව සංකල්පීය වාහනය

මේ නව සංකල්පීය වාහනය පිළිබඳ විස්තර එළිදැක්වීමට සමගාමී ව තම ආයතනයේ අනාගත දැක්ම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමටත් සමාගම කටයුතු කළා. ඔවුන්ට අනුව 2025 වසර වන විට තම සමස්ත රථවාහන අලෙවියෙන් සියයට පනහක් පමණ විද්‍යුත් රථවාහන බවට පත් වෙනු ඇති බවත් 2030 වසර වන විට තම සමාගම සම්පුර්ණයෙන් ම පාහේ විදුලි වාහන අලෙවිය සඳහා සුදානම් ව සිටින බවත් සමාගම සඳහන් කරනවා.  

Mercedes සමාගම, තම නව EQXX සංකල්පය අනාගත විද්‍යුත් රථවාහනවල නවයුගයක් සඳහා මූලික  අඩිතාලමක් වන බවට විශ්වාස කරනවා. සියයට සියයක් EQXX සංකල්පය වාණිජ මට්ටමෙන් නිර්මාණය සඳහා සමාගම තවම සුදානම් නැති අතර 2024 පමණ වන විට මෙහි ඇති සුවිශේෂී බැටරි හා විද්‍යුත් මෝටර් තාක්ෂණයෙන් බලගැන්වෙන නවීන මෝටර් රථයක් වෙළඳපොළ වෙත නිකුත් කිරීම සිදුවේවි යැයි ඔවුන් සඳහන් කරනවා. ඊට අමතර ව මේ නව සංකල්පය ආශ්‍රයෙන් අනාගත Mercedes විද්‍යුත් රථවාහන නිර්මාණය දිගින් දිගට ම සිදු කරන බවත් සමාගම සඳන් කරනවා.

වැඩි දුරක් ධාවනය කළ හැකි තාක්ෂණය

දැනට වෙළඳපොළ තුළ පවතින Mercedes EQS  රථයේ බැටරියට වඩා 30% පමණ බරින් අඩු බැටරියක් භාවිත කරමින් ඊටත් වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි තාක්ෂණයක් මේ නව සංකල්පීය රථය සතු ව පවතිනවා. කොටින්ම කියනවා නම් මේ තාක්ෂණය සාර්ථක වුවහොත් දැනට වෙළඳපොළ සාර්ථක ව අලෙවි වන EQS රථයට වඩා එකවරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 133 වැඩිපුර ගමන් කිරීමට EQXX වෙත හැකියාව පවතිනවා. මේ දුර තීරණය වෙන්නේ යුරෝපා රටවල් ආශ්‍රිත ගණනය කිරීම් සඳහා පමණ යි.

දැනට විදුලි රථවාහන වෙළඳපොළ ඒකාධිකාරිය පවත්වාගෙන යනTesla ආයතනයේ Tesla Model S Long Range වාහනය Kilowatts එකකට ගමන් ගන්නා දුර මෙන් තුන් ගුණයක් ගමන් කිරීමට මේ වාහනය සතු ව භාවිත වන තාක්ෂණයට හැකිවේවි කියලා ආයතනය බලාපොරොත්තු වෙනවා. Kilowatt-hour මෙවැනි විද්‍යුත් වාහනයවල හැකියාව මැන බැලීම සඳහා භාවිත වන ඒකකය යි.  ඉන්ධන වාහනවල ගැලුමකට යා හැකි දුර සැතපුම්වලින් මනිනවාට සමාන ව ම මෙහි ගණනය කිරීම් සිදු වෙනවා.

වායුගතික විද්‍යාත්මක ක්‍රමවේද

මේ සියලු ගණනය කිරීම් සිදු වෙන්නේ US EPA ( Environmental Protection Agency ) එකේ ගණනය කිරීම් හා සාපෙක්ෂව යි. 

මෙතරම් range එකක් සහ කාර්යක්ෂමතාවක් පවත්වාගැනීම සඳනා මේ EQXX රථය Aerodynamics එහෙම නැති නම් වායුගතික විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ නිමවන්නට මර්සිඩීස් ආයතනයට සිදු වුණා. ඒ ඔස්සේ යම් ආකාරක ආකර්ශනීය පෙනුමක් වගේ ම අනාගවාදී පෙනුමක් එයට එක්ව තිබෙනවා. Drag coefficient එක 0.17 ක අගයක් පවත්වාගන්නත් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. 

Aerodynamics උපරිමයෙන් පවත්වා ගැනීමට උපකාර වෙන විශේෂ හැඩය -mercedes-benz.com

 

මේ වාහනය ඉතාම සැහැල්ලු ලෙසින් නිර්මාණය කිරීම සමාගමේ අරමුණ බවට පත් ව තිබුණා. සාමාන්‍ය මර්සිඩීස් විදුලි රථයකට වඩා  සැහැල්ලු බැටරි භාවිතයට අමතර ව මැග්නීසියම් සහ ඇලුමීනියම් ආශ්‍රයෙන් රෝද සහ බ්‍රේක් නිර්මාණය කිරීම ද සිදු ව තිබෙනවා. ඊට අමතර ව මෙහි suspension system එක නිර්මාණයට ලෝහ වෙනුවට භාවිත කර තිබෙන්නෙ  glass – fibre සහ reinforced plastic බව තමයි ආයතනය සඳන් කරන්නේ. 

EQXX හි බඳ  සහ ඇතුළත රාමුව නිර්මාණය සඳහා ලෝහ භාවිත කර තිබෙනවා. එයට හේතුව crash safety mechanism එක නිසයි. ඇතුළත රාමුවේ ඉඩ තිබෙන තැන් UBQ නම් විශේෂ ද්‍රවයකින් පුරවා තිබෙනවා. මෙය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවෙන්නෙ ඊශ්‍රායල් සමාගමක් වෙත යි. මේ UBQ නිර්මාණය වෙන්නෙත් ඉවත දැමෙන Plastic, Cardboard, Gardening Waste වගේ දේවල් ආශ්‍රයෙන්ම යි. 

වහලයට සුර්ය පැනල

මර්සිඩීස් සමාගම මේ රථයේ වහලයට සුර්ය පැනල එක් කර තිබීම විශේෂත්වයක්. ඒ ඔස්සේ වැඩිපුර බැටරි බලය භාවිත වෙන ඇතුළත ඇති A/C පද්ධතිය,  Lights වගේම වාහනය සතු ව පවතින නවීන  touch screen පද්ධතිය වෙතත් බලය සැපයෙනවා. ඒ ඔස්සේ එවැනි අංග සඳහා රථයේ ප්‍රධාන බැටරිය වැයවීම අවම කරගන්න සමාගම අපේක්ෂා කරනවා. 

වඩාත් පලදායි  වගේ ම තිරසාර ක්‍රමවේද ඔස්සේ බිහිවීමට නියමිත මර්සිඩීස් විදුලි කාර් රථ වෙත නවත ම Voice Assistant කෙනෙක් එක් කරන්නටත් සමාගම තීරණය කර තිබෙනවා. මේ Virtual Car Assistant inspire වෙන්නෙ  Mercédès Jellinek ගෙන් බව තමයි දැනගන්න ලැබෙන්නෙ.

කවරයේ ඡායාරූපය: Mercedes EQXX රථය - -mercedes-benz.com

මූලාශ්‍ර:

mercedes-benz.com 

cnn.com 

YouTube.com 

Related Articles