Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උපාංග මිලියන ගණනකට අහිමි වූ Google සේවා

Google සමාගම පසුගිය 27 වැනිදා සිට ඔවුන්ගේ සේවා උපාංග මිලියන ගණනකට සැපයීම නවතා දැමුවා.  මෙලෙස සේවා අහිමි වන උපාංග සඳහා තවදුරටත් ඔබට G-suit apps එහෙම නැති නම් YouTube, Maps වැනි apps සඳහා ඔබේ Gmail ගිණුම භාවිතයෙන් log වෙන්නට හැකි වෙන්නේ නැහැ. ඔබේ Email ගිණුමට කිසිදු ගැටලුවක් නොවන අතර උපාංගයේ apps පමණක් භාවිත කළ නොහැකි වන ලෙසයි මේ ක්‍රියාවලින් සිදු වෙන්නේ.  Android 2.3.7 (Gingerbread) මෙහෙයුම් පද්ධතිය භාවිත වන උපාංග සහ ඊට පෙර නිකුත් වූ android os versions සහිත උපාංග වෙත යි මෙලෙස සහාය අහිමි වීම සිදු වෙන්නේ. මේ සේවාව අහිමි කිරීම පරිශීලකයන්ගේ යහපත තකා ම සිදු කරන බව තමයි Google සමාගම සඳහන් කරන්නේ. 

Android Gingerbread 

2010 දෙසැම්බර් 6 වැනිදා Google සමාගම Monolithic Kernel (Linux Kernel) පාදක කරගනිමින් Android Gingerbread මෙහෙයුම් පද්ධතිය නිකුත් කරනවා. Google සමාගම Android උපාංග සඳහා නිකුත් කළ සාර්ථක ම මෙහෙයුම් පද්ධතියක් ලෙස Gingerbread මෙහෙයුම් පද්ධතිය හැඳින්වෙනවා. වසර 11කට ආසන්න කාලයක් ගත වූ පසුත් අදටත් මේ මෙහෙයුම් පද්ධතිය භාවිතයට ගැනීම එයට හොඳ ම උදාහරණයක්.  කොහොම නමුත් මෙයට අවසාන Update එක ලබා දීම සිදු වූයේ 2011 සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා.  ඉන් අනතුරුව යාවත්කාලීන නොවුවත් මේ මෙහෙයුම් පද්ධතිය භාවිත කරන උපාංගවල නම් අඩුවක් වූයේ නැහැ.  

 

කොහොම නමුත් තව දුරටත් Android 2.3.7 Gingerbread මෙහෙයුම් පද්ධති සංස්කරණය හෝ ඊට පෙර සංස්කරණයක් භාවිත කරන උපාංග ඇති නම් ඒවා තුළ ඔබට Google යෙදුම් නම් භාවිත කරන්නට හැකි වෙන්නේ නැහැ. 

තවදුරටත් දුරකථනය භාවිතයට ගන්න අවශ්‍ය නම් ඔබට ගත හැකි විසඳුම් කිහිපයක් තිබෙන අතර පළමු වැන්න නම් Android 3.0 සංස්කරණයක් වෙත ඔබේ උපාංග (සහාය දක්වනවා නම්) හැකි ඉක්මනින් යාවත්කාලීන කර ගැනීම යි. ඉන් ඔබට තවත් කෙටි කාලයක් ඔබේ දුරකථනය භාවිතයට ගත හැකි වේවි. එසේ නොමැති නම් ඔබට සිදු වෙනවා ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය අතහැර වෙනත් Custom OS එකක් වෙත මාරු වෙන්න. මේ කටයුත්ත ඔබට බොහෝ විට තනිව ම කරගත හැකි යි.

එසේ නොමැති නම් ඔබට සිදු වෙනවා ඔබේ දුරකථනය අතහැර දමන්නට හෝ Google Apps වෙනුවට ආදේශක භාවිත කරන්නට. ඔබ තවමත් එවැනි පැරණි උපාංගයක් භාවිත කරනවා නම් වෙනත් උපාංගයක් වෙත මාරු වෙන ලෙස මා ඔබට යෝජනා කරනවා. ඒ මේ සමඟ ම බොහෝමයක් තුන්වන පාර්ශවයේ apps නිර්මාපකයනුත් Google අනුව යමින් ඔබේ දුරකථනය වෙත ඔවුන්ගේ apps සහාය දීම නවතා දැමීම සිදුවෙන්න පුළුවන් නිසා. 

මෙලෙස සහාය දීම නවතා දැමෙන දුරකථන අතරට Sony Xperia Advance, Lenovo K800, Sony Xperia Go, Vodafone Smart II, Samsung Galaxy S2, Sony Xperia P, LG Spectrum, Sony Xperia S, LG Prada 3.0, HTC Velocity, HTC Evo 4G, Motorola Fire සහ Motorola XT532. වැනි දුරකථන ඇතුළත් වෙනවා. 

Android 12 සමඟ අලුත් වෙන Pixel – 9to5google.com 

මේක කොතරම් සාධාරණ ද? 

Google සමාගම සහාය නවතා දැමීම පිළිබඳ ව අනාවරණය කරමින් සඳහන් කරන්නේ තම පරිශීලකයන්ගේ ආරක්ෂාව පතා ඔවුන් මේ තීරණය ගත් බව යි. Android 12 නිකුත් කිරීම සමඟ ඒ වෙත සහාය දක්වන මට්ටමට apps ගෙන ඒම සිදු කළ යුතු වෙනවා. එලෙස නව මෙහෙයුම් පද්ධතියක් වෙත මාරු වීමේදී පැරණි apps හෝ මෙහෙයුම් පද්ධති සඳහා Updates ලබා දීම නවතා දමන්නට Developer වරුන්ට සිදු වෙනවා.  පැරණි මෙහෙයුම් පද්ධති බොහොමයක් විවිධ Bugs වැනි දේ නිසා Hack කිරීම් වැනි දේට නිරාවරණය වීමට ලොකු ඉඩකඩක් තිබෙනවා.  

මින් ඉදිරියට පැරණි android සංස්කරණ භාවිත කරන පරිශීලකයන් තම Google සේවා වෙත Log වීමේ දී username සහ password නිවැරදිව ඇතුළත් කලත් ඔබ ඇතුළත් කළ දත්ත වැරදි බවට error එකක් පෙන්වීම සිදු වෙනවා.  ඔබේ Settingsවලින් නව Gmail ගිණුමක් ඔබේ දුරකථනය වෙත ඇතුළත් කිරීමේදීත් Google Calendar වැනි සේවා සඳහාත් මෙලෙස error එකක් පරිශීලක තිරයේ දිස්වේවි.  

කොහොම නමුත් ඔබට අවශ්‍ය නම් ඔබේ දුරකතනයේ Web Browser එක භාවිත කරමින් YouTube සහ Gmail වැනි සේවා භාවිත කරන්නට හැකියාව තිබෙනවා. 

නිල නිවේදනය –  support.google.com 

Android 11න් 12 ට 

ඔබත් භාවිත කරන්නේ පසුගිය වසර දෙක හෝ තුන ඇතුළත නිපද වූ ජංගම දුරකතනයක් නම් ඔබේ දුරකතනයටත් මේ නව Android 12 සංස්කරණය ලැබෙන්නට බොහෝ දුරට ඉඩක් තිබෙනවා. කොහොම වුණත් දැනටමත් මෙය බොහෝ දුරකථන වෙත rollout කිරීම Google සමාගම ආරම්භ කර අවසන්. මුලින් ම Pure Android එහෙම නොමැති නම් Vanila Android භාවිත වෙන  Pixel දුරකථන වෙතයි මෙය භාවිත කරන්නට ලැබුණේ.

නව පහසුකම් සහ පරිශීලක අතුරු මුහුණතේ ඇති නව්‍යතා කිහිපයක් ම සහිත ව තමයි මේ නව මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙන්නේ. කොහොම නමුත් මේ වෙනකම් ඒ පිළිබඳ ව අවධානයෙන් සිටින සහ හාවිතා කළ යම් පිරිසක් පවසන්නේ මෙහි එතරම් Innovative යමක් ඇතුළත් නොවන අතර UI එක පමණක් වෙනස් කර ඇති බව යි. 

ඔබේ දුරකතනයටත් Android 12 ආව ද? ඒ ගැන ඔබේ පෞද්ගලික අත්දැකීම කොහොමද?  ඒගැනත් අපිට කියන්න අමතක කරන්න එපා. 

කවරය - Android Gingerbread - androidpolice.com 

මූලාශ්‍ර:

Thesun.co.uk 

Wikipedia.org 

Xda-developers.com 

9to5google.com 

Wccftech.com 

Androidauthority.com 

Androidcentral.com 

Cnet.com     

Related Articles